ආසියානු අලියා

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ආසියානු අලියා
    elelogo200.jpg
    අලියා ගොඩබිම වසන විශාලතම සත්වයාය. අප්‍රිකානු අලියා සහ ආසියානු අලියා ලෙස අලි විශේෂ දෙකක්‌ දිවිගෙවන අතර අප රටේ දිවිගෙවන්නේ ආසියානු අලියාය. විද්‍යාත්මකව මෙම විශේෂය Elephas Maximus ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිවිගෙවන වන අලියා ඉන්දියානු හෝ වෙනත් රටවල ආසියානු විශේෂයෙන් තරමක්‌ වෙනස්‌කම් දරන බැවින් ශ්‍රී ලංකානු අලියා අප රටට ආවේණික උප විශේෂයක්‌ ලෙස සැලකේ. එබැවින් ශ්‍රී ලංකානු අලියා හැඳින්වීමට Elephas Maximus Maximus යන උප විශේෂ නාමය භාවිත වේ.

    ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවලදී වන අලි - ඇතුන් බහුලව හමුවේ. දකුණු පෙදෙසේ හම්බන්තොට සිට උතුරු පළාතේ චුණ්‌ඩිකුලම් දක්‌වාද, නැවතත් පුනරීන් සිට වයඹ පළාතේ පුත්තලම දක්‌වාද වූ මුහුදු තීරය ඔස්‌සේ රට තුළ වියළි කලාපීය පෙදෙස්‌වල ඇති වනාන්තරවල අලි -ඇත්තු දිවිගෙවති. තෙත් කලාපයට අයත් සිංහරාජය, සමනල අඩවිය හා කොස්‌ලන්ද පෙදෙස්‌වලද ඉතා සීමිත අලි ගහනයක්‌ දක්‌නට ලැබේ.

    1900 වර්ෂය පමණ වන විට මෙරට වන අලින් 10000 ක්‌ දෙනා දිවි ගෙවූ බවට වාර්තා පළවී ඇති නමුත් පසුගිය දශකයක පමණ කාලය පුරාවට පිළිගැනීමට ලක්‌වූයේ මෙරට වනාන්තරවල ඉතිරිව ඇත්තේ අලි -ඇතුන් 3500 ක පමණ ප්‍රමාණයක්‌ බවයි. අලි - මිනිස්‌ ගැටුම් උග්‍ර අතට හැරී මේ වන විට වාර්ෂිකව අලි 150 - 200 ක්‌ හා මිනිසුන් 100 ක්‌ පමණ ජීවිතයෙන් සමුගනිති. ආසියානු අලියා වඳවීමේ තර්ජනයට ලක්‌ව ඇති ජීවියකු ලෙස ලෝක සංරක්‍ෂණ සංගමය මගින් නම්කර රතු දත්ත ලේඛනයට පවා ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකාවේදීද වන අලින් හා ඇතුන් නිරතුරු ඝාතනයට ලක්‌වන අතර දේශීය රතු දත්ත වාර්තාවේද අලියා තර්ජනයට ලක්‌වූ ජීවියකු ලෙස නම් කර තිබේ.

    (ආසියානු) අලියා අඩි 8-9 දක්‌වා උසින් වැඩෙන අතර ගැහැනු සතා (ඇතින්න හෝ කෙණර) උපරිම අඩි 8 දක්‌වා වැඩේ. එහෙත් අඩි 11 ක්‌ පමණ දක්‌වා උසින් වැඩුණු හස්‌තිරජුන්ද අප රටෙන් වාර්තා වී ඇත.

    ශරීර ලක්‍ෂණ, හැඩහුරුකම් යනාදිය අනුව කුල දහයකට අයත් අලි ඇතුන් අපේ රට තුළ දිවිගෙවන බවට පැරැන්නන් විසින් වර්ග කරනු ලැබන ඇත. ඒ පහත පරිදිය.

