ආරෝග්‍යා පරමා ලාභා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ආරෝග්‍යා පරමා ලාභා කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කලේ මේ මස් ලේ කය ලෙඩ නොවි සිටීම පරම ලාභයයි කියන අදහසින් කියලා අපි අහලා තිබුනට, උන්වහන්සේ ඒ දේශනා කලේ ඒ අදහස නෙමෙයි.
    ගිරිමානන්ද හාමුදුරුවෝ උන්වහන්සේට අසනීප තත්වය බොහොම වැඩියි ඒ හින්දා බුදුපියාණන් වහන්සේට ඇවිත් මට මොකක් හරි ප්‍රතිකර්මයක් කරන්න කියන්න කියලා සංඝයා වහන්සේලා අතේ පණිවිඩයක් එවනවා,
    මොකද කලේ බුදුපියාණන් වහන්සේ, ලෙඩවෙලා මහා වේදනාවකින් පෙලෙන ගිරිමානන්ද හාමුදුරුවන්ට ඒ ලෙඩේ සුවකරගන්න ක්‍රමයක් දේශනා කලාද? නැහැ නේද,
    ඒ හරහා උන්වහන්සේ කයේ අසාර භාවය, ලෝකයේ අසාර භාවය, දකින, පේන, ඇහෙන දේවල් වල අසාර භාවය, අනිච්ච භාවය පෙන්නුම් කරලා දීලා, හැකි ඉක්මනින් ආරන්‍යගතෝව, රුක්ඛමුල ගතෝවාව නිවන් අවබොධ කරගන්න කියලා,
    ඔය ලෙඩේ විතරක් නෙමෙයි මෙන්න මේ තරම් ලෙඩ ගොඩක් ඔය මස් ලේ කයට උරුමයි කියලා දේශනා කලා,
    එහෙම දේශනා කරපු බුදුපියාණන් වහන්සේ ආරෝග්‍යා පරමා ලාභා කියලා මේ ලෙඩ හැදෙන්නේ නැති එක පරම ලාභයක් කියලා දේශනා කරලා තියෙනවා බව පෙන්වා දිලා තියෙනවා.
    මොකක්ද බුදුපියාණන් එහෙමනම් ඒ දේශනා කලේ ?
    අ+රෝගය පරම ලාභා
    මිදෙන්න ඕන මොකක්ද සංසාර රෝගයෙන්, අපමන සසර පටන් කයවල් හටගනිමින් මේ ඉපදි ඉපදි, මැරි, මැරි යන එකයි රෝගය, අන්න ඒ රෝගයෙන් මිදි නිදහස් වෙන එකයි පරම ලාභය උන්වහන්සේ දේශනා කළ.
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
    යහපතක්, අභිවෘද්ධියක්ම වේවා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
    සාදු සාදු සාදු
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    රෝගය හොඳ කළානේ?


    එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. “ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ, ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වේ”. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් තෙම යම් තැනෙක්හිද, අනුකම්පා උපදවා එහි වඩිත්වා” යි කීහ.

    “ආනන්‍දය, ඉදින් ඔබ ගිරිමානන්‍ද භික්‍ෂුව කරා පැමිණ, දස සංඥාව කියන්නෙහිය. යම් හෙයකින් ගිරිමානන්‍ද භික්‍ෂුවට දස සංඥාව අසා ඒ ලෙඩය ක්‍රමයෙන් සංසිඳෙන්නේය, යන මේ කාරණය විද්‍යමාන වේ.

    “කවර දසයක්ද යත්? අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දොෂ දක්නා සංඥාව, දුරු කරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව, හුස්ම ඉහළ පහළ ගැනීමේ සිහිය යන දසයයි.

    “ආනන්‍දය, අනිත්‍ය සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරය අනිත්‍යය, විඤ්ඤාණය අනිත්‍යයයි, මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා (නුවණින් බැලීම) කරයි. ‘මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්‍ම පස කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනිත්‍ය සංඥාවය.

    “ආනන්‍දය, අනාත්ම සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්‍ශය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්‍මයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.

    “ආනන්‍දය, අශුභ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම දෙපතුලින් උඩ මස්තකයෙහි කෙශයන්ගෙන් යට සම කෙළවරකොට ඇති මේ ශරීරයෙහි නානා ප්‍රකාර අශුභ දේ නුවණින් කල්පනා කරයි. මේ ශරීරයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, අතුනුබහන්, නොපැසුනු අහර, අශූචි, පිත, සෙම, සැරව, ලෙය, ඩහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, ඇට මිදුළු, මූත්‍ර යන මේ නානා ප්‍රකාර අශූචිත් ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ආනන්‍දය, මේ අශුභ සංඥායයි කියනු ලැබේ.

