ආර්‍ය දැහැන් වල අත්දැකීම්

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    oya e adala kotasa dammanam watinawa. namuth OK.
    api hamoma hoyanne niweemak.. eka api hamotama labethwaa!!
    theruwan saranai.

    @thelaa rox
    Weekend එකේ පොඩි වෙලාවක් හොයාගෙන, පට්ටාන ප්‍රකරණයේ මුල් ටික බැලුව. ඒක බලපු ගමන් පේනවා අර කතාවේ වැරැද්ද. මම ඒක විස්තර ඇතුව පෙන්නන්නම්.
    මුලින් අපි දැනගන්න ඕන ප්‍රත්‍ය විභාගයේ ත්‍රි රාශිය කියවන්න. ඒක හරියටම කරන විදිය පොතේ කෙලින්ම කියල නැති නිසා, මම මුලින් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සමහරවිට මචන් උඹ මේක already දන්නව ඇති.

    අපි මුලින් ගමු අපිට තේරුම් ගන්න ලේසි ප්‍රත්‍යයක්. ආරම්මණ ප්‍රත්‍යය.

    picture.php

    ත්‍රි රාශියේ තියෙනවා ප්‍රත්‍ය වන ධර්ම , ප්‍රත්යෝද්‍ය , ප්‍රත්‍යනීක කියල තුනක්.
    අපි ගමු
    ප්‍රත්‍ය වන ධර්ම = A
    ප්‍රත්යෝද්‍ය = B
    ප්‍රත්‍යනීක = C

    මේකේ A , B , C කියන සේරම පරමාර්ථ ධර්ම (අමතරව තියෙනව ප්‍රඥප්ති විතරක්.)
    දැන් ත්‍රි රාශිය කියවන්නේ ,
    A --> B ට ප්‍රත්‍ය වේ.
    A --> C ට ප්‍රත්‍ය නොවේ.

    අපි දැන් උදාහරණෙට A වලින් ගමු "නිර්වාණය ". B වලින් ගමු එකුන් අනූ සිත්. C වලින් ගමු බාහිර රූප.
    එතකොට
    "A --> B ට ප්‍රත්‍ය වේ" කියන්නේ "නිර්වාණය" සිත් වලට අරමුණු (ප්‍රත්‍ය ) වේ. --> මේක හරි කියල අපි දන්නවා.
    "A --> C ට ප්‍රත්‍ය නොවේ" කියන්නේ "නිර්වාණය" "බාහිර රූප" වලට අරමුණු (ප්‍රත්‍ය ) නොවේ. --> මේක හරි කියලත් අපි දන්නවා.

    දැන් අපි අන්නන්තර / සමනන්තර ප්‍රත්‍යයට යමු.
    ඊට ඉස්සෙල්ල මතක් කර ගන්න, එකුන් අනූ සිත් වලින් ක්‍රියා සිත්, කුසල් අකුසල් සිත් වලට කර්ම ඵල ලැබෙන්නේ නෑ. ඒක හරියට මීටර් වෙන්නේ නැත්නම් සිත් 89 ගැන විස්තර හොයාගෙන කියවන්න. එහෙම නොවුනත් ඕන කෙනෙකුට තේරෙනව, එක මොහොතක ඇති වෙන්නේ එක සිතක් නිසා, ඒ වෙලාවේ ක්‍රියා සිතක් තියේනම්, ඒ මොහොතේ විපාක සිත ඇති වෙන්න බෑ.

    picture.php

    දැන් අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ගත්තොත්, අපිට පේනවා ඒකෙ B වල සිත් 89 ම තියෙනවා. ඒ කියන්නේ අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ක්‍රියා සිත්, කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සේරටම ප්‍රත්‍ය වෙනවා. ඒත් අපි දන්නවා කර්ම ඵලය, ක්‍රියා සිත් වගේ ඒවාට ඵල දෙන්නේ නෑ කියල. So Contradiction ! අනන්තර/සමනන්තර ප්‍රත්‍ය කියන්නේ කර්ම විපාකය ගැන කියන එකක් නෙවෙයි.

    පිළිගත්තු මතය තමයි අනන්තර/සමනන්තර ප්‍රත්‍ය කියන්නේ චිත්ත නියාමය විස්තර කරන දෙකක් හැටියට. උදාහරණයක් විදියට , සිත් දෙකක් අතර අන්තරයක් නැතිව හටගැනීමත්, ඒ ඒ සිත් සමාන කාල ප්‍රාන්තර පැවතීමත් වගේ දෙයක්. මේවා ගැන වාද තියෙනවා. ඒත් මේ කියන්නේ කර්ම විපාක කියලනම් කොහෙවත් කියන් නෑ.

    මම පහලින් දානවා විපාක ප්‍රත්‍යයේ image එකකුත්, එතකොට තව පැහැදිලි වෙයි.

    picture.php

    මම හිතනවා මචන් උඹ මේක බලල පිළිතුරක් දාවි කියල. වගේම තර්කය බිඳිනවානම් පැහැදිලිව විස්තර එක්ක proof එක්ක දාන්න.
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    @thelaa rox
    දැන් අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ගත්තොත්, අපිට පේනවා ඒකෙ B වල සිත් 89 ම තියෙනවා. ඒ කියන්නේ අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ක්‍රියා සිත්, කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සේරටම ප්‍රත්‍ය වෙනවා. ඒත් අපි දන්නවා කර්ම ඵලය, ක්‍රියා සිත් වගේ ඒවාට ඵල දෙන්නේ නෑ කියල. So Contradiction !අනන්තර/සමනන්තර ප්‍රත්‍ය කියන්නේ කර්ම විපාකය ගැන කියන එකක් නෙවෙයි.

    මම හිතනවා මචන් උඹ මේක බලල පිළිතුරක් දාවි කියල. වගේම තර්කය බිඳිනවානම් පැහැදිලිව විස්තර එක්ක proof එක්ක දාන්න.

    ගොඩක් පින් ගොඩක් මහන්සි වෙලා මේ කරුණු ටික පෙන්නුවට.

    මෙතනදි මට තේරෙන විදියට කරුණු පෙන්වන්නම් වැරැද්දක් තියෙනවනම් නිවැරදි කරන්න.

    අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ක්‍රියා සිත්, කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සේරටම ප්‍රත්‍ය වෙනවා කියන එක හරි. එක වෙලාවක එක සිතක් ක්‍රියාත්මක වෙනවා කියන එකත් හරි. නමුත් එක සිතක් ක්‍රියාත්මක වෙන වෙලාවට ප්‍රත්‍ය එකට වැඩි ගනනක් ක්‍රියාත්මක වෙන්න පුලුවන්.

    ඒ නිසා කර්මය සහ විපාක ක්‍රියාත්මක වෙන අවස්තාවේ දී අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වීම සිදු වෙන්න පුලුවන්.

    උදාහරනයක් වශයෙන් පිලිකාවක් හැදෙන්න බලපාන කර්ම අපි සංසාරයේ රැස් කරල නැද්ද? තියෙනව. නමුත් ඒක අපිට මේ වෙලාවෙ විපාක නොදෙන්නෙ ඇයි? ඒකට අදාල සමනන්තරයක් අපි හදල නැති නිසා (සමනන්තර හදන්නෙ නැතිවත් විපාක දෙන කර්ම තියෙන්න පුලුවන්).

    මම ඔයා දුන්න වීඩියෝ එකේ අභය හාමුදුරුවො කියන එක දෙතුන් පාරක් බැලුවා. උන්වනන්සේ අදහස් කරන්නෙ අනන්තර සමනන්තර ප්‍රත්‍ය "තුලින්" කර්ම පල දීමක් ගැන නෙවෙයි. කර්ම විපාක වලට අනන්තර සමනන්තර ප්‍රත්‍ය බලපාන අකාරය (Impact or Influence)
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මම එකින් එක පැහැදිලි කරන්නම්.
    ඔයා එක දෙයක් ගැන එකඟ වෙච්ච එක ගැන සතුටුයි.

    එක වෙලාවක එක සිතක් ක්‍රියාත්මක වෙනවා කියන එකත් හරි. නමුත් එක සිතක් ක්‍රියාත්මක වෙන වෙලාවට ප්‍රත්‍ය එකට වැඩි ගනනක් ක්‍රියාත්මක වෙන්න පුලුවන්.

    මම කියල නෑ එක වෙලාවක එක සිතකට ප්‍රත්‍ය දෙකක් බලපාන්නේ නෑ කියල. ඒත් සමහර සිත් තියෙනවා විපාකය එන්න බැරි.
    හරි, දැන් ගන්න ක්‍රියා සිත. මම පෙන්නුවා අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ක්‍රියා සිත් වලටත් ප්‍රත්‍ය වෙනවා කියල සාක්ෂි එක්ක. ඒ නිසා කර්මය සහ විපාක ක්‍රියාත්මක වෙන අවස්තාවේ දී අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වීම සිදු වෙන්න පුලුවන්.
    අනිවාර්යෙන්. මොකද අනන්තර සමනන්තර කියන්නේ චිත්ත නියාමයට අදාළ දෙයක්.

    මෙතන එකම අවුල තමයි, අනන්තර/සමනන්තර ප්‍රත්‍ය දෙක කර්ම / විපාක වලට සම්බන්ධ කිරීම.

    මෙන්න මෙතන තමයි, ඔය කියන මෝඩ කතාව තියෙන්නේ.

    උදාහරනයක් වශයෙන් පිලිකාවක් හැදෙන්න බලපාන කර්ම අපි සංසාරයේ රැස් කරල නැද්ද? තියෙනව. නමුත් ඒක අපිට මේ වෙලාවෙ විපාක නොදෙන්නෙ ඇයි? ඒකට අදාල සමනන්තරයක් අපි හදල නැති නිසා (සමනන්තර හදන්නෙ නැතිවත් විපාක දෙන කර්ම තියෙන්න පුලුවන්).

    පොඩ්ඩකට ඔය සමනන්තරයක් කියන එක අමතක කරලා මෙහෙම හිතපන්. අපි කර්ම රැස් කරලා තියෙනවා. ඒවා සුදුසු වෙලාවේදී ඵල දෙනවා. දැන් ඉතින් කවුරුහරි අහනවා මොකද්ද මේ සුදුසු වෙලාව. උඹ අහල තියේද කර්ම විපාකය බුද්ධ විෂයක් කියල. ඉතින් සමහර අය ඉන්නවා විපාකය එන විදියත් පැහැදිලි කරන්න යනවා. එතකොට කොහෙවත් නැති ප්‍රත්‍යක් මේකට ගාව ගන්නවා.

    අපි හොඳ දේවල් කරගෙන හොඳට ඉන්නකොට අපේ පැත්තේ හොඳ පරිසරයක්‌ හැදිල හොඳ කර්ම ඇදිලා එනවා කියන බොහෝම සරල පැහැදිලි කිරීමක් එක. (බුදු හාමුදුරුවොන්ට දේවදත්ත ගල් පෙරලන කොට උන් වහන්සේගේ සිතේ ඔය කියන නරක පරිසරය හැදිලා තියෙන්න ඕන එතකොට. )

    මෙහෙමයි මචන්. මෙතන තියෙන්නේ, අමාරු ධර්ම කරුණක් අපිට තේරෙන විදියට කියන්න යනවා. අපිත් බොහොම සරල, ග්‍රාම්‍ය විදියට හිතල ගමු, "අපි හොඳ දේවල් කරගෙන හොඳට ඉන්නකොට අපේ පැත්තේ හොඳ පරිසරයක්‌ හැදිල හොඳ කර්ම ඇදිලා එනවා" කියලා. මම කියන්නේ එත් කමක් නෑ. ඒක එයාලගේ මතය. එත් ඒකට අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියන නම දාගන්න එකයි ප්‍රශ්නය. එහෙම කරනවානම් එක්කෝ මෝඩයි. එක්කෝ කපටියි.

    මෙන්න මේකට ත්‍රිපිටකයේ සාක්ෂි දෙන්න බලන්න.

    නමුත් ඒක අපිට මේ වෙලාවෙ විපාක නොදෙන්නෙ ඇයි? ඒකට අදාල සමනන්තරයක් අපි හදල නැති නිසා
    (සමනන්තරයක් හදනවා කියන එකෙන්ම තේරෙනවා ප්‍රත්‍ය ගැන තියෙන අවබෝධයේ අඩුකම. අදාළ පරිසරය හදුනා කියන එක OK . සමනන්තරයක් හදනවා කියන වචනේ පාවිච්චි කරන එකයි අවුල. උඹට තේරෙනවද දන්නේ නෑ මේ කියන දේ.)

    මම ඔයා දුන්න වීඩියෝ එකේ අභය හාමුදුරුවො කියන එක දෙතුන් පාරක් බැලුවා.

    මම එක පාරයි බැලුවේ. තව එකක් කියනවා නිකන් ඇත්ත වගේ. මම ඒක පස්සේ කියන්නම්. දැන් මේක ඉවර කරගෙන ඉමු. If you've questioned yourself you should have gone back to thripitaka and confirmed that thing also by now. lets get back to that later.

    උන්වනන්සේ අදහස් කරන්නෙ අනන්තර සමනන්තර ප්‍රත්‍ය "තුලින්" කර්ම පල දීමක් ගැන නෙවෙයි. කර්ම විපාක වලට අනන්තර සමනන්තර ප්‍රත්‍ය බලපාන අකාරය (Impact or Influence).

    මෙහෙම ගනින්. මම හුස්ම ගන්නවා. මම මේක type කරනවා. මම මේක type කලත් නැතත් හුස්ම ගන්න එක කරනවා. අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියන්නේ හුස්ම ගන්නවා වගේ වැඩක්. හැම සිතකටම ප්‍රත්‍ය වෙනවා. හැබැයි ඒක විපාකයට ගාව ගන්න එකයි ප්‍රශ්නේ.

    ඔය කන්නාඩිය දාගත්තම මචන් ගලවගන්න හරි අමාරුයි. එහෙම දාගත්තු කෙනෙක්ට තර්ක කරලා දෙයක් ඔප්පු කරනවා කියන්නේ ලේසි නෑ. මම ඔය cycle එකේ ගොඩක් ගිහිල්ල තියෙනවා. ඉංජිනේරුවෝ දොස්තරලා නේ ඉන්නේ, එයාලටත් තේරෙනවා නම් මේක හරි ඇති වගේ මතයකත් කට්ටියක් ඉන්නවා.

    Let's see how this discussion progresses. I expect you to give proofs because otherwise there will be no objective measures to conclude.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    හෝව් හෝව්!

    දැන් මම මුලින් කිවුව වගේ මම මේක පැහැදිලි කලේ මට අත්දැකීම් වලින් ප්‍රත්‍යක්ශ වුන දේවල් වලට අනුව. ඊට පස්සෙ ඔයා තමයි කිවුවෙ ත්‍රිපිටකයට අනුව මේකෙ වැරැද්දක් කන්ෆිලික්ට් එකක් තියෙනව කියල.මටත් ඇත්තටම උවමනාවක් තියෙනව එහෙම ත්‍රිපිටකයට අනුව කන්ෆිලික්ට් එකක් තියෙනවනම් දැනගන්න.

    ඒකට ඔයා ත්‍රිපිටක සාක්ශි ඉදිරිපත් කලා. කරල ඔයා කියනව

    So Contradiction ! අනන්තර/සමනන්තර ප්‍රත්‍ය කියන්නේ කර්ම විපාකය ගැන කියන එකක් නෙවෙයි

    දැන් මන් අහන්නෙ කවුද එහෙම එකක් කිවුවෙ? කවුරුත් නෑ!

    සෝ මෙතන කන්ට්‍රඩික්ශන් එකක් නෑ නෙ එහෙනම්!

    ඒ වීඩියෝ එක බලල ඔයා එහෙම එකක් කිවුව කියල තේරුම් අරන් තියෙනව. මනුස්සයෙක් තමන් කියන දේට තමයි රෙස්පොන්සිබල් ඒක අහල අනිත් අය තේරුම් ගන්න එකට නෙවෙයි.

    දැන් මට කියන්න තියෙන දේ තමයි ඔයා උඩ ඉදිරිපත් කරපු සාක්ශි දෙකෙන් මේ අභය හාමුදුරුවො කියන කතාවට කන්ට්‍රඩික්ශන් එකක් නෑ. ඔයා තවමත් කියනවනම් මේක ත්‍රිපිටකයට අනුව වැරදියි කියල. ඒ අදාල සාක්ශි ඉදිරිපත් කරන්න.

    මේක කමියුනිකේශන් ගැප් එකක් වෙන්න පුලුවන්. කමියුනිකේශන් ගැප් ගැන කියද්දි දැන් මට පේන්නෙ මම උඩ දාපු කමෙන්ට් එක බලන්න ඒක හරියට කියවල වත් නෙවෙයිනෙ ඔයා උත්තර දීල තියෙන්න. මම පැහැදිලිව "(සමනන්තර හදන්නෙ නැතිවත් විපාක දෙන කර්ම තියෙන්න පුලුවන්)" කියල තියෙද්දිත් ඔයා බුදු හාමුදුරුවන්ට ගල් පෙරලපු එකක් ගැන කතා කරනව. ඉතින් මෙච්චර පැහැදිලිව ලියල තියෙන එක තේරෙන් නැති එකේ තව කම්ප්ලෙක්ස් දෙයක් ගැන කවර කතා ද?

    ඔහොම වෙන්නෙ ඉතින් කමියුනිකේශන් ගැප් හින්දම නෙවෙයි වෙන්නත් පුලුවන්. මොකද වැඩිපුරම පාට කන්නාඩි දාගෙන ඉන්න තමන් පාට කන්නාඩි දාගෙන නෑ කියල මෝඩ විදියට කන්ෆිඩන්ස් එකෙන් ඉන්න අය තමයි. නිදාගෙන ඉන්න අය ඇහැරවන්න පුලුවන් හැබැයි බොරුවට නිදාගෙන ඉන්න අය ඇහැරවන්න බෑ.

    මේක බලන අයට මම කියන්නෙ අපේම හිත තමයි අපිව රවට්ටන්නෙ අපේම හිත තමයි අපිව මුලා කරන්නෙ ඒ නිසා බාහිර අනිත් අයගෙ දෙවල් නෙවෙයි තමන්ගෙ හිත ගැනම අවධානයෙන් ඉඳල සතිය පිහිටුවන්න. හිතේ මුලාවෙන් මිදෙන්න ඒක විතරයි හිතට පිළිසරණ. විඤ්ඤාණය මායාකරයෙක් කියල කියල තියෙන්න නිකන් නෙවෙයිනෙ. මගේම හිත මාව රවට්ටන වෙලාව කොයි වෙලාවෙද කියල නෑ. මානය උද්දච්චය වගේ ටොෆී චොකලට් කෑල්ලක් පෙන්නල හිත හිතම රවට්ටන්න පුලුවන්. ඒ නිසා සතියෙන් ඉන්න.

    දැන් ඔයත් "අපිනම් කවදාවත් පාට කණ්නාඩි දාගන් නෑ". "අනිත් අය පාට කන්ණාඩි දාගෙන ඉන්නෙ". "අපිට විතරයි මේවගෙ වැරදි පේන්නෙ" වගේ "මං පොර" ඩයල් එකක් නම් ඉතින් මට කියන්න තියෙන්න "අනේ හා" කියල විතරයි.

    අපි දැන් බලමු පාට කන්ණාඩි වල තරම!

    Quote 01
    ඒ නිසා කර්මය සහ විපාක ක්‍රියාත්මක වෙන අවස්තාවේ දී අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වීම සිදු වෙන්න පුලුවන්

    Quote 02
    අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියන්නේ හුස්ම ගන්නවා වගේ වැඩක්. හැම සිතකටම ප්‍රත්‍ය වෙනවා. හැබැයි ඒක විපාකයට ගාව ගන්න එකයි ප්‍රශ්නේ

    :rofl: මං මුකුත් කියන් නෑ

    කර්ම විපාකය බුද්ධ විෂයක් කියල
    කර්ම විපාකය ක්‍රියාත්මක වෙන විදිය ගැන කතා කලාද මෙතන? එහෙම නැත්තම් විපාකයේ තියෙන ප්‍රොපටීස්?

    බොහෝම සරල පැහැදිලි කිරීමක් එක
    බොහොම ක්ම්ප්ලෙක්ස් වුනානම් තමා හරි!

    එත් ඒකට අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියන නම දාගන්න එකයි ප්‍රශ්නය. එහෙම කරනවානම් එක්කෝ මෝඩයි. එක්කෝ කපටියි
    එහෙම කරනවානම් එක්කෝ මෝඩයි. එක්කෝ කපටියි, එහෙම්ත් නැත්නම් ඔයාට වැරදිලා

    මෙන්න මේකට ත්‍රිපිටකයේ සාක්ෂි දෙන්න බලන්න.
    මම ඔයාගෙන් ඉල්ලුවෙ මට අත්දැකීම් වලින් ලැබුණ අවබෝධය ත්‍රිපිටකයත් එක්ක සසඳා බලන්න උදව්වක් එහෙව් මගෙන්ම ත්‍රිපිටක සාක්ශි ඉල්ලනවද? :P

    If you've questioned yourself you should have gone back to thripitaka and confirmed that thing also by now. lets get back to that later.
    Are you sure that you have questioned yourself enough?

    සමනන්තරයක් හදනවා කියන වචනේ පාවිච්චි කරන එකයි අවුල
    සමනන්තර ප්‍රත්‍ය හැදුනා කියල නෙවෙයි කියන්නෙ. සමාන අන්තරයක් හැදුනා කියන එක සමාන අන්තර ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙන්න සමනන්තර ප්‍රත්‍ය

    මම එක පාරයි බැලුවේ. තව එකක් කියනවා නිකන් ඇත්ත වගේ. මම ඒක පස්සේ කියන්නම්
    අනේ සමාවෙලා තව දෙතුන් පාරක් බලන්න. මොකද අර උඩ තියෙන මගෙ කමෙන්ට් එක කියෙවුව වගේද දන් නෑනෙ බැලුවෙ.එහෙම වුනොත් අපරාදෙ කාලෙ.

    ඔය කන්නාඩිය දාගත්තම මචන් ගලවගන්න හරි අමාරුයි. එහෙම දාගත්තු කෙනෙක්ට තර්ක කරලා දෙයක් ඔප්පු කරනවා කියන්නේ ලේසි නෑ. මම ඔය cycle එකේ ගොඩක් ගිහිල්ල තියෙනවා. ඉංජිනේරුවෝ දොස්තරලා නේ ඉන්නේ, එයාලටත් තේරෙනවා නම් මේක හරි ඇති වගේ මතයකත් කට්ටියක් ඉන්නවා.

    මමත් ඔය කැටගරි එකට වැටෙන එක්කෙනෙක් තමයි. දැන් මුන් ඔක්කොටම වැරදිලා කන්නාඩි දාගෙන. කිසිම සැකයක් නෑ එහෙමමයි වෙලා තියෙන්න. මොකද ඔබතුමා කන්නාඩියක් දාගන්න කිසිම ඉඩක් නැති නිසා.

    ඔයවගේ ආගියුමන්වලට මම කියන්නෙ අනේ හා කියල විතරයි. වෙන මොනව කියන්නද?:rofl:
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මචන්, උඹට ප්‍රත්‍යක්ෂයෙන් දැනුනු දෙයක් මට පොතේ දැනුමෙන් නෑ කියන්න බෑ. ඒ නිසා උඹට ලැබුණු ඒ ප්‍රත්‍යක්ෂය මම දැනුමෙන් ලබාගත්තු දේට වඩා ගොඩාක් වටිනවා.

    කරුණු තුනක් විතරක් කියන්නම්.

    1. මම දාල තියෙන්නේ ත්‍රිපිටකේ තියන සාක්ෂි තමයි. හැබැයි ඒවායින් ප්‍රත්‍යක්ෂය බොරු කරන්න බෑනේ. මට ඒක අමතක වුනා.

    2.
    සමනන්තර හදන්නෙ නැතිවත් විපාක දෙන කර්ම තියෙන්න පුලුවන්

    මේක ලියනකොටම මට හිතුන උඹ ඕක අහනවා කියල. එත් මම ලිව්වේ, ඔය සමනන්තරයක් නැතිව පල දෙනවා කියල වහරක හාමුදුරුවෝ කිව්වේ ආනන්තර්ය පාප වගේ ඒවා. ඒකයි මම එක step එකක් පන්නල ඒක දැම්මේ.

    3. හුස්ම ගන්න උදාහරනේ වැරදියට පෙන්නන්න හදන්න එපා. එකේ සංසන්දනය කරේ (හුස්ම ගැනීම, type කිරීම ) Vs (සමනන්තර ප්‍රත්‍ය , විපාක ප්‍රත්‍ය) කියන දෙක. නැතුව හුස්ම ගන්න කොට සමනන්තර ප්‍රත්‍ය වෙනවා කියල නෙවෙයි.

    discussion එක මෙතනින් නවත්තන්න ඕන කමක් නෑ. ඕන ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් විදියට mood එක තියා ගනින්. මං පොර වගේ කතා හිතේ මවා ගත්තු දේවල් විතරයි.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන්, උඹට ප්‍රත්‍යක්ෂයෙන් දැනුනු දෙයක් මට පොතේ දැනුමෙන් නෑ කියන්න බෑ. ඒ නිසා උඹට ලැබුණු ඒ ප්‍රත්‍යක්ෂය මම දැනුමෙන් ලබාගත්තු දේට වඩා ගොඩාක් වටිනවා.
    ගොඩක් වටින එක ඇත්ත. ඒත් ත්‍රිපිටකයේ ඊට නොගැලපෙන යමක් තියෙනවනම් ඇයි ඒ කියල හොයන්න ඕනෙ

    කරුණු තුනක් විතරක් කියන්නම්.

    1. මම දාල තියෙන්නේ ත්‍රිපිටකේ තියන සාක්ෂි තමයි. හැබැයි ඒවායින් ප්‍රත්‍යක්ෂය බොරු කරන්න බෑනේ. මට ඒක අමතක වුනා.
    ඔයා දාල තියෙන ත්‍රිපිටක උපුටනයන්ගෙන් මේ කියන කතාව සම්බන්දයෙන් කිසිම කන්ට්‍රඩික්ශන් එකක් නෑ. හැබැයිමෙතන කියවෙනව කියල හිතාගෙන ඉන්න දේට නම් කන්ට්‍රඩික්ශන් එකක් ඇති.

    2.

    මේක ලියනකොටම මට හිතුන උඹ ඕක අහනවා කියල. එත් මම ලිව්වේ, ඔය සමනන්තරයක් නැතිව පල දෙනවා කියල වහරක හාමුදුරුවෝ කිව්වේ ආනන්තර්ය පාප වගේ ඒවා. ඒකයි මම එක step එකක් පන්නල ඒක දැම්මේ.

    වහරක හාමුදුරුවො නම් මොනව කියල තියෙනවද දන් නෑ. මම අර හාමුදුරුවො කිවුව නිසා හරි කියල පිළිගන්න කැමති නෑ. මම කියන්නෙ සියලුම කර්ම විපාක දීම් වලට සමගාමීව අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනව කියන එක පිලිගන්න අමාරුයි කියන එක විතරයි. ඒක ආනන්තරීය හෝ/සහ වෙනත් වෙන්නත් පුලුවන්. හරියටම තීරනය කර්න්න මගේ අවබෝදය මදි.

    3. හුස්ම ගන්න උදාහරනේ වැරදියට පෙන්නන්න හදන්න එපා. එකේ සංසන්දනය කරේ (හුස්ම ගැනීම, type කිරීම ) Vs (සමනන්තර ප්‍රත්‍ය , විපාක ප්‍රත්‍ය) කියන දෙක. නැතුව හුස්ම ගන්න කොට සමනන්තර ප්‍රත්‍ය වෙනවා කියල නෙවෙයි.

    හරි. මේ වීඩියෝ එකේ කතා වෙන්නෙ මේක ගැන බන්

    ඒ නිසා කර්මය සහ විපාක ක්‍රියාත්මක වෙන අවස්තාවේ දී අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වීම සිදු වෙන්න පුලුවන්

    discussion එක මෙතනින් නවත්තන්න ඕන කමක් නෑ. ඕන ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් විදියට mood එක තියා ගනින්. මං පොර වගේ කතා හිතේ මවා ගත්තු දේවල් විතරයි.
    මේ කතා බහේදි යම්කිසි රාග දෙවේශයකින් යමක් කියවුනා නම් සමාවෙයන්.

    නිවනම වෙත්වා!
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    හරි. අපි ආයිත් කතාවට බහිමු.
    මේකනේ ඔයා කියන point එක. ඒක quote කරලම පෙන්නපු එක හොඳයි.

    ඒ නිසා කර්මය සහ විපාක ක්‍රියාත්මක වෙන අවස්තාවේ දී අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වීම සිදු වෙන්න පුලුවන්

    අභය හාමුදුරුවෝ කියන්නේ මේක කියල ඔයා පිළිගන්නවද ? නැත්නම් අපි දෙන්න දෙකක් ගැන කතා කරාවි.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    හරි. අපි ආයිත් කතාවට බහිමු.
    මේකනේ ඔයා කියන point එක. ඒක quote කරලම පෙන්නපු එක හොඳයි.

    අභය හාමුදුරුවෝ කියන්නේ මේක කියල ඔයා පිළිගන්නවද ? නැත්නම් අපි දෙන්න දෙකක් ගැන කතා කරාවි.

    මේක ටොපික් එකක් විදියට ගන්න පුලුවන්. මේකෙ ඉන්ටර්ප්‍රිටේශන් එක තමයි උන්වනහ්සේ කියන්නෙ. මේ ටොපික් එකම වෙන වෙන විදියටත් ඉන්ටර්ප්‍රිට් කරන්න පුලුවන්. දැන් ඔයා කලින් කිවුවෙ එහෙම දෙයක් නෙ. ඔයා මේකෙන් ඉන්ටර්ප්‍රිට් කරන දේ කියන්නකො.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මේක ටොපික් එකක් විදියට ගන්න පුලුවන්. මේකෙ ඉන්ටර්ප්‍රිටේශන් එක තමයි උන්වනහ්සේ කියන්නෙ. මේ ටොපික් එකම වෙන වෙන විදියටත් ඉන්ටර්ප්‍රිට් කරන්න පුලුවන්. දැන් ඔයා කලින් කිවුවෙ එහෙම දෙයක් නෙ. ඔයා මේකෙන් ඉන්ටර්ප්‍රිට් කරන දේ කියන්නකො.

    මට තේරෙන විදියට, ඔතන හාමුදුරුවෝ කියන්නේ, අනන්තර (ආහාර / දත්ත ) එනවා. සමනන්තරයක් හැදෙනවා. අනන්තර සමනන්තර ප්‍රත්‍ය මගින් (උදව්වෙන් කියමුකෝ ) විපාකය ඵල දෙනවා.

    මම හිතනවා මේ අදහසට උඹ එකඟයි කියල.

    මට තේරෙන විදියට හාමුදුරුවෝ කියන්නේ විපාක දෙන වෙලාවට අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනවා කියල. එහෙම ක්‍රියාත්මක නොවෙන වෙලාවලුත් තියෙනවා. මම හිතනවා හරිද? නැත්නම් පැහැදිලි කරලා දෙන්න.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    හෝව් හෝව්!

    දැන් මම මුලින් කිවුව වගේ මම මේක පැහැදිලි කලේ මට අත්දැකීම් වලින් ප්‍රත්‍යක්ශ වුන දේවල් වලට අනුව. ඊට පස්සෙ ඔයා තමයි කිවුවෙ ත්‍රිපිටකයට අනුව මේකෙ වැරැද්දක් කන්ෆිලික්ට් එකක් තියෙනව කියල.මටත් ඇත්තටම උවමනාවක් තියෙනව එහෙම ත්‍රිපිටකයට අනුව කන්ෆිලික්ට් එකක් තියෙනවනම් දැනගන්න.

    ඒකට ඔයා ත්‍රිපිටක සාක්ශි ඉදිරිපත් කලා. කරල ඔයා කියනව

    දැන් මන් අහන්නෙ කවුද එහෙම එකක් කිවුවෙ? කවුරුත් නෑ!

    සෝ මෙතන කන්ට්‍රඩික්ශන් එකක් නෑ නෙ එහෙනම්!

    වහරක උන්නාන්සේ මේ කියන්නේ පින්වත? බලන්න වි.2 තත් 10 සිට

    :D:D:D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මොන හාමුදුරුවන්ගේ උනත් පිලිගතහැකි තැන් තියනවා, නොහැකි තැනුත් තියනවා .
    හැබැයි, එකම දෙයක්ම හැම ත්‍රෙඩ් එකේම දම දම යන එකෙන් තේරෙන්නේ එතන වෙන ඇරියස් එකක් පිරිමහගන්න බව.
    දැන් යනවා හාමුදුරුවරු අල්ලගන ඒඅය අදහන මොට්ට රැල්ලක්.ඒ අයට වෙන හාමුදුරුකෙනෙක් කියන්නේ හතුරෙක්. ඔය ඉන්නෙත් ඒරැල්ලේ පුද්ගලයෙක් පුද්ගලයෙක්.එයාට පේන්නේ ඔය වීඩියෝ එක විතරයි.
    අනිච්ච ගැන මේ ස්වාමීන්වහන්සේගේ තේරුම්ගන්න පුලුවන් පැහැදිලිකිරීමක් තියනවා යූ ට්යුබ් එකේ.

    අනිච්ච ආකාර කීපයකින් විග්‍රහ වනබව,එනම්
    1.ඛේනට්ඨේන අනිච්චා,
    2. උප්පාද වයට්ඨේන අනිච්චා ලෙස
    And ගිරිමානන්ද සුත්‍රයේ - අට්ඨීයති, හරායති ඊ ටී සී....

    මේ දහම් කරුනුයි අපි එකතුකරගන්න ඔනේ අවබෝධයට.හාමුදුරුවෝ බැරිනම්,කවුරු ඒවා කිව්වත්.
    ඔය හාමුදුරුවරු අල්ලගත්තාම සහ හාමුදුරුවරු දෙස හතුරො විදියට බලන්න ගත්තාම අපිට ඒ අයගෙන් ගන්න තියන සමහර දහම් කොටස් මිස්වෙනවා.
    එක එක්කෙනා එක එක දහම් කොටස් වලට ස්පෙශලයිස් ගතියක් හියනවා.
    බවුද්ධයෝ වෙලත් හාමුදුරුවන්ගේ දේශනයක් දැක්කාම රෙදි උස්සගන ඇවිත් පීචන් පාර දානවනම්(විවේචනයට එහා ගිහින්) ඇත්තටම උන්ට මොන දහමක්ද.තිසරනයවත් නැතුව.
    මැදිහත් සිතින් ඉදීමයි වැදගත් වෙන්නේ.

    මේ බන අපි ඉහමුදුනින් එහෙයි කියලා පිලිගන්න ඔනේනෑ, මෙතන උන්වහන්සේ රෙෆරන්ස් දෙනවා අහවල් තැන මේක මෙහෙම කියවෙනවා කියලා.අපිට ඒක හොයාගන උන්වහන්සේගේ විග්‍රහය ගැන ඇත්තද බොරුද කියලා තීරනය කරන්න පුලුවන්.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ වහරකයා වගේ අමනොඥ, තකතීරු රං ගොජෙක් දැක්කාමයි. මූ උපසම්පදාව වත් නැති, පාලි ගැන දනුමක් නැති අමු මැට්ටෙක්. මුගෙන් ධර්මය අහන උන්ට නිරය ම තමයි.

    ඔබට මොලය කළඳක් වත් තිබේනම් මේවාත් බලා තීරණය කරන්න. මූ විතරක් නෙවෙයි ධර්මය හදාරලා තියෙන්නේ. තව උගත් ස්වාමීන්වහන්සේලා ඉන්නවා ත්‍රිපිටකය, අටුවා ආදී සියල්ල හදාරපු.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ වහරකයා වගේ අමනොඥ, තකතීරු රං ගොජෙක් දැක්කාමයි. මූ උපසම්පදාව වත් නැති, පාලි ගැන දනුමක් නැති අමු මැට්ටෙක්. මුගෙන් ධර්මය අහන උන්ට නිරය ම තමයි.

    ඔබට මොලය කළඳක් වත් තිබේනම් මේවාත් බලා තීරණය කරන්න. මූ විතරක් නෙවෙයි ධර්මය හදාරලා තියෙන්නේ. තව උගත් ස්වාමීන්වහන්සේලා ඉන්නවා ත්‍රිපිටකය, අටුවා ආදී සියල්ල හදාරපු.

    අඩෝ පට්ට
    අපෙ ලේ පිරිසිදු කරනවට උන්නාන්සෙලට පින්:lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මොන හාමුදුරුවන්ගේ උනත් පිලිගතහැකි තැන් තියනවා, නොහැකි තැනුත් තියනවා .
    හැබැයි, එකම දෙයක්ම හැම ත්‍රෙඩ් එකේම දම දම යන එකෙන් තේරෙන්නේ එතන වෙන ඇරියස් එකක් පිරිමහගන්න බව.
    දැන් යනවා හාමුදුරුවරු අල්ලගන ඒඅය අදහන මොට්ට රැල්ලක්.ඒ අයට වෙන හාමුදුරුකෙනෙක් කියන්නේ හතුරෙක්. ඔය ඉන්නෙත් ඒරැල්ලේ පුද්ගලයෙක් පුද්ගලයෙක්.එයාට පේන්නේ ඔය වීඩියෝ එක විතරයි.
    අනිච්ච ගැන මේ ස්වාමීන්වහන්සේගේ තේරුම්ගන්න පුලුවන් පැහැදිලිකිරීමක් තියනවා යූ ට්යුබ් එකේ.

    අනිච්ච ආකාර කීපයකින් විග්‍රහ වනබව,එනම්
    1.ඛේනට්ඨේන අනිච්චා,
    2. උප්පාද වයට්ඨේන අනිච්චා ලෙස
    And ගිරිමානන්ද සුත්‍රයේ - අට්ඨීයති, හරායති ඊ ටී සී....

    මේ දහම් කරුනුයි අපි එකතුකරගන්න ඔනේ අවබෝධයට.හාමුදුරුවෝ බැරිනම්,කවුරු ඒවා කිව්වත්.
    ඔය හාමුදුරුවරු අල්ලගත්තාම සහ හාමුදුරුවරු දෙස හතුරො විදියට බලන්න ගත්තාම අපිට ඒ අයගෙන් ගන්න තියන සමහර දහම් කොටස් මිස්වෙනවා.
    එක එක්කෙනා එක එක දහම් කොටස් වලට ස්පෙශලයිස් ගතියක් හියනවා.
    බවුද්ධයෝ වෙලත් හාමුදුරුවන්ගේ දේශනයක් දැක්කාම රෙදි උස්සගන ඇවිත් පීචන් පාර දානවනම්(විවේචනයට එහා ගිහින්) ඇත්තටම උන්ට මොන දහමක්ද.තිසරනයවත් නැතුව.
    මැදිහත් සිතින් ඉදීමයි වැදගත් වෙන්නේ.

    මේ බන අපි ඉහමුදුනින් එහෙයි කියලා පිලිගන්න ඔනේනෑ, මෙතන උන්වහන්සේ රෙෆරන්ස් දෙනවා අහවල් තැන මේක මෙහෙම කියවෙනවා කියලා.අපිට ඒක හොයාගන උන්වහන්සේගේ විග්‍රහය ගැන ඇත්තද බොරුද කියලා තීරනය කරන්න පුලුවන්.

    Excellent, machan.
    ඔය කරුන ගැන නොදන්න ගොඩක් දේ දැනගත්ත.
    මොනව දැනගත්තත් අනිච්ච ගැන දැනුම නැත්තන් වැඩක්නෑ.හොද පැහැදිලි කිරීමක්.තෑන්ක්ස්
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මොන හාමුදුරුවන්ගේ උනත් පිලිගතහැකි තැන් තියනවා, නොහැකි තැනුත් තියනවා .
    හැබැයි, එකම දෙයක්ම හැම ත්‍රෙඩ් එකේම දම දම යන එකෙන් තේරෙන්නේ එතන වෙන ඇරියස් එකක් පිරිමහගන්න බව.
    දැන් යනවා හාමුදුරුවරු අල්ලගන ඒඅය අදහන මොට්ට රැල්ලක්.ඒ අයට වෙන හාමුදුරුකෙනෙක් කියන්නේ හතුරෙක්. ඔය ඉන්නෙත් ඒරැල්ලේ පුද්ගලයෙක් පුද්ගලයෙක්.එයාට පේන්නේ ඔය වීඩියෝ එක විතරයි.
    අනිච්ච ගැන මේ ස්වාමීන්වහන්සේගේ තේරුම්ගන්න පුලුවන් පැහැදිලිකිරීමක් තියනවා යූ ට්යුබ් එකේ.

    අනිච්ච ආකාර කීපයකින් විග්‍රහ වනබව,එනම්
    1.ඛේනට්ඨේන අනිච්චා,
    2. උප්පාද වයට්ඨේන අනිච්චා ලෙස
    And ගිරිමානන්ද සුත්‍රයේ - අට්ඨීයති, හරායති ඊ ටී සී....

    මේ දහම් කරුනුයි අපි එකතුකරගන්න ඔනේ අවබෝධයට.හාමුදුරුවෝ බැරිනම්,කවුරු ඒවා කිව්වත්.
    ඔය හාමුදුරුවරු අල්ලගත්තාම සහ හාමුදුරුවරු දෙස හතුරො විදියට බලන්න ගත්තාම අපිට ඒ අයගෙන් ගන්න තියන සමහර දහම් කොටස් මිස්වෙනවා.
    එක එක්කෙනා එක එක දහම් කොටස් වලට ස්පෙශලයිස් ගතියක් හියනවා.
    බවුද්ධයෝ වෙලත් හාමුදුරුවන්ගේ දේශනයක් දැක්කාම රෙදි උස්සගන ඇවිත් පීචන් පාර දානවනම්(විවේචනයට එහා ගිහින්) ඇත්තටම උන්ට මොන දහමක්ද.තිසරනයවත් නැතුව.
    මැදිහත් සිතින් ඉදීමයි වැදගත් වෙන්නේ.

    මේ බන අපි ඉහමුදුනින් එහෙයි කියලා පිලිගන්න ඔනේනෑ, මෙතන උන්වහන්සේ රෙෆරන්ස් දෙනවා අහවල් තැන මේක මෙහෙම කියවෙනවා කියලා.අපිට ඒක හොයාගන උන්වහන්සේගේ විග්‍රහය ගැන ඇත්තද බොරුද කියලා තීරනය කරන්න පුලුවන්.

    Lesatama :cool:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මට තේරෙන විදියට, ඔතන හාමුදුරුවෝ කියන්නේ, අනන්තර (ආහාර / දත්ත ) එනවා. සමනන්තරයක් හැදෙනවා. අනන්තර සමනන්තර ප්‍රත්‍ය මගින් (උදව්වෙන් කියමුකෝ ) විපාකය ඵල දෙනවා.

    මම හිතනවා මේ අදහසට උඹ එකඟයි කියල.

    මට තේරෙන විදියට හාමුදුරුවෝ කියන්නේ විපාක දෙන වෙලාවට අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනවා කියල. එහෙම ක්‍රියාත්මක නොවෙන වෙලාවලුත් තියෙනවා. මම හිතනවා හරිද? නැත්නම් පැහැදිලි කරලා දෙන්න.

    මචන් අපි යම් සංකාරයක් වඩද්දි සිත යම් ස්වභාවයකට පත් වෙනවද අන්න ඒ ස්වභාවයට අදාල දේවල් ඒ සිතේ ස්වභාවය හේතුවෙන් ඇදගන්න පුලුවන්. මෙහෙම කර්ම විපාකත් ඇදගන්න පුලුවන්. මෙහෙම ඇදගන්නෙ (ඇදගන්නව කියන එක වචන අර්තයෙන් ගන්න එපා) කර්ම විපාකම නෙවෙයි. වෙන කෙනෙක් ගන්න හැඟීම් වුනත් දැනගන්න පුලුවන්. (ධ්‍යාන සමාපත්තියක් වගේ කන් ඇහෙන් නැති වෙලාවක ධර්ම දේශනාවක ස්වාමීන් වහන්සේ අදහස් කරන දේ දැනගැනීම වගේ හැබැයි එතනති දේශනාව කරන කෙනත් මේක කමියුනිකේට් කරන අදහසින් කරන හේතුවත් බලපානව වෙන්න පුලුවන් ඒ නිසා අනිත් අයගේ සිතේ හැඟීම් මේ මගින් කියවන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ). කොහොම නමුත් සමාන අන්තර යක් පදනම් වෙලා ඊට අනුරූප දේවල් සම්ම්බන්ද වීම තමයි මෙහිදී වෙන්න. අර ෆිසික්ස් වල තියෙන සරසුලේ සිද්ධාන්තෙම (නම මතක නෑ) වගේම එකක් සිත ඇසුරු කර්ගෙන ක්‍රියාත්මක වන.

    මේව මෙහෙම ටෙක්ස්ට් වලින් කියෙවුවට තේරෙන් නැතිවෙන්න පුලුවන් මචන් ටෙක්ස්ට් කියන්න හරිම දුර්වල සන්නිවේදන මාර්ගයක්.

    අනික මම මෙතන කියන්න මට අවබෝද වුන ටික අභය හාමුදුරුවන් ට අවබෝද ටික නෙවෙයි.

    ඒ නිසා ත්‍රිපිටකයෙ කොහෙහරි මගේ අවබෝදයට නොගැලපෙන (කියල ඔයා හිතන) යමක් තිබුනොත් පෙන්නන අනිත් අයව නිවැරදි කරනවට වඩා මට වැදගත් මම මොනව හරි වැරදි යමක් දරාගෙන ඉන්නවනම් ඒක නිවැරදි කරන එක.
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    වහරක උන්නාන්සේ මේ කියන්නේ පින්වත? බලන්න වි.2 තත් 10 සිට

    :D:D:D

    මේ ආර්ය ව්‍යායාමයේදී බීරි අලින්ට වීණා වයන්න බොල්කුඹුරු
    අස්වැද්දීම ආදිය නතර කිරීමට තීරණය කළෙමි
    සියල්ලන්ට විමුක්තියම වේවා!
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මචන් අපි යම් සංකාරයක් වඩද්දි සිත යම් ස්වභාවයකට පත් වෙනවද අන්න ඒ ස්වභාවයට අදාල දේවල් ඒ සිතේ ස්වභාවය හේතුවෙන් ඇදගන්න පුලුවන්. මෙහෙම කර්ම විපාකත් ඇදගන්න පුලුවන්. මෙහෙම ඇදගන්නෙ (ඇදගන්නව කියන එක වචන අර්තයෙන් ගන්න එපා) කර්ම විපාකම නෙවෙයි. වෙන කෙනෙක් ගන්න හැඟීම් වුනත් දැනගන්න පුලුවන්. (ධ්‍යාන සමාපත්තියක් වගේ කන් ඇහෙන් නැති වෙලාවක ධර්ම දේශනාවක ස්වාමීන් වහන්සේ අදහස් කරන දේ දැනගැනීම වගේ හැබැයි එතනති දේශනාව කරන කෙනත් මේක කමියුනිකේට් කරන අදහසින් කරන හේතුවත් බලපානව වෙන්න පුලුවන් ඒ නිසා අනිත් අයගේ සිතේ හැඟීම් මේ මගින් කියවන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ). කොහොම නමුත් සමාන අන්තර යක් පදනම් වෙලා ඊට අනුරූප දේවල් සම්ම්බන්ද වීම තමයි මෙහිදී වෙන්න. අර ෆිසික්ස් වල තියෙන සරසුලේ සිද්ධාන්තෙම (නම මතක නෑ) වගේම එකක් සිත ඇසුරු කර්ගෙන ක්‍රියාත්මක වන.

    මේව මෙහෙම ටෙක්ස්ට් වලින් කියෙවුවට තේරෙන් නැතිවෙන්න පුලුවන් මචන් ටෙක්ස්ට් කියන්න හරිම දුර්වල සන්නිවේදන මාර්ගයක්.

    අනික මම මෙතන කියන්න මට අවබෝද වුන ටික අභය හාමුදුරුවන් ට අවබෝද ටික නෙවෙයි.

    ඒ නිසා ත්‍රිපිටකයෙ කොහෙහරි මගේ අවබෝදයට නොගැලපෙන (කියල ඔයා හිතන) යමක් තිබුනොත් පෙන්නන අනිත් අයව නිවැරදි කරනවට වඩා මට වැදගත් මම මොනව හරි වැරදි යමක් දරාගෙන ඉන්නවනම් ඒක නිවැරදි කරන එක.

    @thelaa_rox,
    මචන්, උත්තරේ දීල නෑ. ආයිත් මගේ ප්‍රශ්නය තවත් පැහැදිලිව අහන්නම්. (මොකද ත්‍රිපිටක සාක්ෂි දාපුවා ගැලපෙන බව සහ contradiction එකක් තියෙන බව ඔයාට තේරුනේ නෑ කියපු නිසා තමයි මේ සංවාදය තාම අපි දෙන්න කරන්නෙ.)

    අනන්තර සමනන්තර ප්‍රත්‍යය, සිත් පරම්පරාවේ හැම සිතකම (ඒ කිව්වේ හැම මොහොතකම) ක්‍රියාත්මක වෙනවද? (වෙන්න පුළුවන් නෙවෙයි, වෙනවද?)
    මේකට කෙටි උත්තරේ දීල ඉමු මචන්.
    1. ඔව්
    2. නෑ
    3. දන්නේ නෑ.
    4. ප්‍රශ්නේ වැරදියි. අදාළ නෑ.
    5. තව මොනවහරි. හැබැයි කෙටි පිළිතුර.

    ඒ පිළිතුර අනුව අපි ඊළඟ ස්ටෙප් එකට යමු.
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    @thelaa_rox,
    මචන්, උත්තරේ දීල නෑ. ආයිත් මගේ ප්‍රශ්නය තවත් පැහැදිලිව අහන්නම්. (මොකද ත්‍රිපිටක සාක්ෂි දාපුවා ගැලපෙන බව සහ contradiction එකක් තියෙන බව ඔයාට තේරුනේ නෑ කියපු නිසා තමයි මේ සංවාදය තාම අපි දෙන්න කරන්නෙ.)

    අනන්තර සමනන්තර ප්‍රත්‍යය, සිත් පරම්පරාවේ හැම සිතකම (ඒ කිව්වේ හැම මොහොතකම) ක්‍රියාත්මක වෙනවද? (වෙන්න පුළුවන් නෙවෙයි, වෙනවද?)
    මේකට කෙටි උත්තරේ දීල ඉමු මචන්.
    1. ඔව්
    2. නෑ
    3. දන්නේ නෑ.
    4. ප්‍රශ්නේ වැරදියි. අදාළ නෑ.
    5. තව මොනවහරි. හැබැයි කෙටි පිළිතුර.

    ඒ පිළිතුර අනුව අපි ඊළඟ ස්ටෙප් එකට යමු.

    awyakutha saha keles patichcha samuppada WARGA hama ekakama kriyathmaka wenawa.

    hama sithakama kriyathmaka wenawada kiyana eka gana nigamanayakata ena amarui