ආරුගම්බේ බිකිනි තහනමක්..? සමාජ ජාලා කැළඹේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආරුගම්බේ බිකිනි තහනමක්..? සමාජ ජාලා කැළඹේ…


    ආරුගම්බේ හි පොදු ස්ථානවල බිකිනි ඇඳීම තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දී ඇති බවට පළ වන වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

    ආරුගම්බේ ප්‍රදේශයේ බිකිනි ඇඳීම තහනම් කර ඇති බවට සටහන් සමාජ ජාලවල පළ වීමෙන් පසුව මෙම පැහැදිලි කිරීම කර ඇත.


    ‘ආරුගම් බේ වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබ මෙහි සිටීම ගැන අපි සතුටු වන අතර ඔබගේ පැමිණීම සැබවින්ම අගය කරමු. අපගේ දේශීය සංස්කෘතියට ගරු කිරීම සඳහා පොදු ස්ථානවල බිකිනි ඇඳීමෙන් වළකින ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සම්ප්‍රදායන් කෙරෙහි ඔබ දක්වන ගෞරවය අපගේ ප්‍රජාවට බොහෝ දේ අදහස් කරයි. ඔබේ අවබෝධයට ස්තූතියි. ඔබ සුන්දර ආරුගම්බේ ඔබේ කාලය භුක්ති විඳිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු’ ලෙස එම සටහනේ දැක්වින.


    කෙසේ වෙතත් පොලිසිය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර එවැනි තහනමක් ක්‍රියාත්මක නොවන බව පැවසීය.


    මෙම සටහන පුද්ගලයෙකු විසින් බෙදාගෙන ඇති බවත්ල ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.


    ආරුගම්බේ ‘සර්ෆ්‘ ක්‍රීඩකයින් සඳහා ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.


    සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයාද මේ පිළිබඳව කොළඹදී මාධ්‍යා හමුවක් අමතමින් කියා සිටියේ අදාළ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.


    මෙරට සංචාරක ව්‍යාපාරය අඩපන ක්‍රියා කිරීම සඳහා කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සැක මතුවන බවද ඔහු පැවසුවේය.

    ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් ඇති බවද ඒ මහතා සඳහන් කරන ලදී.


    sure ekatama paiya naginne nethi UNP kuhaka ponnayekge wedak
     

    Similar threads