    “ආනන්‍දය, දෝෂ දක්නා සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, මේ ශරීරය බොහෝ දුක්ය, බොහෝ දෝෂය, මෙසේ මේ ශරීරයෙහි යම් සේ ඇස් රෝගය, කන් රෝගය, නාසා රෝගය, දිවේ රෝගය, ශරීරයෙහි රෝගය, හිසේ රෝගය, කර්‍ණ රෝගය, කටේ රෝගය, දත් රෝගය, කාශය, ස්වාසය, පීනසය, ඩහදිය, ජරාව, ඛණ්ඩ රෝගය, මූර්ච්ඡාව, අතීසාරය, ශූලය, කොලරා රෝගය, කුෂ්ට, ගෙඩි, ලාදුරු, ක්‍ෂය, අපස්මාරය, දද, කැසීම, කුෂ්ටය, රඛසා කුෂ්ටය, රත්පිතය, දියවැඩියාව, පක්‍ෂාඝාත රෝගය, පිළිකා, භග අතරෙහි එන ගෙඩිය, පිතින් උපන් ලෙඩය, සෙමින් උපන් ලෙඩය, වාතයෙන් උපන් ලෙඩය, තුන් දොස් කිපීමෙන් උපන් ලෙඩය, ඎතු විපර්‍ය්‍යාසයෙන් උපන් ලෙඩය, වෙනස් පැවැත්මෙන් උපන් ලෙඩය, උපක්‍රමයෙන් උපන් ලෙඩය, කර්‍ම විපාකයෙන් උපන් ලෙඩය, සීතය, උෂ්ණය, බඩගින්නය, පිපාසය, මලය, මූත්‍රය, යන නානා ප්‍රකාර ලෙඩ උපදිත්. මෙසේ මේ ශරීරයෙහි දොෂය අනුව බලන සුලුව වාසය කරයි. ආනන්‍දය, මේ ආදිනව සංඥායයි කියනු ලැබේ.

    “ආනන්‍දය, දුරු කරණ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම උපන් කාම සිතිවිල්ල නොඉවසයිද, අත්හරියිද, දුරු කරයිද, කෙළවර කරයිද, අභාවයට පමුණුවයිද, උපන් ක්‍රොධ සිතිවිල්ල නොඉවසයි, අත් හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපන් හිංසා සිතිවිල්ල නොඉවසයි, අත්හරියි, දුරුකරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපනුපන් ලාමක අකුශල ධර්‍මයන් නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි. ආනන්‍දය, මේ දුරුකරණ සංඥායයි කියනු ලැබේ.

    “ආනන්‍දය, නොඇලෙන සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, යම් මේ සියලු සංස්කාරයන්ගේ මැඩ පැවැත්මක් වේද, සියලු තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරු කිරීමක් වේද, තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්‍ධියක් වේද, නිර්‍වාණයක් වේද, මෙය ශාන්තය, මෙය පූර්‍ණයයි, මෙසේ කල්පනා කරයි. ආනන්‍දය, මේ නොඇලෙන සංඥාවයයි කියනු ලැබේ.

    “ආනන්‍දය, නිරෝධ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, ගසක් යටට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, යම් මේ සියළු සංස්කාරයන්ගේ සන්සිඳීමක් වේද, තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරුකිරීමක් වේද, සියලු තෘෂ්ණාවගේ ක්‍ෂය වීමක් වේද, නිරුද්‍ධියක් වේද, නිවීමක් වේද, මේ නිවණ ශාන්තය, මේ නිවණ ප්‍රණීතයයි මෙසේ කල්පනා කරයි. ආනන්‍දය, මෙය නිරෝධ සංඥායයි කියනු ලැබේ.

    “ආනන්‍දය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යමක් ලෝකයෙහි පිළිවෙළින් දැඩි සේ ගන්නා, සිතට වැටහෙන, වැද ගන්නා, ඇතුළත සයනය කරණ, යම් ක්ලේශයන් වෙත්ද, ඔවුන් නොගනිමින්, දුරු කරමින් නොඇලෙයි. ආනන්‍දය, මේ සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව වේ.

