ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    ඇත්ත... ගොඩක් මිනිස්සු මෙයාව දැනගත්තේ දොරමඩලාව සංවාදයෙන්.. ඉතින් එතනින් එහාට මෙයා මොන දේවල් වෙනුවෙන්ද පෙනී හිටින්නේ වගේ දේවල් මිනිස්සුන්ට වැඩක් නෑ...
    හරියට මහින්ද හොරා කියපු ජප කිරිල්ල අල්ලගත්තා වගේ.. සිංහල මධ්‍යම පාන්තිකයා යනු අමු මෝඩ - කුහක හැත්තක්... එච්චරයි...
    මම නම් මෙයාව දැනගත්තෙ විදුසර පත්තරෙ ආර්ටිකල්ස් දැකලා. මන් විදුසර ගන්න පුරුදු උනෙ 10 වසරෙදි .හැම එකම කියවන්න තෙරෙන්නෙ නැහ. ඒ දවස් වල මෙතුමාගෙ ලිපියක් නිකමට වගෙ බැලුවා. අපරාදෙ කියන්න බැහැ මුල් ටික කියවද්දි මොල් වගෙ .ඊට පස්සෙ කියවන්න ගියෙ නැහැ. ආයෙත් ඒ ලෙවල් කරද්දි තමා මෙතුමගෙ ලිපි කියෙව්වෙ .
    මුලදි හිතුනා මේයකාට පිස්සුද කියලා .ඇයි අපි ලොකු කරන් හිටිය නිව්ටන්ට අයින්සයින්ට ඇට්ටි හැලෙන්න දෙද්දි. පස්සෙ පස්සෙ ටික ටික හිතුනා මෙතුමා මොකක් හරි දෙයක් දන්නවා. එත් ඒ අපිට තෙරුම් ගන්න තරම් දැණුමක් නැහැ කියන එක .මෙතුමා කියන දෙ තෙරෙන්නත් මෙතුමා බනින බටහිර විද්‍ය්‍යාව ගැන යම් දැනීමක් තියෙන්න ඔනෙ .නැතුව බැහැ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    කළු සුද්දන්ට නම් නලින් ද සිල්වා කිව්වම ගොඩක් රිදෙනවා... මොකද උන්ව ඒ කරන දේශනා වලදී පතුරු ගහන නිසා.. ඒ වගේම සමාජවාදය කරේ තියන් යන සම-හරක්ටත් රිදෙනවා... මොකද ඔහු, ඔය දේවල් වල අර්ථ විරහිත බව ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තු නිසා...
    ඔහුගේ දැනුම සහ ඔහු කියන්නේ මොකක්ද කියන දේ, නිකන් විද්‍යාව කටේ ගාගත්තු මිනිහෙක්ට තේරෙන්නේ නෑ.. ගුරුත්වාකර්ෂණය බොරුවක් කිව්වම ඒ මිනිස්සු, බූමිතෙල් ගාගත්තු ගැරඩි වගේ දගලන්නේ ඒකයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද, අලුත් පක්ෂය නොවැම්බර් 18 වැනිදා එලියට නොදැමිය යුතුය....... (වැදගත්)
    විනාඩි 43.30 සිට 45 දක්වා....

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කළු සුද්දන්ට නම් නලින් ද සිල්වා කිව්වම ගොඩක් රිදෙනවා... මොකද උන්ව ඒ කරන දේශනා වලදී පතුරු ගහන නිසා.. ඒ වගේම සමාජවාදය කරේ තියන් යන සම-හරක්ටත් රිදෙනවා... මොකද ඔහු, ඔය දේවල් වල අර්ථ විරහිත බව ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තු නිසා...
    ඔහුගේ දැනුම සහ ඔහු කියන්නේ මොකක්ද කියන දේ, නිකන් විද්‍යාව කටේ ගාගත්තු මිනිහෙක්ට තේරෙන්නේ නෑ.. ගුරුත්වාකර්ෂණය බොරුවක් කිව්වම ඒ මිනිස්සු, බූමිතෙල් ගාගත්තු ගැරඩි වගේ දගලන්නේ ඒකයි...

