1)මොනරාගල ගස් 63,000ක් කපලා - පානීය ජල අර්බුදය උග්රවන ලකුණු
මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකොළහකින් 2020 වර්ෂයේදී පමණක් විවිධ වර්ගවලට අයත් ගස් හැටතුන්දහසක් පමණ කැපීමට අවසරදී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
2) ජනවාරියේ සිට පෙබරවාරි වන විට කෑගල්ලේ කොස්ගස් 1610 ක් කපලා
මෙම වසරේ ජනවාරි මස සිට පෙබරවාරි මස අවසානය දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ කොස් ගස් හෙළීම සඳහා බලපත් 1610 ක ලබා දී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී හෙළි විය. කෘෂිකර්ම කමිටුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
3) වවුනියාවේ මුරුංගා කරලක් රුපියල් 400 දක්වා ඉහළට
වවුනියාව වෙළෙඳ පොළේ මුරුංගා කිලෝවක මිල රුපියල් 1200 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මිලටද මුරුංගා මිලදී ගැනීමට වවුනියාව නගරයේ වෙළෙඳ සැල් දෙකක් පමණක් තිබූ අතර එළවළු වෙළෙන්දන් කියා සිටියේ මේ දිනවල මුරුංගා අවාරය නිසා මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.
දෙමළ වැසියන්ගේ ඉතාම ජනප්‍රිය එළවළුවක් වන මුරුංගා ඔවුන් කුමන මිලකට හෝ මිලදී ගන්නා නිසා ඇතැම් කාන්තාවන් වෙළෙඳ පොළෙන් එක් මුරුංගා කරලක් පමණක් මිලට ගෙන යන අයුරු දක්නට ලැබුණි. එම එක් මුරුංගා කරලක මිල රුපියල් 300 ත් 400 ත් අතර වෙයි.
4) ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් මේ වනවිට වාර්තා වේ.
ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පෙරේදා (22) පොලිසිය විසින් ආරම්භ කළේ එවන් පසුබිමකයි. රථ වාහනවල ටයර් නිසි තත්ත්වයෙන් පවතින්නේදැයි සොයා බැලීම සඳහා පොලිසිය එලෙස මෙහෙයුමක් ආරම්භ කළ බවයි පැවසුනේ.
ඒ අනුව, පෙරේදා මෙන්ම ඊයේ දිනයේත් දිවයිනේ ස්ථාන කිහිපයකම රථවාහන පොලිසිය විසින් පරීක්ෂා කළ අයුරු දක්නට ලැබුණි. නමුත්, රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවයි.
5) ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය කරන රටවල් 47 න් බහුතරයකගේ එකඟතාවය ලබා ගැනීමට අසමත් වූ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
6) ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවට ඉන්දියාව හා ජපානය ඇතුළු රටවල් 14 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් වැලකී සිටීම ජාත්‍යන්තර මතය ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් හසුරවා ගැනීමට ගත් උත්සහයේ සාර්ථක බව පෙන්නුම් කිරීමක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.