ආලෝකයේ වේගයට වඩා????

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ආලෝකයේ වේගයට වඩා????

    ඔව් ඔව් වරෙන් බං වරෙන්.......
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .


    මෙන්න අනික...;)මේ වගේ එව්ව තව දාන්න කිව්වනේ...:yes:කියවල බලපල්ල...ආලෝකයේ වේගය ගැන...;);) මේ කියවල
    බම්ප් එකක්වත් දාපන් ඈ..:lol::):):):)


    ආලෝකයේ වේගයට වැඩි අංශුවලින් දෙදරන සත්‍යය.

    rasaara_particles-faster-than-light-year.jpg


    ආලෝකයේ වේගයට වැඩි අංශුවලින් දෙදරන සත්‍යය

    සර්න් පරීක්‍ෂණාගාරයෙහි කළ පරීක්‍ෂණයෙහි දී න්‍යුට්‍රෝනෝ අංශු ඉතාලියේ කිලෝමීටර 730ක දුරකට යවා ඇත. එහි දී හෙළි වී ඇත්තේ ඒ අංශූ ආලෝකය එම දුර ගෙවීමට ගන්නා කාලයට නැනෝ තත්පර 60ක්‌ අඩුවෙන් කාලයක දී ඒ දුර ගෙවා ගොස්‌ ඇති බව ය. කාලය සම්බන්ධයෙන් ගත් කල ඒ ඉතා සුළු වෙනසකි. මේ මැනීම වැරැදි විය හැකි වුව ද දැනට මේ සුළු වෙනස නො සලකා හැරිය නො හැකි ය. සර්න් පරීක්‍ෂණාගාරයෙහි ඒ පරීක්‍ෂණය කිහිප වතාවක්‌ ම කර ඇතැයි කියෑවෙයි.

    බටහිර භෞතික විද්‍යාවේ දැනගෙන තිබුණේ ආලෝකයේ වේගයට අඩු වේගයකින් චලනය වන සාමාන්‍ය (සම්භාව්‍ය – Classical) හා ක්‌වොන්ටම් අංශූ ගැන ය. ෆොaටෝන ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ යෑයි පිළිගැනිණි. ෆොaටෝන හෙවත් ආලෝකය කිරණ හා සම්බන්ධ විය. එබැවින් කිරණවල වේගය ආලෝකයේ වේගයට සමාන වූ අතර අංශුවල වේගය ආලෝකයේ වේගයට අඩු විය. කිරණවල වේගය ආලෝකයේ වේගයට සමාන ය යන්න එක්‌ අතකින් ගත් කල නිවැරැදි නො වේ. මෙහි කිරණ යනු විද්යුත් චුම්බක කිරණ බැවින් හා ආලෝකය යනු විද්යුත් චුම්බක කිරණවලින් කොටසක්‌ පමණක්‌ බැවින් අප කිව යුත්තේ ආලෝකයේ වේගය විද්යුත් චුම්බක කිරණවල වේගය බව ය.
    එහෙත් සැප්තැම්බර් විසි දෙවැනි බ්‍රහස්‌පතින්දා ස්‌විට්‌සර්ලන්තයේ සර්න් පරීක්‍ෂණාගාරයෙන් නිකුත් වූ ආරංචි අනුව ඒ පරීක්‍ෂණාගාරයෙහි දී ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන අංශූ නිරීක්‍ෂණය කෙරී ඇත. මෙය වැදගත් පුවතකි. බොහෝ බටහිර භෞතික විද්‍යාඥයෝ මෙය පිළිගැනීමට අකැමැති වෙති. එයට හේතුව එමඟින් අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය බිඳ වැටෙන්නේ යෑයි ඔවුන් සිතන බැවිනි. ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන අංශුවල පැවැත්ම සාපේක්‍ෂතාවාදයට එකඟ නො වේ.


