ආමි 2016:නවතම රුසියානු අවි
ආමී 2016 යුද අවි ප්‍රදර්ශනයේදී රුසියානු සහ විදෙස් රටවල නිෂ්පාදිත අවි පද්ධති 11,000කට වඩා මහජන ප්‍රදර්ශනයට තබා තිබිණි.සැප්තැම්බර් මස 6-12 තෙක් දින හයක් පැවැත්වූ මෙම ප්‍රදර්ශනය පසුගිය සඳුදා දිනයේදී අවසන් විය.මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ නවතම රුසියානු අවි දහයයි.
මෙය රේඩාර්වලට හසුනොවන සහ කි.මී.30 පරාසයක් සහිත ස්මාට් බෝම්බයකි.දැනට භාවිතා කරන අවි මෙන් නොව කි.ග්රෑ.450ක බරකින් යුක්ත මෙය එන්ජිමක් රහිත තාපය සොයා යන සහ රේඩාර් නියාමක බෝම්බයක් වන මෙයට රේඩියෝ -ඉලෙක්ට්‍රොනික් ප්‍රහාර හමුවේ සාර්ථකව ක්‍රියාත්ම විය හැකිය.
Phox යනු ට්‍රක් රථයක ස්ථානගත කල කාලතුවක්කු පද්ධතියකි.එහි අවි මි.මී. 120ක කාලතුවක්කුවකි.ඊට සමකාලීනව දිගු දුර අවියක්,කාලතුවක්කුවක් සහ මෝටාර් අවියක් ලෙස ක්‍රියාත්මක කල හැකිය.එහි ප්රතිඵලදායි පරාසය මීටර් 100 සිට කි.මී.10ක් දක්වා වේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමක් පරිදි ට්‍රැක් මත ගමන් කරන සන්නාහ සන්නද්ධ රථයක් වන නිපදවා තිබේ.මෙය පරිගණක ගත පාලන පද්ධතියකින් සමන්විත විමර්ශන සහ අනාවරණ උපාංග සහිත රථයකි.එහි විවිධ වර්ගයේ අවි රැදවිය හැකිය.ඊට අමතරව මෙම රථය ඩ්‍රෝන් යානා සමග සංයෝජනය කර මෙහෙයවිය හැකිය.
මෙම මි.මී.5.45 කලෂ්නිකොව් තුවක්කුව මාරුකල හැකි බැරලයකින් සමන්විත ,ඉතා කුඩා,බරින් ඉතාම අඩු සහ නිරවද්‍ය අවියකි.ස්නයිපර් දූරදක්නයක් සහ බැරල් සයිලන්සරයකින් සමන්විත මෙය වට 30හි සහ වට 90හි මැගසින් දෙවර්ගයක් භාවිතා කරයි.
මෙය ගුවන් යානානාශක මිසයිල පද්ධතියකි.එහි මිසයිල දියත්කරනය ටයිගර් රථයක සවිකර තිබේ.ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂක අණදෙන සහ පාලන මධ්‍යස්ථානය වෙනත් රථයක පිහිටුවා තිබේ.Gibka-S පද්ධතියක් අධෝරක්ත-නියාමක අතේ ගෙන යා හැකි ගුවන් ආරක්ෂක පද්ධති 4ක් භාවිතා කරයි.ඊට සමකාලීනව සන්නාහ සන්නද්ධ රථ 6ක් හෝ ගුවන් යානානාශක පද්ධති 4ක් පාලනය කල හැකිය.
මෙය රුසියාවේ නිපදවූ නවතම සංග්‍රාමික රෝබෝවයි.දුරස්ථව පාලනය වන මෙම රොබෝව සතුව මිනිත්තුවකට වට 350-400ක් නිකුත් කල හැකි මි.මී.30 අවියක්ද ,මි.මී.7.62 කොක්සියල් මැෂින් තුවක්කුවක් සහ සුපර්සොනිල් නියාමක මිසයිලද තිබේ.2016 වර්ෂය අවසන් වනවිට Uran-9 රොබෝ යුද ටැංකි 5ක් රුසියානු හමුදාවට ලබාදීමට නියමිත බව සඳහන් වේ.
දුරස්ථව පාලනය කල හැකි සංග්‍රාමික ගොඩබිම් රථයක් වන Vikhr (Whirlwind),ආමි 2016 ප්‍රදර්ශනයේදී මහජනයාට නිරාවරණය කර තිබිණි.මෙය පාබල ප්‍රහාරක රථය පදනම් කරගෙන නිපදවා තිබේ.එහි මි.මී.30 ස්වයංක්‍රීය අවියක්,මි.මී.7.62 මැෂින් තුවක්කුවක් සහ කොර්නට් නියාමක යුද ටැංකි නාශක මිසයිල අඩංගු වේ.
මීටර් 200ක පමණ දුරක සිට එල්ලවන මැෂින් තුවක්කු ප්‍රහාරයකින් ඵලදායි ලෙස ආරක්ෂාව ලබාදිය හැකි සන්නාහයක් BT-3F රථය සතුය.ඊට සෙබලුන් 12ක් ගෙන යා හැකි අතර අධෝරක්ත දූරදක්නයක් සමග ලේසර් මාර්ග සොයනයකින් සන්නද්ධය.
