ආයෙමත් ආදරෙන්

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
“ආ...මඩිහ හෝල්ට් එකේ බහින කට්ටිය ඉස්සරහට එන්න..මඩිහ බහින කට්ටිය ඉස්සරහට එන්න“

සුපුරුදු කෑගහන මේ සද්දේ නුපුරුදු විදියට ඇහෙනකොට ගැස්සිලා ඇහැරුනේ පුරුදු විදියටම තමයි. මාතර ටවුන් එකේ ඉඳන් මඩිහට ඕනමනම් කිලෝමීටර පහක් ඇති. වැලිගම බස් එකට ඒ දුර යන්න විනාඩි විස්සක් විතර ගියාට ගාල්ල බස් එකක් නම් විනාඩි දහයෙන් එනවා. මේ කිලෝමීරට පහටත් නින්ද යනවා මොන මගුලක්ද මන්දා. යන්තම් ඇස් දෙක ඇරගෙන නැගිටිනකොට එකට බස් එකට නැගලා එක සීට් එකේ ආපු අතිජාත පාපතර මිත්‍රයා අදත් මාව චාටර් කරන්න මඩිහ හෝල්ට් එක පෙනි පෙනී සද්ද නැතුව ඉන්නවා. අසමජ්ජාති යාළුවෝ. අපොයි මුනුත් එක්ක ඉන්න අපිත් පින් කරලා තියනවනේ.

“ අවලමා තෝ මොකද මාව ඇහැරෙව්වේ නැත්තේ...යකෝ තව ඩිංගෙන් අදත් එදා වගේ යන්න වෙනවා මට තල් අරඹටම“

මම කෑගැහුවේ අහල පහල හිටපු අයටත් නිදිමත යන්න එක්කම.

“ මොකක්ද බන් දිස්නක..මටත් මේ නින්ද යාගෙන ආවේ...“


ඒ මගේ මරු මිත්‍රයා සමීර.අපොයි තව ඩින්ගෙන් අදත් යනවා තල්අරඹට. ගිය සතියේ සිකුරාදා වැඩ ඇරුණෙත් පරක්කු වෙලා බස් එකේදී නින්ද ගිහින් මඩිහත් පහුවෙනකන්. මූ මාව නැගිට්ටෙව්වේ නෑනේ.

බස් එක හෝල්ට් එකට එනකොට දඩි බිඩි ගාලා බෑග්එකත් අරන් සමීරයා තල්ලු කරගෙනම පුට් බෝඩ් එක ලඟට ආවා.

“මේ ඒක නෙවෙයි දිස්නකයෝ...අර උඹලගේ නැන්දගේ අසල්වාසී ගෙදර පොඩි නංගි හරි කියුට් බන්...මට දරුකමට හදාගන්න හිතිලා තියෙන්නේ“

බහිද්දි සමීරයා කියපු කතාවට මගේ ඇස්දෙකත් උඩ ගියා. මූ අපේ නැන්දලගේ ගෙදර ආවේ දවසයි නැත්නම් දෙ කයි. අල්ලපු ගෙදර බාල නංගි කොහොම දැක්කද මම දන්නෙත් නෑ. රබර් ඇස්.

“හා හා මම ඒකිට කියන්නම්කෝ..හැබැයි ඒකි උඹව කියුට් කරලා ගනීවි“

මම බස් එකෙන් බහිනකොට සමීරයගේ පල් හිනාව ඇහෙනවත් එක්ක. මඩිහ ප්‍රජා ශාලාව ඉස්සරහින් බැහැලා පාර දිගේ මාතර පැත්තට හෙමින් හෙමින් ආවා. හවස හයටත් ලඟ නිසා වාහන ගොඩක් පාරෙ එහා මෙහා යනවා. කොළඹ - මාතර ප්‍රධාන පාර හැමදාටම මෙහෙම බලන් ඉන්නවා ඇති හැඟීමක් නැතුව උදේට බස් එකට එන එහෙම්ම හැඟීමක් නැතුව බස් එකෙන් බැහැලා යන මම දිහාත්.

දිස්නක ලොකුගේ. උප්පැන්නේ අතින් අරගෙනම ඉපදුනේ දෙනිනායේ. ඒ කියන්නේ මාතරට ටිකක් විතර දුරින්. ජීවිතේ ඉස්කෝල කාලේ පහුකරලා රැකියාවක් කරන්න ආවේ මාතරට. ඉස්කෝලේන් අස්වෙලා විදුලි කාර්මික තාක්ෂනේ ඉහලට ඉගනගත්තු එක ප්‍රයෝජනයක් ගන්න බැරිවුන තැන ක්‍රිකට් සෙල්ලම් කර කර කාලේ ගතකලා. ඒත් දවසක් ක්‍රිකට් තරඟාවලියක තෑගි දෙන්න ආපු මාතර ඩීන් එකේ නජීබ් ඩීන් මහත්තයා මගේ විස්තර අහාලා සුදුසුකම්වලටත් වඩා වැඩි රැකියාවක් නොදෙන්න තාමත් ජීවිතේ එක තැන.

මාතර ජීවිතේ ගත කරන්න තිබුණු එකම තැන නැන්දගේ ගෙදර. මාමා නැතිවුනු දවසේ ඉඳලා නැන්දා හිටියේ එකම පුතයි ලේලියි තාම පුංචිම පුංචි මිනිපිරියි එක්ක. ඒ ගෙදර මගේම ගෙයක් වෙන්න ගතවුනේ ටික කාලයයි. පාඩුවේ වැඩක් කරගෙන ඉන්න මට චූටි පුතා කියලා කටපුරා කියවුනු නිසා මඩිහේ පුබුදු මාවතේ පලුවෙනි හරස් පාරේ නැන්දලගේ ගෙදර මට මගේම ගෙයක් වුනා. පුලුවන් හැම සති අන්තෙම දෙනියායේ එන්සල් වත්තේ අපේ ගෙදරට ගිහිල්ලා සුව දුක් බලලා එන එකත් පුරුද්දක් වුනා.

පුබුදු මාවත දිගේ මම හෙමින් හෙමින් ඇවිත් හරස් පාරට හැරුණා. වම් පැත්තේ හතරවෙනි ගේ අපේ නැන්දලගේ. පස්වෙනි ගේ........ හරි පස්වෙනි ගේ තමයි අර සමීරයා කියපු අල්ලපු ගේ..හොඳ මිනිස්සු ටිකක්. දැක්ක තැන අංකල් ඇන්ටි කතාකරනවා. ලොකු පුතා ටිකක් පාඩුවේ ඉන්න කෙනෙක් ඒත් හොදයි වගේ...

ඔක්කොටම හරියන්න ඉන්නවා එහෙ මරු දූලා දෙන්නෙක්..මටත් ඉතින් වැඩ නෑ මේවා හොයන්න..ලොකු නංගි..ඔව් ලොකු නංගි පන්ති යනවා යනවා කියලා යනවා දෙයියනේ එහෙම විභාගයක් මගෙ ජීවිතේට දැකලා නෑ...නම ජිත්මි...ඒත් ගෙදර ආදරේට කියන්නේ ජිප්පි...මරු නම තමයි..අපේ නැන්දගේ පුතා ඒ කියන්නේ ලොකු අයියා කියන විදියට ඒක පට්ට නමක්...නංගි නෙත්මි..තොටමුණ පැත්තේ කෙල්ලො නෙවෙයි කොල්ලොත් පරාදයි කටට. ගෙදරම හොල්ලගෙන ඉන්නේ කටෙන්..එයත් මම හිතන්නේ උසස් පෙල පටන් ගත්තා විතරද කොහෙද පන්ති යනවා යනවා ඉවරයක් නෑ. අන්න ඒ කටර් එක ගැන තමයි සමීරයා කිව්වේ.

පුදුමයි සමීරයට ජිප්පි නොපෙනුන එක.එයා තමයි පවුලෙන් ලස්සනම..එහෙම තමයි එයා හිතන් ඉන්නවා ඇත්තේ ඒත් මටනං එහෙම වෙනසක් නෑ. නෙත්මි ගෙදරට මිකී..ඒකිත් හරි ලස්සනයි..ඒත් කට ඇරියම ඒ ලස්සන ගහගෙන යනවා. නෙත්මි ටිකක් දඟලන නිසා නිකමටවත් සමීරයා දිහා බලන්න ඇති. ඒත් ජිප්පි නෙවෙයි මලාට ඔලුව උස්සලා බලන්නේ. මමත් දැකලා තියෙන්නේ ජිත්මිගේ ඉස් මුදුන විතරයි මම හිතන්නේ.ඇයි බිම බලාගත්තු ගමන්නේ.

කොහොමහරි නැන්දලගේ ගේට්ටුව ඇරන් ඇතුලට යනකොටම නැන්දලගේ වැට පැත්තෙන් අල්ලපු ගේ පේනවා. සූකිරි නංගිලා දෙන්නා තාලෙට ඔන්චිල්ලාවේ පැද්දෙනවා. අපෝ මුන්ගේ හුරතල්. මම දැක්ක ගමන් ජිත්මි බිම බලාගත්තා..මම නෙත්මි එක්ක හිනාවුනා..ඒකි මහ කැත විදියට විරිත්තුවා. අපෝ හිනාවුනාට මෝඩවුනා.

“ආ චූටි පුතා මොකෝ පරක්කු?“

ඉස්තෝප්පුවට එද්දිම නැන්දා ඇහුවා.

“බස් එක පරක්කු වුනා“

හිතේ තිබුනු තරහටත් එක්ක නැන්දට කිසිම කාරුණික ගතියක් නැතුව මම කිව්වා. තරහ තිබුනේ මම හිනාවුන එකට අර පොඩි කෙල්ල කරපු වැඩේට.

“ඒක නෙවෙයි නැන්දේ...අර අල්ලපු ගෙදර පොඩි කෙල්ලට මොකුත් මොලේ අමාරුවක් තියද?“

මම එකපාරටම අහපු ප්‍රශ්නෙට නැන්දගේ ඇස් උඩ ගියා.

“ඇයි පුතා ඒ?“

“නෑ මම මනුස්සකමට හිනාවුනාම ඇටි කෙහෙල් කාපු හැලි වැඳිරි වගේ විරිත්තුවා“

මම අල්ලපු ගෙදරටත් ඇහෙන්න කියපු දේට නැන්ද හිනවුනා.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි යාලුවා.. දිගටම ලියමු.. ලස්සන කතාවක් වගේ.. ජය!!
    You must spread some Reputation around before giving it to angel_hansi again
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මගේ කතාවට නැන්දගේ හිනාව නැවතුනේ බොහෝ වෙලාවකට පස්සෙයි. මටනම් හිනා යනවා තියා නිකං ඉන්නත් බැරි තරමට තරහ ගිහින් තිබුණේ අල්ලපු ගෙදර පොඩි වැඳිරිගේ වැඩවලට.

    “අනේ නෑ චුටී පුතේ..ඒ දරුවා ටිකක් දඟ වුනාට හරි හොඳයි..ඒක ඒ දරුවගේ හැටි..අන්කල් ඉන්න කාලේ හරි ආදරෙයි අංකල්ට..දැන් ඔය දරුව ඉන්න නිසා වෙන්න ඇති මේ පැත්තට වැඩිය එන්නේ නැත්තේ. නැත්නම් මෙහේම තමයි.ඒත් ලොකු දරුවානම් කොහොමත් වැඩිය නෑ..පාඩුවේ ඉන්නවා“

    නැන්දා කියපු කතාවට හිතනම් ටිකක් නිවුනා. එහෙම්ම කාමරේට ගිහිල්ලා ඇඳුම් පිටින්ම ඇඳට වැටුනා. අක්කා පොඩි එකාව සෝදනවද කොහෙද පොඩි එකා හොඳටම කෑ ගහලා අඬනවා. සිතුවිල්ලකිනි තොරව ටික වෙලාවක් එහෙම්ම ගතවුනා.


    * * * * * * * * * * * * * * *

    පහුවෙනිදා දවස ගොඩක් කාර්යබහුල දවසක්. උදේ ඉඳන්ම වැඩ. ඩීන් එකට ගොඩක් බඩු ගන්න එන ගණුදෙනුකාරයෝ මාතර නගරය අවට අය නෙවෙයි. දුර පලාත්වලින් එන අය. ඒක නිසා ඒ මිනිස්සුන්ව රස්තියාදු නොකර වෙලාවට බඩුටික දීලා නැත්නම් අලුත්වැඩියා කටයුතු කරලා දීලා යවන්න කියලා නජීබ් ඩීන් මහත්තයා කාර්යාලයේ හැමෝටම නිතරම මතක් කරනවා. ඒක නිසා ඒක ඉබේම කාර්යාල ප්‍රතිපත්තියක් බවට පත්වෙලා තිබුනා.

    දවල් කෑම වෙලාවට එකතු වෙන සුපුරුදු යාළුවෝ ටික මාත් එක්ක එදත් එකතුවුනා. සමීර, ධනුෂ්ක,මුදිත, ඉෂානි,රමති සෙට් එකම හැමදාම එකට එකතුවෙලා කන්න පුරුදු වෙලා හිටියේ. දවල් කෑම වෙලාවෙත් සමීර නෙත්මිව මතක් කලා.

    “ඒයි දිස්නකයෝ...කෝ උඹ අර අල්ලපු ගෙදර සුරතල් පොඩි දැරිවිට කිව්වද මම ඒකිව මතක් කලා කියලා“

    සමීරයා එහෙම කියලා කෑම කාමරේදී බෙරිහන් දෙද්දි සේරම මගේ දිහා බැලුවා.

    “අපෝ දිස්නක ඔයා මේ යකාගේ කන්ට්‍රෑක්ට් බාර ගන්නවද? ඔයාටත් එහෙනම් බෙල්ල නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ“

    ඉෂාන කියපු කතාවට අනිත් අය කොක් හඬින් හිනාවෙද්දි සමීර ඉෂානිට අත දික්කරලා හොඳ නමක් කිව්වා.

    “බුදු අම්මෝ ඉෂානි..මම බාර ගන්නවද මුගේ කෙහෙල් මලවල්...ඇරත් ඒක් රියල් කටු අත්තක්“

    “ ඒ වුනාට ඒ කටු අත්තේ අගින් සොඳුරු මල් පිපෙනවා දිස්නකයෝ...“

    කවියක් කියන්න වගේ සමීර කියපු විදිය කට්ටියටම දවසේ වෙහෙස අමතක කරන ආතල් එකක් වුනා.

    “සොඳුරු මල්...රෙද්දක් පිපෙනවා..මමනේ යකෝ දන්නේ ඒකිගේ රඟ..ඔන්න අක්කවත් නම් කමක් නෑ ඒකිගේ“

    “ඉතින් දිස්නකයෝ උඹ අක්කව දාගෙන නංගිව අසරණ සරණ සමීරයට පූට්ටු කරලා දිපන්...වැඩේ ඉවරනේ....“

    අලුත්ම අදහස දුන්නේ මුදිත.

    “අන්න පට්ටම පට්ට අදහස..මුදිත උඹේ කටේ ගොල්ඩ් ලීෆ් පැකට් එකක්ම දාන්න වටිනවා“

    සමීර නැගිටලම කිව්වේ අදහස අනුමත කරගෙන.සේරම කන්න වගේ මගේ දිහා බලන්න ගත්තා.

    “අනේ මේ...මටනම් ඔය ටින්කිරි වලට කරගහන්න බෑ...උඹ ඕනනම් දෙන්නවම බාරගනින් මට පාඩුවේ ඉන්න දීලා“

    මම එහෙම කියනකොට කට්ටියම නිකන් අපහසෙට වගේ සද්දයක් දාන්න ගත්තා.

    “ඉතින් දිස්නක මොකද ඒ කෙල්ල හරි නැද්ද?“

    රමතිත් දැම්මා හොට. මට ඉතින් දෙන්න උත්තරත් නෑ මේ වෙලාවට. ඒත් ගණදෙවි නුවණ පහල වුනා.

    “මට කෙනෙක් ඉන්නවා බඳින්න...“

    මම කියපු කතාවට කට්ටියම උඩගියා.

    “මොකා...තෝ අපිට කිව්වේ නෑනේ...කව්ද බොල ඒ ගැටිස්සි“

    “උඹලා එයාව දන්නෑ...එයා අපේ තාත්තගේ යාළුවගේ දුව..අපි පොඩි කාලෙම තාත්තලා තීරණේ කරාලු අපිව ලොකු උනාම බන්ඳන්න...“

    මම කියපු අමු කෙප්පෙට සේරම අහුවෙලා වගේ.මට බොක්කෙන්ම හිනාත් එක්ක. අපේ සෙට් එකම නිකන් විකාර වෙලා හිටියේ මගේ ඉතිහාස කතාවට.

    “ඒකනම් හරිම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්...“

    ධනුෂ්කයා කිව්වා.

    “ඔව් ඔව් බන්...එහෙම තීරණේ කරනවද පොඩි කාලෙම බන්ඳන්න...හදිස්සියෙවත් ලොකුවෙනකොට ඒකි මේ ඉෂානි වගේ පට්ට දොදොල් කෑල්ලකවෙලා හිටියොත් සුම්මා නේද?“

    සමීරගේ කට කැඩෙන කතාවට ඉෂානි අතේ තිබුනු වතුර බෝතලෙන් දමලා ගැහුවා සමීරට.

    “මොනවා කරන්නද බන්..දෛවය තීරණය වෙන විදිය තමයි“

    මම පුල් සීරියස් පිටම සුසුම් පොදියක්ම පිට කරගෙන කිව්වා. අපේ කස්ටිය දැන් තවත් අප්ස්ට්.

    “ගණන් ගන්න එපා දිස්නක..දැන් එතකොට කෝ ඒ උඹේ බාලේ තීන්දු වුන ප්‍රේමේ?“

    මුදිත වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ මම සිරාවටම හිරකරන ගමන්.

    “ඒකි දැන් ඉන්නේ කුරුණෑගල පැත්තේ..හිටපු ගමන් කතාකරනවා දැකලා නෑ“

    මෙච්චර කටට බොරු එන්නේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ. ඒත් අපි කස්ටිය කෑම වෙලාව ඉවරවෙලා වැඩට ගියේ සෑහෙන්න හිත බර කරගෙන. මටනම් යටිපතුලෙනුත් හිනා.

    * * * * * * * * * * * *

    එස්.කේ එක ගාවින් මමයි සමීරයි එක්ක මුදිතත් මාරුවුනා ස්ටෑන්ඩ් එක පැත්තට. වෙලාව පහට කිට්ටු නිසා ගොඩක් බස් වගේම වාහනත් එහෙ මෙහෙ යනවා. පන්ති ඉවරවෙලා එගොඩහ පැත්තෙන් වැගේම පල්ලිමුල්ල, වෙරළපාර පැත්තෙන් ළමයි පෝලිමට ස්ටෑන්ඩ් එකට එනවා. අපි තුන්දෙනා යටියන බස් නවත්තන තැන ලඟින් මාරුවෙලා කොළඹ යාඩ් එක පැත්තට ගියා. ගිහින් වැලිගම බස් නවත්තන තැන හිටියා. ගොඩක් සෙනග.

    තුන්දෙනාම රටේ නැති වල්පල් කතාකරන අතරේ සමීරගේ රබර් ඇහැ ක්‍රියාත්මක වෙලා..

    “අඩෝ දිස්නක..අන්න උඹලගේ අල්ලපු ගෙදර චූටි කුමාරි ඉන්නවා..මම දැකපු ගමන් ඒකිගේ ඇස් ටොම්බ සයිස් වුනා..මම දුන්නා මචං ඇස්පාරක්..ඒක් වන් ෂොට් නොකවුට්..දැන්නම් ඔලුව උස්සන්නෙත් නෑ...හරියටම ලොකු එකී වගේමයි නේද බන් දැන්...ඔන්න ඉතින් අපි තමයි කෙල්ලෝ පිලිවෙලට හදන කොල්ලෝ..“

    සමීරයගේ කතාවට මට ඉහින් කනින් දාඩිය දැම්මා. මම බැලුවා නෙත්මි දිහාව. නෙත්මි තව යාළුවෙක් එක්ක ඉන්නේ. ජිත්මි හිටියේ නෑ. නෙත්මි හිටියේ බිම බලාගෙන තොල් හපාගෙන. මූණේ තිබ්බ තරහ දැක්කම මට තවත් දාඩිය දැම්මා. මේ අවලමා නම් තල්අරඹට යයි. ධනුෂ්කයත් වැලිගමට යයි, මම එපාද මේකි එක්ක මඩිහේ පුබුදු මාවතේ පියමනින්න ඕන.අදනම් මම කම්බස්.

    මම ඒ වෙලාවෙම තීරණේ කලා අදනම් රෑ කීය වුනත් නෙත්ම යන බස් එකකනම් යන්නෑ කියලා. ඕකි සමීරයා කරපු දේට පලියට මට කම්බුල් පාරක් දුන්නොත් බස් එක මැද. ආයෙත් මාතර වසන්න කියලද. මාතර කෙල්ලෙක්ට ඔය වගේ දෙයක් කරන්න බැරිකමකුත් නෑ..ඇරත් නෙත්මිට ඕව කජු ඇට වගේ වැඩ.