    සර්න් පර්යේෂණාගාරයේ කෙරුණු නිරීක්‍ෂණය වැරැදි වීමට හැකි ය. එහි විද්‍යාඥයන් එකී පරීක්‍ෂණය කිහිප වරක්‌ ම කර ඇතැයි කියෑවෙයි. එය අනෙක්‌ පරීක්‍ෂණාගාරවල ද කෙරිය යුතු බව කාගේත් අදහස වෙයි. එසේ කිරීමෙන් අනතුරුව ඒ ප්‍රතිඵලය ම ලැබෙන්නේ නම් පමණක්‌ එය පිළිගත යුතු ය යන්න බටහිර භෞතික විද්‍යාඥයන් සියලු දෙනා ගේ ම පාහේ අදහස වෙයි. ඒ අදහස ගැන අපට ප්‍රශ්නයක්‌ නැත. එහෙත් අවාසනාවකට ඒ පරීක්‍ෂණය ලංකාවේ දී සිදු කළ හැක්‌කක්‌ නො වේ.
    මෙය බටහිරයන් කියන අයුරෙන් ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණයක්‌ නො වේ. මොන පුහුණුව ලබා තිබුණ ද ඕනෑ ම බටහිර භෞතික විද්‍යාඥයකුට තනි ව ම තම පෞද්ගලික පරීක්‍ෂණාගාරයක දී ඒ කළ හැක්‌කක්‌ නො වේ. ඒ සඳහා පුහුණුව ලත් කණ්‌ඩායමක්‌ සිටිය යුතු අතර ඉහළ මට්‌ටමේ උපකරණ සහිත පරීක්‍ෂාණාගාර අවශ්‍ය වෙයි. එවැනි පරීක්‍ෂණාගාර ලෝකයේ ම ඇත්තේ තුනකි. ඉන් එකක්‌ සර්න් පරීක්‍ෂණාගාරය වෙයි. තවත් එකක්‌ ජපානයේ වෙයි . අනෙක ෆර්මි පරීක්‍ෂණාගාරය වෙයි. එයින් ජපානයේ ඇති පරීක්‍ෂණාගාරය එරට සුනාමියෙන් පසු මන්දගාමී වී ඇත. ෆර්මි පරීක්‍ෂණාගාරයේ උපකරණ ද සර්න් පරීක්‍ෂණාගාරයේ තරම් සියුම් නො වේ යෑයි පැවසෙයි. බටහිර විද්‍යාඥයන් පරීක්‍ෂණ නැවතත් කිරීම පිළිබඳ කෙතරම් පුරසාරම් බස්‌ දෙඩුවත් ඔවුන්ට අද මේ සම්බන්ධයෙන් යම් තරමකින් වුව ද පරීක්‍ෂණ කළ හැක්‌කේ පරීක්‍ෂණාගාර දෙකක දී පමණ ය. ඒ සර්න් හා ෆර්මි පරීක්‍ෂණාගාර ය.
    සර්න් පරීක්‍ෂණාගාරයෙහි කළ පරීක්‍ෂණයෙහි දී න්‍යුට්‍රෝනෝ අංශු ඉතාලියේ කිලෝමීටර 730ක දුරකට යවා ඇත. එහි දී හෙළි වී ඇත්තේ ඒ අංශූ ආලෝකය එම දුර ගෙවීමට ගන්නා කාලයට නැනෝ තත්පර 60ක්‌ අඩුවෙන් කාලයක දී ඒ දුර ගෙවා ගොස්‌ ඇති බව ය. කාලය සම්බන්ධයෙන් ගත් කල ඒ ඉතා සුළු වෙනසකි. මේ මැනීම වැරැදි විය හැකි වුව ද දැනට මේ සුළු වෙනස නො සලකා හැරිය නො හැකි ය. සර්න් පරීක්‍ෂණාගාරයෙහි ඒ පරීක්‍ෂණය කිහිප වතාවක්‌ ම කර ඇතැයි කියෑවෙයි.
    මෙහි දී කිව යුතු කරුණු කිහිපයක්‌ වෙයි. අපේ ආසනික්‌ පරීක්‍ෂණයෙහි දී මෙන් කිසිවෙක්‌ සර්න් පරීක්‍ෂණයෙහි ප්‍රතිඵල එකහෙළා ම වැරැදි යෑයි කීමට ඉදිරිපත් නො වූ හ. බටහිර භෞතික විද්‍යාඥයන්ට අවශ්‍ය ඒ පරීක්‍ෂණය ෆර්මි පරීක්‍ෂණාගාරයෙහි දී ද කර බැලීම ය. අප රටේ ආසනික්‌ හැඳිනගැනීම සම්බන්ධයෙන් අපේ ක්‍රමය කුමක්‌ දැයි අප කියද්දීත් අනෙක්‌ බටහිර රසායනික විද්‍යාඥයෝ ඒ අනුව පරීක්‍ෂා කිරීමට ඉදිරිපත් නො වූ හ. පසුව ආණ්‌ඩුවේ හා රේගුවේ අවශ්‍යතාව පරිදි එක්‌ පරීක්‍ෂණාගාරයක දී එසේ පරීක්‍ෂණය කිරීමට සිදු විය. එහි ප්‍රතිඵල ප්‍රසිද්ධ නො කරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එහෙත් අද වන විට අඩු ම තරමෙන් පළිබෝධනාශකවල ආසනික්‌ පමණක්‌ නො ව කැඩ්මියම් හා රසදිය ද ඇති බව හෙළි වී අවසන් ය. එසේ වුවත් ඒ රසායනික ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක මෙරටට ආනයනය කිරීම නවතා ඇත් දැයි කිසිවකුට නිශ්චිත ව කිව නො හැකි ය.
    අනෙක්‌ අතට බටහිර භෞතික විද්‍යාඥයෝ සර්න් පරීක්‍ෂණාගාරයෙහි උපකරණ අක්‍රීය යෑයි කීමට තරම් පහත් තත්ත්වයකට නො වැටුණ හ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඒ පරීක්‍ෂණය තව තවත් කරවීම පමණ ය. එහෙත් අපේ බටහිර රසායනික විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය තැන තැන ඇවිද්දේ කැලණිය විශ්වවිද්‍යාලයයේ අදාළ උපකරණ ක්‍රියා විරහිත බව කියමිනි. ඔවුන් තවදුරටත් කීවේ ඒ පරීක්‍ෂණ කැලණියෙහි කෙරි නොමැති බවත් පළිබෝනාශකවල, පසෙහි හා ජලයෙහි ආසනික්‌ ඇති බව කියා ඇත්තේ දෙවිවරුන් පමණක්‌ බවත් ය.
    මේ අමන කතා මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන් කෙතරම් විශ්වාස කළේ ද යත හොත් ඔවුහු විදුසර පුවත්පතට ද අපට ප්‍රසිද්ධිය ලබා දෙන්නේ යෑයි කියමින් චෝදනා කළ හ. එහෙත් ඒ ඊනියා විද්‍යාඥයන්ට ම ඇතැම් කුහකයන් විසින් තමන් නොමඟ යවා ඇති බව පිළිගැනීමට දැන් සිදු වී ඇත. මේ අතර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ඔස්‌සේ මා අපකීර්තියට පත් කිරීමට කටයුතු කළෝ ද වූ හ. කිසි දිනෙක අලුත් ප්‍රවාදයක්‌, සංකල්පයක්‌ ඉදිරිපත් කර නැති හුදු තාක්‍ෂණ ශිල්පීන් වූ මෙරට කසිකබල් බටහිර විද්‍යාඥයන්ට බටහිර සැබෑ විද්‍යාඥයන් ගෙන් ඉගෙනීමට තවත් බොහෝ දේ ඇත. බටහිර විද්‍යාවේ හා බටහිර විද්‍යාඥයන් ගේ කෙතෙක්‌ වැරැදි තිබුණ ද බටහිර ජීවත් වන සැබෑ බටහිර විද්‍යාඥයන් ගෙන් මෙරට ව්‍යාජ බටහිර විද්‍යාඥයන්ට ආදර්ශයට ගැනීමට කරුණු වෙයි.
    මෙහි දී කිව යුතු වැදගත් ම කරුණක්‌ වෙයි. මා දන්නා තරමින් සර්න් පරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයන් මේ වැදගත් පරීක්‍ෂණය පිළිබඳ ව සාම්‍ය සමාලෝචනයට බඳුන් කළ පත්‍රිකාවක්‌ පළ කර නැත. පසුගිය බ්‍රහස්‌පතින්දා ඔවුන් මේ පරීක්‍ෂණය සම්බන්ධ තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බව දැනට ලැබී ඇති තොරතුරු අනුව හෙළි වෙයි. සර්න් විද්‍යාඥයන් ගෙන් සාම්‍ය සමාලෝචනයට ලක්‌ කළ පත්‍රිකා ඉල්ලීමට මෙරට බටහිර විද්‍යාඥයන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. කැලණියේ අපෙන් ආසනික්‌ පැවතීම සම්බන්ධ පරීක්‍ෂණ පිළිබඳව සාම්‍ය සමාලෝචනයට ලක්‌ කළ පත්‍රිකා ඉල්ලූ මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන්ට සර්න් විද්‍යාඥයන් ගෙන් අඩු තරමෙන් මේ සම්බන්ධයෙන් විද්යුත් තැපෑලෙන් ඉල්ලීමක්‌ කළ හැකි ය.
    ඒ කෙසේ වෙතත් සර්න් පරීක්‍ෂණය නිවැරැදි නම් ඉන් මුළු මහත් බටහිර විද්‍යා ලෝකය ම කැළඹෙනු ඇත. න්‍යුටෝන අංශුව හේතු කොටගෙන ද බටහිර භෞතික විද්‍යාඥයන්ට එහි ආරම්භයේ සිට ම ප්‍රශ්න තිබී ඇත. එහි ස්‌කන්ධය කෙතෙක්‌ ද යන්න නො විසඳුණු එක්‌ ප්‍රශ්නයකි. ඇතැමුනට අනුව ෆොaටෝනයකට මෙන් න්‍යුට්‍රෝනෝවට ද ස්‌කන්ධයක්‌ නැත. ස්‌කන්ධයක්‌ තිබිණි ද එය ඉතා කුඩා විය යුතු ය. න්‍යුට්‍රෝනෝව වර්ග තුනකින් එක්‌ වර්ගයකට එක්‌ අවස්‌ථාවක දී අයත් වුවත් ඒ අංශු සූර්යයා ගේ සිට පොළොවට ළඟා වන විට වර්ගය වෙනස්‌ වන බව බටහිර භෞතික විද්‍යාඥයෝ දනිති. එනම් ඔවුන් ගේ ප්‍රවාද හා සංකල්ප අනුව න්‍යුට්‍රෝනෝවල වර්ගය එසේ වෙනස්‌ විය යුතු ය. සර්න් පරීක්‍ෂණාගාරයෙන් ඉතාලියට යෑවුණු න්‍යුට්‍රෝනෝවල ද එසේ වර්ගය වෙනස්‌ විණි දැයි අප නො දනිමු. ඇතැම් විට ඒ විද්‍යාඥයන් සාම්‍ය සමාලෝචනයට ලක්‌ කරන පත්‍රිකාවක ඒ බව සඳහන් කරනු ඇත.
    න්‍යුට්‍රෝනෝවේ ස්‌කන්ධය ශුන්‍ය නම් එය චලනය විය යුත්තේ ආලෝකයේ වේගයෙනි. එහෙත් එයට ඉතා කුඩා වුව ද ස්‌කන්ධයක්‌ ඇත්නම් දැනට බටහිර භෞතික විද්‍යාවේ කියෑවෙන ආකාරයට නම් එහි වේගය ආලෝකයේ වේගයට අඩු විය යුතු ය. එහෙත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි විද්‍යාඥයන් අපට ජනමාධ්‍ය ඔස්‌සේ කියන්නේ න්‍යුට්‍රෝනෝ ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව ය. මේ තත්ත්වය යටතේ බටහිර භෞතික විද්‍යාඥයන් කෙසේ ක්‍රියා කරනු ඇත් දැයි අපට කිව හැකි නො වේ. අපට කිව හැක්‌කේ ඔවුන් පළමුව ඒ පරීක්‍ෂණය ෆර්මි පරීක්‍ෂණාගාරයෙහි දී සිදු කිරීමට කටයුතු කරන බව පමණ ය.
    මේ පරීක්‍ෂණ නිවැරැදි නම් අයින්ස්‌ටයින් සාපේක්‍ෂතාවාදය අඩු ම තරමෙන් සංශෝධනය විය යුතු ය. ඇතැම් විට එය බොහෝ දුරට ප්‍රතික්‌ෂේප වීමට ද සුළු ඉඩක්‌ ඇත. අද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකුට ඉතිහාසගත වීමේ අවස්‌ථාව උදා වී ඇත. ඒ සර්න් පරීක්‍ෂණයේ ප්‍රතිඵල තේරුම් කරන ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරීමෙනි. ඒ ප්‍රවාදය කුමක්‌ වුවත් බටහිර භෞතික විද්‍යාඥයන් අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදය මුළුමනින් ම ප්‍රතික්‌ෂේප නො කරනු ඇත. ඔවුන් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය උගන්වන අයුරින් සාපේක්‍ෂතාවාදය ද තවදුරටත් උගන්වනු ඇත. අනෙක්‌ දැනුම් පද්ධතිවල මෙන් ම බටහිර භෞතික විද්‍යාවේ ද පරස්‌පර තිබීම වැළැක්‌විය නො හැකි ය.
    අප ලෝකය ග්‍රහණය කරගන්නේ ය යන කතාව අමූලික අසත්‍යයක්‌ බව මේ සියල්ලෙන් පැහැදිලි වෙයි. අපි අපෙන් තොර ව පවතින ලෝකයක්‌ ග්‍රහණය නො කරන්නෙමු. අප කරන්නේ අපේ ඉන්ද්‍රිය ඔස්‌සේ සංකල්ප හා ප්‍රවාද යොදා ගනිමින් ලෝකයක්‌ නිර්මාණය කිරීම ය. ඒ ලෝකය අප නිර්මාණය කරන්නේ මනසෙන් ය. මනසට වඩා වැදගත් ඉන්ද්‍රියක්‌ අපට නැත. එහෙත් බටහිර විද්‍යාඥයෝ මනස ඉන්ද්‍රියක්‌ ලෙස සැලකීම ප්‍රතිෂේප කරති.
    නිව්ටන් නිර්මාණය කළ සරල සුන්දර ලෝකය අද නැත. අප ඉන්ද්‍රිය ගෝචර ලෝකය ගැන පමණක්‌ කතා කළ ද අප ඉන්ද්‍රිය ඔස්‌සේ දකින ලෝකය නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මගින් නිර්මාණය කරගත නො හැකි බව අපි දනිමු. එනම් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාද හා ඉන්ද්‍රිය මගින් නිර්මාණය කෙරෙන ලෝකය අතර පරස්‌පර වෙයි. ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‌වොන්ටම් ලෝකයෙහි මේ පරස්‌පර තව තවත් වැඩි වෙයි. සර්න් පරීක්‍ෂණයෙන් කියෑවෙන්නේ ඒ බව ය. ඊනියා වාස්‌තවික සත්‍යයක්‌ කරා යැමට බටහිර විද්‍යාවට ද නො හැකි බව මේ සියල්ලෙන් පැහැදිලි වෙයි.
    Particles Faster than Light Year
    - මහාචාර්ය නලින් ද සිල්වා




    වෙනත්-
    Star Gate???-http://www.elakiri.com/forum/showthread.php?t=1666124


    ෆ්ලෝටිං මාකට් එකේ...-http://www.elakiri.com/forum/showthread.php?t=1665574

    සෙංකොට්ටන්-http://www.elakiri.com/forum/showthread.php?t=1665736
     
    Last edited: