යාළුවනේ කරුණාකරලා මේක මගහැරලා යන්නෙ නැතුව කියවලා මට ඔයාලගෙ අදහස දක්වලා යන්න කියලා ඉල්ලනවා. මම පුදුම මානසික පීඩනේකින් ඉන්නෙ මේ ප්‍රශ්නෙ නිසා.. 
කතාව මේකයි. මම ගෑනු ළමයෙක්ට ආදරේ කරනවා දැන් අවුරුදු 3ක් තිස්සෙ. එයාට ගෙදරින් නීති වැඩියි. ගෙදරටම වෙලා ඉන්නෙ. එයා පාසල් යන වයසක නෙවෙයි. කෝස් එකක්වත් කරන්නෙ නැති නිසා එයාව මුණගැහෙන්නෙ නෑ. අවුරුදු එකහමාරකින් විතර අපි මුණගැහිලා නෑ. ඒත් අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි. මම එයා එක්ක යාළුවෙලා ඉන්න අතරතුරේ වෙන සම්බන්ධතා තියාගත්තේ නෑ. මාත් එක්ක සම්බන්ධෙ තියාගෙන අහුවෙලා එයාට ෆෝන් එකත් නැතිවුණා. දැන් එයා මට මැසේජ් කරනවා විතරයි. කෝල් කරන්නවත් විදිහක් නෑ. එයාගෙ යාළුවෙක් ගෙදරට ඇවිත් ෆෝන් එකක් හම්බුණොත් තමයි ඒකත්..
මේක කියවලා මම කොන්දක් නැති පිරිමියෙක් ගානට දාන්න එපා. එයා මාව මුණගැහෙන්න කළින් හිටපු පෙම්වතා අතින් කන්‍යාභාවය නැති වෙලා කියලා මම දැනගත්තෙ යාළුවෙලා මාසගාණකට පස්සෙ. ඒත් මට එයාගෙ ගතිගුණ නිසා වගේම මගේ කළින් හිටපු පෙම්වතියන් වගේ නෙවෙයි, මාව ඉතාමත් හොඳින් තේරුම් ගන්න නිසා මට එයාව අතහරින්න හිතුනේ නෑ. ඒවගේම එයා ඉතාමත් අවංකයි. අනික මම පරණ තාලෙට හිතන පිරිමියෙකුත් නෙවෙයි. එයා ඒ දේ කරන්න ඇත්තේ ඒකාලෙ ඒ කෙනාව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන්නෙ. කොහොම නමුත් ඒ සම්බන්ධෙ තිබිලා තියෙන්නෙ සුළු කාලයක් පමණයි.
මම ඒ දේ අමතක කරලා දැම්මා.
මෙයාගෙ පවුලෙ ඉන්නෙ මෙයයි, අයියයි, අම්මයි, තාත්තයි. තාත්තා පිටරට ඉන්නෙ. කොහොම කොහොම හරි මෙයා දැනගෙන තිබුණා අයියා එයාගෙම අයියා නෙවෙයි, මෙයාගෙ මාමාගෙ(අම්මගෙ මල්ලි) දරුවා කියලා. අම්මටයි තාත්තටයි මුළින් දරුවො ලැබිලා නැති නිසා අයියව අරන් හදාගෙන. අයියා මේ බව දන්නවා. මෙයා මේ බව දැනගත්ත ගමන් මට කිව්වා. අපිට ප්‍රශ්නයක් නෑනෙ. අරන් හදාගත්තත් අයියා අයියාමයි.
අපි දෙන්න අතර මැසේජ් එකක් පවා හුවමාරු වෙන්නෙ බොහොම කලාතුරකින්. මේ ළඟදි යාළුවෙක් ගෙදර ආපු වෙලාවක එයා ෆෝන් එක අරන් මට මැසේජ් කළා. ඒ මැසේජ්වල තිබුණේ අයියගෙන් වෙන කරදර. අයියා එයාගෙ ඇඟපසඟ අල්ලනව, එයත් එක්ක එක ඇදේ නිදාගන්නව වගේ දේවල්. ඒ ටික කියලා ෆෝන් එක ඕෆ් වෙලා ගියා. මට කරකියාගන්න දෙයක් තිබුනේ නෑ. මට කෙල්ලව පන්නගෙන යන්න විදිහක් නෑ ලෑස්ති වෙලා එන්න කියලා විස්තරේ කියාගන්නෙ නැතුව. කොහොම හරි මම සෑහෙන කල්පනා කළා. මට ඇතිවුණු සැකේ වුණේ මෙයාල ලිංගිකවත් හැසිරිලා තියෙනවද කියලා. මට කටක් ඇරලා ඔය වගේ දෙයක් අහන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක් වුණා.
