ගෙදර ගිහිල්ලා හිටියේ කොහොමද කියලා මතකත් නෑ. පෝය දවසේ සිද්ධ වෙච්ච හැමදේම නිකං හීනයක් වගේ. හිතේ තිබුණු හයිය සේරම කඩන් වැටුණා වගේ වුනා කධිර කැෆේ එකේ දිලූපත් ජිත්මිත් ඉන්න හැටි දැක්කම. අම්මපා මරාගෙන මැරෙන්න හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ජිත්මි දිලූප එක්ක එච්චර කුළුපගව කතාකරනවා දැක්කම නැතිවෙන රුපියල් ලක්ෂෙ ගැන නෙවෙයි නැතිවෙන හිතේ ශක්තිය සහ ආත්ම අභිමානය ගැන පුදුම දුකක් ඇති වුණා. ඔට්ටුව ඉවරවෙන්න මාස දෙකක්ම තියෙද්දි හැමදේම ඉවරවෙලා යන්න හදනවා නේද කියලා හිතෙද්දි හිතට ලොකු අසරණ කමක් දැනෙනවා. මේ වගේ ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන් මට්ටමෙත් නොවන නිසා තවත් හිතට අවුල්.
ඒ දවස් කීපෙම මඩිහ පැත්තට ඉරා පෑයුවේ නැති ගාණට ගෙවිලා ගියා. ජිත්මි කීප වතාවක්ම මූණට මුණ ගැහුණත් හිනාවෙන්නවත් මූණ බලන්නවත් හිතක් තිබුණේ නෑ. මම එහෙම යනකොට ජිත්මිගේ මූණේ මොනවගේ විපර්යාසයක් වෙනවද කියලවත් බලන්න මට හිතුනේ නෑ.
“මොකද දිස්නක අයියේ නිකං හැල කිඹුලෙක් වගේ මූණ දික්කරගෙන දකින දකින වෙලාවට....“
එහෙම ඇහුවේ නෙත්මි. මම ඉන්න විදිය හොඳටම අවුල් කියලා නෙත්මිට හොඳටම දැනිලා තිබුණා. නෙත්මි එක එක විදියට මගෙන් ඇහුවා. ඒත් මේක ජිත්මිට කියලා වැඩකුත් නෑ, ඇරත් මේ විදියට මානසික තත්වයක් තියාගෙන ජිත්මිට මේක මුලින්ම කියන්න ගියොත් සේරම තවත් අවුල් වෙනවා.
“මොකද හලෝ...කෙල්ල බූට් එකක්වත් තිබ්බද..කියනවා හලෝ..පුළුවන් හෙල්ප් එකක් දෙන්නවත්“
නෙත්මි ඇහුවට මම කිසි දෙයක් කිව්වේ නෑ. නෙත්මි හරි එහෙම අහන්න හිටපු එකත් ඒ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා. ඒත් ඒකට මම උත්තරයක් නොදුන්නේ දෙන්න උත්තර තිබුණේ නැති නිසා.
“ බූට් කන්න කෙල්ලෙක් ඉන්න එපාද...මේක ඊට වඩා බරපතල ප්‍රශ්නයක්..ඔයාට මේක විසඳන්න බෑ හලෝ...“
“ එහෙනම් ඉතින් මොනවා කරන්නද...මම යනවා“
මගෙන් දෙයක් අහගන්න බැරිම තැන නෙත්මි යන්න ගියා. මම ආයෙත් හුදෙකලාවටම හිත තියලා කල්පනා කරන්න පටන් ගත්තා. මේ වගේ තත්වයක් එක්ක ඉස්සරහට මම මොනවද කරන්නේ..ඔට්ටුව ඉල්ලා අස්කර ගන්නවද..එහෙම කරන්න ගියොත් විලි ලැජ්ජාවේ පණ යනවා..එහෙම කරලා ඉතින් මාතර පයක් ගහලා ජීවත් වෙලා ඉවරයි.
“ මේ මචං...ඕක කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?“
එහෙම ඇහුවේ පහුවෙනිදා ද වසක ඔෆීස් එකේදි සමීර.. මම සමීරට විස්තරේ කිව්වම මිනිහා කිව්වේ ඒ වගේ කතාවක්.
“කුමන්ත්‍රණයක්...තොට පිස්සුද“
“පිස්සු නෙවෙයි..මෙහෙම හිතපන්කෝ...ජිත්මි දිලූප එක්ක සම්බන්ධයක් තියනවා...දිලූපයා දැනගන්නවා උඹත් නිකං ඒකිට නිකං...නිකං වගේ තමයි කියලා....“
“ මොකක්ද යකෝ නිකං නිකං...උඹට පිස්සුද උඹ හොදටම දන්නවනේ මට එච්චර උණක් තිබ්බේ නෑ කියලා“
“හරි හරි කලබල නැතුව මගේ උපකල්පනේ අහපං...මම නිකං ඉමදුව පාරේ ෂර්ලෝක් හෝම්ස් වගේ කියන්නේ...දිලූපයා දැනගත්තා උඹත් ඒකිට නිකං කැමතියි වගේ කියලා...මේ දවස්වල දිලූපයට සල්ලි අමාරුවක් තියනවා..ඉතිං ඒකි ජිත්මි එක්ක එකතුවෙලා ප්ලෑනක් ගැහුවා උඹේ ලක්ෂෙකට විදින වැඩක්...එකපාරටම ඒකි එක්ක යාළුයි කියලා ඔට්ටුව දින්නොත් සැක හිතන නිසා ජිත්මිට කිව්වා නිකං දිලූපයට අකමැතියි වගේ ඉඳලා පස්සේ ටික ටික ලංවෙන්න කියලා..එතකොට උඹ ඔට්ටුව පරාදයි...ලක්ෂෙත් දිලූපයට කෙල්ලත් ඌටමයි..උඹට ටින්කිරි..හරිදි මස්සිනා“
වෙලා තියන දේවල් එක්ක සමීර කියන කතාවත් පිලිනොගෙන පැත්තක දාන්න පුළුවන්කමකුත් නෑ..ඒත් ජිත්මි එහෙම කෙල්ලෙක් කියලා හිතන්න අමාරුයි..ඒත් අදකාලේ කෙල්ලෝ එහෙම විශ්වාස කරන්න පුළුවන්ද..මූණෙන් පෙන්නන දේ නෙවෙයි ඇතුලේ..දිවට දිව ගාගෙන හිටියත් හෙට මොනයකා එක්ක ඉඳිවීද කියන්න බෑ..එහෙම එකේ මේ කතාව නොවෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කාටද..ඒත් හිත ඒ කතාව පිලිගන්න කැමති වුනේ නෑ...
“පලයන් බං මගේ ඔලුව අවුල් නොකර...විකාර කියවනවා“
“එහෙම නෙවෙයි දිස්නක...මම කිව්වේ උඹට මම දිලූපයා ගැන හොයලා බැලුවා..ඌ කොප්පරාවත්තේ ප්‍රජාශාලාවට ටිකක් එහා ඉන්නේ..ඌ කන්ට්‍රෑක් කරනවා නගර සභාවේ මන්ත්‍රීලගේ..ගලපත්ති මහත්තයගේ පුතාටත් මේ සැරේ බැහැලා වැඩ කලා..ඌ හෙණ මැර ලයින් එකේ ජීවත් වෙන එකෙක්..හැබැයි බලු වැඩ කරන එකෙක් නෙමෙයිලු..කොහොමත් කොප්පරාවත්තේ එවුන් ටිකක් වලියට බරයිනේ..මූට හෙණ සෙට් එකක් ඉන්නවා..ඒක නිසා මූත් එක්ක ලේසියෙන් මේ ගේම ගහන්න බෑ“
සමීර කියපු දේවල් එක්ක තත්වේ තවත් සංකීර්ණ වුනා. ඒත් තත්වේ කොච්චර බරපතල වුනත් අන්තිම තත්පරේ දක්වා සටන අතාරින්නේ නැතුව ඉන්න එක මාතර කොල්ලන්ගේ සිරිත..ඒක නිසා මේක මෙහෙම වෙන්න දෙන්න බෑ.
“මම ඔට්ටුව අතාරින්නේ නෑ..පුළුවන් තරම් දේවල් කරනවා..“
සමීරයා පුදුම වෙලා බලන් හිටියා මගේ දිහා. අන්තිමට හිනාවෙලා මගේ පිටට තට්ටුවක් දැම්මා.
“අන්න එච්චරයි මචං ඕන..මම ඉන්නවා උඹේ ඕන දේකට..“
* * * * * * *
සතියකට විතර පස්සේ දවසක් දවල් ලංකා බැංකුවට යන්න සිද්ධ වුනා පොලීසිය ගාව. ඔෆීස් එකේ බයික් එකකින් ගිහින් වැඩටික කරගන්න ගොඩක් වෙලා ගියා. බැංකුවෙන් එලියට බහිද්දි ලන්ච් ටයිම් එකටත් ලඟයි. පොලීසිය පාර දිගේ ඇවිත් බෝධිය ගාවින් දකුණට ඒකියන්නේ ස්ටෑන්ඩ් එක පැත්තට එන්න එද්දිම තාරකා කොටුව ලඟ හෝල්ට් එකේ හොඳට දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා දැක්කා.
ඒ ජිත්මිගේ යාළුවා..ඒදා ජිත්මිටයි දිලූපටයි ගැම්මට හිටියේ මෙයා තමයි. මොන හේතුවක් මතද මන්දා ඉබේම බයික් එක පැත්තකට ක රලා නවත්තන්න කියලා හිත කිව්වා. බයික් එක ත්‍රීවීල් පාක් එක ගාව නවත්තලා මම හෝල්ට් එක ගාවට පයින් ආවා..ඒ කෙල්ල බලන් හිටියේ ගාලු පාර පැත්තෙන් එන බස් දිහා..මම ලඟට යද්දි නිකමට වගේ එයා හැරිලා බැලුවා..මම දැක්ක ගමන් ඇස්දෙක උඩ ගියා..ඒත් මාව නොදැක්කා වගේ ආයෙමත් අනිත් පැත්ත බලාගත්තා..මම එයා ලඟටම ගියා.
“නංගි...ඔයා ජිත්මිගේ යාළුවා නේද?“
“ඔව්...ඔයා කව්ද?“
එයා නිකං මාව නොදන්න ගාණට බොරු රංගනයක් දාලා කිව්වා..දෙන්න වටිනවා සුමති සම්මනා එකේ හොඳම සහය නිලියට හිමි සම්මනය සහ මුදල් තෑග්ග..මමත් නිකං බබා වගේම උත්තර දුන්නා.
“නංගි...මම දන්නවා ඔයා හොඳටම මාව දන්නවා කියලා...කරුණාකරලා මට ඔයා එක්ක කතා කරන්න ඕන...“
මම කියපු විදියට එයා ටිකක් බය වුනා වගේ. දාඩියත් දාලා කලබලෙන් වගේ කතා කරා.
“ මාත් එක්ක...මොනවා කතා කරන්නද..“
“මට ඔයා එක්ක ජිත්මි ගැන කතා කරන්න ඕන..“
එහෙම කිව්වා විතරයි එයා තවත් බය වුනා. හෑන්ඩ් බෑග් එක හදාගෙන ගාලු පාර දිහා බැලුවේ බස් එකක් එනවද කියලා.
“අනේ අයියේ..මට ටිකක් පරක්කු වෙනවා..මම යන්න ඕන..“
ඒ වචන ටික විතරක් කියපු ජිත්මිගේ යාළුවා එතකොටම එතනට ආපු වැලිපිටිය බස් එකක නැගලා ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. එහෙම ගියේ මගේ හිතේ ප්‍රශ්න ගණනාවක් තියලා. ඇයි මෙයා මාත් එක්ක ඒ ගැන කතා කරන්න අකමැති..
හවස ඔෆීස් එකේ හිටිද්දිත් මතක් වුනේ ඒ කාරණේ මයි. හරියට වැඩක්වත් කරගන්න බෑ මේ කෙහෙල් මල් ගැන කල්පනා කරලා.. එතකොටම අපිට ජේෂ්ඨ නිලධාරියෙක් වෙච්ච හේවගේ මහත්තයා එතනට ආවා.
“අනේ දිස්නක කොල්ලෝ..අන්න බී.ඕ.සී එකෙන් ආයෙමත් කෝල් කලා..අර එකවුන්ට් එකේ වැඩේ ආයෙමත් උන් අනාගෙනද කොහෙද..අපෝ මේ ගවර්න්මන්ට් බැන්ක්ස් වල වැඩකරන එවුන්ට වැඩ අපි කියලා දෙන්න ඕන..හොඳ කොල්ලා යමුද බෑන්ක් එකට..මමත් එන්නම්..මගේ වාහනෙන්ම යං..ඔයානේ ඒ එකවුන්ට් එක ගැන දන්නේ..“
හේවගේ මහත්තයා එහෙව කිව්වම නොගිහින් ඉන්නත් බෑ..ඇරත් ඒක මට අදාල වැඩක්.
“මට පේන්නේ මට අද බී.ඕ.සී එකේ නවතින්න වෙයි වගේ මිස්ටර් හේවගේ...යමු යමු..ඉන්න මම එන්නම්“
“ඒක තමයි කොල්ලෝ...“
මමයි මිස්ටර් හේවගේයි පැයක් ඇතුලත බැංකුවට ගිහින් රාජකාරී වැඩේ ඉවරකරා. මිස්ටර් හේවගේ බොහොම කුළුපග නිලධාරියෙක්.එනගමන් පවා බොහොම අල්ලාප සල්ලාපයේ යෙදිලා තමයි වාහනේ පදවගෙන ආවේ..
වාහනේ බෝධිය ගාවන් දාලා පාලමත් පහකරලා එනකොට පරණ තංගල්ල පාර ගාව කහඉරෙන් ගොඩක් සෙනග මාරු වෙනවා. එතකන් වාහනේ නතර කරගෙන හේවගේ මහත්තයා මාත් එක්ක කතා කර කර හිටියේ..මම නිකමට වගේ පරණ තංගල්ල පාරේ මුස්ලිම් පල්ලිය ඉස්සරහ පැත්ත බැලුවේ..ඒ පැත්ත නොබැලුවනම් හොඳයි කියලා හිතුනේ එතකොට තමයි..පරණ තංගල්ල පාර පැත්තේ ඉඳලා ජිත්මියි, යාළුයි එක්ක ස්ටෑන්ඩ් එක පැත්තට එමින් හිටියේ දිලූප...ජිත්මිගේ යාළුවා කොණේම..ඊට අඩි දෙකක් විතර එහායින් ජිත්මි...ඊට අඟල් ගාණක් එහායින් දිලූප........

.....චූටි ඔයත් මාතර වගේ.
..හොදා හොදා 