ආදායමට වඩා වියදම වැඩිවන්නේ අනුකරණය නිසයි
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ පීඨාධිපතිමහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි
උපයන මුදල ලෙඩට දුකට තබා එදා වේල සරි කරගන්නටවත් ප්‍රමාණවත් නොවන බව තවත් කෙනකු ගේ අදහස ය. බෞද්ධ ධර්ම මාර්ගයේ ගමන් කරන සමාජයක මෙවන් අදහස් බලාපොරොත්තු විය නොහැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බෞද්ධ ආර්ථික ක්‍රමය අනුව තමන් ගේ ආර්ථිකය හැඩ ගසා ගන්නවා නම් කිසිදු පුද්ගලයකුට ජීවත් වීම පිළිබඳ ගැටලු මතු වන්නේ නැත.
බුද්ධ දේශනාවේ සඳහන් වන ලෙස ගිහි පැවිදි පුද්ගලයා ගේ මූලික අවශ්‍යතා සතරකි.
චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච ලෙස හඳුන්වා දුන්නේ ඒ අවශ්‍යතාවයන් ය.
මිනිසා බොහෝ විට අසහනකාරී බවට පත්වන්නේ ආහාරපාන, නිවාස හා බේත්හේත් යන මේ මූලික අවශ්‍යතාවයන් හෝ සපුරා ගත නොහැකි වූ තැන ය. ආහාර හිඟය අද ලෝකයේ ම බලවත් අර්බුදයක් බවට පත් වී ඇත. මෙසේ වීමට හේතුව කුමක් ද? නිසි සැලසුමක් නොමැතිකම ය.
මනා ආර්ථික සැලැස්මක් සඳහා වූ නිවැරැදි ක්‍රමෝපායයන් බෞද්ධ දේශනාවේ අන්තර්ගත ය.
“එකෙන භොගෙ භුඤ්ජ්‍යෙය – ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධා ප්‍යෙය – ආපදාසු භවිස්සති”
මෙයින් ප්‍රකාශ වන්නේ කුමක් ද? ධනය උපයන පුද්ගලයා විසින් ඒ ධනය පරිභෝග කළ යුතු ආකාරය පිළිබඳවය. මේ ඉතා උසස් ආර්ථික සංරක්ෂණ ක්‍රමයකි.
ආර්ථික සංවර්ධනය ඇති කර ගන්නා උපාය මාර්ගයකි. තමන් ධාර්මිකව දුක් මහන්සියෙන් උපයා ගන්නා ධනයෙන් කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහා යෙදවිය යුතුමය.
තවත් කොටස් දෙකක් තමන් ගේ ව්‍යාපාරයන් හි, වෙළහෙළඳාම්වල, රැකියාවේ සංවර්ධනය පිණිස යෙදවිය යුතු ය.
දුක් කරදර, විපත් අප හමුවට එන්නේ කවර මොහොතකදැයි කිව නොහැකි ය. උපයන ධනයෙන් තවත් කොටසක් වෙන්කළ යුතු වන්නේ එවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ය.
අනාගතය දැන නුවණින් විමසා බලා කටයුතු කරන පුද්ගලයා තමන් ගේ ආර්ථිකය සැලසුම් කරන්නේ මේ ආකාරයට ය.
උපයන ධනය කිසිදු වගවිභාගයකිනතොරව, සැලසුම් නොකර පරිහරණය කරන පුද්ගලයා සැම කල්හි ම දුකින් තැවෙන්නේ ය. ඔහු අත ධනය ඉතිරි වන්නේ නැත හදිසි අවස්ථාවක දී ඔහුට සිදු වන්නේ තවත් කෙනකුට ණයකරුවකු වීමට ය. මේ සඳහා උදාහරණ අප ජීවත්වන සමාජයේ කොතෙකුත් වේ.
ලෙඩක් දුකක්, මරණයක් වැනි අවස්ථාවක විය හියදම් කරන්නට මුදල් නොමැතිකම නිසා හිස ගිනිගත්තවුන් සේ හැසිරෙන අය කොතෙකුත් ය.
අවසානයේ මෙවන් පුද්ගලයන්ට සිදු වන්නේ ඉන්න හිටින තැන පවා උගසට තබා ණයකරුවකු වීමට ය.
උපයන ධනය සැලසුමකින් තොරව පරිහරණය කරන පුද්ගලයන් සේ ම කිසිදු කටයුත්තකට නොයොදා දෛනික අවශ්‍යතා පිණිසවත් වැය නොකොට බොහෝ දුක්ඛිත ජීවිත ගෙවන මිනිසුන් ද අප අතර නැත්තේ නොවේ.
බුද්ධ කාලීන භාරතීය සමාජයේ ද එවැනි පුද්ගලයෝ වූ හ.
ඉල්ලීස සිටු, තෝද්‍යෙය බමුණා, අදින්නපුබ්බක ආදි පුද්ගලයින් ඒ අතර වේ. අසූ කෝටියක් ධනය ඉපැයූ තෝද්‍යෙය බමුණා අතිශයින් ලෝභී පුද්ගලයෙකි.
සිය පුත් සුබමානවක කුමරුට ද ධනය වියදම් නොකරන ලෙස නිරන්තරයෙන් ම අවවාද කළ ඔහු අවසානයේ මිය ගොස් ඒ නිවෙසෙහි ම සුනඛයෙක්ව උපන්නේ ය.
දිනක් තම නිවසට වඩින බුදුරජාණන් වහන්සේ දැක මේ සුනඛයා බුරන්නට වන්නේ ය.
“තෝද්‍යෙය ඔබ පෙරත් මට චෝදනා කළේ ය. අදත් චෝදනා කරන්නේ ද?” යි බුදුරජාණන් වහන්සේ විමසූහ.
ගෙදර ඇති කරන සුනඛයාට බුදුරජාණන් වහන්සේ තම පියා ගේ නමින් ආමන්ත්‍රණය කළ බව ඇසු සුබ මානවක කෝපයට පත්වන්නේ බුදුරදුන් හමු වී මේ පිළිබඳ විමසන්නේය.
තෝද්‍යෙය බමුණා මෙසේ මිය ගොස් තම නිවෙසේම සුනඛයකු වී උපදින්නේ තමන් ඉපැයු ධනය පිළිබඳ වූ දැඩි ලෝබය නිසා ය.
මේ නිසා ධනය නිසි ලෙස පරිහරණය කරමින් තමන්ගේත් අඹුදරුවන්ගේත් යහපත පිණිස යෙදවිය යුතු ය.
අවශ්‍යතා සපුරා ගත නොහැකි වූ කල පවුල් ජීවිතය ද අසාර්ථක වන්නේ ය. මෙලොව මෙන් ම පරලොව ද සුගතිය පිණිස උපයන ධනය තමන්ගේත් අඹුදරුවන් ගේත් යහපත පිණිස යෙදවීමට බෞද්ධයා කටයුතු කළ යුතු ය. දනට පිනට යෙදවිය යුතු ය. නෑදෑයින්ට, අසල්වැසියන්ට, හිත මිතුරන්ට උදව් උපකාර කළ යුතු ය.
අද සමාජය සංකීර්ණ වී ඇත. මිනිසුන් ගේ අවශ්‍යතා ද ඒ සමඟ ම සංකීර්ණ වී ඇත. සමාජය බහු භාණ්ඩික වී තිබේ.
අතීතයේ ගෘහණිය ගෙදර දොර වැඩ කටයුතු කරගත් වං ගෙඩිය, මෝල්ගස, කුල්ල, පෙනේරය, ඇඹරුම් ගල, වෙනුවට විද්‍යුත් උපකරණ භාවිතයට පැමිණ ඇත. එදා ළිඳෙන් වතුර බාල්දිය ගෙන කළගෙඩියට පුරවා ගෙට ගෙන ගියත් අද මුළුතැන් ගෙට නළ ජලය ලැබී ඇත. අද මේ උපකරණ ග්‍රාමීය සමාජයේ ද ඇති හැකි බව ප්‍රදර්ශනය කරන අත්‍යවශ්‍ය සාධකයන් බවට පත් වී ඇත.
මෙම උපකරණ නිසා දෛනික වැඩ කටයුතු පහසු කරවීම සත්‍යයකි. එහෙත් පෙර සමාජයේ වූ මුළුතැන්ගෙයි උපකරණ භාවිතයෙන් සිරුරට මනා ව්‍යායාමයක් ද ලැබුණු බව, එයින් නිරෝගීකම ඇති වූ බව අමතක නොකළ යුතු ය.
විද්‍යුත් උපකරණ භාවිතයේ දී ඒවා ක්‍රියාත්මක කරවීම සඳහා වැයවන මුදල ද ඉතිරි කර ගත හැකි ය.
