ආරක්ෂණ සලකුණු

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    රුපියල් 20 නෝට්ටුව ප්‍රමුඛ වර්ණය : මදටිය පැහැය
    පරිමාණය : මි.මී 128 x 67
    20_f_s.jpg
    20_b_s.jpg
    පිටුපස
    නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙක් සහ ගැටබෙර වාදන ශිල්පියෙක් ද පුන්කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් ද දැක්වේ.
    මුහුණත
    නෝට්ටුවේ මුහුණත මැද, කොළඹ වරායේ වර්තමාන දර්ශනයක් හා ඊට පසුබිමින් එහි පැරණී දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණුපසට වන්නට ශ්‍රී ලංකා පඬුකන් බස්සා (පඬුවන් බස්සා) සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට නිල්ගල සමනලයා දැක්වේ.

    රුපියල් 50 නෝට්ටුව ප්‍රමුඛ වර්ණය : නිල්
    පරිමාණය : මි.මී 133 x 67
    50_f_s.jpg
    50_b_s.jpg
    පිටුපස
    නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද, පුන් කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් ද දැක්වේ.
    මුහුණත
    මනම්පිටියේ ඉදිකළ නව පාලම සතු ඊට පසෙකින් දුම්රිය මාර්ගය එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් ද ඊට පසුබිමින් ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලම ද දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනු මැසිමාරා නමැති පක්ෂියා ද නෝට්ටුවේ වම්පස පහළට වන්නට පිටනිල් කොළයා නමැති සමනලයා ද දැක්වේ.

    රුපියල් 100 නෝට්ටුව ප්‍රමුඛ වර්ණය : තැඹිලි පාට
    පරිමාණය : මි.මී 138 x 67
    100_f_s.jpg
    100_b_s.jpg
    පිටුපස
    නෝට්ටුව සිරස්ව අල්ලා බැලූ විට ඉන්දීය ශාස්ත්‍රීය සම්ප්‍රදායට අයත් භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් සහ මෘදංග බෙර වාදන ශිල්පියෙක් ද නාගරාජ මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.
    මුහුණත
    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් විදුලි රැහැන් සමඟින් දිස්වන ලක්ෂපාන දිය ඇල්ල දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමලිච්චා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහලට වන්නට සරා කොළයා නමැති සමනලයා ද දැක්වේ.

    රු. 500 නෝට්ටුව ප්‍රමුඛ වර්ණය : දම්
    පරිමාණය : මි.මී 143 x 67
    500_f_s.jpg
    500_b_s.jpg
    පිටුපස
    නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, පහත රට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද පද්මනිධි මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.
    මුහුණත
    කොළඹ නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා ලංකා බැංකු මූලස්ථානය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ පසුබිමින් මහනුවර ලංකාතිලක විහාරයේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අළු ගිරවා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහළ, හෙළ නීල පරමයා නමැති සමනලයා දැක්වේ.

    රු. 1000 නෝට්ටුව ප්‍රමුඛ වර්ණය : කොළ
    පරිමාණය : මි.මී 148 x 67
    1000_f_s.jpg
    1000_b_s.jpg
    පිටුපස
    නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට සබරගමුව නැටුම් සම්ප්‍රදායට අයත් මල්පදය නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ දවුල් බෙර වාදන ශිල්පියෙක් ද බහිරව රූප සහ දිසා පාලක රූප සහිත මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.
    මුහුණත
    ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අලුතින් ඉදි වූ රම්බොඩ උමග එම ස්ථානයේ වූ පැරණි රම්බොඩ දුර්ගය පසුබිම් කර ගනිමින් දැක්වෙන ආකාරය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා ගිරා මලිත්තා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට සිතිරි සිව්වා නමැති සමනලයා දැක්වේ.

    රු. 5000 නෝට්ටුව ප්‍රමුඛ වර්ණය : රන්
    පරිමාණය : මි.මී 153 x 67
    5000_f_s.jpg
    5000_b_s.jpg
    පිටුපස
    නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, නාග රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ ගුරුළු රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් ද රත්න ප්‍රාසාදය මුරගල සහ කල්ප වෘක්ෂ ලියවැල් මෝස්තරයක් ද දැක්වේ.

    මුහුණත
    වෙහෙරගල වේල්ලේ දර්ශනයක් කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් කැනියොන් වේල්ලේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා කහ කණ්කොන්ඩයා සහ නෝට්ටුවේ







    http://www.cbsl.gov.lk/htm/sinhala/06_cm/c_4.html