    “මචං වැඩේ ගොඩ යයි වගේ නේද?“

    සමීරයා අහපු එකට මටනම් යකා නැග්ගා.මු තමයි හැමදාම මට මේ වගේ චාටර් කේස් දෙන්නේ.

    “ඔව් ඔව් උඹ ගොඩයයි මට වෙන්නේ වැලලෙන්න...යකෝ නැන්දලගේ ගෙදරින් යන්න වුනොත් මට වෙන නවතින්න තැනක් නෑ දෙනියාය ඇරෙන්න“

    මට තරහට සමීරගේ හොම්බට දෙන්න හිතුනා.

    “හරි බන් මම ඇහැක් ගහමු එකෙයි උඹට නැන්දගේ ගෙදර කාඩ් කැන්සල් වෙන එකයි අතර තියන ඉන්ටර් රිලේෂන්ෂිප් එක මොකක්ද බන්“

    මේ යකාට ඉතින් කියලා වැඩක් නෑ. කියන කොටම නෙත්ම නැගපු බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටවුනා. ඒකි වෙඩි පිටවෙන ඇස්දෙකෙන් අපි දිහා බලාගෙන ගියා. සමීරයා දැම්මා තවත් සෙවල හිනාවක්. මම දුවලා ගිහින් ඊලග බස් එකේ වාඩිවුනා.
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    බස් එකක් අල්ලගන්න පරක්කු වුන නිසා නැන්දගේ ගෙදර එද්දි ගොඩක් පරක්කු වුනා. ගෙදර ගේට්ටුව ලඟදිත් අල්ලපු ගෙදර දිහා බැලුවේ අර මාර දූතිය කඩු පොලු අමෝරගෙන ඉන්නවද දන්නෑ කියලා. වෙලාවට නෑ..ඕකට තමයි කියන්නේ ගොරවන තරමට වහින්නේ නෑ කියලා...ඒකිගෙත් බොරු ගොන්පාට් විතරයි.මට පේන විදියට සමීරයා ගහපු ඇස් පාරට මේකි සරෙන්ඩර් වගේ..පවු පොඩි කෙල්ල.

    මම තනියම හිත හිත ගෙදර ආවා. ටිකක් රෑ වෙලා ඉස්තෝප්පුවට වෙලා අහස දිහා බලන් ඉන්න එක හිටපු ගමන් මගේ පුරුද්දක්. ඒ වෙලාවට පලාතම නිෂ්ෂබ්ද නිසා මුහුදේ හඬ හොදට ඇහෙනවා. නැන්දලගේ ගෙදර ඉඳන් මුහුදට කිලෝමීටරයක්වත් නෑ. අහස දිහා බලන් ඉන්නකොට ඇහෙනවා ජිත්මිලගේ ගෙදර පැත්තෙන් ලස්සන සිංදුවක්..මම හිතන්නේ ජිත්මිගේ කාමරෙන් වෙන්න ඕන..මොකද මේ වගේ ප්‍රේමාන්විත සින්දු අහන්න රසවින්දනයක් අර මාරදූතිට තියෙයි කියලා හිතන්න අමාරුයි.


    .... රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් - ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන්....

    සිංදුවේ තාලෙත් එක්ක හීන් හඬින් සිංදුව කියන්නේ ජිත්මිගේ හඬ..මොකද මේ රෑ ජාමේ මේකි මේ ප්‍රේම ගීත ගයන්නේ..ලව් සික්ද කොහේද..පව් දුක තමයි රංජනී

    “ ඔය කෙහෙල්මල වහලා දානවා ඕයි...මොන මගුලක්ද....“

    මහ හයියෙන් ඇහුන බෙරිහන්දීමත් එක්ක එක පාරටම ටී එම් ගේ හඬ වියැකිලා ගියා.

    “මොකක්ද නංගි...මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ“

    ඒ ඇහුනේ ජිත්මිගේ හඬ. කලින් ඇහුණ බෙරිහන් දීම නෙත්මිගේ..හවස වෙච්ච සිද්ධියට නෙත්මි තරහා ගිහිල්ලද කොහේද..දැන් ගෙදර ඇවිල්ලා සුර අසුර යුද්ධේ

    “මට මොකුත් වෙලා නෑ ඕයි..තමුසෙගේ ඔය අඬෝ වැඩියාව අහන්න බෑ..“

    “අඬෝ වැඩියාව...මෙන්න වැඩක්...අච්චර ලස්සන සිංදුව නවත්තලා ඉවර වෙලා එක එක ඒවා කියන්නත් එනවා...යනවා යන්න“

    ජිත්මි නංගිව කාමරෙන් එලවලා දාලා දොරත් වැහුවද කොහේද. අපොයි මමත් මේ ඩොටී ඇන්ටි වගේ ගෑණු ළමයින්ගේ ඕපදූප අහගෙන ඉන්නවා.

    ටික වෙලාවක් අහස දිහා බලන් ඉඳලා මමත් ගියා කාමරේ පැත්තට

    * * * * * * * * * *

    පහුවෙනිදා නැගිටින්න පරක්කු වුණු නිසා බස් හෝල්ට් එකට එනකොට උදේ කාර්යාල සේවේ බස් සේරම ගිහින්. දැන් ඉතින් කාපන්කෝ කට්ට.

    විනාඩි පහක් යන්න වුනේ නෑ මම දැකපු දෙයින් මගේ ඇඟම රත්වුනා. පුබුදු මාවත පැත්තෙන් පැද්දි පැද්දි එන සුරදූතිකාවෝ දෙන්නෙක් දැක්ක ගමන් මට දුවන්න පාර නැතිවුනා. ජිත්මි ඉස්සරහින් එයාගේ පැත්තකින් නෙත්මි එනවා මූණ කුන්ද හට්ටියක් වගේ කරගෙන. ජිත්මිනම් පුරුදු විදියට බිම බලාගෙන හීන් හිනාවක් දාගෙන එනවා.

    එක අතකට මම මොකටද බය වෙන්නනේ. මම වරදක් කරලා නෑනේ. සමීරයා කරපු දේවල් වලට මම මොනවා කරන්නද. මොනවාහරි කිව්වොත් මමත් නිකන් ඉන්නෑ. කියනවා හොඳ එකෙන්. දඟලලා කොල්ලොන්ට කියලා ඇස් ගස්සවගෙන දැන් අපිට රවලා හරියනවද

    හෝල්ට් එකට එනකොටම මුලින්ම ජිත්මි දැක්කේ මාව. එයා පුරුදු විදියටම ගණන් ගන්නෙවත් නැතුව බිම බලාගත්තා. ඒත් නෙත්මිගේ ඇස්දෙක රවුම් වුනා මම දැක්කම. ඇස් දෙකෙන් ඩොලර් පනිනවා වගේ..නෙත්මි ආවා විදිල්ල වගේ මගේ ලඟට.මට හිතන්නවත් වෙලාවක් වුනේ නෑ.

    “ මේ තමුසෙගේ යාළුවගේ ඇස් වල මොකුත් ලෙඩක් තියනවද...“

    නෙත්මි වෙඩි උණ්ඩයක් වගේ ඇහුවා. මට දෙන්න උත්තරත් ආවේ නෑ. ඇයි දෙයියනේ කෙල්ලෙක් මෙහෙම රෞද්‍ර විදියට ප්‍රශ්න අහනවද කොල්ලෙක්ගෙන්.

    “ මම...මම ...ම දන්න තරමින් එහෙම නෑ නංගි“

    ෂික් මට වචනත් පැටලෙනවා.විලි ලැජ්ජාවේ පණ යනවා. එතකොටම ජිත්මි ඇවිත් නෙත්මිගේ අතින් අදින්න ගත්තා.

    “නංගි ඔයාට මොකද වෙලා තියෙන්නේ..මෙහෙට එන්න..මොනාද අනේ මේ හැසිරෙන විදිහ...මම යනවා ගෙදර හරිද“

    ජිත්මි අතින් ඇද්දට නෙත්මි හෙල්ලුනේවත් නෑ. ඇස්දෙක ඩොලර් සයිස් එකේම තියන් ආයෙත් මගේ පැත්තට කඩන් පැන්නා.

    “තමුසෙ දන්නෙ නැතිවුනාට මම දන්නවා...කියනවා ඌට කකුල් දෙක කඩාගන්න එපා කියලා“

    තමුසේ කියපු එකටනම් මට යකා නැග්ගා. මොකද මේ කොහේවත් යන කෙල්ලන්ගෙන් තමුසේ කියලා අහගන්න අපි කරපු වරදක් නෑනේ. මගේ කටටත් පණ ආවා.

    “අල්ලපු ගෙදර නංගි නේද කියලා කට වහගෙන හිටියේ...මේ නංගි ප්‍රශ්නයක් තියනම් ඒ අදාල පුද්ගලයෝ එක්ක බේරගන්න...මම ඇස් ගැහුවනම් මට ඕවා කිව්වට කමක් නෑ..“

    “ඉතින් ඒ ඔයාගේ යාළුවනේ“

    මගේ සද්දේ වැඩිවුනා කියලා තේරුන ගමන් නෙත්මි ටිකක් පස්ස ගැහුවා. ඒක නිසා තමයි තමුසේ කියපු එක ඔයා බවට පරිවර්තනය වුනේ.

    “මගේ යාළුවා කියලා ඌ කරන හැම දේටම මම පලිද...මට පුළුවන්ද එක එක කෙල්ලෝ දඟලලා ඇස් ගස්ස ගන්න ඒවා නවත්තන්න යාළුවෝ වුනත්“

    මගේ රිදම් එක ඕවර් යද්දි නෙත්මි විතරක් නෙවෙයි ජිත්මිත් බයවුනා. ඒ පාරනම් ජිත්මි ඇදපු පාරට නෙත්මි එයාගේ පැත්ට ඇදිලා ගියා. ඒත් නෙත්මි ගේ පට්ට සයිස් ඇස්දෙක තරහෙන් මගේ දිහාටම තිබුණා.

    ඒත් එක්කම ආපු බස් එකේ ඉස්සරහ දොරින් මම නැග්ගා. පස්සේ දොරින් මාර දූතිකාවෝ දෙන්නා නැග්ගා. බස් එකේ යන වෙලාවේ දෙන්නම මාරුවෙන් මාරුවට හොරෙන් මගේ දිහා බැලුවා. මම උන්දිහා නොබලන ගානට හොරෙන් බැලුවා. ස්ටෑන්ඩ් එකට මෙහා කහ ඉර ගාවද බස් එකෙන් බැහැලා ටෙලිකොම් එක පහුකරලා කොටුවෙගොඩ පැත්තට යද්දිත් බස් එකේ වීදුවෙන් දූතිකාවෝ දෙන්නා මගේ දිහා ඇහේ පොට යනකන් බලන් ඉන්නවා දැක්කා

    * * * * * * * * * * * *

    “අහා....සුබ උදෑසනක් දිස්නක මස්සිනා“

    මගේ යකා නැගපු මූඩ් එක නොදැක්කා වගේ සමීරයා හුරතලේට කියනවා.

    “සුබ තමයි අවලමා“

    “මොකක්...මොකද උඹ අද උඹේ පෙලපත් නාමයෙන් මාව ආමන්ත්‍රණය කරන්නේ“

    සමීරයේ මූණේ ප්‍රශ්නාර්ථ ලකුණක් තියාගෙන ඇහුවා.

    “තෝ එක එක කෙල්ලන්ට ඇස් ගහනවා කොලොප්පන් කරනවා...උන් ඇඟට ගොඩවෙන්නේ මගේ යකෝ“

    මට තරහටම මම සමීරයගේ ඇඟට ගොඩවුනා. කාර්යමණ්ඩලයේ අයත් බයවෙලා වගේ අපි දෙන්නා දිහා බැලුවා. සමීර මාව ඇදගෙන පැත්තකට ගියා.

    “දැන් සැකෙවින් කියපං මොකද වුනේ කියලා“

    “මොනවා වෙන්නද...අර අල්ලපු ගෙදර නෙත්මි ඇවිත් උදේ පාන්දර මගේ ඇඟට ගොඩවුනා උඹ ඇස් ගහපු එකට“

    “නෑ......ඉතින් ඒකට අහිංසක උඹේ ඇඟට ගොඩවෙන්නේ මොකටද?“

    “ඒක තමයි යකෝ මමත් අහන්නේ...තොපි කරන වැඩ තමයි...අන්න ඒකි කිව්වා උඹේ කකුල් දෙක කඩනවා කියලා“

    “නෑ....එහෙනම් පරිස්සම් වෙන්න වෙයි.....කොල්ලෝ දෙයක් කිව්වම වගේ නෙවෙයි කෙල්ලෝ දෙයක් කරනවා කිව්වම අනිවා කරනවා...උන් කරන තර්ජන වලට සෑහෙන්න බයයි මම...උන් මරනවා කිව්වොත් මරලම තමයි පස්ස බලන්නේ“

    “මේ ඒවා දන්නේ නෑ මම...ඒකේන් මේකෙන් වුනේ මගේ මූඩ් එකට කෙලවෙච්ච එක විතරයි“

    “හා හා යමන් දැන් වැඩ කරන්න....“

    සමීරයා මාව උඩ තට්ටුවට ඇදගෙන ගියා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාව නම් සිරා.. කතාව ගොඩක් දිගයිද..? දිගයි නම් ගොඩක් දවස් ගන්නෙ නැතුව දවස ගානෙ අප්ඩේට් කරන්න හොදේ..:yes::yes:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    සමීර එක්ක තිබුණු තරහ දවස තිස්සෙම අඩුවුනේ නෑ. සැරින් සැරේ මගේ මේසෙට ඇවිත් පුරුදු විකාර ටික කරලා ගියත් හිතේ තරහ අඩුවුනේ නෑ. අනිත් සෙට් එකේ එවුන් ඇවිත් එක එක ඒවා කියලා ගියත් ඉවසදරා ගන්න බැරි තරහ තිබුණේ සමීරයා එක්ක විතරක් නෙවෙයි. අහක යන හට්ටියක් මගේ ඔලුවේ නවපු එකට අල්ලපු ගෙදර මාර දූතිකාව නෙත්මි එක්ක මාළු කන්න තරම් තරහක් මගේ හිතේ තිබුනා. ඒ තරහටම හවස සමීර එනකන් ඉන්නෙත් නැතුව තනියමම ස්ටෑන්ඩ් එකට ආවා. ඇවිත් මුලින්ම තිබුණ බස් එකේ නැගලා ගෙදර ගියා.

