මමත් වැලේ වැල් නැතුව හිටියෙ මාස 3-4කට කලින්. මමත් නන්දලාල් මහත්තයගෙ ක්රමේ අනුගමනය කරල අද වෙනකොට ඉතිරි කරන්නත් පුලුවන් වෙලා තියෙනවා. මෙන්න මෙහමයි මම කලේ.
ඉස්සෙල්ලම බැන්කු නය ඔක්කොම ගෙවන්නෙ නැතුව හිටියා. ඊට පස්සෙ ලමයගෙ පන්ති නැවැත්වුවා. තුන් වේල 1 වේලට අඩු කරා. බබාලට කිරි දෙන එක නැවැත්වුවා, කරන්ට් එක මීටරෙන්ම ඕෆ් කරා, වතුර ලිදෙන් ගත්තා බාල්දියෙන්.නන්දලාල් මහත්තයගෙයි, රනිල් මහත්තයගෙයි ෆොටෝ එකක් ගැහුවා සාලෙ. බයික් එක යද්දි පැදන් ගිහින් එද්දි තල්ලු කරන් එනවා. දැන් ඇත්තටම අපි පවුලක් විදියට මාර දියුනුයි. තැන්ක්යූ නන්දලාල් මහත්තයා, රනිල් මහත්තයා