ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

    දැන් වගේ නොවේ එදා. ගමේ පෙම්වතුන් ආදරය කළේ හරිම විනීත ආකාරයට. ගමේ නම රැකගෙන මේ පෙම්වතුන් බොහෝ විට හමුවන්නේ ගමේ යාග පොළේ. වචනයක්‌ දෙකක්‌ නිදහසේ දොඩන්න බැරිනම්.... නෙතින් නෙත යාවී හෝ නිහඬව ආදර පණිවිඩයක්‌ දෙන්න පුලුවන් තැනක්‌ තමයි මේ යාගපොළ.


    ගමේ තරුණියන් බොහෝ විට ගමටම තමයි දීග යන්නේ.... ගම තුළම දෙදෙනාගේ ආදරය මෝරා වැඩෙනවා.... ඒත් සමහර වේලාවට ගමේ පෙම්වතාව තනි කරලා පෙම්වතියට ගමෙන් පිට යන්න වෙනවා. ඒ විශ්වවිද්‍යාලයට එහෙම යන්න වුණාම. එවිට ඇය ගමේ පෙම්වතාගෙන් දුරස්‌ වෙනවා. ඊට පස්‌සේ ඇයට ඔහු ගැන නිනව්වක්‌ නැහැ.... සරසවි බිමේදීම තවත් පෙම්වතෙක්‌ හමුවෙනවා... විවාහ වෙලා යාන වාහනවලින් ගමටත් එනවා. ඒවා දකින පෙම්වතා තනිකඩව හූල්ලනවා....




    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    වසන්ත කුමාර කොබවත කළුතර ඈත ගමක, පාහියංගල ගල්ලෙන ආශ්‍රිත ගම්මානයක ඉපදුන කෙනෙක්‌. ඒ නිසා ඔහුට මේ අපි කී අත්දැකීම වඩාත් දැනුනා....


    මගේ එකම අක්‌කා විශ්වවිද්‍යාලයට තේරුනා... මමත් අම්මාත්, තාත්තාත් ගෙදර තනිවුණා.... අක්‌කාගේ හිනාව ගෙදර හැම තැනම... අම්මා බය වුණා අක්‌කා විශ්වවිද්‍යාලයේ පෙම්හබයක පැටලේවි කියලා. පෙම්වතෙක්‌ නම් ඒ දුක කොහොම විඳිනවා ඇත්ද.... මේවා මගේ හිතේ තැන්පත් වුණා... පාසල් කාලයේ ඉඳලාම මම ගීත ලියුවා... "වෙරළු ගෙඩිය හරි අඩකට" සිංදුව සුනිල් එදිරිසිංහට දෙන්න ගියාම වික්‌ටර් රත්නායකයන්ව හඳුනා ගත්තා... "රූකඩ මඩු" සිංදුවත් තවත් සිංදු හතකුත් මම ඔහුට දුන්නා.... ඔහුගේ දෑස්‌ දීප්තියෙන් බැබලුනා... මල්ලී අපි දිගටම වැඩකරමු කියලා... මගේ ගීත හතෙන් හතරක්‌ම ගායනා කළා..... ප්‍රචාරය වූදා ඒ කියන්නේ 1985 වසරේ සිට අද දක්‌වාම මේ ගීතය ජනප්‍රියයි....



    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු ......​



    ලන්දේ ඈත... පිරිසිදු දිය ගලා බසින වැව... සමහර වෙලාවට නාමල් නෙලන්න ගැමි තරුණියෝ වැවට එනවා... පෙම්වතියන් සමග කතාබහ කරන්න ගමේ පෙම්වතුන්ද වැව වටා සැරි සරනවා.


    හරියට දියමංකඩ පිපී හිනැහෙන මලට සෙනෙහෙවන්ත කම් පාන බඹරෙක්‌ වගේ... මේ ගැමි යුවතියන් මල් නම්.... ඒ ආසන්නයේම බඹරුන් සැරිසරනවා.... මේ බඹරුන් මල් වලට ආදරෙයි... රොන් නොගත්තත් මල වටා නිතර රැඳී ඉන්නවා....



    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා....​


    යෞවනිය තරුණියක්‌ වෙලා.... යායම මලින් පිරිලා නිසි කල වයස ඇවිත්.... දැන් ඇගේ දෙමව්පියන් දීග දෙන්න සූදානම.... මාලහතක වරම ගන්න දෑත වනන්නා.... ගමේ පෙම්වතාගේ සෙනෙහෙවන්ත කම තවමත් ඒ වගේමයි... ඒත් ඇයට ඒ ගැන නිනව්වක්‌ නැහැ...


    ඇය සමහරවිට මේ සමාජ තලයේ ඉදිරියට ආ එකියක්‌ වෙන්නත් ඇති.... ගමේ පෙම්වතාට වඩා වැඩි සමාජ තත්ත්වයක්‌ ඇයට ඇති... ඇයගේ මතකයේ ඔහු ඉන්නවා.... ඒත් නිනව්වක්‌ නැහැ....


    මේ ගීතයේ වයලීනයේ වාදනය වෙන්නේ බෙරතාල - වික්‌ටර් රත්නායකයන්ට ජනශ්‍රැතිය ගැන තිබෙන මනා දැනුම ගීතයේ සැඟවුන අදහස සමග හොඳින් ගැළපුන බවයි. වසන්ත කුමාර කොබවත කියන්නේම කොබවකගේ පදමාලාවත්, වික්‌ටර්ගේ ගායනය හා තනු නිර්මාණයත්... ඒ කියන්නේ මේ ගීයේ තුන් ඈඳුතු සම්මාදම නියම විදිහට සමබරව තිබෙනවා.... ඒ නිසාම තමයි "රූකඩ මඩුයාගපොළේ" ගීතය අවුරුදු විසිපහක්‌ පරණ වුණත් මෙතරම් ජනප්‍රිය....

    අජිත් අලහකෝන්

    (උපුටා ගැනීම 2010.12.19 දිවයින ඉරිදා සංග්‍රහයෙන්...)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    වැඩිය ඇහැන්නේ නැති වුනාට මමත් හුගක් කැමති සිංදුවක්. අපි වික්ටර් රත්නායක මහත්තයගේ සිංදු කියනකොට අනිවාර්්‍යෙයන් කියන සිංදුවක්. ලිපියේ සිංදුව සම්පූර්ණයෙන් ලියැවිලා නැති නිසා සම්පූර්ණ පද පෙල පහතින්.

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........


    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු ......
    මලට ලොලේ
    පිණි කදුලේ
    නිතර රැදී උන්
    බඹරින්දු......

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා....
    නිබද මගේ
    ....
    පිරැණු සෙනේ
    ....
    නුඹ නොදනී මල් මද ලන්දූ