ආර්ථික ලිපි මෙගා ට්‍රේඩ්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ධනවාදය දුරාචාරවත්ද? කොහෙත්ම නැත: ටොම් ජී. පාම(ර්)
    ඩබ්. ඒ. විජේවර්ධන
    ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන
    මෑතදී පිහිටුවන ලද ‘බැස්ටියට් සංසදයේ’ කොළඹ පාර්ශ්වයේ ආරාධිත සභාවක් ඉදිරියේ දේශනයක් පවත්වමින්, නිදහස සහ නිදහස් ව්‍යවසාය ජාලගත කිරීම සඳහා ලෝකය පුරා බුද්ධිමය සංවාද ප‍්‍රවර්ධනය කරමින් ඇමරිකාවේ සිට ක‍්‍රියාත්මක වන ලාභ නොලබන සංවිධානයක් වන ‘ඇට්ලස් නෙට්වර්ක්’ සංවිධානයේ ටොම් ජී. පාම(ර්), ‘ධනවාදය දුරාචාරවත්ද?’ යන ප‍්‍රශ්නය මතු කරමින්, ‘කොහෙත්ම නැත’ යන ස්ථිරසාර පිළිතුරක්ද දුන්නේය. 2004 දී පිහිටුවන ලද ‘බැස්ටියට් සංසදයට’ එම නම ලැබෙන්නේ, 1801 සිට 1850 දක්වා ජීවත් වූ, ප‍්‍රංශ ජාතික ආර්ථික විද්‍යාඥයෙකු, දාර්ශනිකයෙකු සහ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු වූ ෆ්‍රෙඩරික් බැස්ටියට්ගේ උරුමය අනුව යමිනි. ඊට දශක දෙක තුනකට කලින් ජීවත් වු බි‍්‍රතාන්‍ය ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත් මෙන් ෆ්‍රෙඩරික් බැස්ටියට්ද, එදා පැවති ජනප‍්‍රිය ආර්ථික මතවාද තදින් විවේචනය කළ කෙනෙකි.
    ඔහු ලියා ඇති බොහෝ නිබන්ධන අතරේ, ඔහුගේ මරණයට ටික කලකට පෙරාතුව, ‘නීතිය සහ දේශපාලන අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ තෝරාගත් කෘති’ යනුවෙන් දීර්ඝ අත්පොත් දෙකක් පළ කෙරුණි. ඇඩම් ස්මිත්ගේ දර්ශනය ඒ හරහා ඉදිරියට ගෙන ගිය ඔහු, නිදහස සහ නිදහස් ව්‍යවසාය වෙනුවෙන් හරවත් මැදිහත්වීමක් කෙළේය. පාම(ර්) ඉහත කී දේශනයේදී බැස්ටියට්ගෙන් අදහස් උකහාගත්තද, ඔහුගේ තර්ක බැස්ටියට්ගේ ආර්ථික සහ සදාචාර දර්ශනයට පමණක් සීමා වුණේ නැත.
    බොහෝ දෙනාට ධනවාදය සහජයෙන්ම දුරාචාරී ය
    ලංකාවේ බොහෝ දෙනෙකුට මෙන්ම, දියුණු ලෝකයේ මෙන්ම දියුණු වෙමින් පවතින ලෝකයේ බොහෝ දෙනෙකුටද, පාම(ර්) මතු කළ ප‍්‍රශ්නය අදාළ නැත. මන්ද යත්, ඔවුන්ට අනුව, ධනවාදය සහජයෙන්ම දුරාචාරවත් වන බැවිනි. එබැවින් ඒ ප‍්‍රශ්නය මතු කිරීම පවා අවශ්‍ය නොවේ. එසේ නම්, ‘ඔව්’ යනුවෙන් තිරසාර පිළිතුරක් ලැබී ඇති එවැනි ප‍්‍රශ්නයක් නැවත නැවතත් එසේ මතු කරන්නේ මන්ද යන ප‍්‍රශ්නය මතු විය හැකිය. මේ පිරිස් නගන ජනප‍්‍රිය තර්කය දිවෙන්නේ මෙසේය: ආර්ථික සහ දේශපාලනික බලය හසුරුවන ධනපතියන් මෙහෙයැවෙන්නේ, අනිත් සියල්ලන් පවතින්නේ තම ප‍්‍රයෝජනය සඳහාය යන ජීවන දර්ශනයකිනි. ඉතිං, ඒ කියන ‘සියල්ලන්ව’ සුරාකෑම වරදක් නොවේ. එයින් ඔවුන්ට මොන අගතියක් වෙතත් කම් නැත. අසීමිත ආත්මාර්ථය මේ ධනපතියන්ගේ අභිප‍්‍රායයි. ඒ අසීමිත ආත්මාර්ථය මේ පෘථුවියේ සුගතියට හේතු නොවේ. එසේ හෙයින් සමාජයක් කළ යුත්තේ, ධනවාදය ප‍්‍රවර්ධනය කිරීම නොව, එය අතුගා දැමීම බව ඔවුන්ගේ තර්කයයි.
    ධනවාදය සහ නවලිබරල්වාදය
    මේ මාදිලියේ තර්කනය මෑත කාලීනව, ධනවාදය සහ නවලිබරල්වාදය එකක් වශයෙන් ගැනීමේ ප‍්‍රවණතාවක් දක්වයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඉහළ පෙළේ ආර්ථික ප‍්‍රතිපත්ති උපදේශකයන් විසින් නවලිබරල් ආර්ථික පිළිවෙත් විවෘතවම හෙළාදකිනු ලැබීම ඊට උදාහරණයකි. ඒ අනුව, දියුණු රටවල්වල පවා අසාර්ථක වී ඇති නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති තමන් අනුගමනය නොකරන බව, ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රකාශනය වූ ‘මහින්ද චින්තනය’ තුළ සඳහන් වුණි. එය වැඩියත්ම ප‍්‍රකාශයට පත්වුණේ, 2012 අයවැය තුළිනි.
    මහින්ද රාජපක්ෂව පරාජය කරනු ලැබූ නව ආණ්ඩුවත්, ධනවාදයට හෝ නවලිබරල්වාදයට පක්ෂපාතී වීමෙන් තම දේශපාලන අනාගතය පරදුවට තැබීමට කැමැත්තක් නොදැක්වීය. එකී කාරණා දෙක සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුළ වැඩෙමින් පවතින අප‍්‍රසාදය පිළිබඳ ඉඟියක් ලත් ඔවුහූ, තම ප‍්‍රතිපත්තිය ‘සමාජ වෙළඳපොළ ආර්ථික ප‍්‍රතිපත්තියක්’ වශයෙන් භෞතීස්ම කරගනිමින් තමන්ගේ අතීත දෘෂ්ටිවාදයෙන් හැකි තාක් ඈත් වීමට වගබලාගත්හ. මෙයින් පෙනී යන්නේ, රටේ සහයෝගයක් නැති හෙයින් ඉහත කී ධනවාදයටවත්, නවලිබරල්වාදයටවත් පක්ෂපාතීව පෙනී සිටීමේ හයියක් දේශපාලඥයන්ටත් නැති බවයි.
    හමන සුළෙඟ් දිසාව වෙනස් කිරීමට බලන පාම(ර්)
    මේ පසුබිම තුළ, ‘ධනවාදයේ සදාචාරය’ ගැන කොළඹදී පාම(ර්) ඉදිරිපත් කළ දේශනය, පවතින රැුල්ලට එරෙහිව ගත් පියවරකි. නිදහස, මිනිස් ව්‍යවසායකත්වය, සමාජ සමෘද්ධිය සහ නිදහස් විනිමය ගැන 17 සහ 19 වැනි සියවස්වලදී බැස්ටියට්, ඇඩම් ස්මිත්, ජෝන් ලොක් සහ ජේ. බී. සේ වැන්නන් ඉදිරිපත් කොට ඇති දර්ශනවාදයන් හරහා ඔහු සභාවට කරුණු ඉදිරිපත් කෙළේය.
