පැටියා;17832992 said:මොහාන් පීරිස්ව අයින් කරපු එක හරිද වැරදදි කියලා මම දන්නෙ නෑ. මොහාන් පීරිස් අයින් කරපු එක වැරදියි කියන අය ඔක්කොම වගේ ආණ්ඩුවට පහර ගහන්න කරුණු හොය හොය ඉන්න අය.
මචං, MS ට Full support කරපු සරත් නන්ද කාරයත් කියන්නේ ඕක වැරදියි කියලනේ? එතකොට ඔය තර්කය අනුව සරත් නන්ද සිල්වාත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න එකෙක්ද?
වැරැද්ද කවුරු කරත් වැරදියි. ඒකෙන් නරක පූර්වාදර්ශයක් ලැබෙනව නම් තවත් වැරදියි.
ඔය යසස් බණ්ඩාර මහින්ද අන්දුවෙන් හොරු දුෂකයෝ නිතිඅප්ති නිදහස් කරනකොට කොහෙද දන්නේ නැහැ හිටියේ . මන් හිතන්නේ වෙන රටක වෙන්න ඇති. දැන් එතින් දුක ඇති මහින්ද පැරදුන එකට.
මම මේකට comment කරපු හේතුව තමයි නලින් ද සිල්වා මහතාට ඉතිහාසයේ පළමු වතාවට නිල නොවන වාරණයක් ක්‍රියාත්මක වීම. (ඒක උඩින් කියල ඇති.) නලින් ද සිල්වා මහතාගේ දේශපාලන ලිපි දැන් පුවත්පත් වල පලවෙන්නේ නෑ. ඒ නිසා internet එක විතරයි ඔහුගේ අදහස් සාකච්ඡා කරන්න තියෙන්නේ.
මම සිංහල ජාතිකත්ව මතයට කඩේ යන කෙනෙක් පමණයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට සිංහල ජාතිකත්ව මතය නියෝජනය කරන්න පුළුවන් නම් මම එතුමට කඩේ යනවා. නමුත් රනිල් මහතා හා එජාප ආණ්ඩුව සිංහල ජාතිකත්වයට සපුරා විරුද්ධයි. ඒ වගේ ආණ්ඩුවක් මට එපා.
නමුත් මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා මොන අවස්ථාවක හෝ කැප්පෙටිපොල කෙනෙක් වෙලා මුන්ට පයින් ගහල හරිහමන් ආණ්ඩුවක් හදයි කියල. (නලින් ද සිල්වා මහතා නම් කියන්නේ මේක වෙන්නේ නෑ කියල. ඔහු මෛත්‍රීපාල මහතාව දකින්නේ පඹයෙක් විදිහට විතරයි. මම එතනදී ඔහුගේ මතයට විරුද්ධයි. මෛත්‍රීපාල මහතා මේ ගමන ගියේ විශාල අවදානමක් අරගෙන. ඒ වගේ අවදානමක් ගන්න පුළුවන් කෙනා නිකම්ම පඹයෙක් කියල මම හිතන්නේ නෑ.)









