සතිමත්වීම හෝ සතිය එනම් සහිය පිහිටුවීම වීම යනු දිනපතා කරනු ලබන සැම කටයුත්තක දීම එය සිහියෙන් යුක්තව කිරීමයි.
අලියෙකුගේ බලය හෝ ශක්තිය කොපමණ දැයි ඔබට සිතන්නට පුළුවනි ද? මේ හීලෑ නැති ඇතා හෝ අලියා නිසා බොහෝ විපත් සිදුවිය හැකියි. එම නිසා අලි, ඇතුන් හීලෑ කරන්නෙක් විසින් පළමුව කරන්නේ, මේ සතා ශක්තිමත් ගසකට හෝ කුළුණකට තබා බැඳගැනීමයි. ඉන් අනතුරුව හීලෑ කරන්නට පටන් ගනී. ඇතාට වඩා කුඩා වූ මනුෂ්‍යයාට, එම සතාගේ බලයෙන් හෝ ශක්තියෙන් ප්‍රයෝජන ගන්නට පුළුවනි. ඒ වගේ ම මිනිස් සිතක පවත්නා අප්‍රමාණ බලය හා ශක්තිය අයාලේ ගොස්, තමන්ටත්, අනුන්ටත් විපත් කිරීමේ හැකියාවක් පවතී. මේ නිසා, මිනිස් සිත එනම් මහා බලයකින් යුත් මිනිස් සිත දමනය කර ගැනීම හෙවත් සංවර කරගත යුතුය. ඒ සඳහා සිහිය දියුණු කර ගැනීම අවශ්‍යයයි. අප විසින් කරනු ලබන්නේ ආශ්වාස, ප්‍රශ්වාසය නමැති රැහැනින් හෙවත් ලණුවෙන් සිහිය හෙවත් මිනිස් සිතේ මහා බලය ඇඳ බැඳ තබාගැනීමයි. ආශ්වාස, ප්‍රශ්වාසය කෙරෙහි රැහැනින් සිහිය අපට ඕනෑ ආකාරයෙන් ඇඳ බැඳ තබාගත් විට මේ මහා බලයක් ඇති සිතට අයාලේ යන්නට නොදී මනා වූ ප්‍රයෝජනයක් අපේ ජීවිතයට ලංකර ගත හැකියි.
ආශ්වාස ප්‍රශ්වාසය නමැති රැහැන හෙවත් උපකරණයෙන් අපට සිතත් සිතිවිලිත්, සිහියත්, කුසල් මාර්ගයට හෙවත් යහපත් වූ මගකට යොමුකර ගැනීමට පුළුවනි. සිත පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කළොත් නිතැතින් ම සිතිවිලි පිළිබඳව එනම් සිතන දෑ පිළිබඳවත් අපට අවබෝධයක් නැතිව යනවා. සාමාන්‍ය ලෝකයා සඳහන් කරන ‘මගේ සිහිය හරි නෑ යන අදහසයි’. සිත නොගැළපෙන දේ කරන විට, සිතනකොට, ඒ නිසා ම නොගැළපෙන දේ හෙවත් පාප අකුසල් අරමුණට ගන්නා විට, ඒ අනුව කතා කරන විට, හැසිරෙන විට සාමාන්‍ය ලෝකයා පවසන්නේ "මගේ ඔළුව හරි නැහැ. සිත හරි නැහැ, සිහිය දැන් හොඳ නැහැ" කියන අදහ සයි.
එසේ නම් ආශ්වාස, ප්‍රශ්වාසයෙහි මනා කොට සිහිය පිහිටුවන්න.
ආනාපානසති භාවනාව
කය සෘජුව තබා ගෙන බිම හෝ කුඩා පුටුවක වාඩිවීමෙන් භාවනාවට සූදානම් විය හැක.
ඉන්පසුව ඇස් දෙක පියාගෙන තමාගේ හුස්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.
මෙසේ අවධානය යොමු කරණු ලබන්නේ තමාගේ නාසාආග්‍රයෙන්, තොල ආදී ස්ථානවල ආශ්වාසය හා ප්රාශ්වාසය එම කායික කොටස්වල ස්පර්ශ වන ආකාරය පිළිබඳව දැනුවත් වීමෙනි.
කිසිම අවස්ථාවක තමාගේ උත්සාහයෙන් වේගයෙන් හුස්ම ගැනීම හෝ හෙලීම සිදු නොකළ යුතු වේ.
නාසාආග්‍රයෙන් හෝ තොලේන් හුස්ම ස්පර්ශය ගැන අවධානයක් සොයා ගැනීමට නොහැකි අය තම උදරය මගින් මෙම භාවනාව ආරම්භ කළ හැකි වේ.
හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධව අවධානය හොඳින් පවත්වා ගැනීමට හුස්ම ගන්නා අවස්ථාව “ආශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කිරීම වැදගත් වේ. මේ ආකාරයටම ප්රාශ්වාසය සඳහා ද “ප්රාශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කළ හැකි වේ.
පුහුණුව මනාකොට පවත්වාගෙන යාමට පහතින් පෙන්නුම් කරන කරුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගතන්න.
කන් මගින් ඇසෙන ශබ්දවල යෙදෙන අවධානය ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට උත්සාහ කිරීම.
මනස මගින් ඇති කරන වෙනත් අරමුණුවලට අවධානය නොයොදා සිටීම.
හුස්ම ස්පර්ශවන කායික ස්ථානය (තොල, නාසාආග්‍රය) හැර වෙනත් කායික කොටස්වලින් අවධානය ඉවත් කර ගැනීම.
පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු, කයේ එක් එක් කොටසකට දැනෙනා වේදනා ආදියට තමන් විසින් දක්වන ප්‍රතිචාර අඩු කිරීමෙන් අවධානය පිටතට යෑම අඩු කර ගත හැකි වේ.
ඉහත කරුණු 4 සැලකිල්ලට ගෙන දින කිහිපයක් (දිනකට මිනිත්තු 30 පමණ) පුහුණු වීමෙන් අඛණ්ඩව ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ අවධානය පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