ආරක්ෂක නිලධාරියා

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    ආරක්ෂක නිලධාරියා

    ඇන්තනි රාජා හෙවත් ඔහු..

    මට ඇන්තනි අයියව මුණ ගැහෙන්නෙ බොහොම අපූරු විදියට. මේ අපූරු මුණ ගැසීමට පෙර ඔහු අප විශ්වවිද්‍යාලයේ (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) සේවය කරන තවත් එක් JSO (Junior Security Officer) කෙනෙක් විතරයි. අපේ හොස්ටල් එකේ තියෙනව මේ ආරක්ෂක නිලධාරීන්ට එයාලගේ සටහන් තියන්න ලොග් පොතක්. ඒකට එහා පැත්තේ තියෙන්නෙ හොස්ටල් එකේ ඉන්න උන් එලියට යනකොට අත්සන් කරල යන පොත. දවසක් හවස මම හොස්ටල් එකට ඇවිත් අත්සන් කරන්න හොයද්දි වැරදීමකින් අතට ගත්තෙ මේ ලොග් පොත. පොත අරිද්දි ඒකෙ ඇතුලෙ තිබුණ හතරට නවපු කොලයක්.

    මං කොලේ දිග ඇරිය... කොලේ දෙපත්තෙම චිත්‍ර.. කටු බලි නෙවේ... බෝල් පොයින්ට් පෑනෙන් ඇඳපු විශිෂ්ට ගණයේ චිත්‍ර..

    attachment.php


    attachment.php


    මේ තරම් වටින චිත්‍රයක් ඇයි මේ හතරට නවල පොතක් ඇතුලෙ දාල.. මට මේ ගැන හොයන්න හිතුන.. මං ලොග් පොත කියවන්න පටන් ගත්ත. ඊට කලින් දවසෙ රෑ හොස්ටල් එකේ නයිට් ඩියුටි කරල තියෙන්නෙ ඇන්තනි රාජ්.

    කවුද මේ ඇන්තනි, මං ඒ ගැන හොයන්න උත්සුක උනා. මේකට මට සහය උනේ හොස්ටල් එකේ අංකල්.

    "ඇන්තනිට වයස 40ක් විතර ඇති. වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක් උනාට ඇන්තනි ආට් වැඩ වලට දක්ෂයි"

    දවසක් මට හොස්ටල් එකේදි මේ අපූරු ආරක්ෂක නිලධාරියා හම්බෙනවා.

    "මට ඇන්තනි අයියගේ චිත්‍රයක් හම්බුනා.. අර කාන්තා රූප දෙකක් ඇඳලා තිබුණේ.."

    ඔහු මට මඳක් සිනාසෙනව.

    "රෑ එළි වෙනකම් ඇහැරල ඉන්නකොට කම්මැලියි මල්ලි. මං ඒක නිකමට ඇන්දේ"

    මට මොහු ගැන උනන්දුවක් ඇතිවෙනව. මං ඔහුට කඩදාසියක්, පැන්සලක් දීල කියනව "අයිය කැමති දෙයක් මේකෙ අඳින්න. මං ඒක ඉන්ටනෙට් එකේ දාන්නම්" කියල.

    attachment.php


    පැය දෙකකින් ඔහු මට පෙන්නනව ඒ චිත්‍රය. උසස් කලාකරුවෙකුගේ ප්‍රතිභාපූර්ණ වින්‍යාසය, ඔපය මං ඒ චිත්‍රය තුල දකිනව... "ජේසුස්"

    attachment.php


    ඒ අනුව මං මේ චිත්‍රය කැම්පස් එකේ හැමෝටම පෙනෙන්න FACEBOOK දානව. දින දෙක තුනක් තුල ඇන්තනි අයියා කැම්පස් එකේ බොහොම ආදරයට ගෞරවයට පත් කලාකරුවෙක් වෙනව. කලා උළෙලට, ටැලන්ට් ෂෝ එකට, කොටින්ම වෙසක් එකේ පිරිත් මණ්ඩපයේ කැටයම් නිර්මාණය කරන්න ඇන්තනි අයිය නැතිවම බැරි චරිතයක් වෙනව.

    කාන්සිය නිවාගන්න ඇඳල, කවුරුත් වටිනාකමක් නොදෙන නිසා හතරට නවලා පොතක් ඇතුලේ හංගපු ඒ චිත්‍රෙ ඇන්තනි අයියව ආරක්ෂක නිලධාරියෙක් පමණක් නෙවේ, විශිෂ්ට කලාකරුවෙක් කියල අපිට කියල දුන්නේ එහෙමයි.

    ආර්ථික තරඟය හමුවේ කලා හැකියාවන් වලට වටිනාකමක් නොදෙන සමාජයක, උපාධි අපේක්ෂක වෙලඳපොළ තරඟකරුවන් පිරිසකට ආරක්ෂක සේවය සපයන්න ඇන්තනි රාජ්ට සිදුවීම කණගාටුවට කරුණක්. අප එදිනෙදා දකින හමුවන මුහුණු පිටිපස තවත් මෙවැනි සැඟවුණු කලාකරුවන් කොතෙක් නම් සිටිය හැකිද?

    හමුවන්න ඇන්තනි https://www.facebook.com/profile.php?id=100005533546834

    කතා කරන්න ඔහුට 0722077597

    -ඇලෙක්ස්-

    attachment.php
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    තෑන්ක්ක්ස් මචංලා.. ඇන්තනි අයිය ගොඩක් සතුටු වේවි එයාගේ චිත්‍ර අගය කරන පිරිසක් ඉන්නව කියල දැනගත්තම