අද මිනිසා උපයන ධනය වඩාත් විනාශ වන්නේ නාස්තිය නිසා ය. තමන්ට කළ හැකි තරම නොදැන අනවශ්‍ය දේ කරන්නට යෑම නිසා ය.
නිවෙසක ගෘහ මූලිකයා මෙන් ම ගෘහ පතිනිය ද තමන්ට ලැබෙන අය ප්‍රමාණය දැන වැය කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී මෙසේ දේශනා කළහ.
“ව්‍යග්ඝපජ්ජය, සම දිවි පැවැත්ම නම් කවරේද? මේ ලෝකයෙහි කුල පුත් තෙමේ භෝගයන් ගේ අය ද වැය ද දැක, ඉතා වැඩිත් නො කොට, ඉතා අඩුත් නො කොට මෙසේ මාගේ අයවැය ඉක්මවා සිටියි, මෙසේ අය වැය ඉක්මවා නොසිටී යැයි සමව දිවි ගෙවන්නේ ය.
යම් පුද්ගලයෙක් තමා ගේ ආදායමත්, වියදමත් පිළිබඳ හොඳින් දැන ආදායමට වඩා වියදම වැඩි නොකොට ආදායමත්, වියදමත් සම තත්ත්වයේ තබා ගෙන ජීවත් වන්නේ නම් ඔහු සමව දිවි ගෙවන්නේ ය යන්න මෙහි අදහස ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ‘සමං ජීවිකං කප්පේති’ අය වැය දෙක සමව තබා ගෙන ජීවත්වන ලෙස ය.
අද සමාජය දැඩි ලෙස අනුකරණයට පෙළඹී ඇති ආකාරය අපි දකිමු.
ආදායමට වඩා වියදම වැඩි වන්නේ බොහෝ විට අනුන් අනුකරණයට යෑම නිසා ය. විවාහ මංගල්‍යය වැනි උත්සව අවස්ථාවන්හි දී පමණක් නොව මරණයක දී පවා අනුන් අනුකරණය කර, වැඩි වියදම් දරමින් ඒ කටයුතු ඉතා උසස් ලෙස කරන්නට උත්සාහ දරන පිරිස් අප අතර සුලබ ය.
සමාජයේ අන්‍යයන් අතර කැපී පෙනීමට අනුන් හා සමකර බැලීමේ දී තමන් ධනයෙන් අඩු පුද්ගලයකු ලෙස ප්‍රදර්ශනය වීමට ඇති ඉඩ ඇහිරීමට මෙසේ කරන පිරිස් තම විනාශය ළඟා කරගන්නේ අසීමිති මාන්නාධිකම නිසා ය.
තමන් අනුන්ට පෙනෙන්නට නොව, තමන්ට සරිලන ලෙස අනුන්ට පි‍්‍රයමනාපව යහපත්ව ජීවත්වීමට පුද්ගලයා කල්පනා කළ යුතු ය. ධනයෙන් හෝ බලයෙන් කෙනෙක් උසස් පුද්ගලයකු බවට පත් නොවන බවත්, ක්‍රියාවෙන් උසස් වන බවත් බෞද්ධයා නිරතුරුවම සිහි තබා ගත යුතු ය.
මෙසේ තමන් උපයන ධනයේ ප්‍රමාණයට ම අවශ්‍යතා හසුරුවා ගනිමින් විය හියදම් කරන්නේ නම් ධර්ම මාර්ගයේ යමින් කටයුතු කරන්නේ නම් ලිපිය ආරම්භයේ සඳහන් කළ ගැටලු මතු වන්නේ නැත.
තමන් ගේ හෝ අඹුදරුවන් ගේ ජීවිත දුකට පත්වන්නේ නැත. අල්පේච්ඡ දිවියක් ගත කරන තරමට ඔබට ගැටලු අවම වන්නේ ය.
ජීවිතය සරල නම් ඔබ හමුවේ වන ගැටලු ද සරල ය. ඒවා විසඳා ගැනීම ද සරල ය.
මෙලොවත් පරලොවත් සුඛිත මුදිත වන්නේ අල්පේච්ඡතාවය අගයමින් සරලව දිවි ගෙවන පුද්ගලයා ගේ ය.
සාකච්ඡා කළේ – රමණී සුබසිංහ
සිළුමිණ පුවත්පත ඇසුරිණි.

"කොපමණ මුදල් හරිහම්බ කළත් කිසිදු ඉතිරියක් නැති බව මේ සමාජයේ වැඩි දෙනා ගේ අදහස ය."

Last edited: