පොලිසියට කොටි පොලිස් නිල ඇඳුම් අන්දන්නට ගොස් හොට පටලවාගත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ව අත්අඩංගුවට ගනී..
යාපනය නගරාධිපති තනතුර පිළිබඳව කතාබහට ලක්වන ඉතිහාසය 1975 ජූලි 27 වෙනිදා දක්වා දිව යනවා. ඒ LTTE ත්‍රස්තවාදින් තම ඝාතන ඉතිහාසය ආරම්භ කරන්නේ යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනය කරමිනි. ද්‍රවිඩ ජනතාව බහුතරයක් සිටින යාපනයේ නගරාධිපති තනතුර එදා සිටම දැරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වීම විශේෂ කාරණයකි.
වර්තමාන නගරාධිපති මනිවන්නන්ට වැරදුනේ එක් තැනකදී ය. ඒ ඔහු හිතාගෙන හිටියෙ මේ පවතින්නෙ සිරිසේන, රනිල්, අනුර කුමාර නපුං සක ආණ්ඩුව කියාය.
පහත නිල ඇඳුම සහිත පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා චායාරූප ඊයේ දිනයේ බුකිය රත් කරමින් තිබුණි. ගර්වයට උපහාසයට අපහාසයට ලක් කළේ ගෝඨාභය රාජපක්ෂ හා රජයයි.
එකම රටක් එකම නීතියක් කියාගෙන පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටිද්දි මේ චායාරාප දකිද්දී මාද වික්ෂිප්ත විය. ඇස් අදහාගත නොහැකි විය. ඒ චායාරූප වලින් මගේ Messenger inbox පිරී තිබුණි. මට ද දෙන්නට උත්තර තිබුණේ ද නැත.
වහා ක්‍රියාත්මක වූ පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නනව අත්අඩංගුවට ගත්තේය. අප බලාපොරොත්තු වූ නායකත්වය එයයි.
2002-2004 රනිල් වික්‍රමසිංහ හා ප්‍රහකරන් අතර ඇති වූ ඊනියා සාම ගිවිසුම අවස්ථාවේදි හමුදා කඳවුරු ඉදිරිපිටට පැමිණ සරම උස්සා හමුදාවට පශ්චත්භාගය ඉස්සූ ඉතිහාසයක් අපට තිබුණි.
අද විපක්ෂ නායක සජිත්ගෙ පියානෝ කොටි ත්‍රස්ථවාදීන්ට මුදල් අවි ආයුධ කන්ටේනර් ගණන් ලබා දුන් යුගයක් විය. රටේ අභිමානය කෙලෙසුවේ එසේය.
1990 දී සජිත්ගේ පියා නැගෙනහිර පොලිස් නිලධාරීන්ට අවි ආයුධ බිම තබා කොටි ත්‍රස්ථවාදීන්ට යටත් වන ලෙස පැවසු ඉතිහාසයක් අපට විය. එදා ඒ යටත් වූ පොලිස් නිළධාරීන් 734 ක් එක පෙලට හිටවා ඝාතනය කළ බව අද ගෝඨාභය රාජපක්ෂට පරිභව කරන කිරිසප්පයින්ට මතක නැත. 1990 න් මෙපිට ඉපදුණු සමහර ළදරු වලිප්පුකාරයින් මේවා දන්නේ ද නැත.
අපි අද කොන්ද පන ඇති නායකයෙක් ජනාධිපති කර අභිමානවත් ජාතියක් ලෙස ලෝකයා ඉදිරියේ නැගී සිටින්නෙමු. එදා ඒ කළ සෙල්ලම් අදට වලංගු නැති බවද මෙසේ ලියා දන්වමි.