එයා අද ආයෙ ෆෝන් එකක් හොයාගෙන මට මැසේජ් කළා. මම අමාරුවෙන් වුණත් ඒක ඇහුවා.. කොච්චර අවංක වුණත් එයා මට දෙයක් හංගලා, මම එයාට නැතිවේවි කියන බයට. හංගගෙන ඉන්න බැරිම තැන තමයි මට අරවගේ දේවල් වෙනවා කියලා කියලා තියෙන්නෙ. අහලා බැලුවම අවුරුද්දක් විතර කාලයක් තිස්සෙ සැරින් සැරේ එයාල දෙන්න අතර ලිංගික සම්බන්ධයක් තිබිලා තියෙනවා.
මුළින්ම ගෙදර කවුරුවත් නැති අතරෙ අයියා මෙයාගෙ කට තදකරලා වහලා බලෙන් සම්බන්ධෙ ඇති කරගෙන. මෙයා අම්මට කියන්න ගිහින්. මෙහෙම දෙයක් වුණා කියලා කටක් ඇරලා කියන්න බැරි නිසා, අයියා අරෙහෙන් මෙහෙන් අල්ලනවා, ඇඳුම් ගලවන්න හදනවා කියලා අම්මට තේරුම් ගන්න කියලා. අම්මා ගනන් අරන් නෑ. මුන් අම්මලද කියල මට තේරෙන්නෙ නෑ. ආයෙත් දවසක් අම්මට කියලා අම්ම ගනන් අරන් නෑ. ඉතින් අයියා ඊට පස්සෙ දිගටම මේ සම්බන්ධේ තියාගෙන තියෙනවා උපත්පාලන ක්‍රමේකුත් භාවිතා කරමින්. දැන් මෙයාටත් ඒ දේ ගානක් නැති තත්වෙට ඇවිත් කියල මට ඇත්තම කිව්වා. මාසෙට අඩුම ගානෙ දෙපාරක් තුන්පාරක්වත් එක්වෙනවමලු. ඊට වඩා වැඩි මිසක් අඩු නෑ.
මට මේක ඇහුවම දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවුණා. අඬන්නද හිනාවෙන්නද මුකුත් මට තේරෙන්නෙ නෑ. එයා සේරම අතරලා දාල පැනලා එන්න ලෑස්තියි. එයාව අරන් යන්න කියලා කියනවා. මම එයාට ආදරෙයි.
මගේ අම්ම, තාත්තා දෙන්නම සමාජයේ ගෞරවයක් තියාගත්තු, උගත්, රජයේ රැකියා කරන දෙන්නෙක්. මම එයාලගෙ ගෞරවේ ගැනත් හිතන්න ඕනෙ.
මට මොනවා කරන්නද කියලා තේරෙන්නෙ නෑ යාළුවනේ. එයාගැන වගේම ආදරේ ගැන හිතුවොත් මට මගේ දෙමාපියන්ගෙ ගෞරවේ/ දෙමාපියන්ගේයි මගේ බිරිඳගෙයි අතර සුහදත්වය/ මගේ ගෞරවේ/ දරුවන්ගේ අනාගතය ඔක්කොම පරදුවට තියලා තමයි වැඩකරන්න වෙන්නෙ. මගේ අනාගතේ මොනව වෙයිද කියලා හිතාගන්න බෑ මොකද බැන්දට පස්සෙ ගැහැණු වෙනස්වෙන හැටිත් මම දැකලා තියෙන නිසා. ඔක්කොම පරදුවට තියලත් මට කිසිම දෙයක් නොලැබුණොත් කිසි තේරුමක් නැතිවෙනවා.
ඒ වගේම මම ආත්මාර්ථකාමී වෙලා එයාව අතැරලා ජීවිතේ ඉස්සරහට අරන් ගියත් මම එයාට හැමදාම ආදරේ කරයි, මොකද ඒතරම් මාව තේරුම් අරන් වැඩ කරන්න වෙන කෙනෙක්ට බෑ. ඒවගේම මම හැමදාම දුක්වෙයි මම ආදරේ කරපු කෙල්ලට මම අවශ්‍යම වෙලාවෙ දාල ගියා නේද කියලා. මගේ දෙමාපියන්ගේ/ මගේ ගෞරවේ ආරක්ෂා කරලා ආත්මාර්ථකාමීව වැඩකළොත් මගේ ජිවිතේ අවසානෙදී මම ජීවත් වුණු එකේ තේරුමක් නැති වේවිද කියලා හිතෙනවා.
මගේ තැන ඔයා හිටිය නම් කරන දේ කරුණාකරලා මට කියලා දෙනවද?
(මට 'ළමා හා කාන්තා' එකට කතාකරලා විස්තර කියලා ඒ කෙල්ලගේ ආත්මෙ ප්‍රසිද්ධියේ නැතිකරන්න ඕනෙ නෑ යාළුවනේ.. එහෙම නම් මට එයාගෙ තාත්තට කතාකරන්න පුළුවන්.. නමුත් මම එහෙම කරන්නෙ එයාව නැතිකරගන්න බලාගෙන.. මොකද එයාගෙ තාත්තා එයාව මට දෙන්නේ නෑ..)