තෙල් නැත්තන් මොකද කරන්නේ?
අද පවතින ඉල්ලුමට හරියන්න තෙල් ගේන්න මොන ආණ්ඩුවක මොන ජගතෙක් ආවත් බැරි බව පැහැදිලිය.
ඒක තවම පැහදිලි මදි නම් හොදම දේ ඔබගේ වාහනයේ තියන තෙල් ටික හිදෙන්න දුවා, පෝලිමකට සෙට් වීමයි.
මෙතැන් සිට සීමාසහිතව ගෙන්වන සහ අනිවාර්යෙන් ගෙන්විය යුතු(MUST) තෙල් සලාකය පලදායි ලෙස අර්බුදයෙන් ගොඩ එන්න උපකාරකයක්(supporter) ලෙස යෙදවිය(Utilize) යුතුය.
ඒ කෙසේද?
රජය සහ IOC එක තෙල් බෙදා හැරීම කල යුත්තේ අත්‍යවශ්‍ය සේවා, නිෂ්පාදන සහ අපනයන සේවා සහ පොදු ප්‍රවාහන සේවා සදහා පමණය.
එනම් විදුලි බල නිෂ්පාදනය, රෝහල්, වෙළද කලාප, ඇගලුම් කම්හල්, දුම්රිය, බස්, පාසල් ප්‍රවාහන සේවා.
හැම ෂෙඩ් එකටම පිස්සුවෙන් වගේ තෙල් බෙදන්නනේ නැතුව රජයට වග කියන ෂෙඩ්(CTB, සමුපකාර වගේ) කීපයක් සෑම නගරයකින්ම ඉහත ප්‍රමුකතා වලට පමණක් තෙල් බෙදා හැරීමට නියාමනයට යටත්ව කල ගත යුතුය.
පොදු ප්‍රවාහනය විදිමත් කර නියාමනයට වහාම වැඩ පිළිවෙලක් සැකසීම.
ණයක් ලැබුනද ඒක තෙල් වලටම පුච්චලා නාස්ති කලොත් අර්බුදයෙන් ගොඩ එන්නට බැරිය. හොරා කෑ සල්ලි අද හෙට ලැබෙන්නේද නැත.
එනිසා ජනතාව පොදු ප්‍රවාහනයට යොමු කිරීමට බස් සේවය(private, CTB දෙකම) වහ වහා ශිෂ්ටචාර ගත කර profesional සේවාවක් කල යුතුය. නීති සහ දඩ වැඩි කල යුතුය(රජයට අදයමකි). පාසල් සේවා සපයන වෑන්, බස් වහාම නියාමනයට යටත් කල යුතුය, ළමයි ගෙනියන නිසා පරිස්සම් සහගත විය යුතුය.
1980 ගණන් වල(ඊට පෙර ගැන මා නොදනී) CTB එකේ drivers සහ conductors ලාගේ වුර්තියම(profesinal) භාවය සහ පුද්ගල ගරුත්වය(Respect) ඔබට මතක නම්, අපි ඒ quality එකට පොදු ප්‍රවාහනය ගෙන ඒමට නීති සහ ජාතික ප්‍රවාහන ප්‍රත්පතියක් සකස් කර පාර්ලිමේන්තුව වහා සම්මත කර ගත යුතුය.
කැමති උනත්, අකමැති උනත් ඔයා,මම ,කලින් එක්කෙනා එක ගානේ privete vehicles පාරට දාගෙන රස්සාවට,ඉස්කෝලෙට trafic එකේ කාර් පැදපු යුගය තව දුරටත් maintain කල නොහැක.
පොදු ප්‍රවාහනයට හුරු වන්න වෙනවා...පුෂ් බයිසිකලයක් අරන් පුරුදු වෙන්නත් වෙනවා කරන්න දෙයක් නෑ....!
ලැබෙන ණය ටිකෙන් තෙල් ගෙනල්ල ඒක කාර් වලට සහ traffic එකට පිච්චුවොත් අපිට අර්බුදයෙන් අර්බුදයට යන්න වෙනවා එච්චරයි...!
පාර ළමයකුට උනත් බය්සිකලයක් පැදන් යන්න පුළුවන් ආරක්ෂිත තැනක් කරන්න පොලිසියේ traffic මහත්තුරු අකුරට නීතිය ක්‍රියාත්මක කල යුතුය.
Last but not least පාලකයන් ආදර්ශමත් විය යුතුය.
තෙල් නාස්ති කරන වාහන සහ වාහන parede වලින් වහාම ඉවත් විය යුතුය...නැත්තන් උන්ව ඊලග පාර ජනතාව ඉවත් කල යුතුය(එයාල කරන දෙයින් පෝලිමේ ඉන්නේ, බඩට වදින්නේ ජනතාව වන අපිට කියල අමතක කරන්න එපා)
අපි බලන් ඉමු බස් එකේ, කෝච්චිය , බෝට්ටුවේ හැමදාම පාර්ලිමේන්තු එන පාලකයෝ කවුද කියල...!
අපි දැන් ඉන්නේ වලේ... හොරා කාපු ඩොලර් බිලියන් ගාන රට ඇතුලට ගේනකන් අපි වලෙන් නරා වලට නොවැටී ඉන්න විදිහක් ඉක්මනට හදා ගම්මු...ඒක අපි අපිම එකතු වෙලා කර ගන්න ඕනේ ...! ඒකට ළමයි ඉගෙන ගන්න ඕනේ ...රටේ නිෂ්පාදන සේවා වෙනදාටත් වඩා හයියෙන් වැඩ කරන්න ඕන. මිනිස්සුන්ගේ සෞක්‍ය රැක ගන්න ඕනේ ...!
අපිට ජය ...! හොරා කෑ උන්ට පරාජය ..!
Copied from Facebook