මිනිස්සු කියන්නෙ හරි පුදුම සත්ව කොට්ඨාශයක්. අනෙක් ඇහැට පේන සතුන්ට වගේ මිනිසා කියන සතාටත් අංගෝපාංග පිහිටලා තියෙනවා. ඇස්, කන්, නාස, කට, ඇඟ හැම සතෙක්ටම පොදුයි. ඇස තියෙන්නෙ බලන්න, නැතනම් පේන්න. කන් තියෙන්නෙ අහන්න, නැත්නම් ඇහෙන්න. නාසය තියෙන්නෙ සුවඳ විඳින්න නැත්නම් දැනෙන්න. කට තියෙන්නෙ රස බලන්න. ඇඟ තියෙන්නෙ පහස දැනෙන්න නැත්නම් විඳින්න. මේ උපාංග පහ මුල් කර ගෙන මිනිසා කියන සතා තුළ හට ගන්නවා විවිධ සිතුවිලි. කෙනෙක් අපි ආශ දෙයක් කනවා දැක්කම ඒක නොකෑවත් ඒ කෑම ගැන තියෙන මතකය අවධි වෙලා මිනිහාගේ කටට කෙල උණනවා. මිනිස්සු ජීවත් වෙද්දි ප්‍රධාන වශයෙන්ම කරන්නෙ මේ පංචන්ද්‍රියන් පිනවන එක. පංචකාම සම්පත්තිය කියලත් මේක හඳුන්වනවා. ඇස පිනවීම කන පිනවීම කට පිනවීම නහය පිනවීම සහ සිරුර පිනවීම. මේ පංචකාම විඳින්න තියෙන ආශාව අල්ලගෙන තමයි බඩු විකුණන්නෙ. නිකමට හිතලා බලන්න. සුපිරි වෙළඳ සැලක් වේවා සිල්ලර පෙට්ටි කඩයක් වේවා ඒවයෙ විකුණන්නෙ අපේ මේ පංචේන්ද්‍රියන්ට අදාළ දේවල් නෙමෙයි ද කියලා. සරල නිදසුනක් විදියට කෑම කඩයක් ගමු. අපිට ලැබෙනවා ගියාම මෙනු එකක්. අපි මේ මෙනුව බලලා තෝර ගන්නවා අපිට රසයි කියලා හිතෙන කෑම වර්ගය. ඒක ගාන වැඩිනම් අපේ අතේ තියෙන සල්ලිවලට හරියන්න රස වැඩියෙන්ම තියෙනවා කියලා හිතෙන කෑම එක තෝරා ගන්නවා. කෑම වෙලෙන්දා කෑම හදන්නෙත් ඒ රසට තෝරලා තමයි. ජාති හුඟක් තියෙනවා පාරිභෝගිකයාට තෝරා ගන්න. බයිට් කඩේකට ගියත් එහෙමයිනෙ. තව බලන්න ඇඳුම් කඩයක්. ඇඳුම් ජාති ගොඩයි. එක එක පාටට එක එක ඩිසයින් වලට. අපි ඉතින් ගිහිල්ලා ඇඟට තිය තිය බලනවා කොයික ඇන්දොත් ද වඩා ලස්සන කියලා. ඒ ලස්සන අනුව ඒ ඇඳුම තෝරා ගන්නවා. සිංදු අහන්න ගියත් එහෙමයි. හැම දේකදිම එහෙමයි. මේක තමයි පංචකාමය නැත්නම් පංචේන්ද්‍රිය පිනවීම. බුදුරජාණන්වහන්සේ දේශනා කරන විදියට පංචකාම සම්පත්ති විඳින්න ගියාම කෙලවරක් නැහැ. අවසානයක් නැහැ. ඒ වෙනුවෙන් ම ජීවිතේ ගත වෙනවා. මේ අවසානයක් නැති කම තුළ තමයි තණ්හාව තියෙන්නෙ. තණ්හාවට යන ගමන අරඹන්නෙ ආශාවෙන් නැත්නම් කැමැත්තෙන් නැත්නම් ඡන්දයෙන්. මාකටින් කරන්න පුළුවන් වෙන්නෙ මේ පංචකාමයට තියෙන ආශාව තියෙනකම් විතරයි. මට මතකයි ඉස්සර ෆුඩ් සිටි නැති කාලේ ගමට ආවා මාළු වෙළෙන්දාව. සමහරු මේ වෙළෙන්දා එනකම් මග බලා ඉන්නවා මාළු ගන්න. දැන්නම් එහෙම නැහැ, ගියා සුපර් මාකට් එකට. ගත්තා මාළු. ඉස්සර වගේ දැන් මාළු වෙළෙන්දාත් වැඩිය එන්නෙ නැහැ.