Mi-8AMTSh-VA යනු Mi-8AMTSh නම් හෙලිකොප්ටරය ආශ්රයෙන් නිර්මාණය කල සෙල්සියස් අංශක සෘණ 40 දක්වා අවම උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල කි.මී.1,300ක දුරක් අමතර ඉන්ධන ටැංකි සහිතව පියාසර කල හැකි හෙලිකොප්ටරයකි.
Source:sputniknews.com
-HarshaLulzSec-

Drill glide bomb

Phlox self-propelled කාලතුවක්කුව
Phox යනු ට්‍රක් රථයක ස්ථානගත කල කාලතුවක්කු පද්ධතියකි.එහි අවි මි.මී. 120ක කාලතුවක්කුවකි.ඊට සමකාලීනව දිගු දුර අවියක්,කාලතුවක්කුවක් සහ මෝටාර් අවියක් ලෙස ක්‍රියාත්මක කල හැකිය.එහි ප්රතිඵලදායි පරාසය මීටර් 100 සිට කි.මී.10ක් දක්වා වේ.
Soratnik රෝබෝව
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමක් පරිදි ට්‍රැක් මත ගමන් කරන සන්නාහ සන්නද්ධ රථයක් වන නිපදවා තිබේ.මෙය පරිගණක ගත පාලන පද්ධතියකින් සමන්විත විමර්ශන සහ අනාවරණ උපාංග සහිත රථයකි.එහි විවිධ වර්ගයේ අවි රැදවිය හැකිය.ඊට අමතරව මෙම රථය ඩ්‍රෝන් යානා සමග සංයෝජනය කර මෙහෙයවිය හැකිය.
RPK-16 ස්නයිපර් මැෂින් තුවක්කුව
මෙම මි.මී.5.45 කලෂ්නිකොව් තුවක්කුව මාරුකල හැකි බැරලයකින් සමන්විත ,ඉතා කුඩා,බරින් ඉතාම අඩු සහ නිරවද්‍ය අවියකි.ස්නයිපර් දූරදක්නයක් සහ බැරල් සයිලන්සරයකින් සමන්විත මෙය වට 30හි සහ වට 90හි මැගසින් දෙවර්ගයක් භාවිතා කරයි.
Gibka-S ගුවන් ආරක්ෂක පද්ධතිය
මෙය ගුවන් යානානාශක මිසයිල පද්ධතියකි.එහි මිසයිල දියත්කරනය ටයිගර් රථයක සවිකර තිබේ.ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂක අණදෙන සහ පාලන මධ්‍යස්ථානය වෙනත් රථයක පිහිටුවා තිබේ.Gibka-S පද්ධතියක් අධෝරක්ත-නියාමක අතේ ගෙන යා හැකි ගුවන් ආරක්ෂක පද්ධති 4ක් භාවිතා කරයි.ඊට සමකාලීනව සන්නාහ සන්නද්ධ රථ 6ක් හෝ ගුවන් යානානාශක පද්ධති 4ක් පාලනය කල හැකිය.
Uran-9 සංග්‍රාමික රොබෝව
මෙය රුසියාවේ නිපදවූ නවතම සංග්‍රාමික රෝබෝවයි.දුරස්ථව පාලනය වන මෙම රොබෝව සතුව මිනිත්තුවකට වට 350-400ක් නිකුත් කල හැකි මි.මී.30 අවියක්ද ,මි.මී.7.62 කොක්සියල් මැෂින් තුවක්කුවක් සහ සුපර්සොනිල් නියාමක මිසයිලද තිබේ.2016 වර්ෂය අවසන් වනවිට Uran-9 රොබෝ යුද ටැංකි 5ක් රුසියානු හමුදාවට ලබාදීමට නියමිත බව සඳහන් වේ.
Vikhr සංග්‍රාමික පිරික්සුම් පද්ධතිය
දුරස්ථව පාලනය කල හැකි සංග්‍රාමික ගොඩබිම් රථයක් වන Vikhr (Whirlwind),ආමි 2016 ප්‍රදර්ශනයේදී මහජනයාට නිරාවරණය කර තිබිණි.මෙය පාබල ප්‍රහාරක රථය පදනම් කරගෙන නිපදවා තිබේ.එහි මි.මී.30 ස්වයංක්‍රීය අවියක්,මි.මී.7.62 මැෂින් තුවක්කුවක් සහ කොර්නට් නියාමක යුද ටැංකි නාශක මිසයිල අඩංගු වේ.
ටයිගර් දුරස්ථපාලක සන්නාහ සන්නද්ධ රථය සහ මි.මී.30 අවිය
මෙම ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට එළිදක්වන ලද ටයිගර් රථයේ දුරස්ථපාලක මොඩලය සහ එහි තිබූ මි.මී.30 ස්වයංක්‍රීය අවිය අවධානයට පාත්රවූ අවියකි.
BT-3F උභයචර සන්නාහ සන්නද්ධ රථය
මීටර් 200ක පමණ දුරක සිට එල්ලවන මැෂින් තුවක්කු ප්‍රහාරයකින් ඵලදායි ලෙස ආරක්ෂාව ලබාදිය හැකි සන්නාහයක් BT-3F රථය සතුය.ඊට සෙබලුන් 12ක් ගෙන යා හැකි අතර අධෝරක්ත දූරදක්නයක් සමග ලේසර් මාර්ග සොයනයකින් සන්නද්ධය.
Mi-8AMTSh-VA ආක්ටික් හෙලිකොප්ටරය