    “ආනන්‍දය, සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව කවරීද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සියලු සංස්කාරයන් පෙළයි. ගරහයි. පිළිකුල් කෙරෙයි. ආනන්‍දය, මේ සියලු සංස්කාරය්හි අනිත්‍ය සංඥායයි කියනු ලැබේ.

    “ආනන්‍දය, ආනාපාන සතිය කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, පලක් බැඳගෙන, ශරීරය ඎජුව තබා, සිහිය අභිමුඛයට ගෙන, හෙතෙමේ සිහි ඇතිව ආශ්වාස (හුස්ම ගැනීම) කරයි. සිහි ඇතිව ප්‍රශ්වාස (හුස්ම හෙළීම) කරයි. දීර්‍ඝව ආශ්වාස කරන්නේ, දිර්‍ඝව ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝව ප්‍රශ්වාස කරන්නේ, දීර්‍ඝව ප්‍රශ්වාස කරමියි දනියි. හ්‍රස්වව (කොටට) ආශ්වාස කරන්නේ, හ්‍රස්වව ආශ්වාස කරමියි දනියි. හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නේ, හ්‍රස්වව ප්‍රශ්වාස කරමියි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ආනන්‍දය, මේ ආනාපාන සතියයි කියනු ලැබේ.

    “ආනන්‍දය, ඉදින් ඔබ ගිරිමානන්‍ද මහණතෙම වෙත එළඹ මේ දස සංඥාවන් කියන්නේය. මේ දස සංඥාවන් අසා යම් හෙයකින් ගිරිමානන්‍ද භික්‍ෂුවගේ ඒ ලෙඩය ක්‍රමයෙන් යටපත් වන්නේද, මේ කරුණ විද්‍යමාන වේ.”

    ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ දස සංඥාවන් උගෙන ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් කීහ. ඉක්බිති ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් අසා ඒ ආබාධය ක්‍රමයෙන් සංසිඳුනේය. ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ගේ ඒ රෝගය එසේම ප්‍රහීණ විය.
     
    • Like
    Reactions: hodakolla

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    රෝගය හොඳ කළානේ?
    බෞද්ධ දර්ශනය, බෞද්ධ ඉතිහාසය, සහ බෞද්ධ සාහිත්‍ය කියන තුනම අපේ සමාජයේ තිබුනත්, අපි මූලික තැන දිය යුත්තේ බෞද්ධ දර්ශනයට සහ එහි කියැවෙන දේවල් අවබෝධ කර ගැනීමටයි. නමුත්, සිදු නොවන්නේත් ඒකමයි. බෞද්ධ ඉතිහාසයේ, මුඛ පරම්පරාගතව පැමිණෙන බොහෝ කරුණු, පසු කාලීනව ලේඛනගත කරද්දීත්, බෞද්ධ සාහිත්‍යයට අදාලව ලියවෙන පොතපත, ඒ ලියන පුද්ගලයාගේ දැනුම, කැමැත්ත මත අතිශයෝක්තීන් යොදා ගැනීම බහුලව සිදුවෙලා තියනවා. එයින් බුදු දහමේ හරයට හානියක් සිදු නොවුනත්, බෞද්ධ දර්ශනයේ ප්‍රායෝගික බවට සහ විශ්වාසනීයත්වයට නම් යම් අවැඩක් සිදු වෙන බව මට හිතෙනවා.

    මේ ගැන මගේ අත්දැකීමක් මීට වසර කිහිපයකට පෙර බ්ලොග් පෝස්ට් එකකට පිළිතුරක් හැටියට ලිව්වා. ඒක පහලින් පේස්ට් කළා.


    //සෝභිත හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා. 1976-79 වසර හතර මම උසස් පෙළ ඉගෙන ගත් කාලයයි. සෑම පසළොස්වක දිනකට ආසන්නම පාසල් දිනයේදී අපිට ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඒක පැවැත්වෙන්නේ ඉංගිරිස් භාෂාවෙනුයි. සිංහලෙන් වත් මලාට බන අහන්නේ නැති අපි, මේකට මේන් හෝල් එකට යන්නේ අපේ උප විදුහල්පති 'කටයා' මහතාට බයේ මිසක්, බණ අහලා, සසර සයුරෙන් එතෙර වෙන අදහසින් නොවෙයි. (පාසැල Royal College කියලත් කිව යුතුයිනේ.)

    ඉහත වකවානුවේ එක්තරා බණ දිනක අපේ විදුහල්පති පීරිස් මහතා, හාමුදුරුවන් හඳුන්වා දීම ""සිංහලෙන්"" සිදු කළා. සිංහලෙන් කිවිසුමක්, ඈනුමක් වත් අරින්නේ නැති එතුමාට 'සිංහල තෙරියා ඉල්ලේ' කියලයි අපි ඔක්කොම ඒ වනතෙක් හිතාගෙන හිටියේ. හාමුදුරුවන්ගේ නම "නාග විහාර වාසී , මාදොළුවාවේ සෝභිත" කියලයි කිව්වේ.

    අපි හැමෝම මේ වෙච්ච දේ (ප්‍රින්සිපල් හිංගලෙන් කතා කරපු එක ) අදහාගන්න බැරුව පුදුම වෙලා ඉන්නකොට සෝභිත හාමුදුරුවෝත් (සිංහලෙන්) බණට කියාපු දේවල් ඊටත් වඩා පුදුමයි. වයස පනස් හතකට කිට්ටු මගේ ජීවිත කාලයේදී, බණකට අහපු එකම වචනයක් හරි මතකයේ තියනවානම් ඒ එදා සෝභිත හිමි කියාපු දේවල් කිහිපයක් තමයි.

    එතුමා කිව්වා බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ආකාරයට සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙදී ඇවිදීම, කථා කිරීම ඇත්තටම වෙන්න පුලුවන්ද?? උපන් ගමන් හයියෙන් ඇඬුවා කිව්වානම් විශ්වාස කරන්න පුලුවන්. වයස විසි අටක් වෙලත් සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් දැකලා නැද්ද ? ඔච්චර එකේ යශෝධරා දේවියට හෙම්බිරිස්සාවක් වත්, මම මේ කියන්නේ හෙම්බිරිස්සාවක්වත් (ඒක ටිකක් බරට උච්ඡාරණය කරලා දෙවරක්ම කිව්වාම, අපි වාගේම එහි අරුත තේරුම් ගත්ත ගුරු මණ්ඩලයේ ගුරුවරියන් මුහුණ වහගෙන හිනා උනාත් තාම මතකයි) හැදිලා නැද්ද ?? ඕවා නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා ඇස් ඇස් සී වත් පාස් වෙන්න පුලුවන්ද? ආදී වශයෙන් දේශනා කළා.

    මේ උදාහරණ ගෙනාවේ බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන අතිශයෝක්තියන් (උපන් වෙලාවේ කතා කිරීම, ඇවිදීම, සතර පෙර නිමිති වැනි දේවල්) විශ්වාස නොකර, බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් පමණක් විශ්වාස කරන්න, පිළිපදින්න කියා කීමටයි. මගේ ජීවිතයේදී අහපු ප්‍රීතිමත්ම ධර්ම දේශනාව ඒකයි. ඒ දිනය දක්වා, බන අහන්න මේන් හෝල් එකට ගියේ මරන්න ගෙනියන හරක් වගේ උනත් එදායින් පසු නැවත එවැනි බණක් අහන්න ලැබේවි කියලා අපි කලින්ම හෝල් එකට ගිහිං ඉස්සරහා පුටු අල්ලා ගත්තා උනත්, ඉන් පසු කිසිදිනෙක එවැනි බණක් තියා සිංහල භාෂාවෙන් වත් බණක් අහන්න ලැබුනේ නැහැ .

    සෝභිත හිමිපාණන්ට නිවන් සුව පතමි .//

    Reply
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    බෞද්ධ දර්ශනය, බෞද්ධ ඉතිහාසය, සහ බෞද්ධ සාහිත්‍ය කියන තුනම අපේ සමාජයේ තිබුනත්, අපි මූලික තැන දිය යුත්තේ බෞද්ධ දර්ශනයට සහ එහි කියැවෙන දේවල් අවබෝධ කර ගැනීමටයි. නමුත්, සිදු නොවන්නේත් ඒකමයි. බෞද්ධ ඉතිහාසයේ, මුඛ පරම්පරාගතව පැමිණෙන බොහෝ කරුණු, පසු කාලීනව ලේඛනගත කරද්දීත්, බෞද්ධ සාහිත්‍යයට අදාලව ලියවෙන පොතපත, ඒ ලියන පුද්ගලයාගේ දැනුම, කැමැත්ත මත අතිශයෝක්තීන් යොදා ගැනීම බහුලව සිදුවෙලා තියනවා. එයින් බුදු දහමේ හරයට හානියක් සිදු නොවුනත්, බෞද්ධ දර්ශනයේ ප්‍රායෝගික බවට සහ විශ්වාසනීයත්වයට නම් යම් අවැඩක් සිදු වෙන බව මට හිතෙනවා

    ඔව් ඒක හරි ඒත් මේ OP සූත්‍රයෙන් උපුටාගෙන තියෙන ටික කියෙව්වම එන්නෙ බුදුහාමුදුරුවො අසනීපයක් උග්‍ර වෙච්ච හාමුදුරු නමක් උදව් ඉල්ලුවාම අසනීපෙට පිළියමක් කියනවා වෙනුවට ගිහිං පුළුවං ඉක්මනට නිවන් අවබෝධ කරගනින් කිව්වා වගේ අදහසක් නේ :lol: අනික ලෙඩේ සුවකරගන්න විදිහක් දේශනා කළේ නෑ කියලත් තියෙන්නෙ.

    ඒකයි මම මේ ත්‍රිපිටකයෙ තියෙන විදිහ කොපි පේස්ට් කළේ නැතුව බෞද්ධ දර්ශනය විශ්වාස කළ පළියට බෞද්ධ සාහිත්‍යයත් වචනෙන් වචනෙට විශ්වාස කරන නිසා නෙමේ. :yes:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔව් ඒක හරි ඒත් මේ OP සූත්‍රයෙන් උපුටාගෙන තියෙන ටික කියෙව්වම එන්නෙ බුදුහාමුදුරුවො අසනීපයක් උග්‍ර වෙච්ච හාමුදුරු නමක් උදව් ඉල්ලුවාම අසනීපෙට පිළියමක් කියනවා වෙනුවට ගිහිං පුළුවං ඉක්මනට නිවන් අවබෝධ කරගනින් කිව්වා වගේ අදහසක් නේ :lol: අනික ලෙඩේ සුවකරගන්න විදිහක් දේශනා කළේ නෑ කියලත් තියෙන්නෙ.

    ඒකයි මම මේ ත්‍රිපිටකයෙ තියෙන විදිහ කොපි පේස්ට් කළේ නැතුව බෞද්ධ දර්ශනය විශ්වාස කළ පළියට බෞද්ධ සාහිත්‍යයත් වචනෙන් වචනෙට විශ්වාස කරන නිසා නෙමේ. :yes:
    මට තවත් පරණ අත්දැකීමක් මතක් උනා. සෝභිත හිමිගේ ධර්ම දේශනාවේදී, සිදුහත් කුමරුන් වයස 28 වෙනතුරුත් මළ මිණියක් දැකලා නැති එක විශ්වාස කරන්න බෑ කිව්වාට, ඒක එහෙම විය හැකි බව මේ පහලින් ලියන කතාවෙන් කියැවෙනවා.

    90 දශකයේ මම සේවය කල සමාගමේ (මෙල්බර්න් හි) විවිධ ජාතික, ආගමික පිරිසක් සේවය කළා. දිවා ආහාර විවේකයේදී අපි නොයෙකුත් වාද විවාද කිරීම (මේවා කිසිවෙකු කේන්ති ගැන්වීමකින් තොරව විනෝදය සඳහා) සිදු කළා.

    එක දිනක බුදුන්, බුදු දහම ගැන සිදු උන කතාවකදී (මා හැර මැලේසියානු, කාම්බෝදියානු, වියට්නාම් බෞද්ධයන් මෙහි හිටියා) සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීමේ කතාවේ විශ්වාසනීයත්වය ගැන වාද කළා. ඉහත කියූ ලෙසම වයස 28 වෙලත් මළ මිනියක් නොදැකීම විය නොහැකි දෙයක් බව තමයි කාගේත් අදහස උනේ.

    විවේකය ඉවර වෙලා ආපසු වැඩට යනකොට, වැඩිය කතාබහක් නැති, බොහොම අහිංසක ඉන්දියන් කොල්ලෙක් මගේ පස්සෙන් දුවගෙන ඇවිත්, උඹලගේ බුද්ධා අවුරුදු 28 වෙනකලුත් මිණියක් දැක්කේ නැති එක ඇත්ත වෙන්න පුළුවන් කියලා මට කිව්වා. එහෙම කියන්නේ කොහොමද ? කියලා මම ඇහුවාම, ඒකා කියාපි,

    Sam, I am 35 now, I've never seen a dead person in real life කියලා.
     
    • Wow
    Reactions: Hyaenidae