    ඔහු සිය දේශනය ආරම්භ කෙළේ, හොඳ ආර්ථික විද්‍යාඥයෙකු සහ නරක ආර්ථික විද්‍යාඥයෙකු අතර වෙනස ගෙනහැර පාමින් ‘දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ තෝරාගත් රචනා’ තුළ බැස්ටියට් ඉදිරිපත් කළ කරුණු ගෙනහැරපාමිනි. (යම් ක‍්‍රියාවක්, පුරුද්දක්, ආයතනයක් හෝ නීතියක් විය හැකි) දෙන ලද ඕනෑම සංසිද්ධියක ප‍්‍රතිවිපාක සමහරක් එසැණින් දැකගත හැකි වන අතර, එයින් ඇතිවන ක‍්‍රියාවලියක අපරාපර්ය ප‍්‍රතිවිපාක එසැණින් දැකගත නොහැකි මුත්, පෙරදැකිය හැකි වන්නේය. දුෂ්කර කටයුත්ත වන්නේ, ඒ අපරාපර්ය ප‍්‍රතිවිපාක පෙරදැකීමයි.
    හොඳ ආර්ථික විද්‍යාඥයෙකුගේ රාජකාරිය වන්නේ, දැකිය හැකි සහ පෙරදැකිය හැකි යන දෙවර්ගයේම ප‍්‍රතිවිපාක පිළිබඳ දැනුවත් වීමයි. බැස්ටියට්ට අනුව, නරක ආර්ථික විද්‍යාඥයෙකුට පෙනෙන්නේ ඇස්මානයේ ඇති ප‍්‍රතිවිපාක පමණි. එදා සිටි බොහෝ ආර්ථික විද්‍යාඥයන් සම්බන්ධයෙන් මේ විවේචනය සාධාරණ විය. ආණ්ඩුවක ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාකාරීත්වයක් හෝ මැදිහත්වීමක් නිසා ඇති විය හැකි ක‍්‍රියාවලියක සමස්තය සැළකිල්ලට නොගෙන දඩිබිඩි තීරණවලට එළැඹීම ඔවුන්ගේ ස්වභාවයයි. දැන් කාලයේ ද එවැනි ආර්ථික විද්‍යාඥයෝ බොහෝ වෙත්.
    දෘෂ්‍යමානයෙන් එහා දැකීමේ අවශ්‍යතාව
    බැස්ටියට්ගේ මේ විග‍්‍රහය අළුත් එකක් නොවේ. බුදුන් වහන්සේගේ කාලයේ පවා ඒ ගැන වැටහීමක් තිබුණි. මීට පෙරත් මේ ලියුම්කරු පෙන්වා දී ඇති පරිදි, සිද්ධාර්ථ කුමාරයා පිළිබඳ එක් කතාවක මෙසේ කියැවෙයි: බත් ලැබෙන හැටි තමන් දන්නේදැයි වරක් සුද්ධෝදන රජු ශාක්‍ය කුමාරවරුන්ගෙන් විමසුවේලූ. රන් ආලේප කළ මේසයේ වාඩි වූ විට රන් තලියකට බත බෙදෙන බව එක් කුමාරයෙකු කීවේය. ඔහුගේ මතය නොපිළිගත් තවත් කුමාරයෙකු රන් තලියට බත් බෙදෙන්නේ රන් හැන්දකින් බව පෙන්වා දුන්නේය. තුන්වැනි කුමාරයා ඒ දෙන්නාවම පරයමින් කියා සිටියේ, රිදී පලංගානමක ඒ බත් රැුගෙන ආ යුතු බවකි. හතරවැන්නා ඊට වඩා නැණවත් විය. රිදී පලංගානමට බත් බෙදිය යුත්තේ කුස්සියේ ඇති තඹ කල්දේරමකින් බව ඔහු පෙන්වා දුනි. මේ එකිනෙකා තම තමන්ගේ පාර්ශ්වීය නිරික්ෂණ ඉදිරිපත් කළත් ඒ කිසිවෙකුට සමස්ත කතාව ග‍්‍රහණය කරගත නොහැකි විය. ඒ කතාව කීවේ සිද්ධාර්ථ කුමාරයා ය. ගොවියන් පොළොව අස්වද්දන්නේ කෙසේද, කුඹුර සීසාන හරකුන්ව ගොවියන් පෝෂණය කරන්නේ කෙසේද, උදලූ නගුල් සහ දෑකැති වැනි දෑ කම්මල්කරුවන් නිෂ්පාදනය කරන්නේ කෙසේද, ගොවියන් තම කුඹුරු දිවා ? රැුක බලාගන්නේ කෙසේද යන්න සහ අනතුරුව ගොයම් කපා, කොළ මැඩ, වී කොටා, කරත්තවල පටවා කඩවලට ඒවා ප‍්‍රවාහණය කරන්නේ කෙසේද යන්න ගැන පමණක් නොව, කරත්ත හදන්නේ කෙසේද යන්න ගැන පවා ඔහු විස්තර කෙළේය. ඒ සියලූ ශාක්‍ය කුමාරවරුන් අතරින් දෘෂ්‍යමානයෙන් එහා දැකීමේ හැකියාව තිබුණේ සිද්ධාර්ථට පමණි. බෞද්ධ කතිකාව තුළ මෙය හැඳින්වෙන්නේ පරිඥානය යනුවෙනි. උදාහරණයක් වශයෙන්, මජ්ජිම නිකායේ මූලපරියාය සූත‍්‍රයේ, මූලාරම්භය පිළිබඳ සංකථනයේදී බුදුන් වහන්සේ පෙන්වා දෙන පරිදි, කෙනෙකුට මේ දැක්ම නැතොත්, සංසිද්ධිමය සැබෑ ස්වභාවය පරිපූර්ණව වටහා ගැනීමට ඔහු අපොහොසත් වන්නේය.
    (ඉතිරිය ඉදිරියට)
    *2015 අපේ‍්‍රල් 6 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවු Is Capitalism Immoral? Not At All, Says Atlas Network’s Tom Palmerෂි නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස) ‘යහපාලනය ලංකා’
    https://www.colombotelegraph.com/index.php/wowapril-10-2015/
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සංවර්ධන මිථ්‍යාව
    (http://www.samabima.com/?p=10262)
    ආසියාවේ ආශ්චර්යය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බව රජය නොයෙකුත් හේතු පාඨ හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් මාධ්‍ය ඔස්සේ පුනරුච්චාරණය කරමින් ඉන්නවා. රජයේ දූෂිත ක්‍රියාකාරකම් සියල්ල සාධාරණීකරණය කිරීමට එය ප්‍රබල මෙවලමක්. නමුත් මෙකී සංවර්ධන මිථ්‍යාවට මුවා වී තවත් අවුරුදු ගණනකට අපි ණයකරුවන් වී සිටින බව බොහෝ දෙනෙකුට තවමත් හරිහැටි නොවැටහෙන කරුණක්. පසුගිය පෙබරවාරි 14, 15 දෙදින තුළ මහනුවර කුණ්ඩසාලේදී අපි, “සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව පෙළ ගැසෙමු” යන්න තේමාව කර ගනිමින් සමබිම පාඨකයින් සහභාගී කරගනිමින් ජාතික නියෝජිත සමුළුව පවත්වන්නට යෙදුණා. එහිදී සංවර්ධන මිථ්‍යාව යන්න පැහැදිලි කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා විසින් කරන ලද කතාව හා එහිදී සමබිම පාඨකයන් අසන ලද ප්‍රශ්නවලට එතුමා විසින් ලබා දෙන ලද පිළිතුරු ඇසුරින් මෙම ලිපිය සකස් වෙනවා. “ශ්‍රී ලංකාව, ආසියාවේ අහිමි ආශ්චර්යය” නම් ඔහු විසින් ලියන ලද කෘතිය තුළින් ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන අදහස් ඔබට වැඩි විස්තර සහිතව දැන ගන්නට හැකියාව තියෙනවා. මෙම ලිපිය සම්බන්ධයෙන් පාඨක ඔබගේ අදහස් ඇත්නම් සමබිමට එවන්න. ඔබගේ නව අදහස්වලට ඉඩක් ලබා දීමට සමබිම අපි සූදානම්.

    මහාචාර්ය මිල්ටන් රාජරත්න

    හැමදාම ටෙලිවිෂන්වල පෙන්නන දේවලුත් එක්ක මොනවා නැතත් සංවර්ධනය වෙනවනේ කියලා කියන්න මහජනතාවටත් පුරුදුවෙලා තියෙනවා. සංවර්ධනය කියන එකේ අදහසම – මොනවා නැතත් නෙමෙයි – සංවර්ධනය වෙනවා නම් මේ දේවල් ලැබිය යුතුයි කියන එකයි. සංවර්ධනය නිසා ආදායම ලැබෙන්න ඕනෑ, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, වෙනත් රජයේ සේවා, සාධාරණත්වය, සමාන අවස්ථා ආදී මේ සියලු දේ හරහා තමයි සංවර්ධනය කරන්න ඕනෑ.

    සංවර්ධනය යනු කුමක්ද?
    සංවර්ධනය යනු කුමක්ද? මේක ආර්ථික විද්‍යාඥයන්ටත්, දේශපාලකයින්ටත්, අපිටත් තිබෙන ප්‍රශ්නයක්. අපි ආර්ථික විද්‍යාඥයන් විසින් මීට දළ වශයෙන් වසර 300 කට පමණ පෙර ආර්ථික සංවර්ධනය යනුවෙන් ගොඩනගන ලද නිර්වචනයක් කෙරෙහි අවධානය යොමු කරමු. “පසුගාමී කෘෂිකර්ම කටයුතුවල සිට තාක්‍ෂණික කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන ක්‍රමයකට විතැන් වීම සහ ඉන් ඇතිවෙන ආදායම් මගින් සේවා අංශය පුළුල් වු ආර්ථික තත්ත්වයක්” සහිත ස්වභාවය ආර්ථික සංවර්ධනය යයි කියනවා.


    ආර්ථික සංවර්ධනය සහ දිළිඳුකම
    ඇතැම් අවස්ථාවල පහැදිලි කරනවා දිළිඳුකම පිටුදැකීම ආර්ථික සංවර්ධනයයි කියලා. එහෙම නැත්නම් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළේ එක දෙයක් තමා මෙම දිළිඳුකම පිටුදැකීම යනුවෙන් හදුන්වන්නේ. ඒ සඳහා විවිධ ආකාරයේ වැඩසටහන් ජන සවිය, බිම් සවිය, සමෘද්ධි වාගෙ තාවකාලික උපායමාර්ග හඳුන්වලා දීලා තියනවා. නමුත් දිළිඳුකම පිටුදැකීමට මෙයාකාර ආර්ථික වැඩසටහන් හේතු වෙන්නෙ නෑ. දිළිඳුකමේ ආකාර කීපයක් තියනවා.


    1.ආදායම් අඩුවීම නිසා දරිද්‍ර වීම.

    2. අධ්‍යාපන අවස්ථා හෝ අධ්‍යාපනය අහිමි වීම නිසා දරිද්‍ර වීම.

    3.සෞඛ්‍ය පහසුකම් අඩුවීම හෝ නැති වීම නිසා දරිද්‍ර වීම.

    4. සමාන අයිතිවාසිකම් විශේෂයෙන්ම සමාන අවස්ථා නොලැබීම නිසා දරිද්‍ර වීම.

    මේ දරිද්‍රතාවයේ විශාල පැති ගණනාවක්ම තිබෙනවා. අපි නිතරම කතා කරන්නෙ, කල්පනා කරන්නෙ ආර්ථික දරිද්‍රතාවය ගැනයි. ආදායම අඩුවීම නිසා පරිභෝජනය අඩු වෙනවා. පරිභෝජනය අඩුවීම නිසා ඔවුන්ට රජයෙන් මාසෙකට හාල් සේරුවක්, රුපියල් 200ක් වාගෙ යම් යම් ආධාර දෙන ගතියක් තිබෙනවා. නමුත් මේ මඟින් දිළිඳුකම පිටු දකින්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි දිළිඳුකම පිටු දැකීමට සදහා ආර්ථික සංවර්ධන ක්‍රමය භාවිතයට ගත යුතුයි. දිළිඳුකමේ තිබෙන ආදායම්වල අඩුපාඩු, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ පහසුකම්වල අඩුපාඩු සියලුම දේ ජයගත හැක්කේ ආර්ථිකය සංවර්ධනය තුළින්මයි.

    ආර්ථික සංවර්ධනය මැනීම
    මේ රජයේ ආර්ථික සංවර්ධනයේ මිථ්‍යාව ගැන කතා කරන්න ඉස්සර ආර්ථිකය සංවර්ධනය මැනීම ගැන පැහැදිලි කර ගැනීම හරි ප්‍රයෝජනවත්. පොදුවේ ගත්තාම එක්සත් ජාතීන්ගේ සංවිධානය එහෙම නැත්නම් ලෝක බැංකුව වැනි ආයතන ඉදිරිපත් කරන ලද ආර්ථිකය සංවර්ධනය මැනීමේ දර්ශක ගැන අපි කතා කරන්න ඕනෑ. ආර්ථික සංවර්ධනය මැනීමේ දර්ශකයක් ලෙස මුලින්ම ආපු කාරණයක් තමයි ඒක පුද්ගල ආදායම. ඒක පුද්ගල ආදායම අනුව මේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් රටවල්; පහළ ආදායම් රටවල්, මැදි ආදායම් රටවල්, මැදි ආදායම්වල ඉහළ මට්ටමේ රටවල් ඒත් එක්කම ඉහළ ආදායම් රටවල් යනාදී වශයෙන් ලෝක බැංකුවෙන් ස්ථාන කීපයකට වෙන් කරලා ප්‍රකාශ කර තියෙනවා. එතකොට මේ ආදායම් නිසාම ආර්ථික සංවර්ධනය මනින්න පුළුවන් කියලා අදහසක් එතන තිබෙනවා.


    ඊට පස්සෙ ගැටලුවක් ආවා. නිදර්ශනයක් හැටියට ඇමරිකාවෙ පුද්ගලයෙකුට දිනකට ජීවත් වෙන්න ඩොලර් 50 ඕනෑ. නමුත් අප්‍රිකාවේ හෝ ආසියාවේ පුද්ගලයෙකුට ඩොලර් එකකින් ජීවත් වෙන්න පුළුවන්. මේක ප්‍රශ්නයක්. ඇමරිකාවේ ඩොලර් 50කින් ගන්න පුළුවන් ප්‍රමාණයත් එක්ක බැලුවොත් මේ රටේදි ඊට වඩා ගොඩාක් බඩු ගන්න හැකියාව තියනවා. ඒ නිසා සාපේක්‍ෂව ගත්තාම රටවල් දුප්පත් කීවත් ඒක පුද්ගල ආදායම අනුව ඒ රටවල්වල සත්‍ය මිලදී ගැනීමේ හැකියාව වැඩියි.

    ලංකාවටත් වෙලා තියෙන්නෙ පිලිපීනෙට වෙච්ච දේ්
    වර්තමානයේ ලංකාවෙ රැකියා හිඟය 7%ක් වැනි ගණනකට පහත දමලා තියෙනවා කියලා කියනවා. එහෙම පහත දමලා තියෙන්නෙ දරිද්‍රතාවයම පාවිච්චි කරලයි. අපේ රටේ රැකියාවක් නැති නිසා මැදපෙරදිගට රැකියාවට යන උදවිය අවුරුද්දට ඩොලර් බිලියන 7-8ක් එවනවා. රජය මේක ඉතාමත් සතුටින් භාර ගන්නවා. අපේ ලංකාවටත් වෙලා තියෙන්නෙ පිලිපීනෙට වෙච්ච දේ. අවුරුදු 18 වුණාට පස්සෙ පිලිපීන ජාතිකයකුගෙ හීනය තමයි පාස්පෝට් එකක් හදාගන්න එක. හැම කෙනාම ඒක සාක්කුවෙ දාගෙන ඉන්නෙ කොයි මොහොතෙ හරි පිලිපීනෙන් පිටවෙලා ගිහින් රැකියාවක් කරන්න. ලංකාවෙත් වෙලා තියෙන්නෙ මේකම තමයි.


    ලංකාවේ වසරකට ආර්ථික වර්ධන වේගය 8.2%, 8.5% ආදී වශයෙන් පහුගිය කාලේ වාර්තා කරලා තිබුණා. හැබැයි වැටුප් වැඩි කරන්නෙ කීයකින් ද? දවසකට රුපියල් 30යි, 40යි. විශ්‍රාමිකයෙකුට රුපියල් 12යි. විශාල ආර්ථික සංවර්ධනයක් වෙනවා කියන එකේ ප්‍රතිඵලේ මේකද? අපි අපනයනය කරන එක හුඟක් අඩුවෙලා තියෙනවා. ඒක ඩොලර් බිලියන 9කට වඩා අඩු ප්‍රමාණෙකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ වරායවල් හදන්නෙ මොනවටද? අපනයනය කිරීම සඳහා නෙමෙයි, ආනයනය සඳහායි. සංවර්ධනය මහාමාර්ගවලින්, වරායවලින්, කර්මාන්තශාලාවලින් මනින්න බෑ. මොකද ඒවා සංවර්ධනය කිරීමේ යම් යම් වැඩසටහන් පමණයි. ඒ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය තමයි සංවර්ධනය කියලා කියන්නෙ. ඒ ප්‍රතිඵලය ලැබෙනකල් මේ කාරණය සැබෑ සංවර්ධනයක් නෙමෙයි.