    මහාචාර්යතුමා දැන් දශක කිහිපයක ඉඳන් බටහිර සංකල්ප වල බොරුව ගැන කියනවා, එත් අවබෝධ කළ අය එතුමාගේ මහන්සියේ තරමට නැහැ. මුල් පියවරක් විදිහට බටහිර සංකල්ප පතුරු ගහන එක ඇරෙන්න අපේ ප්‍රවාද ගොඩ නගන්න, මිනිසුන් අතරට ගෙනියන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්න මහාචාර්යතුමාට හෝ ඔබලාට බැරිද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහාචාර්යතුමා දැන් දශක කිහිපයක ඉඳන් බටහිර සංකල්ප වල බොරුව ගැන කියනවා, එත් අවබෝධ කළ අය එතුමාගේ මහන්සියේ තරමට නැහැ. මුල් පියවරක් විදිහට බටහිර සංකල්ප පතුරු ගහන එක ඇරෙන්න අපේ ප්‍රවාද ගොඩ නගන්න, මිනිසුන් අතරට ගෙනියන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්න මහාචාර්යතුමාට හෝ ඔබලාට බැරිද?
    මේ රටේ මාධ්‍ය ආයතන 5-6 ක් සල්ලි වලට අරන් දෙන්න පුළුවන් නම්, අන්න එදාට ඔය ප්‍රවාද, මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් වෙයි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහාචාර්යතුමා දැන් දශක කිහිපයක ඉඳන් බටහිර සංකල්ප වල බොරුව ගැන කියනවා, එත් අවබෝධ කළ අය එතුමාගේ මහන්සියේ තරමට නැහැ. මුල් පියවරක් විදිහට බටහිර සංකල්ප පතුරු ගහන එක ඇරෙන්න අපේ ප්‍රවාද ගොඩ නගන්න, මිනිසුන් අතරට ගෙනියන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්න මහාචාර්යතුමාට හෝ ඔබලාට බැරිද?

    යොදාගෙන තමා තියෙන්නෙ :dull: :dull:
    kalaya.org ගිහිං බලපංකො :dull: :dull:
    කලිං නං විදුසරට ලිපි ලිව්ව දැන් නෑ මොකද දන්නෑ :no: :no:
    මිනිස්සු අතරට ගෙනිච්චාම මිනිස්සු වලිගෙ පාගගෙන කෑගහනවනෙ ඒකනෙ බැරි :no: :no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ///කපුටන් කිහිපදෙනකු නිරීක්‍ෂණය කරල සියලු කපුටන් කළු පාට බව නිගමනය කිරීම උද්ගමනයක්‌ වනවා. සියලු කපුටන් නිරීක්‍ෂණය කර නොතිබියදී අනාගතයේදී ඇති වන කපුටන් නොදැක සියලු කපුටන් කළු පාට බව ප්‍රකාශ කිරීම බොරුවක්‌. සියලු කපුටන් කළු පාටයි කියල කියන උද්ගමනයෙන් ලබා ගන්නා ප්‍රකාශනවලට හේතු සොයනවා. ඇයි එහෙම වෙන්නේ කියල සොයන එක අනවපෝහනය (aඉdමජඑසදබ) යනුවෙන් හඳුන්වනවා. සියලු කපුටන් කළුපාටයි කියල කියන එක සිතින් මවාගන්න බැරි වියුක්‌ත දෙයක්‌. මේ ලෝකයේ සිටින සියලු කපුටන් කළුපාටයි කියල සිතින් මවාගන්න පුළුවන් මිනිහෙක්‌ සිටිනවද? එහෙම බෑ. ඒක වියුක්‌ත සංකල්පයක්‌.
    ///

    කපුටෝ කිහිපදෙනා නිරික්ෂණය කිරිමෙන් කපුටො සියල්ල කළු පාට යැ‍යි සිතන්නේ නැහැ. දුටු කපුටන් සියල්ල කළුවීමට හේතු සොයනවා (ජානමය හේතු ). එමගින් කපුටන් වැඩිහරියක් කළුපාට විය යුතුයැයි ජානමය හෙතු නිසා නිගමනයකට එලඹෙනවා මිසක් කළු හැර අන්පාටින් කපුටෝ නැහැයි කියලා කියන්නේ නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    //පිළිතුර- අපේ ලංකාවෙන් බිහිවූ එක්‌ විද්‍යාඥයෙක්‌වත් නෑ. නාසා ආයතනයේ වැඩ කරනවා කිව්වට, අහවල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කියල කිව්වට, ඔය එක්‌ අයකුවත් ගොඩනඟපු ප්‍රවාදයක්‌ නෑ. මම වැදගත් කියල සිතන නිසා කියනවා නෙවෙයි. එක සිංහල බෞද්ධයකුටවත් ලන්ඩනයේ රාජකීය සංගමයේ අධි සාමාජිකත්වය නෑ. නමුත් මේ රටේ සම්භාවයක්‌ තිබෙන හොංකොං විශ්වවිද්‍යාලයේ වැඩ කරන එංගලන්තයේ රටවැසියකු වන අයකුට මාධ්‍ය ආයතනයක්‌ සම්මානයක්‌ ලබා දුන්නා. නමුත් එම මාධ්‍ය ආයතනය දැනගෙන සිටියේ නෑ ඔහු ලාංකිකයකු නොවන බව. ඔහුත් ප්‍රවාදයක්‌, සංකල්පයක්‌ ඉදිරිපත් කරල නෑ. ඔහු වෛරසයක්‌ හඳුනාගෙන තිබෙනවා පමණයි.///

    මේ තියෙන්නේ පැහදිලි කුහකත්වය. තමා හැර පොරක් නෑ කියන හීන මානය.අරකේ සමාජිකයෙක් නෙවෙයි මේකේ සමාජිකයෙක් නෙවෙයි

    මහචාර්ය සිරිල් වික්‍රමරත්න තමන්ගේ ප්‍රවාදයක් වෙන පිටසක්වලින් ජීවය පැමිණියා කියන ප්‍රවාදයට වැඩ කරනවා. කුහක අන්ධයින්ට ඕවා පේන්නේ නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිව්ටන් මොකද කළේ... ඔහු උද්ගමනයෙන් සියලු වස්‌තු පොළවට වැටෙනවා කියල කතන්දරයක්‌ හැදුවා. ඒ කතන්දරයට තමයි ගුරුත්වාකර්ෂණය කියල කියන්නේ. එය අනවපෝහනයක්‌. ගුරුත්වාකර්ෂණය කවුරුත් දැකල නෑ. එය පංෙච්න්ද්‍රිය ගෝචර නැති වියුක්‌ත දෙයක්‌. සියලු වස්‌තූන් පොළවට වැටෙනවද කියල කවුරුවත් නිරීක්‍ෂණය කරල නැහැනේ.

    පිස්සුද කොහෙද නලින්ට නිව්ටන් කිව්වේ නෑ සියළු වස්තු පොළොවට වැටෙනවා කියලා. ඇත්තටම නිව්ටන්ට ඔය අදහස ඇපල් ගෙඩියක් බිම වැටුනම ඔහු දුටුවා ඇපල් ගෙඩිය බිම වැටුනා නමුත් ඉහලින් තියෙන හඳ වැටුනේ නැත්තේ ඇයි කියලා. ඒක පැහැදිලි කරන්න තමයි ගුරුත්වාකර්ශනය පිලිබඳ සිද්ධාන්තය ගෙනාවේ නිව්ටන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ තියෙන්නේ පැහදිලි කුහකත්වය. තමා හැර පොරක් නෑ කියන හීන මානය.අරකේ සමාජිකයෙක් නෙවෙයි මේකේ සමාජිකයෙක් නෙවෙයි

    මහචාර්ය සිරිල් වික්‍රමරත්න තමන්ගේ ප්‍රවාදයක් වෙන පිටසක්වලින් ජීවය පැමිණියා කියන ප්‍රවාදයට වැඩ කරනවා. කුහක අන්ධයින්ට ඕවා පේන්නේ නෑ

    වාක්‍යයක් අල්ලගෙන වාක්‍යය විවේචනය කරන්නැතුව නලීන්ද සිල්ව ඔහොම කීමෙන් මතු කරන අදහස මොකක්ද කියල හොයල බලන්න. ශ්‍රී ලාංකිකයො එක්කෙනෙක්ටවත් royal society එකේ අධි සාමාජිකත්වය නෑ කියන එකෙං නලීන්ද සිල්වා කියන්න හදන්නෙ ලංකාව ඇතුලෙ තියෙන සංස්කෘතිය යටතේ හැදෙන වැඩිල ජීවත් වෙන කිසිම කෙනෙක්ම royal society එකේ අධිසාමාජිකත්වය ගන්න තරං වැදගත් වන කිසිම ප්‍රවාදයක් ගොඩනගන්න බෑ කියල. නැතුව හීන මානෙ නෙමේ. ඔච්චර පදවි තානාන්තර වලට ආස නං මෙතුමට කියන්න තිබ්බනෙ තමන්ට ආචාර්ය නලීන්ද සිල්වා කියල කතා කරන්න කියල ? වැඩසටහනකට ආවාමත් කෙලින්ම කියනව එයාට උපාධිය තිබ්බත් ආචාර්ය කියන්න එපා කියල. ඒක කුහක කමද මාන්නයද ? :no: :no:

    අනික මේ ප්‍රශ්නෙදි නලීන්ද සිල්වා ප්‍රවාද කියල හඳුන්වන්නේ පිටසක්වලිං ජීවීන් පැමිණියා, පෘථිවියෙන් කෑල්ලක් ගැලවිලා ගිහිං හඳ හැදුන, අඟහරු බ්‍රහස්පති අතර තිබ්බ ග්‍රහලෝකයක් පුපුරල ග්‍රහක වලල්ල හැදුනා වගේ ප්‍රවාද නෙමේ. ඒවත් ප්‍රවාද කියල කිව්වෑකි. ඒත් ඒව ප්‍රවාද වලට වඩා අයිති වෙන්නෙ මතයන් වලට. මෙතන ප්‍රවාද නමින් අදහස් කරන්නෙ කාලය නිරපේක්ශයි, අලෝකයේ වේගය නිරපේක්ශයි වගේ පදනම කරගෙන ගණිතය යොදාගෙන භෞතික සිදුවීම් අගයාත්මක වශයෙන් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාද වලට. එවන් කිසිම ප්‍රවාදයක් ශ්‍රී ලාංකිකයෙකුට ගොතන්න බෑ කියල නලීන්ද සිල්වා කියන්නෙ. විද්‍යාව සංස්කෘතියක් මත පදනම් වෙච්ච දෙයක් කියල. ලංකාවෙ ඒ සංස්කෘතිය නැති නිසා ඒ සංස්කෘතියට අනුව හිතන්න බැරි පිරිසක් බිහි නොවෙන නිසා විද්‍යාත්මක ප්‍රවාද නිර්මාණය කරන්න බෑ කියලයි කියන්නෙ :dull: :dull:
     
    http://www.island.lk/2006/05/28/features4.html
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විද්‍යාව සංස්කෘතියක් මත පදනම් වෙච්ච දෙයක් කියල. ලංකාවෙ ඒ සංස්කෘතිය නැති නිසා ඒ සංස්කෘතියට අනුව හිතන්න බැරි පිරිසක් බිහි නොවෙන නිසා විද්‍යාත්මක ප්‍රවාද නිර්මාණය කරන්න බෑ කියලයි කියන්නෙ :dull: :dull:

    ඔය කියන සංස්කෘතිය මොකද්ද බන්, අපේ රටේ එහෙම එකක් නෑ කියන්න මොකෝ. හිතන විදිහට සංස්කෘතිය සම්බන්ධ වෙන්නේ කොහොමද ?:oo:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය කියන සංස්කෘතිය මොකද්ද බන්, අපේ රටේ එහෙම එකක් නෑ කියන්න මොකෝ. හිතන විදිහට සංස්කෘතිය සම්බන්ධ වෙන්නේ කොහොමද ?:oo:

    ඔය තර්කය අවලන්ගු තර්කයක් බන්. දැන් එහෙම බැලින්නම් ලංකාවෙයි ඉන්දියාවෙයි සංස්කෘතියයි එක සමානයි බොහොවෙලාවට.නලින්ට අනුව ඉන්දියානු විද්ඥඥයොත් නෑ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය තර්කය අවලන්ගු තර්කයක් බන්. දැන් එහෙම බැලින්නම් ලංකාවෙයි ඉන්දියාවෙයි සංස්කෘතියයි එක සමානයි බොහොවෙලාවට.නලින්ට අනුව ඉන්දියානු විද්ඥඥයොත් නෑ...
    අනේ මන්ද, මම හැමතැනම අහල තියෙන විදිහට ඕකට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය කියලයි කියන්නේ. හැබැයි විද්යාවෙන්ම තමා ඔය ක්‍රිස්තියානි පල්ලිය කිව්ව ලෝකේ විශ්වයේ මැද තියෙනවා කිව එකට, ලෝකේ පැතලි කිව එකට, විශ්වය මැවුවේ දෙවියන්වහන්සේ කියන එකට අභියෝග කරල ඒවා ප්‍රතික්ෂේප කරේ. :oo: