එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයට එක් විය.
ඒ, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින් සමග පැවති හමුව අතරතුරදී ය.
හුනයිස් ෆාරුක් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වූයේ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරමිනි.
මේ අතර, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරන නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් පාලක පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළහ.