ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

පරන පී එම් ටික මකන්න බැරිද බං..
පුළුවනි. ආයෙත් පිරෙනවා. ඊට පස්සෙ backtrack කරන්නත් බෑ. ඒනිසයි නොමකා ඉන්නේ. ස්කයිප් හෝ ඊමේල් කරන්න කියන්නේ.
 
roshan.88

Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    pan vati nm hoyagatta dabble rose pan ake made nathiva vate gatta okko.ath poddak made thiyeneva ahuwela.avula thiyenne meva porunuvaka pittuna ava newei machine vala ava.aka avulak nadda bn.thava diya thippili nm mehe hoyaganna na.nikan gattath avulak nane.
     
    කියන්නෙ නම් දර පෝරණු පාන් වාටි ගන්න කියලා. ගෑස් පෝරණු වල පිච්චුණ ඒවාගෙ ගුණය කොහොමද කියන්න නම් අවංකවම දන්නෙ නෑ මචෝ.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පාන් හෙව්වා බන් හොයාගන්න නෑ. උඹලගේ පැත්තේ තියෙනවා නම් එවපන්කෝ. එක්කෝ Pronto එකේ දාල එවපන් දවසෙන් එනවනේ. පාන් වලටයි එවනවටයි සල්ලි දෙන්නම් එළකිරි වගේ..
     
    පාන් හෙව්වා බන් හොයාගන්න නෑ. උඹලගේ පැත්තේ තියෙනවා නම් එවපන්කෝ. එක්කෝ Pronto එකේ දාල එවපන් දවසෙන් එනවනේ. පාන් වලටයි එවනවටයි සල්ලි දෙන්නම් එළකිරි වගේ..
    කොහෙද ගම්පළාත කියපං. එතකොට මේ නූල බලන උඹේ ගම් පළාතට ලඟ එවුන්ට පුළුවන් වෙයි නේ ලඟ පාතකින් දර පෝරණු බේකරියක් හොයල දෙන්න.
     
    ගොඩක් අයට පාන් වාටි හොයා ගන්න අමාරු බවක් පේන්න තියෙන හිංදා, මම පොඩි පර්යෙෂණයක් කළා.

    අපේ පැත්තේ බේකරි වල ඉතුරු වෙන සීනි බනිස්, ජෑම් බන්ස්, දඟර බනිස්, කිබුල බනිස් (වියන් රෝල්) ආදී මෙකි නොකී දේවල් කෑලි වලට කපලා දර පෝරණුව නිවෙන්න යන කොට තැටි වලට දාල පෝරණුවෙ තියනවා. එතකොට වේලුණ පාන් ගෙඩියක් වගේ හයියට කරවෙලා එනවා.

    මම මේව එකතු කරගෙන ගෙනල්ලා ගෙදර ආහාර සකසනය (food processor )
    $_86.JPG

    පාවිච්චි කරලා කුඩු කෙරුවා. හැබැයි ආහාර සකසනය (food processor එක) මේ විදියට පෝරණුවෙ කරවුණ පාන් බනිස් කෑලි කුඩු කරන්නෙ කඩුගන්නාව අදින පොල් පටවපු ඩිමෝ බට්ටෙක් වගේ බෑ බෑ කිය කිය තමා. ඒ නිසා අධිකාර්‍යය (heavy duty) ග්‍රයින්ඩර් එකක් (පහලින් තියෙන එකක් වගෙ)

    0007875_jaipan-prince-mixer-grinder-blender-mc4043.jpeg

    එකින් කුඩු කරගන්න පුළුවන් නම් කිරිපිටි වගේ සියුම් පදමකට කුඩු කරගන්න පුළුවනි. නමුත් ඒක අත්‍යාවශ්‍යම නෑ. බිස්කට් කුඩු ගාණට කුඩු වුණාම ඇති.

    දැන් මෙහෙම කුඩු වුණාම හම්බු වෙන්නේ ලා කහ පාට කුඩක්. හරියට මෙන්න මෙවගේ.

    Finished-bread-crumbs.jpg

    දැන් මේ ටික එකතු කරලා ආයෙත් බෙකරියට ගිහින් දීලා මෙහෙම කියන්න ඕනා. පානුත් පුච්චලා , කේක් තියෙනව නම් කේකුත් දාල අන්තිමේදී මාළුපාන්, සීනි බනිස් , අරක මේක ඔක්කොම බේක් වුණාට පස්සෙ ඉවර වුණාම තවත් මොකුත් දාන්න ඉතුරු නැතිනම්, තැටියකට මේ කුඩු ටික දාලා පෝරණුවෙ ඇතුලෙන් තියන්න කියලා.

    මුල් දවසෙ මෙහෙම පෝරණුව නිවෙන කල් මේ පාන් කුඩු තිබ්බම කුඩු ටික තද කහ පාට වෙනවා. දෙවැනි දවසෙත් මෙහෙම කළාම තද කහ පාට කුඩ තරමක් දුඹුරු වෙනවා. තුන්වැනි දවසෙත් එහෙම කළාම තද දුඹුරු පාටට හැරෙනවා, ප්‍රණීත සුවඳක් හමන්න ගන්නවා (අන්න ඒක තමා පදම). හැබැයි මේක දිවට නම් පට්ට අප්පිරියයි හොඳේ.

    (මේ කටයුත්ත හොඳට පදම් වුණ අත්දැකීම් බහුල බේකරි බාස් කෙනෙක්ට හරිම සිම්පල් වැඩක් සරි, අමාරු දෙයක් නෙවෙයි.)

    දැන් මේ කුඩු කිලෝ එකකට ග්‍රයින්ඩරෙන් කුඩු කරගත්තු තල් සූකිරි ග්‍රෑම් 250ක් කළවම් කළාම, ඒ දිවට දැනෙන අප්පිරියාව නැති වෙනවා.

    කළුපාට පාන් වාටි කුඩු වල තියෙන ගුණය ඒ පරිද්දෙන්ම මේ කුඩෙත් එහෙම්මම තියෙනවා.

    උත්සාහ කරලා බලන්න. පුදුම සනීපයක්/සැපක් ඇඟට තියෙන්නේ.

    එහෙම දැනෙන්නේ, බඩවැළ ඇතුලෙ කෑම පල් වීමෙන් හැදෙන අම්ලකර වායු සියල්ලම වගේ මේ කුඩට උරාගන්න හිංදා, ඒවා ස්නායු අග්‍ර සමඟ ස්පර්ශ වීම අඩු වෙන හිංදා, බඩේ තියෙන සියළුම අපහසුතා මින් නැති වෙලා යනවා. :):)

    අත්හදා බලන්න. ජය නියතයි - අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :cool::cool:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉදිරියේ රාළ;20570848 said:
    කොහෙද ගම්පළාත කියපං. එතකොට මේ නූල බලන උඹේ ගම් පළාතට ලඟ එවුන්ට පුළුවන් වෙයි නේ ලඟ පාතකින් දර පෝරණු බේකරියක් හොයල දෙන්න.
    මම ඉන්නේ මල්වානේ බන්.. කිරිබත්ගොඩ පැත්තේ හරි කමක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20633185 said:
    එහෙ දර පෝරණු එකක් වත් නැද්ද ?

    බිස්කට් කුඩු පැකට් එකක් අරං තද දුඹුරු වෙනකල් අවන් කරොත් මොකද මචං?
     
    බිස්කට් කුඩු පැකට් එකක් අරං තද දුඹුරු වෙනකල් අවන් කරොත් මොකද මචං?
    බිස්කඩ් කුඩු නම් කොහොමද මන්දා - පාන් කුඩු නම් හරියාවි - ඒකත් දර පෝරණුවකට දාල අවන් කරගත්තොත් හරියන්න ඕනා. (ඉලෙක්ට්‍රික් හෝ ගෑස් අවන් වල පුච්චපු පාන් ගන්න එපාය කියල තමා කියන්නේ) තද දුඹුරු පාට සුවඳ හමන කුඩක් හැදෙන්න ඕනා. ඒකයි පදම.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20633203 said:
    බිස්කඩ් කුඩු නම් කොහොමද මන්දා - පාන් කුඩු නම් හරියාවි - ඒකත් දර පෝරණුවකට දාල අවන් කරගත්තොත් හරියන්න ඕනා. (ඉලෙක්ට්‍රික් හෝ ගෑස් අවන් වල පුච්චපු පාන් ගන්න එපාය කියල තමා කියන්නේ) තද දුඹුරු පාට සුවඳ හමන කුඩක් හැදෙන්න ඕනා. ඒකයි පදම.

    එහෙනම් අවන් කරලා හරි යන එකක් නෑ නේද මචං. බිස්කට් කුඩු දරපෝරණුවක හදපුවද කියලා දැනගන්න විදිහක් නෑනේ.
     
    එහෙනම් අවන් කරලා හරි යන එකක් නෑ නේද මචං. බිස්කට් කුඩු දරපෝරණුවක හදපුවද කියලා දැනගන්න විදිහක් නෑනේ.
    ඉතිං බේකරි වල ඉතුරු වෙන, උන් විසික් කරන ටික එකතු කරල අරගෙන හදාගත්තා නම් ඉවරයි නේ. වියදමකුත් නෑනේ එතකොට. මම හැදුවෙ එහෙමයි. සත පහක් වියදම් වුණේ නෑ. :lol: