ආලෝකයෙන් පේරාදෙණිය 5 ජී තාක්‍ෂණයට

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආලෝකයෙන් පේරාදෙණිය 5 ජී තාක්‍ෂණයට

    ශ්‍රී ලංකා සන්නිවේදන ක්ෂේත‍්‍රයට දැවැන්ත අඩිතාලමක් දමමින් අලෝක කදම්භ හරහා අධිවේගී දත්ත සන්නිවේදන පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කර තිබේ.
    නුදුරු අනාගතයේදී හඳුන්වාදීමට නියමිත 5 ජී තාක්‍ෂණය සඳහා දත්ත හුවමාරු කරගැනීමට අනගි සන්නිවේදන පද්ධතියක් ලෙස මෙය හැදින්විය හැකිය. රේඩියෝ තරංග මගින් දත්ත සම්පේ‍්‍රෂණයේදී සීමිත සංඛ්‍යාත පරාසය නිසා අධිකව දත්ත සන්නිවේදන ධාරිතාව ඉහළ දැමීමට සිදුවී තිබේ. එම ගැටලූව සඳහා ලෝකයේ බොහෝ රටවල් දෘෂ්‍ය ආලෝක කදම්භ උපයෝගී කරගෙන 5 ජී තාක්‍ෂණය සඳහා අත්හදා බැලීම් සිදුකරමින් පවතී.
    විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසර වසර ඉගෙනුම ලබන කපිල පාලිතරත්න, ධම්මික සමරසිංහ සහ ලක්‍ෂිත විජයරත්න යන සිසුහු මෙය නිර්මාණය කළහ. ආචාර්ය හිමාල් සුරවීර, ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද යන මහත්වරු ඒ වෙනුවෙන් ඔවුනට මඟ පෙන්වූහ.
    ‘මෙම ආලෝක කිරණ හරහා දත්ත සම්පේ‍්‍රෂණය කිරීම ලංකාවේ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නව පෙරැළියක් කියන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නේ ආලෝක විමෝචක දියෝඩ අධි සංඛ්‍යාතයෙන් දැල්වීම හා නිවීම නිසා දත්ත සම්පේ‍්‍රෂණයවීමයි. ඡායා දියෝඩ මගින් ආලෝක සංඥා ලබාගෙන විශේෂිත පරිපථයක් ආධාරයෙන් දත්ත වෙන්කර ගැනීම සිදුකරනවා. අප නිර්මාණය කළ මෙම පද්ධතිය බහු ආදන බහු ප‍්‍රතිදාන (එම්අයිඑම්ඕ) තාක්‍ෂණයෙන් යුක්ත වෙනවා. ඒ සඳහා විශේෂිත දෘෂ්‍ය කාචයක් භාවිත කළා. එය ස්වයංක‍්‍රීයව සීරුමාරු වෙනවා. ඒ තුළින් වඩාත් ඉහළ කාර්යක්‍ෂමතාවකින් දත්ත සම්පේ‍්‍රෂණය සිදුවෙනවා.
    ආලෝක මූලධර්ම සහ සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් හඳුන්වාදුන් මෙම තාක්‍ෂණයේදී ස්වයංක‍්‍රීය සීරුමාරු කාචය මගින් ආලෝක ධාරා වෙන් කිරීමෙන් එකම කාමරයක් තුළ වුවද දත්ත සම්පේ‍්‍රෂණ කීපයක් එකවර අපහසුවකින් තොරව සිදුකළ හැකිවීම මෙහි විශේෂත්වයයි. බාහිර ආලෝකයන්ගෙන් ඇති බලපෑම අවමවීම මෙහි තවත් සුවිශේෂත්වයකි.
    දත්ත ඉහළ වේගයක් ලබාගත හැකිවීම, සුරක්‍ෂිත දත්ත සන්නවේදන, වෙනත් විද්‍යුත් චුම්භක තරංගවලින් ඇති බලපෑම අඩුවීම සහ පවතින ආලෝක විමෝචන දියෝඩ පද්ධතියම භාවිත කළ හැකිවීම මෙහි ඇති වාසි ලෙස හදුන්වන්න පුළුවන්.
    මෙම පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම තුළින් ගෘහස්ථ පරිසරයක් තුළ අධිවේගී අන්තර්ජාලයට පිවිසීමට මෙය යොදාගන්න පුළුවන්. එසේම දැනටමත් පර්යේෂණ මට්ටමේ පවතින උපාංග අන්තර්ජාලකරණය සඳහා අවශ්‍ය අධිවේගී දත්ත සම්පේ‍්‍රෂණයට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා.’’ යැයි නිර්මාණකරුවෝ පවසති.


    pera1.jpg


    216.jpg
     
    • Like
    Reactions: sudu23 and sri D