දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.7% මේ වෙලාවේ Ranilම තමයි

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    3to4rnm.jpeg


    මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්.


    වසරේ පළමු මාසයේ හයේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 14,702ක් වන අතර පෙර වසරේ පළමු මාස හයේ එම අගය වූ රුපියල් බිලියන 13,422ට සාපේක්ෂව 9.5%ක නාමික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව මූර්ත ආර්ථික වර්ධනය 5.0%ක්. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය 4.3%ක් පමණයි.

    පළමු අර්ධයේ ආර්ථික වර්ධන වේගය 5.0% මට්ටම දක්වා ගොස් ඇති බැවින් දෙවන අර්ධයේදී ආර්ථිකය වර්ධනය නොවී පෙර වසරේ මට්ටමේම පැවතියද 2024 වාර්ෂික ආර්ථික වර්ධනය 2.5% මට්ටමට යනවා. ඒ අනුව, වසරේ ආර්ථික වර්ධන වේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර ඇති 2.0% මට්ටම ඉක්මවන බව ඉතාම පැහැදිලියි. මෙම වසරේ වාර්ෂික වර්ධන වේගය බොහෝ විට ස්ථායීකරන වැඩ සටහනේ දිගුකාලීන ඉලක්කය වන 3.1% මට්ටමද ඉක්මවා යා හැකියි. දෙවන අර්ධය තුළ වර්ධන වේගය 1.2% මට්ටමෙහි පවත්වා ගත්තද වාර්ෂික වර්ධනය 3.1% මට්ටමට යන බව සරල ගණිතයෙන් වුවද තේරුම් ගත හැකි දෙයක්.

    ආර්ථික වර්ධනය මේ අයුරින් අරමුදලේ ඇස්තමේන්තු ඉක්මවා යද්දී දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය පවතින්නේ අරමුදලේ ඇස්තමේන්තුව වූ 9.8%ට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක් වන 4.3% මට්ටමේ. දෙවන අර්ධය තුළ මෙම අගය තවත් පහත වැටිය හැකි බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.

    ශ්‍රී ලංකාවේ අනාගත අභියෝගය වන්නේ මෙම යහපත් වර්ධනයන් දිගටම එලෙසින්ම පවත්වාගෙන යාමයි.

    - https://economatta.blogspot.com/


    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    Ranil ට නැත්තන් මේ යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:











    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg


    UcMrLp5.jpeg
     
    • Haha
    • Like
    Reactions: netudara and shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    මේ වෙලාවේ ඉක්මනට කීයක් හරි හොයාගනින් @monson.. මොකෝ 21න් පස්සේ ආයෙත් වාරකං
     
    • Haha
    Reactions: ShehanAM