ආයෙත් මතුවෙන තෙල්. 😁😁😁

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There's only two kinds of oil in SriLanka.... Coconut oil in the South and Thala Thel in the North.

    PS: The last time we found oil in one of the wells in Pesalai. The miracle was, when it was sent overseas for analysis, the report came back that it was already refined. Just see how lucky we are when mental retards run the country. :P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේවට හැමදාම අහුවෙන @erozan වගේ හරක් ඉන්නකල් මුන් මේවා දදා හරක් ටික රවට්ටලා චන්දෙ ගන්නවා. නේද හරකෝ @erozan 😂😂
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    මේ ලංකාවේ පේසාලේ තෙල් නිධිය​

    ලංකාවේ තෙල් සොයාගත් විට කියූ කවි
    “තව මොනවද අඩු
    මෙන්න බොලේ බඩු
    යූඇන්පිය කුඩු
    යමුද මචෝ මඩු”
    පසුගිය නොවැම්බර් 03 වැනිද්‍ා පෝය දින සිට මෙරට ඉන්ධන හල් ළඟ ඉන්ධන ගන්නට දිග පෝලිම්ය. තවත් පිරිස් බෝතල්, කෑන් අරගෙන තෙල් ගන්නට මාර යුද්ධයකි. මේ අර්බුදයට හේතුවූයේ පිටරටින් තෙල් ගෙන එන නැව් ප්‍රමාදවීමය. එහෙත් මෙරට දෙවරක්ම තෙල්-ගෑස් නිධි සොයාගෙන ඇති බවට ලිඛිත සාක්ෂි ඇති බැවින් නිරපරාදේ අතහැරදාන එම මහා සම්පත ගැන කරුණු මෙසේ පෙළගස්වමු.1974 ජුලි 30“වේලාව රාත්‍රි 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. මෙන්න ප්‍රවෘත්ති. අවුරුදු හැත්තෑපහකට ප්‍රමාණවත් තෙල් නිධි පේසාලෙන් සොයා ගෙන තිබේ. මේ නිසා නොබෝ දිනකින් ලංකාවෙන් තෙල් අපනයනය කළ හැකි බැවින් ලංකාවට කිසිම විදේශ විනිමය ප්‍රශ්නයක් අනාගතයේ ඇති නොවනු ඇත.2011 ඔක්. 03 ලංකාදීපමන්නාරම් ෙද්‍රා්ණියෙන් අතිවිශාල බොරතෙල්, ගෑස් නිධියක් මතුවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දළදා මාලිගාවේ පැවැති උත්සවයකදී පවසා සිටියේය. ඉන්දියාවේ කෙයන් සමාගම ජපානයේ “වික්යු”නම් අතිදියුණු නෞකාවේ තාක්ෂණය යොදාගනිමින් මේ කැණීම්වලදී මේ ගෑස් නිධිය මතුවූ බව මුළු රටට ජාතියටම දළදා මැදුරේ සිට දැනුම් දෙන්නේ ඉමහත් සතුටින් බව ජනපතිවරයා පැවැසීය.2017 නොවැ 07ඌරගස්මංහන්දිය ලංකා සේවා පිරවුම්හලෙන් යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට සිටි ජයන්ත ප්‍රේමලාල් (53) මියගොස් ඇත.

    2017 නොවැ. 08 (බ්‍රේකින් නිවුස්!) රාත්‍රි 8පසුගිය නොවැම්බර් 03 වැනිදා සිට පැවැති ඉන්ධන හිඟය නැති කරන්නට දැන් ශ්‍රී ලංකා මූදු තීරයට ඩුබායි රටේ නෞකාවක් පිවිස සිටිනවා. මේ නැව අසළටම ගොස් අප මේ දර්ශන ලබාදෙන්නේ මෙම ප්‍රවෘත්තිය වාර්තා කරන ප්‍රථම නාලිකාව ලෙස මෙහි මෙට්‍රික් ටොන් 4000ක පෙට්‍රල් අඩංගුවන බව අපට දැන ගන්නට ලැබුණා. මෙන්න තවත් විස්තර වෙළඳ විරාමයෙන් පසුමේ සියලු විසූක දස්සන බලාගෙන සිටි අපට අවසානයේ අනේ අපොයි කියවුණේ තෙල් නැවක් ඒමද මෙරට ප්‍රධාන ප්‍රවෘත්තියක් වීම නිසාය. එහෙත් අප කවුරුත් විදේශයන්ට කට නියාගෙන ඉන්නවා විනා මේ ලංකාවේ පේසාලේ තෙල් නිධිය ගැනවත් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා දළදා මාළිගාවේ මහත් අාඩම්බරයෙන් ජාතියට ප්‍රකාශ කරන්නට යෙදුණු මන්නාරමේ මහා ගෑස් නිධිය ගැනවත් සොයා බලන්නට ගියේ නැත.2011 ඔක්. 11 වැනිදා හිටපු ජනාධිපතිවරයා මන්නාරමේ හමුවූ මහා ගෑස් නිධිය ගැන දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ කොළඹ නගර සභා ඡන්දය පවත්වන්නට පෙර දිනය තෙක්ය. එය කොළඹ නගර සභාව ජයග්‍රහණය කරන්නට ලබා දුන් උත්තේජනයක්ද විය. නමුත් නගර සභාවේ බලය රාජපක්ෂ කල්ලියට අල්ලාගත නොහැකිවීමත් සමගම හිටි අඩියේ පහළවූ ගෑස් නිධියම අතුරුදන් වූයේ අභිරහස් ලෙසය.එහෙත් 1974 වසරේ සොයාගත් ‘පේසාලේ’ තෙල් කතාව ගැන කදිම ලිඛිත සාක්ෂි ඇත.
    ඊටත් වඩා ‘පේසාලේ’ තෙල් නැතැයි පළ කළ කතුවරයා පුවත්පත් මණ්ඩලයට ගෙන්වා නඩුව විභාග කර ‘පේසාලේ තෙල් ඇති’ බවට තීන්දුවක්ද දුන් නිසා වත්මන් රජයවත් පේසාලේ තෙල් නිධිය දැන්වත් ඵල ප්‍රයෝජනයට ගන්නට සිතාගත යුත්තේ පෝලිම්වල පෙට්‍රල් ලැබෙන තුරු සිටින ජනතාව ආණ්ඩුවට එල්ල කරන කුණු බැණුම්වලින් බේරීමටය.පේසාලේ තෙල් කතාවද රසවත් එකකි. ලංකාවේ තෙල් හොයන සංස්ථාව ඒ සන්ධියේ හඳුන්වා ඇත්තේ ‘පැට්‍රෝල් සංස්ථාව’ ලෙසය. එහෙව් පැට්‍රෝල් සංස්ථාව ලංකාවේ තෙල් කැණීම් ආරම්භ කොට මේ 2017 වසරට සැමරිය හැක්කේ ‘ස්වර්ණ ජයන්තියයි’ ලංකාවේ තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කරනු ලැබ ඇත්තේ 1967 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව විසිනි. ඔවුන් තෙවසරක් පමණ කැණීම් කොට තෙල් නිධි ඇති තැන් ලකුණු කරන ලදී. නමුත් 1970 මැතිනියගේ ආණ්ඩුව වඩාත් සමීප වූයේ රුසියාවට බැවින් ‘ටෙක්නෝ එක්ස්පෝට්’ නම් රුසියානු සමාගමට මෙය භාර දෙන ලදී. නමුත් අඩි 250ක් කැණීම් කළත් රුසියන් කොම්පැනියට තෙල් සොයා ගත නොහැකි විය.මෙයින් විඩාවට පත්ව සිටි සෝවියට් විශේෂඥයා ‘මහනුවරට’ නිවාඩුවක් දමා ගියේ ටිකක් සැප ගැනීමටයි. විශේෂඥයා මහනුවර ගියේ සියලු වැඩ ලංකාවේ නිලධාරින්ට පවරාය. කණින ලද ළිංවලින් නොකඩවා ඉහළට වතුර පොම්ප කරමින් කැණීම් කටයුතු නොනවත්වා පැවතුණි. තෙල් කැණීම් ළිඳෙන් ඉවත්වන වතුර අමුතු තෙල් ගතියක් ගන්නා බව එහි සිටි ‘වමට’ බර නිලධාරියකුට පෙෙනන්නට විය. ඔහු වහා තින්ත කුප්පියකට තෙල් ටික බේරා පුරවාගෙන කොළඹ තෙල් සංස්ථා හෙඩ් ඔපීසියට ටැලිපෝන් කෝල් එකක් දී කිව්වේ ‘පේසාලෙන්’ ඉස්තරම් ඛනිජ තෙල් සොයාගත් බවය.

    ටැලිපෝන් කෝල් එකක් කීවාට එවා තිබුණේ ඉංගිරිසියෙන් එවූ ‘රේඩියෝ මැසේජ්’ එකකි.රේඩියෝ මැසේජ් එක හනිකට ඉංගිරිසියෙන් ටයිප් කොට ප්‍රවෘත්ති නිවේදනයක් ලෙස නිකුත් කරන ලදී. එයට අස්සන් තබන ලද්දේ තෙල් සංස්ථාවේ සභාපතිතුමා විසිනි. වහාම පේසාලේට පැට්‍රෝල් සංස්ථාවේ වගකිව යුතු පිරිසක් පිටත් කර හරින ලදී. ඉස්තරම් ලංකා ඛනිජ තෙල් ‘කුප්පිය’ තම සන්තකයට ගත් උසස් නිලධාරියා කොළඹට එන්නට පිටත්වී ගමන් විඩාව නිසා ‘ගලේවෙල’ කඩපිලක නැවැත්වූයේ හොඳවැයින් හැලපයක් ඇද බා තේ කහට එකක් බීමටය. මේ වනවිට රට පුරා ලංකාවේ බොරතෙල් කතාව පැතිර තිබූ නිසා ‘ගලේවෙල’ කඩපළටද ගම්වැසියන් රොක්වන්නට වූයේ එකල ‘වයර්ලස්’ එකක් තිබුණේ එහෙමත් ගෙදරක වූ නිසාය. රාත්‍රි ප්‍රවෘත්ති ඇසූ පැට්‍රෝල් සංස්ථාවේ නිලධාරියා සහ රියැදුරා අන්දමන්ද විය.“මෙන්න ප්‍රවෘත්ති අවුරුදු හැත්තෑපහකට ප්‍රමාණවත් තෙල් නිධියක් පේසාලෙන් සොයා ගන්නට සෝවියට් විශේෂඥයන් සමත්ව තිබේ. සිමෙන්ති විදගෙන ගිය විට සියුම් තෙල් පටලයක් මතුවී ඇති අතර ශ්‍රී ලංකාවට තව නොබෝ දිනකින්ම බොරතෙල් අපනයනය කිරීම තුළින් සියලු විදේශ විනිමය ප්‍රශ්න විසඳාගත හැකි බවත් තෙල් සංස්ථාවේ සභාපතිවරයා ගුවන් විදුලියට පවසා සිටියේය.ප්‍රවෘත්තිය ඇසූ බොරතෙල් කුප්පිය රැගෙන එන්නට ගිය නිලධාරියා මවිතයට පත්වූයේ තවමත් කොළොන්නාව රසායනාගාරයට ගෙනයා යුතු සාම්පලය තමන් සමඟ ගලේවෙල කඩපොළේ අතරමග තිබීමය.

    කොළඹට ගෙන එන ලද තෙල් සාම්පලය සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේත්, කොළොන්නාව රජයේ කෙමිකල් පරීක්ෂණාගාරයටත් යොමු කළ විට ඔවුන් පවසා සිටියේ එය බොරතෙල් නොවන බවය. එහි ඇත්තේ 2%ක තෙල් ප්‍රතිශතයක් පමණක් බවය. නමුත් මේ වනවිට ‘ලංකාවේ තෙල් සොයා ගැනීම’ දේශපාලන ලෝකය හෙල්ලුම් කෑ ප්‍රවෘත්තියක් වී හමාරය. තෙල් සංස්ථාවේ රසායන විද්‍යාඥයා එළිපිටම විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී තෙල් සාම්පලය ඉහළම තත්ත්වයේ ‘බොරතෙල් බවට වාර්තාවක් ලිපි ගොනුවට බලහත්කාරයෙන් ඇතුළු කරන ලදී.තෙල් නිවුස් එක ආපසු හැරවිය නොහැකි තරමට එවකට ගුවන් විදුලිය හා පුවත්පත් වාර්තා කිරීම නිසා දැන් කාලේ පැවත්වෙන ‘මීඩියා ටුවර්’ එකක් මෙන් විශේෂ දුම්රියක් පේසාලේට යැවීමට පැට්‍රෝල් සංස්ථාව පියවර ගන්නා ලදී. මේ දුම්රියේ ඇමැතිවරුන්, පත්තරකාරයන්ටත් වඩා ඇඟට ගෙන ගමන් කළේ ශ්‍රිලනිප වෘත්තිය සමිති නායකයින්ය. කොළඹින් නැගපු තැන සිට දෝරේ ගලා යන තරමට ‘මත්පැන්’ ඔවුනට සංස්ථාව ලබාදුන් අතර පේසාලේට යනකම් බයිලා කියන්නටද ඔවුන් අමතක කළේ නැත. ඔවුන් විසින් නැවත නැවත කියන ලද බයිලාවක්ද විය.‘තව මොනවද අඩුමෙන්න බොලේ බඩුයූඇන්පිය කුඩුයමුද මචෝ මඩු’එහෙත් ටික දිනක් ගත වනවිට 2011 දී දළදා මාලිගාවෙන් ප්‍රකාශයට පත් කළ ගෑස් නිධියට අත්වූ ඉරණමම පේසාලේ තෙල් ප්‍රවෘත්තියට අත්විය.
    පේසාලේ තෙල්වලට අත්වූ ඉරණම ගැන එවකට යූඇන්පී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේදී පිළිතුරු බලාපොරොත්තුවෙන් ප්‍රශ්න සභාගත කළ මුත් කිසිදු පිළිතුරක් ලැබුණේ නැත. මේ කියන වකවානුවේ ‘දවස’ ආයතනයට සීල් තබා තිබුණු යුගයකි. බොහෝ දවස සේවකයන් ‘දවස නිවස’ වටා කැරකුණේ කවදද ‘කන්තෝරුව අරින්නේ යයි ඈණුම් අරිමිනි. ඩී. සී. සතරසිංහ චිත්‍ර කලාවේදියාද මේ වනවිට රැකියා විරහිත තත්ත්වයට පත්ව සිටියේය. මගේ පියා වූ ගුණදාස ලියනගේ එවකට කර්තෘ ධුරය දැරූ පුත්පතට ඩී. සී. සතරසිංහ පේසාලේ තෙල් සොයා ගැනීම ගැන ගවේෂනාත්මක ලිපියක් සකස් කොට තිබුණේ සියලු බිම්ගත තොරතුරුද ඇතිවය. පුවත්පතේ ඊළඟ කලාපයේ මැද පිටුවේ සතරසිංහගේ ලිපිය පළ කරන ලද්දේ ටිකක් සැර බාල කිරීමෙන් පසු බව කිවහොත් අඩුපාඩුවකි. එහි සිරස්තලය වූයේ ‘පේසාලේ තෙල්’ නැහැ. නිලධාරින් රජ දරුවන් ඇන්දවූ හැටි’ යන හෙඩිමයි. හෙඩිම අඳින ලද්දේ වටරැක ප්‍රේමදාස විසිනි.දින කීපයකින් පුවත්පත් මණ්ඩලයේ පෙනී සිටින ලෙස සිතාසියක් මගේ පියාවූ ගුලිගේට ලැබෙන්නට කටයුතු යොදා තිබුණි. චෝදනාව වූයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විරුද්ධව අසත්‍ය ප්‍රවෘත්තියක් පුවත්පත් කතුවරයකු ලෙස ප්‍රකාශයට පත් කිරීමය.

    නමුත් නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රවෘත්ති පළ කළ පුවත්පත වසා දැමුණු නිසා සිද්ධිය ගැන අලුතින්ම පුවත්පත අරඹා කරුණු කීමට ප්‍රධාන කර්තෘවරයා එකඟ වූයේ නැත.මේ අවස්ථාවේ පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයකු වූ රිජ්වේ තිලකරත්න විසඳුමක් යෝජනා කොට ඇත. එවකට තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඊ.ආර්.ඇස්.ආර්. කුමාරස්වාමි ප්‍රකාශ කොට ඇත්තේ ලංකාවට නිශ්චිතවම බොරතෙල් ලැබී ඇති බවය. ප්‍රධාන කර්තෘවරයාට මුළුමනින්ම බලපෑම් එල්ල කරන ලද්දේ මෙම ප්‍රවෘත්තිය ලබාදුන් නිදහස් පක්ෂ වෘත්තිය සමිති නිලධාරින් නිරාවරණය කරන ලෙසය. කර්තෘවරයාගේ පිළිතුර වී ඇත්තේ පත්තරේට ප්‍රවෘත්තිය දුන්නේ සතරසිංහ බවට මුද්‍රණයකොට ඇති බවත් නිදහස් පක්ෂ වෘත්තිය සමිති නිලධාරින් තමන් නොහඳුනන බවත්ය. නමුත් අවසානයේ ලිපිය ලියූ ලේඛකයාට සම්පූර්ණ දෝෂාරෝපණය එල්ල කරන ලද සමාව ඉල්ලන ලිපියේ සම්පූර්ණ වගකීම ප්‍රධාන කර්තෘවරයා භාරගන්නා ලදී.පසුගියදා දින ගණනක් පාන්දර 2 සිට ඉන්ධන හල්වල මදුරුවෝ කමින් රස්තියාදු වුණ පාරිභෝගිකයන් දැන්වත් කළ යුත්තේ 1974 දී ලංකාවේ සොයාගත් ඛනිජ තෙල් නිධිය සහ 2011 දී එවකට ජනාධිපතිවරයා විසින් මහනුවර දළදා මාළිගාවේදී එළිදරව් කරන ලද මහා ගෑස් නිධිය පල ප්‍රයෝජනයට ගැනීමට වත්මන් පාලකයන් පොළඹවා ගැනීම නොවේද?
    උපුටා ගැනීම Naifm vlog Gossip and News
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ලංකාවට සුබ කාලයක් උදාවෙයි වගේ
    නියමයි ඒ කියන්නේ එක ළිදක ගෑස් අනිකේ පැට්‍රොල් අනිකේ ඩිසල්
    ඉක්මනට ලිං ටිකට කොන්ක්‍රීට් වළලු බස්සුවනම් හරි, මොකද පස් කඩා වැටුනොත් බොර තෙල් තමයි ගන්න්වෙන්නේ
     
    • Haha
    Reactions: imhotep

    LordDBK

    Junior member
  • Jul 3, 2021
    22
    36
    13
    එපා බන්
    පුරුදු විදියටම තෙල් රටින් ගේමු

    ප්ලීස්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට ඔහොම තියෙනව නම් හාරගත්තොත් ලංකාව හොඳ තැනකට එයි.
    (මැප් එක සහ අනිත් දෙන්න සබ්ජෙක්ට් එක දන්න අය වෙන්ඩ ඇති)