    කෙනෙකුගේ ආදායම දවසකට ඩොලර් 2කට අඩු නම් ඔහු දරිද්‍රයෙක් විදියටයි සලකන්නෙ. ලංකාවෙ දරිද්‍රතාවය 40% වගේ ගණනක තමයි තිබ්බෙ. මේක හිටිඅඩියෙ බැහැලා තියෙනවා 15%ට. රජය කියනවා මෙන්න අපේ සංවර්ධනය නිසා දරිද්‍රතාවය අඩුකළා කියලා. නමුත් මෙතන තියෙන යථාර්ථය තමයි 1977 වෙනකොට අවුරුද්දට ඒක පුද්ගල ආදායම තිබුණෙ ඩොලර් 240යි. ඒ අපේ ආර්ථිකය දුප්පත් කාලෙ ඩොලර් 2ක් කියලා කියන්නෙ ලොකු මුදලක්. දැන් අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000යි. දැන් දරිද්‍රතාවය ඩොලර් 2කින් මනින්න බෑ. ඒ නිසා මේ ඩොලර් ගාණ ඉහළ දාන්න ඕනෑ. ඇත්තටම බැලුවොත් අපේ දරිද්‍රතාවය ආයෙම 35%ක් වගේ ගණනක් වෙයි. ඒ නිර්ණායකයේ තියෙන දෝෂයක් තමයි මේ රජය සංවර්ධනය කියලා පාවිච්චි කරන්නෙ; නැවත නැවත ඉස්මතු කරන්නෙ.

    සංවර්ධනය කියන්නෙ අඛණ්ඩ වැඩපිළිවෙළක්
    ජපානය වගේ රටක ධනපතීන් සහ දුප්පතුන් අතර එදිනෙදා ජීවත් වීමේදී ලොකු වෙනසක් දකින්න නෑ. සංවර්ධනය කියන එක අඛණ්ඩ වැඩපිළිවෙළක්. ඒ අඛණ්ඩ වැඩපිළිවෙළේ අවසාන ප්‍රතිඵලය තමයි, ජපානය වගේ ලොකු පරතරයක් නැතුව සියලුදෙනාගේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන්, හැම දෙනාටම හැම අයිතිවාසිකමක්ම තියෙන සමාජයක්. ඒක සිද්ධ වෙන්න තව අවුරුදු 100ක් ගියොත් තව පරම්පරා 2ක් ඒ වෙනුවෙන් බලාඉන්න ඕනෑ. නමුත් අපි කියන්නෙ ඒක ඉක්මනින් වෙන්න ඕනෑ කියන එකයි.


    රජය පෞද්ගලීකරණය කරනවා කියලා දැන් කියන්නෙ නෑ. නමුත් උදාහරණයක් හැටියට ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම රජයට ගත්තා. මේක බිලියන 20ක් විතර රජයට පාඩුයි. නමුත් ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමට තනියම පවතින්න බෑ. මේ සමාගම පවත්වාගෙන යාම සඳහා තව සිය ගණනක් සමාගම් ඒ යටින් ඉන්නවා. ඒවා පෞද්ගලික අංශයට අයිති සමාගම්. එතකොට මහ සමාගම රාජ්‍ය සමාගම වුණත්, මහ සමාගමේ පාඩුව පියවන්නෙ මහජනතාවගේ සල්ලිවලින්. ඒ මුදල් කාටද යන්නෙ? යටින් තියෙන සියලුම සමාගම්වල ආදායම බවට පත්වෙන්නෙ ඒ මුදල්. මේ ආණ්ඩුවෙන් කරන්නෙ පෞද්ගලීකරණය කරනවද නැද්ද කියලා පෙනෙන් නැති මට්ටමෙන් පෞද්ගලීකරණය කිරීමක්∎