ආදහනය කරනවා ඇතිද.? භුම්දානය කරනවා ඇතිද.?

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මේ ඔහෙලෑ හිතන්නෙ
    මුස්ලීම් කෝරෝනා අසාධ්ත මෘතදේහය.
    ආදහනය කරනවා ඇතිද.?
    භුම්දානය කරනවා ඇතිද.?
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මටත් ඔය ගැටලුව ආවා. පහුගිය කාලේ උතුරේ ඉඩමක් බලලා තිබ්බා නේද කෝවිඩ් දේහ භූමදානය කරන්න. දැන් මොකද විස්තරේ?

    ප.ලි

    මට විස්තරයක් හම්බුනා ඉරිදා ලංකාදීප පත්තරේ තිබිලා. ඔන්න ඒක මෙතන අලවනවා.

    කොරෝනා මළ සිරුරුවලින් පිරුණු ඕටමාවඩි සුසාන භූමිය​


    image_6dee470b11.jpg


    ඕටමාවඩි සුසාන භූමිය

    • 1600ක් මිහිදන් කළා
    • තවත් ඉඩ ඇත්තේ 400කට පමණයි

    අප රටේ පළමු කොරේනා ආසාදිතයා සහ පළමු කොරෝනා මරණයත් වාර්තාවීමත් සමග ජනතාව මරණ බිය හමුවේ දැඩි නොසන්සුන්තාවට පත්වූහ. පළමු කොරෝනා රෝගියා හඳුනා ගැනීමත් සමග රටේම නිරෝධායන ඇඳිරි නීතිය පනවා සංචරණ සීමාවන්ද දැඩි කළේය.

    කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් භූමදානය කරනවාද, ආදාහනය කරනවාද යන තීරණය තර්ක විතර්ක මැද රටේ අස්සක් මුල්ලක් නෑර දැඩි කතා බහට ලක්විය.

    භූමදානය කිරීමෙන් පසට ජලයට වෙරසය මිශ්‍ර වී ඒ තුළින් ජන ජීවිතයට මෙම රෝගය බෝවීමත්, ආදාහනය කිරීමෙන් වෛරසය විනාශ වීම පිළිබඳවත් විද්වත්හු අදහස් පළකළහ.

    ඒ අතර කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම පිළිබඳව ඔවුන්ගේ දැඩි විරෝධයක් මතු විය.

    ඉස්ලාම් ආගම අනුව ඔවුන්ගේ මතය වූයේ ආදාහනය කිරීම මෘත ශරීරයට වුවද මහත් වේදනාවක් ඇති වන බවත්, එය පාපකර්මයක් බවත්ය.

    මෙම තත්ත්වය මත භූමදානයද - ආදාහනයද යන කතිකාව දිගු කලක් මෙරටේ අධිකරණ පද්ධතියේත්, පාර්ලිමේන්තුවේත් දැඩි කතාබහට භාජනය විය.

    අවසාන නිගමනය වූයේ කොරෝනා වෛරසය වැළඳී මියයන අයගේ ආගම් අනුව කිසිම ආගමික කටයුත්තක් සිදු නොකරම පැය කීපයක් තුළ ඥාතීන් කිහිප දෙනකු සහභාගිකර ගැනීමේ අවසරය මත අවසන් කටයුතු කිරීමටය. මේ අනුව බොහෝ මෘතශරීර අළු බවට පත්විය. සමහර මෘත ශරීර මහපොළවේ පස්බවට පත්වෙමින් පවතී.

    මුස්ලිම් ජාතිකයෙකු මියගිය විට භූමදානය කිරීමට තෝරා ගැනුණේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඕටමාවඩි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සුඩුපත්තියාචේනයි ප්‍රදේශයයි.

    මඩකළපුව පූනානි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට මඩකළපුව දෙසට කිලෝ මීටර් දහයක් දොළහක් ගියවිට හමුවන ඕටමාවඩි කොරෝනා සුසාන භූමිය ආරම්භ වූයේ 2021 මාර්තු 05 වැනිදාය.


    දැඩි හමුදා ආරක්ෂාවක් යටතේ පවතින ඕටමාවඩි ප්‍රාදේශීය සභාවට අයත් මෙම භූමිය අක්කර පහකින් සමන්විතය.

    ඉකුත් මාර්තු 05 වැනිදා සිට මේ දක්වා කොරෝනා මෘත ශරීර මෙහි එක්දාස් හයසියයකට ආසන්න ප්‍රමාණයක් භූමදානය කර ඇති අතර එම සුසාන භූමියේ තවත් මිහිදන් කිරීමට ඉඩ ඇත්තේ කොරෝනා මෘත ශරීර හාරසියයක් පමණ ප්‍රමාණයකි.


    බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් භේදයකින් තොරව මෙහි කොරෝනා මෘතශරීර මිහිදන් කරන අතර මෙතෙක් මිහිදන් කෙරුණු මෘතශරීර අතරින් වැඩිම ප්‍රමාණයක් භූමදාන කර ඇත්තේ ඉස්ලාම් භක්තිකයින්ගේය. එම මෘතශරීර ප්‍රමාණය 1450 කට ආසන්නය.


