ආවා_හැදුවේ_ගෝඨා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    ආවා_හැදුවේ_ගෝඨා

    උතුරේ ක්‍රියාත්මකවන බව කියන 'ආවා' නමැති කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම මත ගොඩනඟන ලද මැර කල්ලියක් බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ පුද්ගලයින් අද දවසේද ක්‍රියාත්මක වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතා අනුව මත බවත්,එය ගොඩනැඟුව බ්‍රිගේඩයර්වරයා තමන් දන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද(02)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

    ඒ කාලයේ ක්‍රියාත්මකවූ වෙනත් ද්‍රවිඩ කල්ලි මර්දනය කිරීමේ අරමුණෙන් මෙවන් කණ්ඩායම් බිහිකරන්නට ඇති නමුත් ඒවා අදට අවශ්‍ය නැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    අනෙක් අතට ඒවා ඒ කාලයේ හැදීමේ වැරැද්දක්ද තමා නොදකින බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

    කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම සංවිධානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ගොඩනැඟී ඇත්තේ ද්‍රවිඩ චිත්‍රපට බැලීමෙන් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීයෙකු විසින් ප්‍රශ්න කර තිබේ.

    ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මැර කල්ලි සෑදීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම ඒ ආකාරයෙන් විය හැකි බවයි.



    14915558_1274222182622494_4847142301557956811_n.png
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    මට අහන්න තියෙන්නේ ගෝඨා අවා ගෲප් හදන කාලෙ බබා ඔයා කොහේද හිටියෙ මයෙ දෙයියො? කැබිනට් එකේ ලොක් එක ඇරගන්න බැරුව ඇතුලෙ හිරවෙලා වෙන්ඩැ?

    අද හෙට කියයි බැඳුම්කරෙත් හැදුවෙ ගෝඨගෙ සැලැස්මකටය කියලා.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන් දැන් ජෝකර් ලා වෙලා ඉන්නේ... රත්රන් අස්වයෝ තාම හොයනවද දන්නේනෑ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අද හෙට කියයි බැඳුම්කරෙත් හැදුවෙ ගෝඨගෙ සැලැස්මකටය කියලා.

    නෑ නෑ බෑදුම්කරෙන් හොරකම් කලේ සුනිල් හදුන්නෙත්ති ඈතුලු ජෙප්පො. දෑන් උන්වනේ මරන් කන්න හදන්නේ සුජීව කිරිඈල්ල ඈතුලු සෙට් එක. :D
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,619
    113
    mahinda nemeida danne na :lol: :lol: :lol: hama labbatama mahinda hitiye dan mahinda atharala gota passe elawanawada? :lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මෙහෙමයි ඉතිං මෙ කතාවෙ ඇත්ත නැත්ත කොහොමද නම් දන්නෙ නැහැ. හැබයි ලොකෙ පක්ෂ දෙශපාලනව වලදි බලය රැකගන්න බලයට එන්න නායකයො කියන එවුන් මෙ වගෙ දේවල් ඕන තරම් කරනවා.