    හවස අයියාගේ චූටි එකත් වඩාගෙන ටිකක් එලිපහලියේ ඇවිදින්න හිතුනේ හිතේ තිබුණු බර අඩුවෙන්නත් එක්ක. තාම යන්තන් ඇඟ කෙලින් කරන් හිනාවෙන්න කෑගහන්න පුළුවන් කම තිබුණු පුංචි එකා මගේ අතට වෙලා හොඳට හිටියේ මම මිදුල පුරාම එයාව අරන් ඇවිද්දවන නිසා.

    එතකොටම මල් වට්ටියකුත් අරන් එලියට ආවේ ජිත්මි. ඒත් වැට මායිමේ ගස්වලට වැහිලා එයාට මාව පේන්නේ නෑ. අර මාර දූතිකාවනම් ලඟපාත හිටියේ නෑ. ජිත්මි සින්දුවකුත් කියාගෙන මල් කඩන්න මිදුල පුරා යන්න ගත්තා. මට එයාව පේන්නෙත් මල්ගස් අතරින් විතරයි. ජිත්මි වතුසුද්ද ගහ අද්දර ඉඳගෙන සීරුවට මලින් මල කඩන්න ගත්තේ සින්දුවත් මුමුණන ගමන්මයි.

    “ඉගිලෙන්න තහනම් නම් දුරක් - ඇයි දුන්නේ මට අත්තටු දෙකක්..“

    මරු සින්දු තමයි කියන්නේ. හරියට කිරිල්ලියෙක් ඉගිලි ඉගිලි කියනවා වගේ. කට තියන් ඉන්න බැරි කම මතුවෙන්නේ ඒ වගේ වෙලාවට.

    “චූටි බබා...ඔයානම් ඉගිල්ලෙන්න හදන්න එපා...මොකද අපි කැමති ඔයා පොලවේ පයගහල යන චූටි බබෙක් වෙනවට“

    අල්ලපු වත්තටත් ඇහෙන්නම පොඩි එකාගේ කම්මුල මිරිකලා කියපු දේට ජිත්මි ගැස්සිලා මේ පැත්ත බැලුවා. දකින්න ඇත්තේ අහක බලාගෙන පොඩි එකා එක්ක කතාකරන මම. එයාගේ සින්දුව එහෙම්ම නැවතුනා. දඩ බඩ ගාලා මල් ටික කාඩාගෙන ගේ ඇතුලට දිව්වේ හරියට කවුරුවත් අතවරයක් කරන්න ආවා වගේ.

    “ඔන්න ඕක තමයි චූටි බබෝ මම කියන්නේ කවදාවත් ඉගිල්ලෙන්නනම් එපා කියලා“

    මම පොඩි එකාට කියනකොට නැන්දයි අක්කයි ඇවිත් මිදුලේ මගේ විකාර දිහා ඉස්තෝප්පුවේ ඉඳන් හිනාවෙවී ඉන්නවා.

    “මොකද මල්ලි මේ චූටි බබා කියන්නේ....ආ චූටි බබා මාමිට වද දෙනවද ඔයා“

    අක්කා මගෙන් චූටි බබාව ඉල්ලා ගත්තා. අම්මගේ කටහඬ සුවඳ දැනෙන කොට කාන්දමකට වගේ චූටි බබා ඇදිලා ගියා.

    “මේ නොතේරෙන චූටි එකාට ඔයාගේ කවි සිතුවිලි තේරෙන්නේ නෑ චූටි පුතේ...“

    නැන්දා දාපු නෝන්ඩියට පොලව පලාගෙන යන්න පුළුවන් තරම් සැපයි.


    * * * * * * * * * * * *

    ඊට පහුවෙනි සෙනසුරාදා දවසේ වැඩ කරන්න යනවා. සෙනසුරාදා වැඩ කරන්න තියෙන්නේ වරුව නිසා එදාට තමයි අපි කැමැත්තෙන්ම වැඩට යන දවස. තව ඉතින් සෙනසුරාදා රාජකාරී ඇඳුමෙන් යන්න ඕනත් නෑ, සාමාන්‍ය ඇඳුමෙන් යන්න පුළුවන් නිසා එදාට තවත් කැමතියි.

    මට උදේම නගින්න වුනේ සන්බීම් බස් එකේ.කොහේද ඉඳන් දුවගෙන ආපු ජිත්මිත් හිරට හිරේ ඩෙනිමක් ඇඳගෙන අමාරුවෙන් බස් එකට නැගගත්තා. හිනාවේ පණ යනවා එයා බස් එකට නගින්න විඳපු දුක දැක්කම. මෙච්චර හිරට ඇඳගෙන අමාරුවෙන් බස්වලට නගිනවා,විනාඩි පහේ ගමනට පැයක් විතර මග ගාටනවා, අතේ තියන දෙයක් වැටුනත් නැවෙන්නේ නෑ අහුලගන්න...ඒත් ගෑනු ළමයි කියනවා ඒක හරි ලේසියිලු. අපිටනම් ඕවට අධෝ භාගෙනුත් හිනා.

    බස් එක ස්ටෑන්ඩ් එකේ නැවැත්තුවා විතරයි මම බැහැලා යන්න හදනකොටම ජිත්මිත් බැහැලා ගියා. මම හිතුවේ අඩුම ගානේ නංගි කරපු දේට මෙයාවත් සමාව ඉල්ලාවි කියලා. අපෝ මෙයාලගේ චර්යාව අන්තිමයි. සමාව තියා හිනාවක් වත් දැම්මේ නෑනේ. මට මොකද ඉතින් කියන්න ඕන ටික දෙන්නටම ඇහෙන්න කිව්වනේ එදා.

    මම පහුකරගෙන යන ජිත්මි පර්ස් එක ඇරලා ජංගම දුරකතනේ අතට අරගෙන කනේ ගහගත්තා. වැරදීමකින් ජංගම දුරකතනෙත් එක්කම පර්ස් එකෙන් රුපියල් දෙදාහක කොලයකුත් එලියට ඇවිත්...තව චුට්ටෙන් වැටෙනවා. චුට්ටෙන් නෙවෙයි ඒක වැටුනා. මේ කෙල්ල ඒ කිසි දෙයක් දන්නේ නෑ ජංගමෙත් කනේ ගහගෙන අඩියට දෙකට දුවනවා. කවුරුවත් දකින්න කලින් මම දෙදාහේ කොලේ අතට අරගත්තා..

    ...නංගි නංගි..මෙන්න ඔයාගේ සල්ලි වැටුනා...

    මම කියපුවා ඇහෙන්නේ කොහේද යනවා හැටට හැටේ. එස්. කේ එක ඉස්සරහ කහ ඉරත් පහු කරලා ජිත්මි යනවා. උදේ පාන්දර දුවන්නත් බෑ. මම අන්තිමට එයාට කතාකරන එක අතෑරලා එයාගේ පස්සෙන් ගියා. වැටුන සල්ලි දෙන්න විතරයි.

    ක්ලාස් සල්ලි වෙන්න ඇති. පවු මේක නැතිවුනොත් කොච්චර ලැජ්ජාවක්ද. ඒ මදිවට ක්ලාස් එකත් පාඩු වෙනවා. නැත්නම් දවල් කෑමත් නැති වෙයි. මේවා හිත හිත මම ජිත්මිගෙ පස්සෙන් යනවා. එයා මයුර කැෆේ එකත් පහුකරලා මාකට් පාරත් පහුකරලා යනවා.

    මෙහෙම ගියොත් ක්ලාස් එකට යන්න කලින් මෙයාව නවත්තන්න වෙන්නේ නෑ කියලා මට තේරුනා. මම ගියර් එක මාරු කරලා වේගේ වැඩිකලා. එයාට ටිකින් ටික ලංවුනා. අන්තිමට මම එයාගේ පැත්තක.

    “ එක්ස් කියුස් මී නංගි...“

    මම එහෙම කිව්වා විතරයි ජිත්මි හැරුණා හැරිල්ලක් ගිනි කිකිලි වගේ. කතා කලේ මම කියලා දැක්කා විතරයි ජිත්මිගේ ඇස් දෙක උඩ ගියා. කෙල්ල හිතන්න ඇත්තේ මම හදන්නේ ඒකිට බනින්න කියලා වෙන්න ඇති. ඒත් මම මගේ අතේ තිබුණ දෙදාහේ කොලේ දික්කලා.

    “ඔයාගේ පර්ස් එකෙන් මේක වැටුනා ස්ටෑන්ඩ් එකේදි“

    මම එහෙම කිව්වම එයාගේ මූණේ හරි අසරණ අහිංසක කමක් මැවුනා. දෙයියනේ කෙල්ලෝ වෙස්මාරු කරන ඉක්මණ. කටුස්සෝ හරි ප්‍රාථමිකයිනේ මේ වගේ වෙලාවට. ගෑණු ළමයින්ට පුළුවන් ඕනම වෙලාව සීදේවී ගේ සිට මූදේවී දක්වාත් මූදේවී ගේ සිට සීදේවී දක්වාත් වෙස් මාරු කරන්න.

    “තෑන්ක් යූ අයියා“

    “මම එතනදි ඔයාට කතාකලා...ඔයාට ඇහුනේ නෑ..“

    මම එහෙම කිව්වම ඒකි හීන් හිනාවක් දැම්මා විතරයි. මම මෙච්චර දෙයක් කරලත් මෙයාට කිසි ගාණන් නෑ. දැන්නම් පුච්ච ගත්තු තෙල් ටික ගැන මටම තරහයි.

    “බායි“

    මෙන්න මේකි බායි කියලා යන්න ගියා. පාරේ තියන පොලු කෑල්ලක් අරන් මටම ගහගන්න හිතුනා. මාර කෙල්ලෝ තමයි.

    මම ටික වෙලාවක් බලන් ඉඳලා ආයෙත් මාකට් පාර පැත්තට හැරුනේ අලුත් තංගල්ල පාරට එන්න. ඒත් එක්කම කොහේද ඉඳලා ආපු ස්කූටියක් මගේ ඉස්සරහින් පාර හරස් කරලා නතර කරා. ඉස්සරහ හිටපු කොල්ලා හෙල්මට් එක අතට ගත්තා. මම දැකලා නැති කොල්ලෙක්. පෙනුමත් නිකන් හුරු නෑ වගේ. හිතට අමුත්තක්නම් දැනුනා. පස්සෙත් තව කොල්ලෙක් හිටියා.

    “මේ යාළුවා...ඔබතුමා කව්ද?“

    කතාකරපු විදියනම් එච්චර ඇඟට ගුණ නැති නිසා ටිකක් කල්පනාකාරී වෙන්න මම තීරනේ කලා. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම ඒ විදියටම උත්තර දුන්නම හරි මගෙ හිතේ

    “ඇයි අහන්නේ“

    මගේ උත්තරෙන් බයිසිකල් කාරයෝ දෙන්නට තේරුණා මමත් නිකන් එසේ මෙසේ පොරක් නෙවෙයි කියලා.

    “හරි හරි යාළුවා කව්රු වුනත් කමක් නෑ ඔය පස්සෙන් එලවන්නේ අන්සතු මලක..හරිද“

    දැන් තමයිනේ සිද්ධියට මුල පිරෙන්නේ. එහෙනම් මේ ජිත්මි සම්බන්ධ කේස් එකක්.

    “අන්සතු මලක්..? මම දන්නෑ එහෙම මලක්“

    “දැන් ඔය පස්සෙන් පෑගුවේ...අන්න එයා තමයි...කරුණාකරලා එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න..මේ පලවෙනි සහ අවසන් අවවාදය“

    එහෙම කියලා කොල්ලා හෙල්මට් එක දාගෙන වන්ෂොට් බයික් එක ස්ටාර්ට් කලා.

    “බොහොම ස්තූතියි යාළුවා“

    මමත් හිනාවක් දාගෙනම කියද්දි ඔල්මොරොන්දන් වුනු බයික්කාරයෝ දෙන්නා යන්න ගියා.
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මම කඩිමුඩියේ කාර්යාලය තුලට දිව්වේ ප්‍රමාදවීම නිසාම නොවෙයි. සමීර හොයාගෙන සිද්ධවුණු දේවල් ටික කියන්න තිබුණු හදිස්සියට. කව්ද දෙයියනේ දන්නේ මෙහෙම හෙණ ගෙඩි පාත්වෙනවා කියලා. දැන් අයිතිකාරයෙක් සද්දේ දානවා. මේ දවස්වල නරක ග්‍රහයෙක් කැරකෙනවද කොහෙද. නොකරපු වැරදි වලට දඬුවම් ලැබෙන යෝගයක්වත් ලබලද කොහෙද.

    “මචං සමීරයෝ මාර වැඩේනේ බන් වුනේ“

    සමීරය හොයාගත්තු ගමන් උගේ මේසේ ඉස්සරහ වාඩිවෙලා කියන්න පටන්ගත්තා කතාව. සමීරයා ලිපිලේඛන කන්දක් මේසේ උඩ දිගඇරගෙන හිටියේ. අපරාදේ කියන්නේ සමීර හොඳ කාර්යාල සේවකයෙක්, කවුරුහරි ඕපදූපයක් කියන්න ආවම සේරම රාජකාරි වැඩ පැත්තක තියලා ඕපදූප අහන්න රුසියා.

    “දැන් මොකක්ද උඹේ මාර වැඩේ“

    සමීර ලිපිගොනු අස්සෙන් ඔලුවදාලා ඇහුවා.

    “මම ආපු බස් එකේ අර අපේ අල්ලපු ගෙදර ලොකු කෙලී ජිත්මිත් ආවා“

    “ආ...උඹ අදත් බැනුම් ඇහුවද මගේ ඇස් පාරට“


    “මගුල...ජිත්මි බස් එකෙන් බැහැලා යන්න හදද්දි පර්ස් එකෙන් රුපියල් දෙදාහක් වැටුණා“

    “නෑ...ඉතින් කාටත් කලින් උඹ ඒක සාක්කුවේ දාගෙන වැඩට ආවා....මරු මරු...යමං ගිහින් මිනාමි එකෙන් කමු තොසේ..උඹ එල කොල්ලෙක්නේ බං“

    “තොට පිස්සුද යකෝ...උඹ හිතුවද මම උඹ වගේ එකෙක් කියලා...මම ඒ දෙදාහ අරගෙන ඒකිගේ පස්සෙන් රේස් එකක් දුවලා යන්තං ඒකිව අල්ලගත්තා මාකට් පාර ලඟදි“

    “ඒකි හැරිලා දුන්නා උඹට හොඳ කුඩ පාරක්...පස්සෙන් ආවා කියලා...මරු මරු සීන් එක...ෂික් මමත් ඉන්න තිබ්බේ“

    “පනින්න එපා යකෝ...එහෙම වුනානම් දුක නෑ...මම ඒකිට රුපියල් දෙදාහ දුන්නම ඒකි තඹේකට ගණන් ගත්තේ නෑ බන් මම කරපු උදව්ව“

    “ගණන් ගන්න එපා බන්..කෙල්ලෝ ඔහොම තමයි...ඕක උඹට වුනු පලවෙනි සිද්ධිය වුනාට අසරණ සරණ මට හැමදාම ඔය වගේ වැඩ වෙනවා...පහුගිය දවසක හෙණට සෙනග හිටපු බස් එකක වයසක අන්කල් කෙනෙක් තද වෙලා එනවා...මම ඉතින් ඉහ නිකට ගැන හිතලා නැගිටලා ෂීට් එක දුන්නා...පඹුරණට යන්න වුනේ නෑ බස් එකට නැග්ගා සූකිරි කෑල්ලක්...අන්කල් කාරයා දඩ බඩ ගාලා නැගිටලා සෙවල පෙරාගෙන කෙල්ලට ෂීට් එක දුන්නනේ බන්....මට නෙලන්න හිතුනා එතනම දාගෙන...ඒත් ඉතිං මම ඉවසුවා බන්“

    සමීරයගේ කතාවට සකල සරීරෙන්ම මට හිනා.

    “ඒක නෙවෙයි යකෝ කියන්න ආවේ.. මම අරකිට රුපියල් දෙදාහ දීලා මාකට් පාරෙන් එන්න හදනකොටම බයක් කාරයෝ දෙන්නෙක් ඇවිත් මට සද්දයක් දැම්මනේ අයිතිකාරයෝ ඉන්න කෙල්ලොන්ට පාඩුවේ ඉන්න දීපන් කියලා“

    “නෑ...අම්මා ගහයි විකට කුරු තුනෙන්ම..“

    “ඔව් බන්...මමත් අතෑරියේ නෑ...සැරට කතාකලා එපාර උන් ගියා...කව්ද දන්නෑ අයිතිකාරයා“

    “අපිට වැඩක් නෑ බන් ඕවා...උඹ දෙනියායේ එකා...මම වැලිගම එකා...නිකං මේ පිටින් ආපු අපි දෙන්නා මොකටද බන් මාතර ටවුන් එක මැද කලිසං ඔලුවෙන් ගලවගෙන චාටර් කන්නේ..පාඩුවේ ඉඳපන් බන්“

    “හරි හරි ඒක අපි පස්සේ බලමුකෝ...මාත් කැමතියි ඒ අයිතිකාරයා ගැන දැනගන්න“


    * * * * * * * * * * * * * *


    දවස් දෙකකට විතර පස්සේ කඩේ ගාවට යද්දි ජිත්මි ඉස්සරහට මුණ ගැහුණා. මාර දූතිකාවත් හිටියා එයා එක්ක. හැබැයි නෙත්මි එදානම් බලපු බැලිල්ල මට ඇල්ලුවේ නෑ. කොහොමහරි හවස මම නැන්දලගේ ගේට්ටුව ලඟට වෙලා පාරේ පොඩිවුන් සෙල්ලම් කරනවා බලන් හිටිද්දි මගේ පැත්තකින් අඩි සද්දයක් ඇහුණා.හැරිලා බලද්දි නෙත්මි..අප්පට හුඩු මට දාඩියත් දැම්මා.මේකි ආයෙත් බනින්නද අහේතුකවම. නැන්දලගේ ගෙදර ඉස්සරහදි බැනුම් ඇහුවොත්නම් වසලා හමාරයි. හැබැයි නෙත්මිගේ මූඩ් එකනම් ටිකක් හොඳයි වගේ. කහපාට මල් මල් කොට ගවුමක් ඇඳලා. හැබෑ ලස්සනක් තියනවා අදනම්.

    “මේ හලෝ...මට අයියා එක්ක ටිකක් කතාකරන්න පුළුවන්ද?“

    නෙත්මි එහෙම ඇහුවම මගේ මානසික තත්වේ විකාර වුනා. ඒ පාර මෙයා මොකාටද එන්නේ. අදනම් රඟපාන්නේ අක්කගේ චරිතෙද කොහෙද. පාරෙ වුනත් කමක් නෑ කතාකරනවා කියලා හිතාගත්තා.

    “ඇයි නංගි...කියන්න“

    “නෑ...මේ මේ....එදා...වෙච්ච දේට සොරි හලෝ....මට යකා නැග්ගා අර සෙවලයා ඇස් ගැහුවම...ලඟ පාත හිටියනම් ගෙම්බ ගැහුවා වගේ ගහනවා පොලවේ...ඒ යකා ඇස් ගහද්දි ලඟ ඔයත් හිනාවෙවී ඉන්නවා දැක්කම මට ඔයත් එක්කත් තරහා ගියා...ඒකයි එදා ටිකක් කෑගැහුවේ..“
    නෙත්මි කිව්වේ ඇත්තටම හිතේ කිසිම කිලුටක් නැතුව තරහා මරහා අමතක කරලා. මේ වෙලාවේ නිකං ගොන්පාට් ඇක්ට් කරන්න ගිහිල්ලා පොට වරද්දගන්නේ නැතුව සාමෙන් ෂේප් වෙන එක හොඳයි.

    “ඉට්ස් ඕකේ නංගි...මම ඒක අමතක කලා“

    මමත් හීන් හිනාවක් දාලා කිව්වා. නෙත්මිත් ලොකු හුස්මක් අරගෙන හොඳ හිනාවක් දැම්මා. කොච්චර තරහා ගියත් හිනාවෙනකොට එයා හරි ලස්සනයි.

    “එහෙනම් කමක් නෑ අයියේ...එහෙනම් ෂේප් නේද..මම යන්නම් එහෙනම්...“

    “හා හොඳයි නංගි“

    නෙත්මි දුවගෙන වගේ ගෙදර දිව්වා. එක අතකින් ඒක එහෙම වෙච්ච එක හොඳයි. නැත්නම් ඒක හිතට මහ වදයක් වෙනවා. ඇරත් නෙත්මි වගේ කෙල්ලෙක් පිට් එකේ තියන් ඉන්න එකත් හොඳයි.

    ඊලඟ ප්‍රශ්නේ කව්ද ජිත්මිගේ අයිතිකාරයා. ගෙදර ඉන්නෙනම් ඇපල් වලට අකුරු දන්නේ නෑ වගේ ඒත් අයිතිකාරයොත් ඉන්නවා. ෂේප් එකේ නෙත්මිගෙන් අහගන්න ඕන. ඒත් මට මොකටද ඒවා. විකාර