මේ විදියට පංචේන්ද්‍රිය පිනවන්න ගියාම හරිම කචල්වලට සමහරු මුහුණ දෙනවා. දැන් සමහරු ඉන්නවා එදාට මස් මාළු උයලා නැත්නම් කන්නෙ නැහැ රණ්ඩු කරනවා. තමුන් කැමැති ඇඳුම නැත්නම් යන්න තියෙන ගමන ගිහින් ඉවරයි. මේ වගේ. ඇයි සමහරුන්ට බැහැනෙ බිම නිදියන්න. තව සමහරුන්ට ඇඳ මාරු වුනාම නින්ද යන්නෙ නැහැ කියනවානේ. සමහරු ඉන්නවා කිරි නැත්නම් බොන්නෙ නැහැ. තැනකට ගියාම පිස්සු හැදෙනවා ඉතින්. තමුන් කැමැති දෙයක් කැඩුනොත් බිඳුනොත් ඉතින් ඉවරම තමයි. නිකමට මේ වගේ කෙනෙක් පාවිච්චි කරන ඇඳුමක් ඇඳලා බලන්නකො. ආස හිතෙයි. මෙහෙම කෙනෙක් එක්ක ඉඳලා බලන්න ඕනා ඒකෙ තියෙන සැප. ආස හිතෙයි.
මේ පංචේන්ද්‍රිය පිනවීම බෞද්ධයන්ට වෙනයි අන්‍යාගාමිකයන්ට වෙනයි කියලා නැහැ. හැමෝටම එක වගේ තමයි. හැබැයි බුදු දහම පංචේන්‍ද්‍රිය පිනවීම සම්බන්ධයෙන් වෙනකොට ඒකෙ තියෙන දුක් සහිත බව පෙන්වලා දෙනවා. එහෙමයි කියලා බුදු දහම විශ්වාස කරන කෙනෙක් ලස්සනට නොඇඳ ඉන්නෙ නැහැ. බඩ පිරෙන්න නොකා ඉන්නෙ නැහැ. ලිංගික සැප නොවිඳ ඉන්නෙ නැහැ. හැබැයි එයා චතුරාර්ය සත්‍යය ගැන අවබෝධයක් දැනීමක් නැත්නම් අහලා තියෙන නිසා පංචේන්ද්‍රිය පිනවීම තුළ තියෙන දුක් සහිත බව දන්නවා. ඒ නිසා ඇඳුමක් අඳින්නෙ ඇඳුමක තියෙන අවශ්‍යතාවය දැන ගෙන. අද බලන්නකො කීයෙන් කී දෙනාද ඇයි මිනිස්සු ඇඳුම් අඳින්නෙ කියලා දන්නෙ කියලා. කන්න ගියත් කන්නෙ ඇඟ පවත්වාගෙන යන්න. අහනවා කියලා ගැටීමක් ඇති කර ගන්නෙ නැහැ ඇහෙන දේවල් එක්ක නැත්නම් අහන දේවල් එක්ක. ඇඟට සැප දෙන්න ගියත් එහෙමයි. ඒකෙ ප්‍රමාණය, අර්ථය දැන ගෙන කරන්නෙ. පංචේන්ද්‍රියෙ සහ පංචේන්ද්‍රිය නිසා ඇතිවෙන ප්‍රතිඵලයෙ තියෙන අනිත්‍ය අනාත්ම දුක් සහිත ස්වභාවය දැනගෙනයි එයා ජීවත් වෙන්නෙ. ඒ වගේ අය එක්ක සරලව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් එක්ක ඉන්න එක බහුතරයකට දුකක්. ඒකව දිරවන්නෙ නැහැ. ඕක තමයි අද ලෝක ස්වභාවය.
ඇයි ඒ? බුදු දහම පරිහානියට යද්දි නැත්නම් සත්‍ය ආවරණය වෙද්දි මිනිස්සු අධර්මයට කැමැති වෙනවා. අධර්මයට කැමැති වෙද්දි ධර්මයට අනුව ජීවත් වෙන කෙනාව දිරවන්නෙ නැහැ. හැබැයි අධර්මයෙන් ඉන්න කෙනාට හරි කැමැතියි.