    1. කලාවක 2. ගංගෙයH, 3. තඹර, 4. පිංගල, 5. පණ්‌ඩර 6. මංගල, 7. ගන්ධ, 8. හේම, 9. උපෝසත, 10. සද්ධන්ත. මෙයින් සද්ධන්ත කුලයේ අලි ඇතුන් උසස්‌ම කුලයේ සතුන් ලෙස සැලකේ. ඔවුන්ගේ හොඬය, ලිංගය, වල්ගය හා අත්පා සතර ඇතුළු අඟපසඟ හතක්‌ පොළොවේ ස්‌පර්ශවීම විශේෂත්වයකි.

    අප්‍රිකානු අලියා උස මහතින් හා බරින් වැඩිම සත්වයාය. ආසියානු අලියා මීට වඩා ශරීර ප්‍රමාණයෙන් තරමක්‌ කුඩාය. ආසියානු අලියකු සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 3000 - 5000 අතර ප්‍රමාණයක බරින් යුක්‌ත වේ.

    වැඩුණු අලියකු දිනකට ආහාර කිලෝග්‍රෑම් 250 - 300 අතර ප්‍රමාණයක්‌ ආහාර ලෙස ගනී. තෘණ හා කොළ දඬු යනාදිය මෙලෙස ආහාර ලෙස බුදී. එසේම දිනකට ජලය ලීටර් 200-250 අතර ප්‍රමාණයක්‌ පානය කරයි. මේ සඳහා දිනකට කිලෝමීටර් 20-25 ක්‌ දුර ඇවිද යැම වන අලියාගේ සිරිතය. සවස හතරත් පෙරවරු පහත් අතර සක්‍රීය වන අලියා දිවා කාලයේදී තරමක්‌ අලස ගති ලක්‍ෂණ පෙන්වන අතර මධ්‍යාහ්නයේදී ඝන වනවදුල තුළ සැඟව හෝ රූස්‌ස ගස්‌ සෙවණට වී විඩා නිවා ගනී. ආහාර සොයා තෘණ පිටි හා ලඳු කැලෑවල දිවිගෙවීම සක්‍රිය කාලයේදී දැකගත හැකිය.

    අලි මවකට පැටවකු ලැබෙන්නේ සාමාන්‍යයෙන් වසර 4 කට වරකි. ගැබ් කාලය වසර 1 1/2 ක්‌ වීමත්, ඉතිරි කාලය පැටවා කිරි දී පෝෂණය කිරීමත් ඊට හේතුවයි.

    අලියකුගේ සොඬවැල

    සොඬවැල අලියාගේ විශේෂිතම අවයවයයි. අනෙකුත් සතුන්ගෙන් අලි - ඇතුන් වෙනස්‌වීම සඳහාද මෙම සොඬ හේතුවී ඇත. අනෙකුත් ක්‍ෂීරපායින්ගේ මෙන් නොව මෙසේ සොඬක්‌ පිහිටන බැවින් අලියා මමාලියා නම් ක්‍ෂීරපායි වර්ගයේ ප්‍රොබසීඩියා (Probascidea) ගෝත්‍රයට ගොනුකොට ඇති අතර එලිµන්ටිඩේ (Elephantidae) කුලයට අයත් වේ.

    ආසියානු අලියාගේ සොඬ මස්‌ පිඬු 5000 කින් පමණ සමන්විත වේ. මෙය කිලෝග්‍රෑම් 200 ක පමණ බරකින් යුක්‌තවන අතර දිගින් මීටර් 2 ක්‌ පමණ වේ. නාස්‌පුඬු දෙකක්‌ද එක්‌ සොඬැගිල්ලක්‌ද ඇති සොඬවැල මගින් කිලෝග්‍රෑම් 350 - 400 ක පමණ බරක්‌ ඉසිලිය හැකිය. සොඬ තුළ ජලය ලීටර 8 ක්‌ පමණ රඳවාගත හැකිය.

    - ජගත් කණහැරආරච්චි



    http://www.divaina.com/images/elephant/therteen01.html