ඔය ආණ්ඩුකාරවරිය, අනුරාධා යහම්පත්ට අයින් වෙන්න කියලා ජනාධිපතිකාර්යාලයෙන් කිව්වා.
ආණ්ඩුකාරවරයා කියන්නේ ඒ පළාතේ ජනපතිගේ නියෝජිතයා. ඉතින් ජනපති වෙනස් උනොත් ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙලා අභීනව ජනපතිගේ කැමැත්ත පරිදි ඔහුගේ නියෝජිතයා පත්කරන්න ඉඩ දීම තමයි සම්ප්රදාය. මොකද ජනපතිට ආණ්ඩුකාරවරු පත් කරන්න පුළුවන්. වසර හතරක ධුර කාලයකට, හැබැයි අයින් කරන්න බලයක් නැහැ. ඉතින් ඒ නිසා ගෝටා පත් කරපු අයට අයින් වෙන්න කියලා රනිල් කිවා.
නැගෙනහිර ආණ්ඩුකාරවරිය අනුරාධා අයින් වෙන්නේ නැතුව දැන් මිඩියා ටිකක් අල්ලා ගෙන සිංහල බෞද්ධ නිසා එයාව අයින් කරන්න යනවා. ඒකට ඉඩ දෙන්න හොද නැහැ කියලා වෙන මතයක් ගෙනියනවා. මෙහෙම උන් නං අයින් කරලම දාන්න ඕනි.
මට පැහැදිලි නැහැ ආණ්ඩුකාරවරයෙක් ඉද්දි තව කෙනෙක් එතනට පත් කරාම පළමු පත්වීම අහෝසි වෙනවද කියලා. ඒක උසාවියෙන් බලාගන්න වෙන්නේ.