මිත්‍යා ඇදහිලි සහ මිත්‍යා විශ්වාස සමාජයේ පැතිරෙන වේගය අන් කාලවලට වඩා දැන් ඉතාමත් වේගයෙන් සිදුවනවා. මේ සෑම මිත්‍යා විශ්වාසයක්ම දොහොත් මුදුන් දිල ගෙඩි පිටින් බාර ගන්නා ජාතිය නම් උප්පැන්න සහතිකයෙන් බෞද්ධයන් වූ සිංහළයන්ම පමනයි. මොන විදියකින් හෝ ලෙඩක් හොඳ කරනවා කීවොත් පවුල් පිටින් ගිහිල්ල ඕනම ජරාවක් අදහන්න මේ ඊනියා බෞද්ධයෝ සූදානම්.
එහෙම අය කාලෙකට නික වැරටිය යනව. කාලෙකට දොලු කන්දෙ යනව....
ලංකාවෙ අතීතය අරගෙන බැලුවොත් ජාතිය සිංහළ නම් හිටියෙ බෞද්ධයො විතරයි. සිංහළ බොද්ධ සිංහළ ක්‍රිස්තියානි කියල ජාතීන් දෙකක් හිටියෙ නෑ. දැන් ඉන්න සිංහළ කිතුනුවොත් පරම් පරා දෙක තුනකට උඩදි පරංගින්ට ජාතක වෙලා බුදු දහම අත හැරල මිත්‍යාව වැලඳ ගත් අයයි.
බත් පැකට් එකට, ටකරන් කොල වලට,සහ පොඩි පොඩි ලාබ ප්‍රයෝජන වලටත් තමන්ගේ ආගම මාරැ කරන්නේ ඔය වගේ අතරමන් උන බෞද්ධයො තමයි.
මහායාන බුද්ධාගම ප්‍රචාරයකරන ආයතනද දැන් ලංකාවේ බිහිවෙලා තියනව. රටින් එන ඕනම ජරාවක් අත් පොලසන් දීල බාර ගන්න එක සිංහල ජාතියේ පුරැද්දක් වෙලා.
නාථ දෙවියො මුල්කරගෙන පවත්වාගෙන යන ජොහොර මධ්‍යස්ථාන මිත්‍යා දිට්ඨිකයි කියල බොහෝ දෙනා දන්නෙ නෑ. මෛත්‍රී බෝසතුන්ගෙ නම විකුනගෙන බෞද්ධ වේශයෙන් ආව මිත්‍යාවක් කියල නොවැටහෙන්නෙ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා බෞද්ධයන්ටයි.
මේකත් විජාතික බලවේග විසින් ථේරවාදී බුදු දහම යටපත්කරල මහායානය ඉස්මතු කරන්න ගන්නා උත්සාහයක්. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය අසන්නට නොලැබුන සියලුම දෙනා හිතන්නේ ඒකත් ඇත්ත කියල.
සල්ලි වලටත් ජොහොර බලය විකුනන කොට අනේ අසරන මිනිස්සු සල්ලි දීල මිත්‍යාව මුදලටත් ගන්නව. ජොහොර බලය දෙන මධ්‍යස්ථාන වලදි අසරන මිනිස්සු අහුවෙන්නෙ කෙමනට මාලු අහු වෙනව වගේ..එතකොට සායිබබා පේන්නෙත් වන්දනාවට සුදුසු පුද්ගලයෙක් වගේ.
සද්ධම්ම පුන්ඩරික සූත්‍රය පස්සෙ යන්නෙත් ඔය වගේම යන එන මං නොදන්නා බෞද්ධයන්ම තමයි. ධර්මය නොදන්නා අය ඕනෑම දෙයකට රැවටෙනව. එයාල හිතන්නෙ බුදු රජාණන් වහන්සේ දඹදිව් තලය පුරාවට ගම් නගර වල සැරිසරමින් ධර්මය දේශනාකලේ අක්ෂර ඝන මාත්‍රා සහිතව ශබ්ද විද්‍යානුකූලව කියලයි...ඒ නිසා සමහර අය දැන් බුද්ධ දේශනා වලටත් ඝන පිහිටුවනව..එයාලට ඕන කරන්නෙ තේරෙන භාෂාවකින් අහල අවබෝධ කරන්න නෙමෙයි අවබෝධයෙන් තොරව ශබ්දයෙන් ගුන ගන්නයි..එතකොට සිංහලෙන් ඇහෙන පිරිතත් නයාට අඳු කොල වගේ.
මහායාන සම්ප්‍රධායට අනුව ගෞතම බුදු රජාණන් වහන්සේත් ඉක්මවා ගිය සමහර පැවිද්දො දැන් සක්ඛාය දිඨියෙන්මත්වෙලා මාර්ග ඵල ප්‍රදර්ශනය කරන්නත් පටන් අරගෙන තියනව. ඒ අතර සමහරක් අය සිවුරැ දරාගෙනම ගිහි බුදුවරැන්ටත් වන්දනා කරනව...
ගෞතම බුදු රජාණන් වහන්සේ මිනිස් ලෝකයේදී කිසිම මිනිසෙකුට අභිධර්මය දේශනා කලේ නැති උනාට දැන් ඉන්න සමහරක් පුද්ගලයො ශාස්තෲන් වහන්සේවත් ඉක්ම යනව.එයාල පංති දාගෙන අභිධර්මය මිනිසුන්ටත් දේශනා පවත්වනව.. බුදු රජාණන් වහන්සේ මිනිසුන්ට දේශනාකල සූත්‍ර දේශනා තිබෙද්දි එයාල බුදු රජාණන් වහන්සේටත් උගන්වනව....
මේ වන කොට බොහෝ දෙනා හින්දු ආගමයි බුදු දහමයි එකට පටලවා ගෙන අදහන්න පුරැදුවෙලා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් ශාස්තෲන් වහන්සේ නිසා සියලුම දිව්‍ය තල ගැනත් දෙවිවරැ ගැනත් දේශනා කරල තියනව. මූනු ගොඩක් තියන දෙවිවරැ අලි ඔලුවක හොඩවැල් තියන දෙවිවරැ අදහන්න යාමෙන් සත්තා දේව මනුස්සානං වූ බුදු ගුනයත් හෑල්ලුවට ලක්වෙනව.
බෞද්ධ ලමයකුට අකුරැ කියවද්දි බුදු පිලිමෙට වඩා ප්‍රමුකත්වයක් දෙන්නෙ හිංදු ආගමික මිත්‍යා විශ්වාසයක් වන අලි ඔලුවකටයි. බුදු දහම නොදත් බෞද්ධයො බුද්ධ ශාසනයේ ප්‍රඥාවට අගතැන් පත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙනුවට මිත්‍යා දිට්ඨික හිංදු පිලිම සරණ යනව.
බෞද්ධයො පංසල් ඇතුලෙත් මේ හිංදු ආගමික මිත්‍යා දිට්ඨික දේව රෑප වලට නමස්කාර කලාට හිංදු දේවස්ථාන වල බුදු පිලිමයක් දකින්නවත් නැහැ. හිංදූන්ගෙ විශ්වාසය බුදුන් අවතාරයක් කියලයි. නමට බෞද්ධයො හිතන්නෙ කලියුගයේ බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි කියලයි.