Phone එකේ මොක ආවත් අදාල නෑ බන් රටේ නීතියට අනුවයි වැඩ සිද්ද වෙන්නෙ. ඔය ෆෝන් කම්පැනි වලිනුත් ලස්සානට EU වලට එක චාජර් එකයි ජපානෙට තව එකයි USA වෙනම ඒවයි ගහන්නෙ ඒකනෙ.Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
අනික මම ගත්ත එක ෆෝන් එකකටවත් රවුම් පින් නන් ඇවිල්ල නෑ.
අනික ඔය පොඩි රවුම් පින් එකට ලොකු ඇම්පියර් ගානක් ගන්න බෑ. ඒ වගේම රවුම් ප්ලග් වලට දරන්නත් බෑ. එතකොට ගිනි ගන්නව වගේ දේවල් වෙනව. රවුම් පින් ඇම්පියර් ගාන වැඩි ඒවා තියෙනව හැබැයි හැන මහතයි. වෙනම ප්ලග් ඕනෙ. සමහ්‍ර ගෙවල් වල තියෙනව ඉස්සර දාපුව.රවුං පින් එකෙන් කරන්ට් එක වදින් වැඩි චාන්ස් එකක් තියවා සහ මට ඒ විදියට වැදිලා තියනවා
හේතුව රවූං පින් ප්ලග් එකේ ප්ලග් එක මුලටම යනකල් සන්නායක ලෝහ කෑල්ල තියෙන්නෙ. නමුත් හතරැස් පින් වල හොඳට බලන්න පින් වල අග කෙලවර විතරයි එහෙම සන්නායක කොටස මුල කෙලවර තියෙන්නෙ ප්ලාස්ටික්
එතකොට ප්ල්ග් එක බාගෙට ගැලවිලා තියෙද්දි ගලවන්න හදද්දි ඇඟිල්ල ප්ලග් එක අස්සට දැම්මොත් හරි පොඩි එකෙක් ගලවන්න හැදුවොත් කරන්ට් එක වදින්නෙ නැහැ
තව හතරැස් පින් එක ස්ටෑන්ඩඩ් එකක් විදියට ප්ලග් ටොප් එකේම ෆියුස් එකක් තියනවා
තව රවුං පින් ප්ලග් එක අස්සෙ ලේසියෙන් පොඩි එවුන්ට් ඇඟිලි ගහන්න පුලුවන්
නමුත් හතරැස් පින් වල එහෙම අමාරුයි
ඇත්තටම බැලුවම දැනට තියන සේෆ්ටි වැඩිම ප්ලග් එක තමයි හතරැස් පින් තියන ත්‍රි පින් ප්ලග් එක
කලින් 5A/15A දෙකක් තිබුනා මේ දෙකම එක ස්ටෑන්ඩඩ් එකකට ගේන එකත් හේතුවක් වෙන්න ඇති
ලොකු කම්පැනි වලින් ගේන සමහර බඩු තියනවා රවුං පින් තියන ඒව උන් ස්ටොක් ක්ලියරන්ස් කියලා ඒව අඩුවට දීලා දැම්මා ඕක එන්ෆෝස් කරන්න කලින්
තව සමහර කම්පැනි වයර් එකකින් නං ප්ලග් එක සෙට් වෙලා තියෙන්නෙ ප්ලග් එක කපලා දාල වයර් එක විතරක් තියෙන්න බඩු විකුන්නා
square pin තමා හොඳම.
------ Post added on Oct 19, 2023 at 4:10 PM
ඕක නිවුස් වල කොච්චර කිවුවද බන්. අනික කඩ කරන මිනිස්සු ඒ අදාල නීති, ගැසට් කියවන්න ඕනෙ. අනික මිනිහම කියන්නෙ කලිනුත් ඇල්ලුව කියල.උන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අඩුම තරමෙ මීඩියා වල වත් කියන්න ඕනි තහනම ගැන. රජයේ උන් තීරණ අරගෙන ෆයිල් එකට දාළා තියාගෙන ඉඳලා ගිහින් අල්ලන්නෙ.
කස්ටම් එකෙන් රිලීස් කරත් නැතත් විකුණන්න තහනම් නන් තහනම්. ඔය හීනි රවුම් පින් කෑලි එන්නෙම බාල ජරාවල් වලට. චීනෙන් මල ජරාවල් ගෙනල්ල විකුණනනව අන්තිමට ෆෝන් බැට්‍රිත් ඉවරයි දන්නෙ නැතුව මිනිස්සු ඕවා අරගන්නවනෙ.
------ Post added on Oct 19, 2023 at 4:16 PM

