ආවා කල්ලියේ නායක අශෝක් කුමාර් යටත් වී බාර &#35

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආවා කල්ලියේ නායක අශෝක් කුමාර් යටත් වී බාර &#35

    ආවා කල්ලියේ නායක අශෝක් කුමාර් යටත් වී බාර වෙයි…

    ආවා කල්ලයේ නායකයෙකු මෙන්ම ආවා ක්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා (28) යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
    මල්ලාකම් අධිකරණය භාරවීමෙන් පසුව මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් අශෝක් කුමාර් නැමත්තා දෙසැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටියේය.
    පසුගිය කාල වකවානුවේ රටේම කතාබහට ලක් වූවේ යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම හා නිවාස රැසකට ආවා කල්ලි සාමාජිකයින් පැන දැඩි ලෙස දේපල හානි සිදු කිරීම හේතුවෙන් යාපනය නගරයම මෙන්ම උතුරු පලාතම නොසන්සුන් විය.
    මෙම නොසන්සුන් වීමට ප්‍රධානතම හේතුව වූවේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් හේතුවෙන් වූ අතර ආවා කල්ලියේ මෙහෙය වූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා විවිධ ස්ථාන වල සැගව සිටීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
    අශෝක්කුමාර් නැමත්තාගේ පෞද්ගලික ලිපිනය වී ඇත්තේ යාපනය කොකුවිල් ප්‍රදේශයේ වන අතර (28) දින ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත්තේ තවදුරටත් ආවා ක්‍රියාකාරකම් කිරීමට නොහැකි බව පවසමිනි.
    උතුරේ ආරක්ෂක අංශ විසින් කියා සිටියේ වත්මන් රජයේ ආරක්ෂිත වැඩපිළිවල යටතේ ආවා කල්ලි සාමාජිකයින් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු වෙමින් පැවති අවස්ථාවේදී පලා යාමට අවස්ථාවක් නොමැති වූ විට ආවා කල්ලි නායකයා මෙසේ භාර වී ඇති බවටය.
    කෙසේ වෙතත් ආවා නමින් හැඳින්වෙන් විනෝදන් නැමත්තා තවමත් නිදැල්ලේ සිටින අතරම ඔහුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් පරික්ෂණ අරඹා ඇත.
     
    • Like
    Reactions: KOTA NIHAL

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උතුරේ ආරක්ෂක අංශ විසින් කියා සිටියේ වත්මන් රජයේ ආරක්ෂිත වැඩපිළිවල යටතේ ආවා කල්ලි සාමාජිකයින් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු වෙමින් පැවති අවස්ථාවේදී පලා යාමට අවස්ථාවක් නොමැති වූ විට ආවා කල්ලි නායකයා මෙසේ භාර වී ඇති බවටය.

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහින්ද ආවා විතරයි. ආවා කල්ලියේ හුජ්ජ කොල්ලන්ටත් චූ ගියා ...:lol::lol::lol:

    47046090_614933858909801_4016887452282126336_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,662
    113
    රූකඩ රාජ්ජේ
    උතුරේ ආරක්ෂක අංශ විසින් කියා සිටියේ වත්මන් රජයේ ආරක්ෂිත වැඩපිළිවල යටතේ ආවා කල්ලි සාමාජිකයින් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු වෙමින් පැවති අවස්ථාවේදී පලා යාමට අවස්ථාවක් නොමැති වූ විට ආවා කල්ලි නායකයා මෙසේ භාර වී ඇති බවටය.

    BUMP
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ආවා කල්ලියත් අප්පොච්චිගේ සෙල්ලමක්ද දන්නේ නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආවා කල්ලියත් අප්පොච්චිගේ සෙල්ලමක්ද දන්නේ නෑ

    ඔය විදිහට බැලුවොත්, ඉස්සරහට වැරදිල හරි central bank case එකට අර්ජුන් මහේන්ද්‍රන් උසාවියට බාර උනත් උබල කියයිනෙ, central bank scam එකත් අප්පොච්චිගෙ වැඩක් කියල.. :P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එහෙම බාර උනේ ආව මෙහෙයුවේ මහින්දගේ කට්ටිය කියල දැන් අනිත් අය කියයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද ආවා විතරයි. ආවා කල්ලියේ හුජ්ජ කොල්ලන්ටත් චූ ගියා ...:lol::lol::lol:

    ගෝඨානෙ ආවා හැදුවේ. දැන් අනිව මැරුම් කන්න වෙන බව දන්නවා. මරලා සාක්කි සැඟවීමට දක්ෂයන් තමයි දැන් ආණ්ඩු කරන්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ..:lol::lol::lol:

    ගෝඨානෙ ආවා හැදුවේ. දැන් අනිව මැරුම් කන්න වෙන බව දන්නවා. මරලා සාක්කි සැඟවීමට දක්ෂයන් තමයි දැන් ආණ්ඩු කරන්නේ.

    ඉතින් දැනගෙන ඉදලා උබලා අපරාධකාරයෙක්ට නිදගසෙ තමන්ට ඕන වැඩ් කරන්න දිලා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද ආවා විතරයි. ආවා කල්ලියේ හුජ්ජ කොල්ලන්ටත් චූ ගියා ...:lol::lol::lol:

    ගෝඨානෙ ආවා හැදුවේ. දැන් අනිව මැරුම් කන්න වෙන බව දන්නවා. මරලා සාක්කි සැඟවීමට දක්ෂයන් තමයි දැන් ආණ්ඩු කරන්නේ.

    කටින්ද පුපෙන්ද පොන්ස් කතා කරන්නේ?