ආයෙමත් ආදරෙන්

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ගෙදර ගිහිල්ලා හිටියේ කොහොමද කියලා මතකත් නෑ. පෝය දවසේ සිද්ධ වෙච්ච හැමදේම නිකං හීනයක් වගේ. හිතේ තිබුණු හයිය සේරම කඩන් වැටුණා වගේ වුනා කධිර කැෆේ එකේ දිලූපත් ජිත්මිත් ඉන්න හැටි දැක්කම. අම්මපා මරාගෙන මැරෙන්න හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ජිත්මි දිලූප එක්ක එච්චර කුළුපගව කතාකරනවා දැක්කම නැතිවෙන රුපියල් ලක්ෂෙ ගැන නෙවෙයි නැතිවෙන හිතේ ශක්තිය සහ ආත්ම අභිමානය ගැන පුදුම දුකක් ඇති වුණා. ඔට්ටුව ඉවරවෙන්න මාස දෙකක්ම තියෙද්දි හැමදේම ඉවරවෙලා යන්න හදනවා නේද කියලා හිතෙද්දි හිතට ලොකු අසරණ කමක් දැනෙනවා. මේ වගේ ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන් මට්ටමෙත් නොවන නිසා තවත් හිතට අවුල්.

ඒ දවස් කීපෙම මඩිහ පැත්තට ඉරා පෑයුවේ නැති ගාණට ගෙවිලා ගියා. ජිත්මි කීප වතාවක්ම මූණට මුණ ගැහුණත් හිනාවෙන්නවත් මූණ බලන්නවත් හිතක් තිබුණේ නෑ. මම එහෙම යනකොට ජිත්මිගේ මූණේ මොනවගේ විපර්යාසයක් වෙනවද කියලවත් බලන්න මට හිතුනේ නෑ.


“මොකද දිස්නක අයියේ නිකං හැල කිඹුලෙක් වගේ මූණ දික්කරගෙන දකින දකින වෙලාවට....“

එහෙම ඇහුවේ නෙත්මි. මම ඉන්න විදිය හොඳටම අවුල් කියලා නෙත්මිට හොඳටම දැනිලා තිබුණා. නෙත්මි එක එක විදියට මගෙන් ඇහුවා. ඒත් මේක ජිත්මිට කියලා වැඩකුත් නෑ, ඇරත් මේ විදියට මානසික තත්වයක් තියාගෙන ජිත්මිට මේක මුලින්ම කියන්න ගියොත් සේරම තවත් අවුල් වෙනවා.

“මොකද හලෝ...කෙල්ල බූට් එකක්වත් තිබ්බද..කියනවා හලෝ..පුළුවන් හෙල්ප් එකක් දෙන්නවත්“

නෙත්මි ඇහුවට මම කිසි දෙයක් කිව්වේ නෑ. නෙත්මි හරි එහෙම අහන්න හිටපු එකත් ඒ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා. ඒත් ඒකට මම උත්තරයක් නොදුන්නේ දෙන්න උත්තර තිබුණේ නැති නිසා.

“ බූට් කන්න කෙල්ලෙක් ඉන්න එපාද...මේක ඊට වඩා බරපතල ප්‍රශ්නයක්..ඔයාට මේක විසඳන්න බෑ හලෝ...“

“ එහෙනම් ඉතින් මොනවා කරන්නද...මම යනවා“

මගෙන් දෙයක් අහගන්න බැරිම තැන නෙත්මි යන්න ගියා. මම ආයෙත් හුදෙකලාවටම හිත තියලා කල්පනා කරන්න පටන් ගත්තා. මේ වගේ තත්වයක් එක්ක ඉස්සරහට මම මොනවද කරන්නේ..ඔට්ටුව ඉල්ලා අස්කර ගන්නවද..එහෙම කරන්න ගියොත් විලි ලැජ්ජාවේ පණ යනවා..එහෙම කරලා ඉතින් මාතර පයක් ගහලා ජීවත් වෙලා ඉවරයි.

“ මේ මචං...ඕක කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?“

එහෙම ඇහුවේ පහුවෙනිදා ද වසක ඔෆීස් එකේදි සමීර.. මම සමීරට විස්තරේ කිව්වම මිනිහා කිව්වේ ඒ වගේ කතාවක්.

“කුමන්ත්‍රණයක්...තොට පිස්සුද“

“පිස්සු නෙවෙයි..මෙහෙම හිතපන්කෝ...ජිත්මි දිලූප එක්ක සම්බන්ධයක් තියනවා...දිලූපයා දැනගන්නවා උඹත් නිකං ඒකිට නිකං...නිකං වගේ තමයි කියලා....“

“ මොකක්ද යකෝ නිකං නිකං...උඹට පිස්සුද උඹ හොදටම දන්නවනේ මට එච්චර උණක් තිබ්බේ නෑ කියලා“

“හරි හරි කලබල නැතුව මගේ උපකල්පනේ අහපං...මම නිකං ඉමදුව පාරේ ෂර්ලෝක් හෝම්ස් වගේ කියන්නේ...දිලූපයා දැනගත්තා උඹත් ඒකිට නිකං කැමතියි වගේ කියලා...මේ දවස්වල දිලූපයට සල්ලි අමාරුවක් තියනවා..ඉතිං ඒකි ජිත්මි එක්ක එකතුවෙලා ප්ලෑනක් ගැහුවා උඹේ ලක්ෂෙකට විදින වැඩක්...එකපාරටම ඒකි එක්ක යාළුයි කියලා ඔට්ටුව දින්නොත් සැක හිතන නිසා ජිත්මිට කිව්වා නිකං දිලූපයට අකමැතියි වගේ ඉඳලා පස්සේ ටික ටික ලංවෙන්න කියලා..එතකොට උඹ ඔට්ටුව පරාදයි...ලක්ෂෙත් දිලූපයට කෙල්ලත් ඌටමයි..උඹට ටින්කිරි..හරිදි මස්සිනා“

වෙලා තියන දේවල් එක්ක සමීර කියන කතාවත් පිලිනොගෙන පැත්තක දාන්න පුළුවන්කමකුත් නෑ..ඒත් ජිත්මි එහෙම කෙල්ලෙක් කියලා හිතන්න අමාරුයි..ඒත් අදකාලේ කෙල්ලෝ එහෙම විශ්වාස කරන්න පුළුවන්ද..මූණෙන් පෙන්නන දේ නෙවෙයි ඇතුලේ..දිවට දිව ගාගෙන හිටියත් හෙට මොනයකා එක්ක ඉඳිවීද කියන්න බෑ..එහෙම එකේ මේ කතාව නොවෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කාටද..ඒත් හිත ඒ කතාව පිලිගන්න කැමති වුනේ නෑ...

“පලයන් බං මගේ ඔලුව අවුල් නොකර...විකාර කියවනවා“

“එහෙම නෙවෙයි දිස්නක...මම කිව්වේ උඹට මම දිලූපයා ගැන හොයලා බැලුවා..ඌ කොප්පරාවත්තේ ප්‍රජාශාලාවට ටිකක් එහා ඉන්නේ..ඌ කන්ට්‍රෑක් කරනවා නගර සභාවේ මන්ත්‍රීලගේ..ගලපත්ති මහත්තයගේ පුතාටත් මේ සැරේ බැහැලා වැඩ කලා..ඌ හෙණ මැර ලයින් එකේ ජීවත් වෙන එකෙක්..හැබැයි බලු වැඩ කරන එකෙක් නෙමෙයිලු..කොහොමත් කොප්පරාවත්තේ එවුන් ටිකක් වලියට බරයිනේ..මූට හෙණ සෙට් එකක් ඉන්නවා..ඒක නිසා මූත් එක්ක ලේසියෙන් මේ ගේම ගහන්න බෑ“

සමීර කියපු දේවල් එක්ක තත්වේ තවත් සංකීර්ණ වුනා. ඒත් තත්වේ කොච්චර බරපතල වුනත් අන්තිම තත්පරේ දක්වා සටන අතාරින්නේ නැතුව ඉන්න එක මාතර කොල්ලන්ගේ සිරිත..ඒක නිසා මේක මෙහෙම වෙන්න දෙන්න බෑ.

“මම ඔට්ටුව අතාරින්නේ නෑ..පුළුවන් තරම් දේවල් කරනවා..“

සමීරයා පුදුම වෙලා බලන් හිටියා මගේ දිහා. අන්තිමට හිනාවෙලා මගේ පිටට තට්ටුවක් දැම්මා.

“අන්න එච්චරයි මචං ඕන..මම ඉන්නවා උඹේ ඕන දේකට..“


* * * * * * *


සතියකට විතර පස්සේ දවසක් දවල් ලංකා බැංකුවට යන්න සිද්ධ වුනා පොලීසිය ගාව. ඔෆීස් එකේ බයික් එකකින් ගිහින් වැඩටික කරගන්න ගොඩක් වෙලා ගියා. බැංකුවෙන් එලියට බහිද්දි ලන්ච් ටයිම් එකටත් ලඟයි. පොලීසිය පාර දිගේ ඇවිත් බෝධිය ගාවින් දකුණට ඒකියන්නේ ස්ටෑන්ඩ් එක පැත්තට එන්න එද්දිම තාරකා කොටුව ලඟ හෝල්ට් එකේ හොඳට දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා දැක්කා.

ඒ ජිත්මිගේ යාළුවා..ඒදා ජිත්මිටයි දිලූපටයි ගැම්මට හිටියේ මෙයා තමයි. මොන හේතුවක් මතද මන්දා ඉබේම බයික් එක පැත්තකට ක රලා නවත්තන්න කියලා හිත කිව්වා. බයික් එක ත්‍රීවීල් පාක් එක ගාව නවත්තලා මම හෝල්ට් එක ගාවට පයින් ආවා..ඒ කෙල්ල බලන් හිටියේ ගාලු පාර පැත්තෙන් එන බස් දිහා..මම ලඟට යද්දි නිකමට වගේ එයා හැරිලා බැලුවා..මම දැක්ක ගමන් ඇස්දෙක උඩ ගියා..ඒත් මාව නොදැක්කා වගේ ආයෙමත් අනිත් පැත්ත බලාගත්තා..මම එයා ලඟටම ගියා.

“නංගි...ඔයා ජිත්මිගේ යාළුවා නේද?“

“ඔව්...ඔයා කව්ද?“

එයා නිකං මාව නොදන්න ගාණට බොරු රංගනයක් දාලා කිව්වා..දෙන්න වටිනවා සුමති සම්මනා එකේ හොඳම සහය නිලියට හිමි සම්මනය සහ මුදල් තෑග්ග..මමත් නිකං බබා වගේම උත්තර දුන්නා.

“නංගි...මම දන්නවා ඔයා හොඳටම මාව දන්නවා කියලා...කරුණාකරලා මට ඔයා එක්ක කතා කරන්න ඕන...“

මම කියපු විදියට එයා ටිකක් බය වුනා වගේ. දාඩියත් දාලා කලබලෙන් වගේ කතා කරා.

“ මාත් එක්ක...මොනවා කතා කරන්නද..“

“මට ඔයා එක්ක ජිත්මි ගැන කතා කරන්න ඕන..“

එහෙම කිව්වා විතරයි එයා තවත් බය වුනා. හෑන්ඩ් බෑග් එක හදාගෙන ගාලු පාර දිහා බැලුවේ බස් එකක් එනවද කියලා.

“අනේ අයියේ..මට ටිකක් පරක්කු වෙනවා..මම යන්න ඕන..“

ඒ වචන ටික විතරක් කියපු ජිත්මිගේ යාළුවා එතකොටම එතනට ආපු වැලිපිටිය බස් එකක නැගලා ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. එහෙම ගියේ මගේ හිතේ ප්‍රශ්න ගණනාවක් තියලා. ඇයි මෙයා මාත් එක්ක ඒ ගැන කතා කරන්න අකමැති..

හවස ඔෆීස් එකේ හිටිද්දිත් මතක් වුනේ ඒ කාරණේ මයි. හරියට වැඩක්වත් කරගන්න බෑ මේ කෙහෙල් මල් ගැන කල්පනා කරලා.. එතකොටම අපිට ජේෂ්ඨ නිලධාරියෙක් වෙච්ච හේවගේ මහත්තයා එතනට ආවා.

“අනේ දිස්නක කොල්ලෝ..අන්න බී.ඕ.සී එකෙන් ආයෙමත් කෝල් කලා..අර එකවුන්ට් එකේ වැඩේ ආයෙමත් උන් අනාගෙනද කොහෙද..අපෝ මේ ගවර්න්මන්ට් බැන්ක්ස් වල වැඩකරන එවුන්ට වැඩ අපි කියලා දෙන්න ඕන..හොඳ කොල්ලා යමුද බෑන්ක් එකට..මමත් එන්නම්..මගේ වාහනෙන්ම යං..ඔයානේ ඒ එකවුන්ට් එක ගැන දන්නේ..“

හේවගේ මහත්තයා එහෙව කිව්වම නොගිහින් ඉන්නත් බෑ..ඇරත් ඒක මට අදාල වැඩක්.

“මට පේන්නේ මට අද බී.ඕ.සී එකේ නවතින්න වෙයි වගේ මිස්ටර් හේවගේ...යමු යමු..ඉන්න මම එන්නම්“

“ඒක තමයි කොල්ලෝ...“

මමයි මිස්ටර් හේවගේයි පැයක් ඇතුලත බැංකුවට ගිහින් රාජකාරී වැඩේ ඉවරකරා. මිස්ටර් හේවගේ බොහොම කුළුපග නිලධාරියෙක්.එනගමන් පවා බොහොම අල්ලාප සල්ලාපයේ යෙදිලා තමයි වාහනේ පදවගෙන ආවේ..

වාහනේ බෝධිය ගාවන් දාලා පාලමත් පහකරලා එනකොට පරණ තංගල්ල පාර ගාව කහඉරෙන් ගොඩක් සෙනග මාරු වෙනවා. එතකන් වාහනේ නතර කරගෙන හේවගේ මහත්තයා මාත් එක්ක කතා කර කර හිටියේ..මම නිකමට වගේ පරණ තංගල්ල පාරේ මුස්ලිම් පල්ලිය ඉස්සරහ පැත්ත බැලුවේ..ඒ පැත්ත නොබැලුවනම් හොඳයි කියලා හිතුනේ එතකොට තමයි..පරණ තංගල්ල පාර පැත්තේ ඉඳලා ජිත්මියි, යාළුයි එක්ක ස්ටෑන්ඩ් එක පැත්තට එමින් හිටියේ දිලූප...ජිත්මිගේ යාළුවා කොණේම..ඊට අඩි දෙකක් විතර එහායින් ජිත්මි...ඊට අඟල් ගාණක් එහායින් දිලූප........
 
  • Like
Reactions: ishan_s

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
දැන්නම් ඇඬෙන් සයිස් එකටම තත්තේ බරපතලයි. මෙච්චර දවස් නොහිතුවට, නොදැනුනාට දැන්නම් ඇත්තටම මටත් හිතෙනවා මෙහෙම ගියොත් ඔට්ටුව පරදීවි කියලා..වෙලාවකට හිතෙනවා සමීරයා විකාරෙන් වගේ කිව්වට මේක කුමන්ත්‍රණයක් වගේ කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් ජිත්මි වගේ කෙනෙක් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි... ඒත් සමහර වෙලාවට දෙකට ගණින්න බෑ වගේ ඉන්න කෙල්ලෝ කරන ඒවා දැක්කම විශ්වාස නොකරත් බෑ..කොහොම වුනත් ඔට්ටුව අල්ලලා මාස දෙකක් ගතවෙන්නත් ලඟයි..ඔට්ටුවේ ප්‍රගතියක් නැතිවීම සහ රුපියල් ලක්ෂයක මුදලක් කාබාසිනියා වීම ආසන්නයේ හිටපු මට දැන් කරන්න කියලා දෙයක් නොතිබුණු ගානයි..

“මචං...මේක එහෙම අතෑරලා දාන්න පුළුවන් වැඩක් නෙවෙයි බං..“

සමීර පුරුදු විදියට ඔෆීස් එකේ කෑම වෙලාවේ කිව්වා. ඒත් තත්වේ ගැන තේරෙද්දි තව දුරටත් මේක මත්තේ මැරෙන්න හිතෙන්නෙත් නෑ..ඒ වගේම අතෑරලා දාන්න හිතෙන්නෙත් නෑ.

“නෑ මචං සමීර..තත්වේ මෙච්චර අප්සට් වෙයි කියලා මම හිතුවේ නෑ..මට පේන්නෙත් දිලූප යටින් මොකක්හරි ගේමක් ගැහුවා කියලා තමයි“

“මචං දිස්නක..මටත් එහෙම දෙයක්නම් තේරෙනවා...අර උඹ කියපු ජිත්මිගේ යාළුවා තමයි මටත් පේන විදියට ඕකට මැදිහත් වෙන්නේ“

“සිරාවට මචං..ඒදා මම ඒ කෙල්ල එක්ක කතාකරන්න හදද්දි පැනලා ගියපු එකෙන් තේරෙනවා එයා මොකක් හරි මේකට මැදිහත්වීමක් තියනවා කියලා..අනික දිලූපයි ජිත්මියි එකට ඉඳපු හැම වෙලාවෙම ඒ යාළුවත් උන් දෙන්නා එක්ක හිටියා...ෂික් මට කතාකරන්න බැරි වුනානේ ඒ කෙල්ල එක්ක එදා..“

මම මේසෙටත් පාරක් ගහලා කිව්වා.

“මේ මේ..උඹේ කෙහෙල්මල් වලට මේ අහිංසක ඩීන් ලොක්කගේ මේස කුඩු කරලා වැඩක් නෑනේ බං...ඒක නෙවෙයි මචං..දැන් එහෙනම් ජිත්මි සහසුද්දෙන්ම දන්නවා ඇති උඹ ඒකි පස්සෙන් ඇඹලයා වගේ එලවනවා කියලා...යාළුවා ගිහින් රස කරලා කියන්න ඇති..“

“පලයන් යන්න..මටත් ඕන නැති මගුල් තමයි මේ ඔට්ටු..නිකං ඉන්න බැරි කමට“

“ඔට්ටුව වගේද මස්සිනා..ගොඩ ගියොත් ලක්ෂයක් සහ බෝනස් රූමත් ගුණවත් නැනවත් සිරිමත් සහ මන්මත් කෙල්ලෙක්...හැබැයි ගොඩ ගියොත් අපිමත් කරනවන්න උඹ බලාගනින් හොඳේ...“

“යකෝ මේ පරදිනවා පෙනි පෙනී ඔහොම ඒවා කියලා වැඩක් තියද බං..“
“ඒකනම් ඇත්ත...මචං දැන් සේරම වෙලා තියන එකේ නරකද අර මාර දූති නෙත්මිගේ උදව්වක් ගත්තොත්...“

සමීර හදිස්සියෙම කිව්වෙත් මගේ හිතේ තිබුණ අදහසක් තමයි..දැන් කරන්න දෙයක් නැති නිසා තියන හොඳම තුරුම්පුවත් ගහන්න වෙනවා..හැබැයි අත කුජීත වුනොත් ඉඳලා වැඩක් නෑ.

“ඔව් බං..මමත් හිත හිත හිටියේ ඒක තමයි..හෙට අනිද්දට ඔට්ටුවට මාස දෙකයි..මොන දෙයක් කරන්නත් තියෙන්නේ මාසයයි..“

“ඒක හොඳයි මචං...“

අපි දෙන්නා කතා කර කර හිටපු අතරට ආවේ පියන් කෙනෙක්.

“දිස්නක මහත්තයා මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත්..එලියේ පාක් එකේ ඉන්නවා“

පියන් ඇවිත් කිව්වම එකපාරටම කව්ද කියලා හිතාගන්න බැරිවුනා.

“මොනවගේ කෙනෙක්ද..“

“ටිකක් උස මහත..කොණ්ඩේ ක්රේල් කරපු මහත්තයෙක්..ට්‍රේල් බයික් එකකින් ඇවිත් තියෙන්නේ...“

“මචං සමීර..එකත් එකටම ඔය දිලූපයා..“

මට එකපාරටම හිතුනේ මිනිහා ඔට්ටුව දිනලා කියලා යන්න ඇවිත්ද දන්නෑ කියලා..මගේ කකුල් දෙකත් පණ නැතුව ගියා..මේ හදිස්සියට ලක්ෂයක් හොයාගන්නත් තැනක් නෑ.

“යමං..මාත් එන්නං..“

සමීරත් මාත් එක්ක ආවා..එලියේ පාක් එක ගාව දිලූප හිටියා.මිනිහගේ බයික් එක උඩ වාඩිවෙලයි හිටියේ. අපි දෙන්නා දැක්ක ගමන් කිණ්ඩි හිනාවක් දැම්මා..පැනලා දෙන්න හිතුනා හොම්බට හැටක්.හැබැයි ඉතින් එහෙම දීලා මාතර ඉන්න නෙවෙයි..මොකද මේවා හින්දි ෆිල්ම් නෙවෙයිනේ.

“සුබ සැන්දෑවක් දිස්නක මහත්තයා..කොහොමද අපි දෙන්නගේ ලක්ෂේ ඔට්ටුවේ තත්වේ..“

බොහොම හිනා මූණක් පෙන්නගෙන දිලූප එහෙම අහද්දි මට උන්හිටිතැන් අමතක වුනා..මොනවා කියන්නද.

“සුබ සැන්දෑවක් දිලූප සහෝදරයා..ඔට්ටුව බොහොම හොඳින් කෙරීගෙන යනවා..මම හිතන්නේ උපරිම තව සතියක් දෙකක් ඇතුලත දිලූප සහෝදරයට රුපියල්වලින්ම ලක්ෂයක් සූදානම් කරගන්න වෙයි..“

මම බොරු වීර පාට් එකක් මවාගෙන කියද්දි සමීරයා මගේ අත හිමීට කෙනිත්තුවා..මම එහෙම කිව්වා කියලා දිලූපගේ මූණේ තිබ්බ හිනාව පොඩ්ඩක් වත් වෙනස් වුනේ නෑ..මූනම් මාර මිනිහෙක් තමයි කියලා මට හිතුනා.

“අහා එහෙමද...බොහොම සතුටුයි...ඒත් ඉතින් මම හිතන්නෑ මට ලක්ෂයක් සූදානම් කරගන්න වෙයි කියලා..මොකද දිස්නක සහෝදරයා තව ටික දවසකින් මම ගැන අනුකම්පා හිතිලා මට ලක්ෂයක් ගෙනැත් දෙනවලුනේ..“

දිලූප එහෙම කියද්දි ඇත්තටම මිනිහගේ මූණට දෙකක් අනින්න හිතිලා තිබුණේ.මෙහෙම වචනවලින් ගහද්දි අතින් පයින් ගහනවට වඩා අමාරුයි.

“අපි ඒක බලමුකෝ දිලූප සහෝදරයා...“

“ඔව් ඒක හොඳයි දිස්නක සහෝදරයා...ඒත් මම මේ දෙයක් කියලා යන්න ආවේ..පහුගිය දවසක කව්ද කැනහිලෙක් අපේ ගම පැත්තේ කරක්ගහලා මම ගැන අහල පහල එවුන්ගෙන් අහලා තිබුණා..මට පොලිස් කේස් නැති නිසා මම හිතන්නේ ඒ දිස්නක සහෝදරයගේ චර පුරුෂයෙක් වෙන්න ඇති..“

දිලූප එහෙම කියන කොට මට ඇස් කොණින් වගේ සමීර දිහා බැලුනා. හැබැයි ඒක දිලූප දැක්කේ නෑ. සමීරගේ මූණ ඒ වෙලාවේ බලන්න ආසයි..මිනිහා මොකෙක්ද වගේ මහා හයියෙන් හුස්ම ගන්නවා..සමීරගේ චරපුරුෂ සේවාව අහුවෙලා දිලූපට

“ඒත් දිස්නක සහෝදරයා අපේ ගෙවල්වල පිලිකන්න පැත්තේ රිංගුවා කියලා මේ ඔට්ටුවට ඒක අ දාල වෙන්නේ නෑනේ..හැබැයි ඉතිං ඔය රිංගන වෙලාවක ගමේ ගෑණුන්ට අහුවුණොත් කොහු පාරවල් කාලා තමයි නහින්න වෙන්නේ...“


දිලූප සුපුරුදු කිණ්ඩි හිනාව සද්දෙත් එකක්ම දාලා කියද්දි සමීරයගේ සුන්දර මූණ ගින්දර වගේ රත්වෙලා වැහැරිලා ගියා. මම මොකුත් නොකිය ඉන්න හදලා අන්තිමට වචන කීපයක් කිව්වා.


“දිලූප සහෝදරයා..තාම කිසිම දෙයක් ඉවර නෑනේ..බලමු ඉස්සරහට..“


දිලූප මොකුත් නොකිය යන්නම් විතරක් කියලා බයික් එකේ නැගලා ටවුන් එක පැත්තට යන්න ගියා. එතකොට සමීර ලොකු හුස්මක් ගන්නවා ඇහුනා.


* * * * * * *


දවස් දෙකකට විතර පස්සේ හවසක මම එලියට වෙලා ඉන්නකොට හවස ද ැක්කා මිදුලේ නෙත්මි මොකක්ද කර කර ඉන්නවා. මම පොඩි සද්දයක් දැම්මම හිනාවක් දාගෙන නෙත්මි වැට ලඟට ආවා.


“මොකද මේ නයි පැටියෙක් වගේ සද්ද දාන්නේ..මොක්කද කෙරෙන්න ඕන“


නෙත්මි ඇවිත් මගෙන් ඇහුවා. මට කියන්නේ මොනවද කියලත් අමතක වුනා. ඒත් දැන්නම් මේක නෙත්මිට නොකිය ඉඳලා වැඩක් නෑ.


“නංගි මට ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා...“


නෙත්මි ඇස්දෙක පොඩි කරලා මගේ දිහා බැලුවා. මගේ සීරියස් මූඩ් එක නිසා වෙන්න ඇ ති.


“මොකක්ද දැන් ඔයා ඔය කියන්න හදන්නේ..අපේ අක්කම සෙට් කරලා දෙන්න කියලා එහෙම නෙවෙයි නේද....“


ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේ කිව්වා වගේ මම කියන්නත් කලින්ම මෙයා ඒක කිව්වනේ..අනේ අම්මපා ගෑණු ඉව තමයි ඉව.


“අවාසනාවකට හෝ වාසනාවකට මට ඔයාට කියන්න ඕන උනෙත් ඒකමයි...“
මම ටිකක් හිතලා මතලා ඒක කිව්වා.


“අප්පට සිරි..මම මේ නිකං කණා ෂොට් එකක්නේ ගැහුවේ...බලනකො ට නියම තැනට වැදිලනේ...ඒ කියන්නේ ඔයා අපේ අක්කට ට්‍රයි..“


“හ්ම්ම්..“


මම නිකං හතර විලිලැජ්ජාවට වගේ හූමිටි තිබ්බා.


“ඒකත් එහෙමද...දැන් මගෙන් මොකක්ද කෙරෙන්න ඕන...අපේ අක්කණ්ඩි කුමාරි ඕක දන්නවද?“


“ඔව් දන්නවා ඇ ති...මට ඔයාගෙන් කෙරෙන්න ඕන මේ දේ ගැන අහලා එයාගේ අදහස මොකක්ද කියලා දැනගන්න...එයා එක්ක කෙලින් කතාකරන්නවත් එයා සූදානම් නෑනේ..“


නෙත්මි ඔලුව කහ කහ ටිකක් වෙලා කල්පනා කරලා උත්තර දුන්නා.


“වෙන කොල්ලෙකුටනම් මම ඉතින් මේ වෙලාවට හොඳවයින් දෙකක් කියනවා...ඒත් දිස්නක අයියට එහෙම කරලා බෑනේ..මොකද මස්සිනා කෙනෙක් වශයෙන් දිස්නක අයියා නරක නෑ..පොඩ්ඩක් වන්නියේ කොල්ලෙක් වුනාට...“


මගේ හිතට ලොකු සහනයක් දැනුනා. ඒ කියන්නේ නෙත්මි කැමතියි මම ජිත්මි එක්ක යාළු වෙනවට. ඒත් ජිත්මි දිලූප එක්ක සම්බන්ධයක් තියනවනම් ඒක කරන්නේ නෙත්මිටත් හොරෙන්ද කියන එක මට ප්‍රශ්නයක් වුනා.


“ලොකු උදව්වක් නංගියේ...“


මම ගොඩක් හැඟීම්බරව කිව්වා.


“හරි හරි අයියණ්ඩි..මම වචනේ දාලා බලන්නම්කෝ දෙයියනේ කියලා..“
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ජිත්මි කියන නම ඇහෙද්දිත් හිතේ විදුලි කොටන මට්ටමට මම එයාට ආදරේ කරන්න පටන් අරගෙන. ඒත් ඇස් ඉදිරිපිට ටිකෙන් ටික ඒ හීනේ ඈත් වෙලා යනවා, කරන්න කියලා තියෙන හැමදේම කරත් ඒ එක දේකින්වත් ප්‍රයෝජනයක් නැතිවෙලා යනවා.ඒ ඇස්දෙක, හිනාව අමතක කරන්නේ කොහොමද..රුපියල් ලක්ෂයක්නම් ආයෙත් මොනවාහරි කරලා හොයාගන්න පුළුවන් වෙයි..ඒත් ඒ වගේ කෙනෙක්..අනේ මන්දා හිත ගොඩක් අසරණවෙන ප්‍රශ්නයක්.

නෙත්මි අනිවාර්යයෙන්ම ජිත්මි එක්ක කතාකරන්න ඇති..ඒ කොහොම වුනත් ජිත්මි එක්ක කෙලින්ම කතාකරනවා කියලා මම තීරණය කරගෙන හිටියේ...තව සති දෙකකට වැඩිය කාලයක් නෑ ඔට්ටුව ඉවර වෙන්න..ඔට්ටුවත් එක්ක ආත්ම ගෞරවය, හිතේ සතුට විතරක් නෙවෙයි ආදරෙත් හේදිලා නැතිවෙලා යන්න කලින් කරන දෙයක් තමයි. අපරාදේ කියන්නේ සමීරත් හැමවෙලේම වචනයකින් හරි උදව් කරන්න හිටියා..ඒ හයියත් ගොඩක් වැදගත් දෙයක් වෙලා තිබුණා.


දවස් ගාණක් ගිහිල්ලත් නෙත්මි අල්ලගන්න බැරිවුණා මොකක්ද වුනේ කියලා දැනගන්න.දවසක් හවස නෙත්මි පන්ති ඉවරවෙලා එන වෙලාවක් බලලා ගේට්ටුව ගාව බලාගෙන හිටියා.

“මොකෝ චූටි පුතේ ගේට්ටුව මුර කරනවද..?“

නැන්දා බරපතල ප්‍රශ්නයක් ඇහුවා..ඒ සද්දෙට මම ගැස්සිලත් ගියා. මේ හිතකලබල වෙලා ඉන්න වෙලාවේ නැන්දත් බයිලා ගහනවනේ.

“නෑ නැන්දේ මේ...එහා ගෙදර පොඩි නංගි හම්බවෙන්න ඉන්නේ..“

“ඒ දරුව හම්බවෙලා දැන් අවුරුදු දහ අටකටත් ලඟයි මයෙ හිතේ...“

නැන්දා කින්ඩි හිනාවක් දාලා කියපු කතාවට පොලව පලාගෙන යන්න හිතුනා.අපේ නැන්දත් අවස්ථාව බලලා ගහන්නේ පොල්ලෙන් ගහන්න වගේ.

“නෑ අනේ...මම මේ එයාට පොතක් ගේන්න කිව්වා..මේ ඒක ඉල්ලගන්න ඉන්නවා..“

එහෙම කිව්වම නැන්දා යන්න ගියා. නැත්නම් නෙත්මිගෙන් කිසිම දෙයක් අහන්න බෑ නැන්දා මෙතන හිටිද්දි.

ටික වෙලාවක් යද්දි නෙත්මි එනවා පාරදිගේ ගමකට ගහන්න වගේ. කතා දෙකක් නෑ එන්නේ බජාර් එකේ කකුලක් එනවා වගේ..කාගේ ගතිගුණ පිහිටලාද මන්දන්නේ නෑ..මෙයා හම්බවෙන්න ඉන්න කාලේ අල්ලපු ගෙදර ඇන්ටි චක් නෝරිස්ගේ පිල්ම්ස් බැලුවද දන්නෑ දොල දුකට.

“ෂ්..ෂ්...නෙත්මි මැඩම්..“

මගේ සද්දෙත් එක්ක නෙත්මි හිනාවක් දාගෙන ආවා.

“ආ බොස්...මම දන්නවා මග රැකලා ඉන්නේ මගෙන් මොනවා අහන්නද කියලා..“

මේ කෙල්ල ඉතින් කොහොමත් අපේ හිතේ තියන ඒවා කියන්න හරි දක්ෂයි. මම ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ වෙච්ච දේ කියනකන්.

“දුක් සීන් එක තමයි මස්සිනා අයියා...වෙරි සොරි තමයි“
මගේ හිත එකපාරටම ගැස්සිලා ගියා.

“ඇයි නංගි..අක්කා මොකද කිව්වේ..“

නෙත්මි ඉණට අත්දෙක ගහගෙන මගේ දිහා බැලුවා.

“මොකුත් කිව්වනම් දුක නෑ හලෝ..මම ෂේප් එකේ ඔයා ගැන වචනේ දැම්මා විතරයි..මේකි එකපාරටම කිව්වනේ ...නංගි ඔය ගැන වචනයක්වත් කතා කරන්න එපා කියලා..එදා ඉදන් මෙයා මාත් එක්ක නෝ කතා නෝ සිනා..“

මාර වැඩේ තමයි දැන්. ගහන්න පුළුවන් අන්තිම තුරුම්පුවත් ගැහුවා. ඒකත් නිකම්ම පුස් වෙඩිල්ලක් බවට පත්වුනානේ. දැන් මොනවා කරන්නද..කරන්න කියලා කිසිම දෙයක් හිතට ආවේ නෑ.

“ඒකත් එහෙමද..එහෙනම් මොනවා කරන්නද..කමක් නෑ නංගි..ගොඩක් ස්තූතියි..“

මගේ කටහඬේ තිබුණු බිඳිච්ච ස්වරූපය නිසා නෙත්මිගේ විදියත් ටිකක් වෙනස්වුනා..එයා කතාකලේ මගේ හිත හැදෙන්න වගේ.

“ගණන් ගන්න එපා අයියේ..අපේ අක්කණ්ඩියේ මොඩ්ල් එක මටවත් හරියට තේරුම්ගන්න බෑ..මම කියන්නේ ඔයා කෙලින්ම කතාකරන්න දැන්...අවුලක් නෑනේ දැන්...“

“ඔව් නංගි...මම එයා එක්ක කතා කරනවා“

මම හිතින් එහෙම හිතාගත්තා. දැන් ඉතින් මේ කතාවේ අන්තිම කොටසට ඇවිත් කියලා මට තේරුණා. හැමදේටම තියෙන්නේ සති දෙකයි. මේ දවස් දාහතර ජීවිතේ අරුම පුදුම දවස් දහයක් වේවි කියලා මට දැනුනා.

* * * * * * *


“මචං මම කියන්නේ උඹ දැන් කෙලින්ම කතා කරලා මේකේ දෙකෙන් එකක් බේරගන්න එක හොඳයි...“

සමීර දේශනාව පටන් ගත්තේ ඊට පස්සේ දවසේ ඔෆීස් එකේදී. ඩීන් බ්‍රදර්ස් එක හෙල්ලිලා යන්න සමීර කතා කර ඒ වෙලාවේ.

“නැත්නම් මචං මේකේ ඉවරයක් නෑනේ...ඒකි අර අස්පයා එක්ක යාළුනම් ඉතිං දැන් කරන්න දෙයක් නෑ..ගිය හකුරට නාඩන්නේ කියලා ලක්ෂයක් කොහෙන්හරි හොයලා දෙමු..“

මගේ හිත කල්පනා කරේ හදිස්සියේ එහෙම ලක්ෂයක් දෙන්න වුනොත් කොහොමද දෙන්නේ කියලා. තියන තත්වෙත් එච්චරම හොඳ නෑ. අන්තිම බලාපොරොත්තුව වෙච්ච නෙත්මිගේ උදව්වත් එච්චර සාර්ථක වුනේ නෑ..දැන් ලක්ෂයක් හොයන්නේ කොහෙන්ද..බැංකු පොතේ රුපියල් හතලිස් දාහක් විතර ඇති අමාරුවෙන් එකතු කරපු ඒවලින් ගෙදර වැඩවලට වියදම් කරලා ඉතුරුවුණු..ඉතුරු ටික ණයක්වත් ගන්න වෙනවා..මොනවා කරන්නද

“ලක්ෂයක් කොහෙන්හරි හොයන්න බැරිද බං..ඒත් දැන් ජිත්මි අමතක කරන්න බැරි විදියට මගේ හිතට ඇවිත්...මම ඒකිට ආදරෙයි බං...“

සමීර මේසෙන් බැහැලා මගේ ඉස්සරහට ඇවිත් අත්පුඩියක් ගැහුවා.

“හා එපාර උඹ රොමැන්ටික් සීන් එකකට බැස්සද...ලක්ෂයක් දන් දෙන්න යනවා මදිවට ඒ යෝදි මත්තෙම නැහෙන්නද හදන්නේ..අනේ බං..“
“නෑ...බං මම සිරාවට කියන්නේ..දැන් මේ ඔට්ටුව දිනන එකෙන් මට ලක්ෂෙ වැඩක් නෑ..මට ජිත්මි ඕන..එච්චරයි..“
මගේ වචන ස්ථීරයි කියලා තේරුණාම සමීර ටිකක් කල්පනා කරන්න ග ත්තා.

“හරි..එහෙනම් උඹට ඒකි එක්ක කතාකරලා අවසන් තීරණේකට එන්න වෙනවා..පස්සට කල්දාන්න එපා බ ං...උඹේ හිතේ තියන දේවල් කියපං ඒකිට කෙලින්ම..ඒක තමයි දැන් කරන්න තියන එකම දේ..“

“ඔව් බන් මට තේරෙනවා..දැන් වැඩි කාලයක් නැති නිසා ඉක්මණ් වෙන එක හොඳයි..“


එදාම හවස මමයි සමීරයි ස්ටෑන්ඩ් එකේ හිටිද්දි ජිත්මිත් ආවා බස් එකේ. මම ඒ බස් එකේම යන්න නැග්ගම සමීර මට කොනිත්තලා කිව්වා

“මචං..බැහැලා යන ගමන් කතා කරලා වචනේ දාපන්...“

මම ඔලුව වනලා ඉස්සරහට ගියා බස් එකේ. ජිත්මි මාව දැක්කත් නොදැක්කා වගේ හිටියා.පහු ගිය ටිකේ දැක්කම ලස්සනට හිනාවුණු කෙල්ල දැන් මෙහෙම කරන්නේ මම මොන වරදක් කරාටද කියලා මට තේරුනේ නෑ..ආදරේ කරන එක වරදක්ද? ඔට්ටුවකට ආදරේ කරන එක වරදක් වෙන්න ඇති ඒත් මම ජිත්මිට ආදරේ කරන්නේ ඇත්තටම..ඒක නිසා ඒක වරදක් නෙවෙයි කියලා මගේ හිත දන්නවා.

මම හිත තදකරගෙන බස් එකේ හිටියා. පුබුදු මාවත ගාවින් බැහැලා ජිත්මි ඉක්මණින් පාර දිගේ යන්න ගත්තා..මම අඩිය ඉක්මණ් කරලා ජිත්මිගේ පස්සෙන් ගිහින් කතා කරා.

“නංගි...චුට්ටක් ඉන්න...“

තමන්ට කතාකරනවා ඇහුණ ගමන් ජිත්මිගේ ගමන් වේගේ අඩුවෙලා පිටිපස්ස බැලුවා..හිනාවෙන්න පුළුවන් තත්වෙක මම නොහිටියත් මම හිතේ හයිය නිසාම හිනාවුණා..ඒත් ජිත්මි හිනාවුනේ නෑ

“මට නංගිට කියන්න දෙයක් තියනවා..“

ඒත් ජිත්මි කරේ ගමන නතර නොකර ගේ පැත්තට යන එක. අපි ඒ හිටපු තැන ඉඳලා ගෙදරට මීටර් තුන්සීයක්වත් තිබුණේ නෑ..ඒත් ජිත්මි ඇවිද්දේ හෙමින්..ඒ කියන්නේ මම කියන දේ අහන්න සූදානමින්..මම යනගමන් එයාට කතා කලා

“නංගි...ඔයා හොඳටම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා...ඒ දේ කියන්න මෙච්චර පරක්කු වුනේ ගොඩක් දේවල් මගෙයි ඔයාගෙයි අතරමැද තිබුණ නිසා..ඒත් මම අද ඒ හැමදේම අමතක කරලා ඔයාට මේක කියන්න ආවේ..නංගි මම ඔයාට ගොඩක් ආදරෙයි..“

මම එහෙම කියද්දි ජිත්මිගේ ගමන එකපාරටම නැවතුනා..ඒත් එයා මගේ දිහාවත් බැලුවේ නෑ..ඒක මට දරාගන්න බැරිවුනා..එයා වචනයක්වත් කිව්වනම්..අඩුම ගානේ බැන්නවත් නම් හිත හදාගන්න තිබුණා.ඒත් එහෙම තත්පරයක් නැවතුන එයා බිම බලාගෙන බෑග් එකත් තුරුල් කරන් ටිකක් ගමන්වේගේ වැඩි කරලා යන්න ග ත්තා..හිතේ තියන දේවල් කියන්න වැඩි වෙලාවක් නෑ කියලා දැනුන නිසා මම ඉතුරු ටිකත් කිව්වා.

“මම ඔයාට ආදරේ කරන්නේ ගොඩක් හිතලා...මම හිතනවා ඔයාට මාව තේරෙනවා ඇති කියලා..නංගි ඔයා මට අකමැතිනම් දෙයියනේ ඒක මගේ මූණට කියන්න..මම කොහොමහරි හිත හදාගන්නම්..ඒත් මොකුත් නොකියා ඉන්න එපා..ඒක මගේ හිතට ලොකු බරක්...“

මම එහෙම කිව්ව විතරයි ජිත්මි නැවතිලා එක සැරයක් හැරිලා මගේ මූණ දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ පුදුමයක්ද, අකමැත්තක්ද, අසරණකමක්ද කියලා මට තේරුණේ නෑ..මම ආයාචනාත්මක ඇස් දෙකකින් ජිත්මි දිහා බලන් හිටියා..

ජිත්මි හැරිලා ගේ පැත්තට දුවගෙන වගේ ගියා..

“නංගි..අමතක කරන්න එපා..මම ඔයාට ආදරෙයි කියලා..“
ඒ වචන ටික ජිත්මිට ඇහුණද දන්නෑ..ඒත් මගේ හිතට හොඳටම ඇහුණා
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0

“කොහොම වුනත් බන් දැන් කෙල්ල හරියටම උඹේ කටින්ම අහගත්ත නේ..දැන් ඒකි කියන දෙයක් තමයි“

සමීර කෝල් කරපු වෙලාවක කිව්වා. මගේ හිතේ තිබුණේ ඊලඟට මොනවා වේවිද දන්නේ නෑ කියලා. එදා හිතේ තිබුණු දේවල් වලින් පොඩ්ඩක් හරි ජිත්මිට කියාගත්ත එක ලොකු දෙයක්. නැත්නම් මාස තුනක් ඉවරවෙනකම්ම මම කරපු දෙයක් නැති ගාණයි.

“තව සතියයි බං තියෙන්නේ..මම අද වෙනකං බලන් හිටියේ අඩුම ගාණේ ජිත්මි මට බනීවි කියලාවත්..එහෙම වත් නෑ බං..“

මම කතාකලේ හිතේ තිබුණ ලොකු කළකිරීමත් එක්ක කියලා සමීරටත් තේරිලා තිබුණා. සමීර හැම වචනයක්ම කිව්වේ මගේ හිත හැදෙන්නත් එක්ක වගේ.


“නෙත්මිටවත් උඹ කතාකරලා බැලුවේ නැද්ද..“

“කතා කලා බන්..මම අප්සට් එකේ වෙන්න ඇති කියලා ඊයේ ගෙදරටම ඇවිත් කතා කරලා ගියා..එයාටත් කියන්න තරම් දෙයක් නෑ බං..ජිත්මි මොකුත් කියලා නෑ. කල්පනා කරනවා දැක්කලු..එච්චරලු බන්..“

“යකෝ ඒකි මේ බයිලා ගහනවා...ඒකි මේ කල්පනා කරලා විනාස කරන්නේ උඹගේ රුපියල් ලක්ෂෙකට කියලා ඒකිට තේරෙන්නේ නැති හැටි...“

සමීර ජංගම දුරකතනයෙන් බෙරිහන් දුන්නා.

“මොනවා කරන්නද බං..මම අද ජිත්මි එක්ක කතා කරනවා කොහොමහරි..තව සතියයි බං ඔට්ටුවේ මාස තුන ඉවරවෙන්න.මේ ටිකේ කරන දෙයක් තමයි..“
මමත් සමීරත් අතර දුරකතන සංවාදේ තත්පර කීපයක විරාමයක් ලැබුවා.

“මචං දිස්නක..උඹ ගාව ලක්ෂයක් තියද..?“

සමීර මගෙන් ඇහුවේ බොහොම බිඳුණු හඬකින්. කොච්චර හිතේ ධෛර්යයකින් කතාකරත් සමීරත් හිතින් වැටිලා හිටියේ. මටත් ලොකු හුස්මක් ගන්නවා කියන එකත් අමතක වුනා.

“ඒක මොනවාම හරි කරගන්න පුළුවන් බං..“

“මටත් සල්ලි ටිකක් දෙන්න පුළුවන් බං..ඒත් අපි මේක කොහොමහරි දිනන්න බලමු.“

“ඒ වචනෙත් ලොකු හයියක් බං..“

“ඒ වුනාට මට හිතෙනවා බං ජිත්මි අන්තිම මොහොතේ හරි උඹට කැමතිවෙයි කියලා...“

ලොකු සුසුමක් පිටවුනේ නොදැනීමයි.

“එහෙම වුනොත් වෙන මොකුත් එපා බං මට..“


* * * * * * *

අන්තිම දවස් කීපය කියන්නේ මෙච්චර හිත කලබලෙන් ගතවෙන දවස් කීපයක් වේවි කියලා මම ජීවිතේට හිතුවේ නෑ. ඒත් නොහිතා දාපු ඔට්ටුවක් මෙච්චර දුරදිග යාවි කියලා වගේම අන්තිමට මම ජිත්මිට ඇත්තටම ආදරේ කරාවි කියලාවත් මම හීනෙකින්වත් හිතුවේ නෑ. ඒත් ඒ හැමදේම නිකන් හීනයක් වගේ.

දිලූප ජිත්මිට ලංවෙන්න ලංවෙන්න මම ගොඩක් පස්සට ගියා. හිතට ඒ පසුබෑම ලොකුවට දැනුනේ ජිත්මිට තිබුණු ආදරේ ඔට්ටුවේ රුපියල් ලක්ෂෙට වඩා මහා වටිනාකමක් මට දැනුන නිසා. දෙනියායේ ගතවුනු ජීවිතේදි කෙල්ලෙක් මේ තරම් හිතට නොවැදුනාට ජිත්මිගේ හැමදේටම මම ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තිබුණා.

ලංවෙලා වචනයක් දෙකක් කතාකරන්නත් කලින් ජිත්මිගේ ආදරේ හිතට දැනෙන්න හේතුවක් වුනේ ඒකයි. මේ ආදරේ කොහොම කෙලවර වේවිද කියලා හිතන්න හිත ඉඩදුන්නේ නෑ. දිලූප ජිත්මි එක්ක යාළුනම් ඇයි මෙච්චර දවසක් ඔට්ටුව දිනුම් කියලා මට නොපෙන්නුවේ..

හරිනම් ජිත්මි දිලූප එක්ක යාළුනම් දිලූප මගේ ලක්ෂේ ඉල්ලගන්න මෙච්චර පරක්කු වෙන්නේ නෑ. එහෙනම් තාම ජිත්මි දිලූපට වචනයක් දීලා නැතුව වෙන්න ඕන.

එහෙම හිත හිත ඉන්නකොට ජංගම දුරකතනේ නාදවෙන්න ගත්තා.

“හෙලෝ...“

“හෙලෝ දිස්නක මහත්තයා..“

“ඔව්..කව්ද මේ..“

“අහා...මම ඔබතුමාගේ සටන් සගයා..දිලූප..“

මගේ ඇඟේ ගිනි පුලිඟු පිටවෙන්න පටන් ගත්තා. තව මොහොතකින් දිලූප ඔට්ටුව දිනලා කියලා කියයි කියලා මගේ හිත ගැහෙන්න පටන් ගත්තා.

“ඇයි කතා කලේ..“

මම වැඩියට ඇඟට පතට නොදැනී ඇහුවා.

“මම මේ සැපදුක බලන්න කතා කලා...“

“එහෙමද...මම බොහොම සැපෙන් ඉන්නවා..මගේ ඇස්දෙකට හදවතට නූලක තරම් දුරින් ඉඳගෙන ජිත්මිත් ගොඩක් සතුටින් ඉන්නවා..“

මම ඕන දෙයක් වෙච්චාවේ කියලා වචන වලින් පහර දෙද්දි දිලූපගේ හඬ ටිකක් බාල වුනා.

“හරි හරි ඒ දුර නූලක් වුනාට මමයි ජිත්මියි රන් නූලකින් බැඳෙන දවස බොහොම ලඟයි සහෝ...“

ඒ වචන වලට මගේ ඇග කීරිගැහිලා ගියා.

“බොහොම සතුටුයි..මගේ සුබ පැතුම්..“

මම ඒක කොහොම කිව්වද දන්නේ නෑ. ඒත් මගේ වචනත් පසුබැස්සේ නෑ.

“දිලූප සහෝදරයගේ ඒ හීනේ දකින්න රෑ වෙන්න කලින් මම දිලූපගේ ඇස්දෙක ඉස්සරහින්ම ජිත්මි එක්ක ඒ ආදරේ පෙන්නන්නම්..“
මම එහෙම කිව්වම දිලූප පුරුදු විදියට කින්ඩි හිනාවක් දැම්මා.

“හා හා බොහොම හොඳයි...මේ මගේ නම්බරේ...“

“මට ඒක ඉක්මණට ඕන වේවි..“

දිලූප දුරකතනය විසන්ධි කරා. මම ලොකු හුස්මක් ගත්තා.


* * * * * *

පහුවෙනිදා හවස ස්ටෑන්ඩ් එකේ බලාගෙන හිටියේ කොයි මොහොතක හරි ජිත්මි එයි කියලා. ඒත් ඒ වෙලාවේ දිලූපත් කොහෙන්හරි ආවොත් මොකුත් කරලා හමාරයි..

නෑ...දිලූප හිටියත් කමක් නෑ..මම ගිහින් ජිත්මි එක්ක කතා කරනවා..දිලූප මොනවා කරන්නද.

මම ගොඩක් වෙලා බලන් හිටියා. ටික වෙලාවකින් ජිත්මි එනවා අර යාළුවා එක්ක. මාව මුලින්ම දැක්කේ යාළුවා..එයාගේ මූණ කළුවෙලා ගියා මාව දැක්ක ගමන්. එයා ජිත්මිට මොනවද කිව්වා.එතකොට ජිත්මි මම දිහා බලලා බිම බලාගත්තා. දිලූප අහල පහලවත් හිටියේ නෑ.

මම බස්එකට නගින්න කලින් ජිත්මි ඉස්සරහට ගියා. යාළුවා පුදුමෙන් වගේ මගේ දිහා බලන් හිටියා.

“නංගි..මට ඔයා එක්ක කතා කරන්න ඕන..“

ජිත්මි මූණ උස්සලා මගේ දිහා බැලුවා. ඒ ඇස්දෙකේ ලාවට කඳුළු තියනවා දැකලා මගේ වචන පැටළුණා.

“ප්ලීස් නංගි..“

මම මට පුළුවන් විදියට කිව්වා. ජිත්මි මොකුත් නොකියා ටික වෙලාවක් හිටියා.

“මටත් අයියාට කියන්න දෙයක් තියනවා..“

ඒත් ඒ කියපු විදිය මට නුපුරුදු බවක් දැනුනා. ජිත්මි හිත තදකරගෙන එහෙම කිව්වේ ඇයි කියලා මට තේරුනේ නෑ.

“හොඳයි නංගි...හෙට හවස 3ට මම මයුර එකට එන්නම්..පුළුවන් නම් එතනට එන්න..තනියම..“

ජිත්මි මගේ මූණ බැලුවේ නෑ. බිම බලාගෙනම හිටියා

“හොඳයි අයියේ..මම එන්නම්..“
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ගතවන තත්පරයක් තත්පරයක් පාසා හිත නොසන්සුන්කමකින් වදදුන්නා, අද හවස තුන වෙද්දි මොනවා වෙයිද ඒ වෙන දේවල් වලට කොහොම මුහුණ දෙන්නද කියලා හිත හරි පැහැදිලි විවරණයක් දුන්නේ නෑ. ඒත් ඊයේ ජිත්මි මාව මුණ ගැහෙන්න හිටියා කියලා කියනකොට එයාගේ මූණේ තිබුණේ එච්චර හොඳ ලකුණක් නෙවෙයි. ඒක හිතේ ලොකු බයක් ඇති කරා. ඔට්ටුව පරදීවිද මම? ලක්ෂෙනම් බල්ලට ගියාවේ..ඒත් ජිත්මි නැතිවුනොත්...ඒ මදිවට අර ගොබ්බයට අයිතිවුනොත් කොහොමද වාවන්නේ..හිත එක එක දේවල් කිව්වා.


“හිතට හයිය ගනින් බං...තව දවස් හයකින් සේරම ඉවරවෙන්න තියන එකේ අද ඒකට එක අඩියක් හරි තියපං...“


සමීර කතාකරලා බොහොම බරපතල වචන ටිකක් කිව්වා. ඇත්ත ඒ කතා සේරම ඇත්ත. හිත බොහොම අමාරුවෙන් ශක්තිමත් කරගෙන හවස ගමන යන්න ගියා.


මාතර බෝධිය පහුවෙද්දි ඉබේම හිතට මොකක්දෝ වෙනසක් දැනුනා. හිතට නැති හයියක් ආවා..



මම හරියට හවස තුන වෙද්දි මයුර හොටෙල් එකේ වාඩිවෙලා හිටියා. මට බොහොම හුරුපුරුදු තැනක..මෙතනට බ්‍රවුන්ස් කඳු වැටියත්, පරවිදූව දක්වා වෙරළත් ලස්සනටම පේනවා..


හිතේ පුංචි බයක් තිබුණේ ජිත්මි දිලූප එක්ක ඒවි කියලා. ඒත් ජිත්මි ආවේ තනියම..කිසිම බයක් සැකක් නැතුව මගේ ලඟටම ඇවිත් වාඩිවුනා. එයා ඇඳගෙන හිටියේ බොහොම චාම් ඩෙනිමකට ලස්සන රෝසපාට බ්ල්වුස් එකක්..


“නංගි...ඔයාට කියන්න දෙයක් තියනම් මුලින්ම කියන්න..“


මම එහෙම මුලින්ම කිව්වම ජිත්මි ගොඩක් අසරණ වුනා..ඒත් ටික වෙලාවක් ඉඳලා කතා කරන්න පටන් ගත්තා.


“මෙහෙමයි අයියේ..මම මේ දේවල් කිව්වට පස්සේ ඔයා මම ගැන මොනවා හිතාවිද දන්නෑ..ඒත් ඒක ඔයාට අදාල දෙයක් අයියේ...“


“කමක් නෑ නංගි..කියන්න“


“අයියේ...මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා..ඒක මොනවිදියේ ආදරයක්ද කියලා මම හරියටම දන්නේ නෑ..ඒ වගේම මම දන්නවා අයියා මට ආදරේ කරන්න පටන් අරන් එච්චර කල් නෑ කියලා..“


“ඔව් නංගි...“

ජිත්මි මේ මොනවා කියන්න හදනවද කියලා මට තේරුනේ නෑ.


“ඒත් අයියේ දිලූප අයියා මගේ පස්සෙන් ආදරේ ඉල්ලගෙන එන්නේ දැන් ගොඩක් කාලෙක ඉඳන්...එයා හොඳ කෙනෙක් බව මම දන්නවා...ඒත් එදාවත් අදවත් මට එයාගැන එහෙමටම ආදරයක් දැනිලා නෑ..මගේ හිතේ එයා ගැන ආදරයක් ඇතිවෙලා නෑ...“


මගේ හිතේ තිබුණු මහා යකඩ බරුවක් දියවෙලා ගියා වගේ දැනුනා..


“ඉතින් නංගි...“


හිතේ ඇතුලේ පපර බෑන්ඩ් ගහද්දි මම බොරු සීරියස් මූඩ් එකකින් ඇහුවා.


“ඒත් මගේ යාළුවා මේ ප්‍රශ්නෙදි ලොකු බලපෑමක් කලා...ඔයා දැකලා ඇතිනේ එයා..හර්ෂණී මගේ හොඳම වගේම ගොඩක් කල් ඉඳලා මාත් එක්කම ඉන්න යාළුවා..දිලූප අයියා කියන්නේ හර්ෂණීගේ නැන්දගේ පුතා..හර්ෂණීයි මමයි දවසක් හර්ෂණීලගේ ගෙදර ඉදිද්දි තමයි දිලූප අයියා මාව දැකලා හර්ෂණීට කරදර කරන්න ගත්තේ මාව යාළු කරලා දෙන්න කියලා..හර්ෂණීලගේ ගෙදර අයවත් දිලූප අයියා එහේ එනවට කැමති නෑ..මොකද දිලූප අයියගේ මදාව වැඩ එහේ අයට පේන්න බැරි නිසා..ඒත් එයා හර්ෂණීට ගොඩක් ලඟයි..

හර්ෂණී මගෙන් එහෙම ඉල්ලීමක් කරද්දි මම බෑම කියලා කිව්වා..ඒත් දිලූප අයියාවත් හර්ෂණීවත් ඒ වචන ගණන් ගත්තේ නෑ..හර්ෂණී දිලූප අයියා ගැන එක එක වර්ණනා කලත් මගේ අනිත් යාළුවෝ මට ඇත්ත කියලා දුන්නා..හර්ෂණී ඒවා කලේ යාළුකමයි නෑදෑකමයි දෙකම නිසා වෙන්න ඇති..ඒත් මම මගේ තීරණේ වෙනස් කලේ නෑ..


අයියා මට ආදරේ කරනවා කියලා දැනගත්තම දිලූප අයියා පත්තුවුනා..එයා මට තවත් ලංවෙන්න හැදුවා..බලෙන්ම අපි දෙන්නා යන ගමන්වලට ආවා..මට කරන්න දෙයක් තිබුණේ නෑ...“


ජිත්මි නොකඩවා තමන්ගේ හිතේ තිබුණු හැම හැඟීමක්ම වචන වලට පෙරලුවා.


“ ඉතින් නංගි..“


“ඒත් අයියේ මම පාඩුවේ හිටියා..මම ඒ ප්‍රශ්නෙන් ගොඩක් විඳෙව්වා..ඒත් මම නංගිටවත් මේවා කිව්වේ නෑ..ඒ අතරේ අයියත් නංගි එක්ක පිට් වෙලා ටිකෙන් ටික මගේ ජීවිතේට එන්න හදනවා කියලා දැනුනා මට..“

මගේ උගුරේ මොනවද හිරවෙන්න ගත්තා..කෙල ගිලුනෙත් නෑ..දැන් ජිත්මි මොනවා කියාවිද.


“මට ප්‍රශ්න අතරේ මුලින් අයියාත් කරදරයක් වගේ දැනුනා..ඒත් පස්සේ පස්සේ ඇත්තටම මගේ හිතේ අයියා ගැන පැහැදීමක් ඇති වුනා..ඒත් නංගි මගෙන් එහෙම දෙයක් අහනකොට මම මොකුත් නොකිව්වේ මට ඒක රට වටේ අඩබෙර ගහන්න අකමැති නිසා...ඒත් අයියේ මම ආදරේ කියලා පස්සෙන් එලවන්න කැමති නෑ...මගේ හිතේ තිබුණ දේවල් තමයි කිව්වේ...අයියා කැමති විදියකට ඒවා පිළිගන්න..“


මොනවා කියන්නද කියලා මට හිතුනේ නෑ.


“නංගි මට මේකට උත්තර දෙනවාද...“


“මොකක්ද අයියේ...“


“ඔයාගේ හිතේ මට ආදරයක් තියද...ඒ ආදරේ මට ලැබෙයිද..“


ජිත්මි බිම බලාගත්තා..මම ජිත්මිට ලංවුණා අතින් අල්ලගත්තා. ඒ අත් සීතල වෙලා වෙවුලනවා. මම නිකටෙන් අල්ලලා මූණ මගේ පැත්තට හැරෙව්වා.


“කියන්න නංගි..“


“සත්තකින්ම තියනවා අයියා...ඒ ආදරේ මම බාරගෙන ගොඩක් කල්..ඒත් අයියා ඒක බාර ගන්නකම් නියම විදියට මම බලන් හිටියා..“


මයුර එක දෙවනත් වෙන්න උඩපැනලා කෑ ගහන්න තරම් හිතුනා සතුටට. ජිත්මිගේ අත එහෙමම මගේ තොල්දෙකට ලංකරලා පුංචි හාදුවක් දුන්නා..


“මම ගොඩක් ආදරෙයි නංගි ඔයාට...“


ඔට්ටුවට එහා හදවත තියලා මම ජිත්මිට එහෙම කිව්වා. ලැජ්ජාව රැඳුන හිනාව එක්ක ජිත්මි ඔලුව වැනුවා “ඔව්“ කියලා.




* * * * *


රුපියල් ලක්ෂයත් මගේ ආදරෙත් දෙකම බේරුණා..මම සමීරට කෙටි පණිවුඩයක් යැව්වේ මමයි ජිත්මියි එකිනෙකාට වැදෙන නොවැදෙන තරමට ලංවෙලා ස්ටෑන්ඩ් එකට යද්දි..සමීර පිලිතුරු එව්වේ..“අම්මට උඩු මචං කියලා විතරයි...“


ඒ අතරම මම මේ ඔට්ටුව ඉවර කරන්න කාලේ හරි කියලා හිතුන නිසා ෆෝන් එකේ සේව්කරලා තිබුණ දිලූපගේ නම්බර් එකටත් කෙටි පණිවුඩයක් යැව්වා.


“ඔට්ටුව දින්නේ කව්ද කියලා බලාගන්න ගාල්ල බස් හෝල්ට් එකට දැන්ම එන්න..මතක ඇතුව රුපියල් ලක්ෂේ අරන් එන්න...“


ඒ කෙටි පණිවුඩය යවලා පෝන් එක සාක්කුවට දාගෙන මම ජිත්මිගේ අතේ ඇඟිල්ලකින් අල්ලගෙන ගාල්ල හෝල්ට් එකට ආවා. අපි දෙන්නා වචන වලටත් වඩා ඇස්වලින් කතාකලා..දෙයියනේ අදනම් හීනයක් වගේ..මට පිස්සු හැදෙයි කියලත් හිතුනා මට...


ජිත්මිගේ ඇත්තම ලස්සන හොඳටම පේන්නේ අද කියලා මට දැනුනා. ජීවිතේට ආදරේ ලැබුණම කොච්චර ලස්සනද..මට කවිත් මතක් වුනා.


විනාඩි දහයක් යන්න වුනේ නෑ..තව කොල්ලෙකුත් එක්ක කලබලෙන් ගාල්ල හෝල්ට් එකට ආවේ දිලුප..මමයි ජිත්මියි ඉන්න විදිය දැකලා මූණ දෙක වුනා..මම දිලූප මට දාන පුරුදු කිණ්ඩි හිනාව දාලා ජිත්මිගේ අතින් අල්ලගෙනම බස් එකට නැගලා එකම ෂීට් එකේ වාඩි වුනා..ජනේලයෙන් පිට දිලූප කන්න වගේ බලන් ඉදලා යන්න ගියා.


* * * * * *


“හවස අපේ ගෙදරට ඇවිත් ලක්ෂේ අරන් යන්න“


දිලූපගෙන් කෙටි පණිවුඩයක් ඇවිත් තිබුණා පස්සේ දවසේ උදේ..මම සමීරත් කතාකරෙගන කොප්පරාවත්තේ දිලූපගේ ගෙදර හොයන් ගියා.


“මූ සෙට්වෙලා අපිට නෙලයිද දන්නෑ බං..“

සමීර ටිකක් බයෙන් වගේ තමයි ගියේ.මොකද කලින් ඇවිත් දිලූප ගැන හොයන්න මිනිහා චාටර් වෙලා හිටපු නිසා.


“මම හිතන්නෑ බං..කොච්චර වුනත් ඌ එහෙම ගෙන්නලා ගහන්න තරම් චාටර් පොරක් නෙවෙයි..“


අපි ලේසියෙන්ම ගෙදර හොයාගත්තේ සමීරට පින් සිද්ද වෙන්න..අපි ගෙදර දොරට තට්ටු කලාම ආවේ දිලූප.


“එන්න සහෝදරයා වාඩි වෙන්න..“


දිලූප ඇතුලට ගිහින් බ්‍රවුන් පේපර් බෑග් එකක් අරගෙන ආවා.


“මෙතන ලක්ෂයක් තියනවා..ගැනලා අරන් යන්න..ඒ වගේම මගේ සුබ පැතුම්..“

මට කියන්න දෙයක් තිබුනේ නෑ. මම පුටුවෙන් නැගිට්ටේ යන්න කියලා හිතාගෙන. එතකොටම දිලූප ආයෙත් කතා කලා.


“මගේ සුබ පැතුම් සහෝදරයා...“


“බොහොම ස්තූතියි දිලූප..“


“මොකද මට ආදරේ නැති කෙල්ලෙක් මට වැඩක් නෑ සහෝ...මට ආදරේ කරන කෙනෙක් මට ලැබේවි..සහෝ වාසනාවන්තයි...හොඳ කෙල්ලෙකුයි සල්ලියි දෙකම ලැබුණා..ජයවේවා...“


අපි ගෙයින් එලියට බහිද්දිම මට බැලුනේ ගෙදර ඉස්සරහා ගරාජ් එක දිහා. දිලූපගේ පුරුදු ලස්සන ට්‍රේල් බයික් එක තිබුනේ නෑ. මට ඒක ලොකු ගැටළුවක් වුනා.


“ කෝ දිලූප බයික් එක...“


දිලූප හිනාවුනා විතරයි..මම ආයෙත් ඇහුවා ඒ ප්‍රශ්නෙම.


“ජීවිතේ සමහර දේවල් වෙනුවෙන් සමහර දේවල් කැප කරන්න වෙනවා..මට ඉතින් මගේ ආදර බයික් එක කැපකරන්න වුනා..සහෝ දැන් යන්නකෝ...“


දිලූප බලෙන් වගේ අපිව යවන්න හැදුවා.ඒත් මගේ හිතට මහා හිස්බවක් දැනුනා. මම දිලූපගේ හීන ගණනාවක් බින්දා වගේ දැනුනා. මම දෙ පාරක් හිතුවේ නෑ සල්ලි ටික ආයෙත් බලෙන්ම දිලූප අතට දුන්නා.


“මේ මේ දිස්නක සහෝ..අනුකම්පාව මට අදාල දෙයක් නෙවෙයි...ඔට්ටුවනම් ඔට්ටුව..ඔයා මේ සල්ලි ගන්න කරුණා කරලා..“


මම ආයෙත් සල්ල ගන්න සූදානම් වුනේ නෑ.


“දීලූප මට මේ ලක්ෂෙට වඩා දහස් ගුණයක් වටින කෙල්ලෙක් ලැබුණා..ඒත් දිලුපත් ඒකට මට උදව් වුනා...මම වෙනුවෙන් දිලූප තවත් මොකුත් කැපකරන්න ඕන නෑ..අපි කොල්ලො විදියට එහෙම දේවල් වෙන්න දෙන්න බෑ..මාතර කොල්ලො එහෙමයි කියලා සහෝ දන්නවනේ...“


දිලූපට කියන්න දෙයක් නැතිවුනා. දිලූප ඔලුව බිමට හරවගෙන ඉදලා ආයෙත් තෘප්තිමත් හිතින් කතාකලා.


“ ඒ වචන ටිකම ඇති මචං...උඹ හොඳ කොල්ලෙක් දිස්නක..ජිත්මි හරියන්නෙ උඹ වගේ එකෙක්ට..හරි මම බයික් එක බේරගන්නම් මේකෙන්...මචංලට සදා ජය..“


සහෝදරකමින් අතට අත දීලා අපි එන්න වුනා. හිත පුදුම විදියට පිරිලා තිබුනා. මේ හැමදේම අස්සේ වචනයක්වත් නොකිය පුදුමෙන් වගේ හිටපු සමීර මගේ පිටට තට්ටුවක් දැම්මා.


“උඹ කලේ මාර වටින වැඩක් බන්..ඒක තමයි ලොකුම දේ...උඹ අන්තිමට හැමදේම හොඳින් විසඳගත්තා බං..මට මාර පුදුමයි..“

සමීර කතාකලේ බොහොම සංවේදී විදියට හදවතින්ම.


“ඒකට උඹත් ගොඩක් දරදිය ඇද්දා බං...මගේ හිතටත් මාර පිට් බං..“


මම සමීරගේ කරට අතදාගෙන නාහිමි ත්‍රිකෝණේ ගාවින් මහ රෝහල පැත්තට හැරුණා. එතකොටම දුරකතනයට කෙටි පණිවුඩයක් ආවා..


“මම ඔයාට ගොඩක් ආදරෙයි අයියා...කවදාවත් දාලා යන්න එපා...“


ඒ ජිත්මිගේ හිත..ඒ හිත එහෙම කියද්දි ලක්ෂේ සතපහක්වත් මට වටින්නේ නෑ.


“කවදාවත් නෑ මගේ රත්තරනේ...“


මම එහෙම පිලිතුරු පණිවුඩයක් යැව්වා. ආයෙමත් ආදරෙන් මට ජීවිතේට හැමදේම ගෙනාවේ ඒ ආදරේ කියලා දැනුනා.






෴ නිමි ෴
 
  • Like
Reactions: sesara

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    කතාව පට්ට, අයේ ඒකෙ දෙකක් නැහැ. එත් වටිනාකම වැඩි වෙන්නේ මේක ගත්ත බ්ලොග් එකත් දැම්මනම් තමා. වෙන කෙනෙක්ගෙ මහන්සියක් ගෙඩි පිටින්ම උස්සන එක කැත වැඩක්නෙ. ;)