    බෞද්ධයන්ගේ මෘතදේහ 24ක් ද, කතෝලිකයන්ගේ මෘත දේහ 24ක් ද, හින්දුන්ගේ මෘත දේහ 39ක් ද මෙහි වළලා තිබේ.

    ඕටමාවඩි සුඩුපත්තිහචේනයි ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සුසාන භූමියේ මිහිදන් කරන සෑම මෘත දේහයක් සඳහාම අංකයක් වෙන් කරන අතර එම අංකයට අනුව මිහිදන් කළ අයගේ වෙනම ලිපිගොනුවක් (ෆයිල්) ඕටමාවඩි ප්‍රාදේශීය සභාව සතුව පවත්වා ගෙන යයි.


    ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයාගේ නම, වයස, ලිපිනය, මියගිය රෝහල, රැගෙන ආ ප්‍රදේශය, භූමදානය කළ දිනය ඇතුළත් තොරතුරු ලේඛනයක් එකී ලිපිගොනුවට ඇතුළත්ය.

    මජීඩ්පුර ගම්මානය පිටුපස තරමක් ජන ශූන්‍ය ප්‍රදේශයක පිහිටා ඇති ඕටමාවඩි කොරෝනා සුසාන භූමියේ සිංහල, දමිළ, මුස්ලිම් නැතහොත් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ ජාති ආගම් භේදයෙන් තොරව එකම ස්ථානයක එකට මිහිදන් කිරීමද විශේ‍ෂත්වයකි.


    මෙකී සොහොන් බිමට දිවයිනේ සිව්දිසාවලින් දිනකට කොරෝනා මෘත ශරීර 20ත් 30ත් අතර ප්‍රමාණයක් ගෙනැවිත් මිහිදන් කරන බවද තොරතුරු අනාවරණය වේ.


    කොරෝනා වසංගතයෙන් ජීවිතයෙන් සමුගන්නා මේ මිනිසුන් වෙනුවෙන් ඒ ඒ ආගම් අනුව කිසිදු ආගමික කටයුත්තක් මෙහි සිදු නොවන අතර මිහිදන් කළ පසු කිසිදු පිටස්තර අයෙකුට සුසාන භූමියට ඇතුළත් වීමට ආරක්ෂක අංශ මගින් ඉඩ නොදේ. මියගිය පුද්ගලයා හඳුනාගැනීමට හා ස්ථානය සොයා ගැනීමට ඇත්තේ සිමෙන්ති සුදු කොන්ක්‍රීට් ලෑලි කොටසක කළු අකුරින් කෙටූ ඉලක්කම පමණි.

    තවත් දින කිහිපයකින් මෙම සුසාන භූමියේ මිහිදන් කිරීමට ඉඩකඩ මදිවන අතර ඉන් පසු කොරෝනා ආසාදිතව මියයන අයගේ මෘත ශරීර මිහිදන් කිරීමට අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමන් ප්‍රදේශය තෝරාගෙන ඇති බවද සඳහන් වේ.

    අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම භූමිය මෘත දේහ භූමදාන කිරීමට සුදුසු බිමක් බවට නිර්දේශ කර රජයට සහ සෞඛ්‍ය අංශ වෙත යොමුකර තිබේ.

    ඒ අනුව අක්කර පහකින් සමන්විත එම භූමියේද මෘත ශරීර 2000ක් පමණ මිහිදන් කිරීමේ හැකියාව පවතින බවට තහවුරු කර ඇත.

    මඩකළපුව ඕටමාවඩි කොරෝනා සමූහ සුසාන භූමියේ මෘත ශරීර මිහිදන් කිරීමේ ඉඩකඩ ඇහිරීමත් සමග ප්‍රදේශයේ ඇතැම් පිරිස් තමන් බලෙන් අල්ලාගත් විශාල රජයේ ඉඩම් ඒ සඳහා ලක්ෂ ගණන් මුදලකට ලබාදීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත.


    කෙසේ වෙතත් ඊට රජයේ එකඟතාව පළවී නොමැති අතර අම්පාර ඉරක්කාමන් ප්‍රදේශය මීළඟ සුසාන භූමිය සඳහා තෝරාගෙන ඇති බවද වැඩිදුරටත් කරුණු අනාවරණය වේ.

    සටහන හා ඡායාරූප මනම්පිටිය
    නිමල් ජයරත්න

    ලංකාදීප
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,401
    5,756
    113
    99%kma wala danawa.

    habei kalathurakin gini thiyenawa, adurana kenekwa gini tibba. un oya die hard muslim un nemei.
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    භුම්දානය කරනවා..mamath eka sarayak giya 01st of May ..ottamawadu...madakalapuwa
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    ඉස්ස්සර කට්ටිය පුදුම රැගිල්ලක් රැගුව නේද භූමිදානය කරනවා කියල .කෝ බන් දැන් ඒවා .වතුරට එකතු වෙන්නේ නැති ලු ද . ජාතිවාදේ අවුස්සගෙන සති ගානක් ඕකට දැගලුව නේද