ආයිෂ්චරිය

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පාලකයින්ට රජ බොජුන් - ජනතාව හාමතේ


    2014 පෙබරවාරි 01 වෙනි සෙනසුරාදා, 20:22


    ඊ-තැපැල :: මුද්‍රණය :: පී.ඩී.එෆ් (PDF)







    කුසගිනි දරාගත නොහැකිව දරුවන් සිවුදෙනකු සමඟ කරවිල තම්බා දින පහක් ආහාරයට ගත් මවක රෝගාතුරවී ඇළයාපත්තුව හා නොච්චියාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබා පිටව ගිය පුවතක් සිවලාපිටිය දුණුමඩලාව ප්‍රදේශයෙන් වාර්තා වේ.
    [FONT=&quot]ආර්. විනීතා සෙනෙවිරත්න නමැති මේ මවට මාස දෙකකුත් දින පහක් වයසැති ළදරුවන් දෙදෙනෙකුත් තවත් දරුවන් දෙදෙනකුද සිටී.[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]වැඩිමහල් දියණියගේ වයස අවුරුදු දහතුනක් වන අතර මේ දැරිය අනුරාධපුර රෝහලේදී හය වතාවක් ශ්‍රවණ ආබාධයක් සඳහා ශල්‍ය කර්මයකට ලක් කැර ඇති බව ත් පැවසේ.[/FONT]
    [FONT=&quot]දරුවන් හතර දෙනාද සමඟ කෑමට කිසිවක් නැති තැන ගෙවත්තේ තිබුණු කරවිල තම්බා ආහාරයට ගත් බව විනීතා මහත්මිය පවසයි. තම ස්වාමියා වූ ලසන්ත මහතාටද ස්ථිර රැකියාවක් නැතිකමින් ඔහු එදිනෙදා කුලී වැඩ කිරීමෙන් පවුලේ නඩත්තුව ගෙන යන බව ඇය පවසයි.[/FONT]
    [FONT=&quot]"අහල පහළ කුලී වැඩක්වත් නොමැතිකමින් හාල් කිලෝවක් ගැනීමට පවා අපට ශක්තියක් තිබුණේ නෑ. ස්වාමියා කීවා කරන්න දෙයක් නෑ සත පහක්වත් කාගෙන්වත් ඉල්ලා ගන්න බැරි වුණා. දරුවෝ එක්ක අපට හාමතේ තමයි මැරෙන්න වෙන්නේ කියලා. ඊට පස්සේ ගෙදර වත්තේ තිබුණු කරවිල කඩලා දවස් පහක්ම අපි හය දෙනා කෑවා. [/FONT]වේල් තුනක් විතර යනකොට මට ලොකු කලන්ත ගතියක් ඇති වුණා.
    [FONT=&quot]පස් වැනි දවසේ මට බඩයෑමක් හැදුණා. නවතියි කියලා හිතුවත් ටිකින් ටික වැඩි වූ නිසා ඇළයාපත්තුව රෝහලට ගිහින් නතර වුණා. එතැනින් නොච්චියාගම රෝහලට මාරු කෙරුවා. මම දින 12ක් රෝහලේ නතර වෙලා ප්‍රතිකාර ගත්තා. මගේ දරු පැටව් කෑම ඉල්ලලා අඬනවා. දරුවන්ට කන්න දෙන්න ශක්තියක් නෑ. අපට රජයෙන් සමෘද්ධියවත් හම්බ වෙන්නෙ නෑ. අපි වගේ අසරණයන්ට කවුරුවත් පිහිට වෙන්නේ නෑ." යනුවෙන් ඇය පවසයි.[/FONT]
    [FONT=&quot]දේශපාලකයින් උදේ සිට රැය පහන්වන තුරුද බෙරිහන් මෙදන ආශ්චර්යයේ තරමයි මේ. මහ බැංකුවේ දිනෙන් දින ඉහළ යන ඒක පුද්ගල ආදායම් තත්ත්වයේ දිග පළලයි මේ.[/FONT]
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    10410111_1570532219845257_3505196919236634686_n.jpg