oya e adala kotasa dammanam watinawa. namuth OK.
api hamoma hoyanne niweemak.. eka api hamotama labethwaa!!
theruwan saranai.
@thelaa rox
Weekend එකේ පොඩි වෙලාවක් හොයාගෙන, පට්ටාන ප්රකරණයේ මුල් ටික බැලුව. ඒක බලපු ගමන් පේනවා අර කතාවේ වැරැද්ද. මම ඒක විස්තර ඇතුව පෙන්නන්නම්.
මුලින් අපි දැනගන්න ඕන ප්රත්ය විභාගයේ ත්රි රාශිය කියවන්න. ඒක හරියටම කරන විදිය පොතේ කෙලින්ම කියල නැති නිසා, මම මුලින් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සමහරවිට මචන් උඹ මේක already දන්නව ඇති.
අපි මුලින් ගමු අපිට තේරුම් ගන්න ලේසි ප්රත්යයක්. ආරම්මණ ප්රත්යය.
ත්රි රාශියේ තියෙනවා ප්රත්ය වන ධර්ම , ප්රත්යෝද්ය , ප්රත්යනීක කියල තුනක්.
අපි ගමු
ප්රත්ය වන ධර්ම = A
ප්රත්යෝද්ය = B
ප්රත්යනීක = C
මේකේ A , B , C කියන සේරම පරමාර්ථ ධර්ම (අමතරව තියෙනව ප්රඥප්ති විතරක්.)
දැන් ත්රි රාශිය කියවන්නේ ,
A --> B ට ප්රත්ය වේ.
A --> C ට ප්රත්ය නොවේ.
අපි දැන් උදාහරණෙට A වලින් ගමු "නිර්වාණය ". B වලින් ගමු එකුන් අනූ සිත්. C වලින් ගමු බාහිර රූප.
එතකොට
"A --> B ට ප්රත්ය වේ" කියන්නේ "නිර්වාණය" සිත් වලට අරමුණු (ප්රත්ය ) වේ. --> මේක හරි කියල අපි දන්නවා.
"A --> C ට ප්රත්ය නොවේ" කියන්නේ "නිර්වාණය" "බාහිර රූප" වලට අරමුණු (ප්රත්ය ) නොවේ. --> මේක හරි කියලත් අපි දන්නවා.
දැන් අපි අන්නන්තර / සමනන්තර ප්රත්යයට යමු.
ඊට ඉස්සෙල්ල මතක් කර ගන්න, එකුන් අනූ සිත් වලින් ක්රියා සිත්, කුසල් අකුසල් සිත් වලට කර්ම ඵල ලැබෙන්නේ නෑ. ඒක හරියට මීටර් වෙන්නේ නැත්නම් සිත් 89 ගැන විස්තර හොයාගෙන කියවන්න. එහෙම නොවුනත් ඕන කෙනෙකුට තේරෙනව, එක මොහොතක ඇති වෙන්නේ එක සිතක් නිසා, ඒ වෙලාවේ ක්රියා සිතක් තියේනම්, ඒ මොහොතේ විපාක සිත ඇති වෙන්න බෑ.
දැන් අනන්තර/සමනන්තර ප්රත්ය ගත්තොත්, අපිට පේනවා ඒකෙ B වල සිත් 89 ම තියෙනවා. ඒ කියන්නේ අනන්තර/සමනන්තර ප්රත්ය ක්රියා සිත්, කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සේරටම ප්රත්ය වෙනවා. ඒත් අපි දන්නවා කර්ම ඵලය, ක්රියා සිත් වගේ ඒවාට ඵල දෙන්නේ නෑ කියල. So Contradiction ! අනන්තර/සමනන්තර ප්රත්ය කියන්නේ කර්ම විපාකය ගැන කියන එකක් නෙවෙයි.
පිළිගත්තු මතය තමයි අනන්තර/සමනන්තර ප්රත්ය කියන්නේ චිත්ත නියාමය විස්තර කරන දෙකක් හැටියට. උදාහරණයක් විදියට , සිත් දෙකක් අතර අන්තරයක් නැතිව හටගැනීමත්, ඒ ඒ සිත් සමාන කාල ප්රාන්තර පැවතීමත් වගේ දෙයක්. මේවා ගැන වාද තියෙනවා. ඒත් මේ කියන්නේ කර්ම විපාක කියලනම් කොහෙවත් කියන් නෑ.
මම පහලින් දානවා විපාක ප්රත්යයේ image එකකුත්, එතකොට තව පැහැදිලි වෙයි.
මම හිතනවා මචන් උඹ මේක බලල පිළිතුරක් දාවි කියල. වගේම තර්කය බිඳිනවානම් පැහැදිලිව විස්තර එක්ක proof එක්ක දාන්න.
Last edited:



