ආපස්සට හොයන්න - TinEye Reverse Image Search

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ආපස්සට හොයන්න - TinEye Reverse Image Search

මැතකදි මට ඕන් උනා මන් ගාව තිබුන වෙබ් එකෙන් බාගත්තු කුඩා පින්තූරෙක ලොකු සයිස් එකක් හොයා ගන්න. ඒත් සාමන්යයෙන් අපිට google කරල එහෙම හොයන්න බැහැනෙ. මොකද ඒ පින්තූරෙ විස්තර අපි දන්නෙ නැති හින්දා. අඩුම තරමින් ඒ පින්තූරෙට යොදල තියන web name/code එකවත් අපි දන්නෙ නැහැනෙ. ගොඩක් වෙලාවට අපි කරන්නෙ google එකේ හරි වෙන stock photo site එකක හරි අපිට ඕන පින්තූරෙ තියනවද කියල ඉබ්බගාතෙ search කරන එකනෙ.

පස්සෙ මම වෙබ් එක පුරාවට Reverse Image Search Engine එකක්, ඒ කියන්නෙ ආපස්සට හොයන්න පුලුවන් ක්‍රමයක් හෙව්වා. එතකොට තමයි මට මේ මරු සයිට් එක හම්බවුනේ.

මේකෙන් පුලුවන් අපිට අපේ කොම්පියුටරේ තියන වෙබ් එකෙන් බාගත්තු පින්තූරයක් එහෙමත් නැත්නම් වෙබ් එකේ තියන (google එකේ හරි වෙන stock photo site එකක හරි) පින්තූරයක ලින්ක් එක දීල ඒ පින්තූරෙ තියන වෙනත් සයිට් හොයාගන්න.


tineye.jpg


මේ තියෙනෙ මම උදාහරනයක් විදිහට හොයපු එක.
tineye2.jpg


මෙතනදි මම හෙව්වෙ Sri Lanka Crest එක. ඒකෙදි ස්තාන 16ක ඒ රූපය තියනව කියල පෙන්නුවා.

මෙතනින් පුලුවන් ඒ සයිට් එකට යන්න:
http://www.tineye.com/

ඉස්කොලෙ යන කට්ටියට විශේසයෙන් projects එහෙම හදන කට්ටියට වැදගත් වෙයි කියල හිතුන හින්දා තමයි පෝස්ට් කලේ.

අඩුතරමින් කොමෙන්ට් එකක් වත් දාල යන්න. අරවයින් සැලකුවට පව් සිද්ද වෙන්නෙ නෑ.
 
Last edited:

monazark

Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    thanks macho mekanam mata godaaaaaaak wadagath. mokada mamath mewage ekak hoya hoya hitiye. Thanks...
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මේකනම් සිරා මචං, මේ වගේ එකක් ගොඩක් කලෙක ඉඳල හොයා හොයා හිටියේ.
    rep3+