ඔව් ඔය ෆෝන් එකම මම පාවිච්චි කරලා තියෙනවා..හැබැයි ලංකාවේන් නෙමෙයි ගත්තේ...2006 දී නෑදෑ කෙනෙක් රටින් ගෙනත් දුන්නා ඕක...ඒ කාලේ නම් ඕක ලංකාවේ රු. 11,500 ක් වගේ වුනේ...කැමරාව තියෙන ගාන අඩුම ෆෝන් එක තමයි ඕක..Java Apps එහෙමත් run වුන නිසා ඒ කාලේ Opera Mini, eBuddy (අමාරුවෙන් රන් වුනේ), GTalk, Snaptu වගේ Apps දාගෙන හිටියා...ගොඩක් වැඩ ගත්ත සිරා ෆෝන් එකක්..මම 2009 වගේ වෙනකන් පාවිච්චි කරා..ඊට පස්සේ තාත්තා .2011 වගේ වෙනකන් පාවිච්චි කරා මතක විදියට....
තව එකක් තිබුනා Motorola C117..පට්ට ගහන්න පුලුවන් පොඩි ෆෝන් එකක්...C168 ත් එහෙමයි...
මම නම් පාවිච්චි කරපු ආසම ෆෝන්ස් දෙකක් තමයි Motorola ROKR E2 එකයි Motorola ROKR E8 එකයි...ඒ කාලේ Android එන්නත් කලින් Motorola එකෙන් හදපු Linux-based OS එකක් තිබුනා MOTOMAGX..ඕක තමයි ඒ දෙකේ තිබුනේ...පට්ටම සිරා ෆෝන්ස් දෙක...ආයි ගන්න තිබ්බා නම් කියලා හිතෙනවා..
ROKR E2
ROKR E8