ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!

    පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය 0.3%කින්ද වර්ධනය වී ඇති අතර, සේවා අංශය 1.3%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.