ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් එතකොට ඔය ගස් කොළ වැවෙන්නති සීතල රටවල් තියෙන්නේ (Iceland, Greenland) , එතකොට ඒ මිනිස්සු කන්නේ මොනවාද?? තවත් දෙයක් තමයි දැන් ඔය සතුන් මරණ විදියට ඔකුන්ගේ බෝවීමේ අඩුවකුත් නැහැ, අද ලංකාවේ ජාති තුනේම සතුන් මරණ/ කන එවුන් ඉන්නවා, එහෙම තියෙද්දී අපි ඇයි ඇනකොටා ගන්න යන්නේ, ඉස්සෙල්ලා කවුරු හරි එක ජාතියක් ඉස්සරාට ඇවිත් කියපල්ලා බලන්න අපි කන්නෙත් නැහැ මරන්නෙත් නැහැ කියලා, ඊටපස්සේ අනිත් එවුන්ව බලමු .....
     
    Last edited:
    මචන් එතකොට ඔය ගස් කොළ වැවෙන්නති සීතල රටවල් තියෙන්නේ (Iceland, Greenland) , එතකොට ඒ මිනිස්සු කන්නේ මොනවාද??
    සීත රටවල් නෙවෙයි, ඔය වගේ තව ගොඩක් තර්ක අර ලිපියේ තියනවා... එනිසා ඕවට උත්තර දෙනවනම් මම අර මුළු ලිපියටම උත්තර දෙන්න ඕන...
    එහෙම වුනොත් සමහර තර්ක බිඳින්න ගියොත් ඉස්සෙල්ලම මම "ඉස්ලාම් ආගම මහා බොරුවක්" ය කියල ඔප්පු කරන්න ඕන...
    එහෙනම් ඉතින් ඒකට මම මුලක ඉඳල ඉස්ලාම් දහම අධ්‍යයනය කරන්න එපැයි...
    අඩුම ගානේ අල් කුරානය කියවන්න එපැයි...
    ඊට පස්සේ නිවන් දකින හැටිත් කියල දීල තමයි සමහර තර්ක බිඳින්න වෙන්නේ...
    ඒනිසා මම මේ thread ඒකට තර්ක බිඳින්න නෙවෙයි උත්තර දුන්නේ..
    මම vegetarianism ගැන තර්ක කර කර යන කෙනෙක් නෙවෙයි...
    මට තර්ක කරන්න අවශ්‍ය වුනොත් මම වෙනමම ඒක පටන් ගන්නවා..

    මම මේ thread එකට reply
    කරේ මේක දැකල මිනිස්සු නොමග යයි කියලයි...
    සතුන් මරණ ඒක වැරදියි, ඒක සරලයි, පැහැදිලියි...

    සීත නෙවෙයි කොහේ හිටියත් සතෙක් මරනවානම් එක නරක දෙයක් ...
    ඒක බොහොම පැහැදිලිව ප්‍රාණඝාතයක්...
    බුද්ධ දේශනාවේ මොන හේතුවකටවත් සතෙක් මරන්න අනුබල දීල නැහැ...
    "සීතල නිසා කමක් නෑ" කියලත් නැහැ,
    " බඩගිනි නිසා කමක් නෑ" කියලත් නැහැ...

    බුදු හාමුදුරුවෝ ලෝකේ පාලනය කරන්නේ නැහැනේ,
    උන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය පමණයි...
    අපි කැමති දෙයක් වුනත්,
    අපි අකමැති දෙයක් වුනත්...
    උදාහරණ:
    "අපි ඇසින් දකින, ඇසට ප්‍රිය උපදවන දේට ආස වෙන්න එපා" කියල වදාළා....
    අපි කැමතිද අකමැතිද ඒ වදාළා දේට..
    අපි කැමති අපේ ඇසට ප්‍රිය වනදෙට ආස වෙන්න තමයි...
    එත් බුදුන් වදාළේ හරමයි...

    අපි කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි ඇත්ත...


    ඒවගේ තමයි මේ සතුන් ගැන වදාළා දේවලුත්


    තවත් දෙයක් තමයි දැන් ඔය සතුන් මරණ විදියට ඔකුන්ගේ බෝවීමේ අඩුවකුත් නැහැ,
    සත්තු කොච්චර මැරුවත් උන්ගේ බෝවීමේ අඩුවක් නෑ නෙවෙයි,
    ඔය කෝටි
    ගණන් මරණ සත්තු ඔක්කොම, මරන්නම ඇති කරලා මරල දාන සත්තු මිසක් ස්වාභාවිකව කැළෑ වල හැදෙන සත්තු නෙවෙයි, එක තෙරෙනෝ නේ...
    කුකුල් farm එකක් අරන් බලන්න, 1000ක් මරණ කොට තව 1000ක් බෝකරවනවා...

    ඉතින් එකේ කොහොමත් ඉවරයක් නැහැ...
    කැළෑ වල වගේ ස්වභාවිකව හැදෙන සත්තුන්ගේ බෝ වීමේ ප්‍රතිශතය වැඩියි කියල අපිට කවදාවත් ප්‍රශ්න ඇවිත් නැහැනේ...




    අද ලංකාවේ ජාති තුනේම සතුන් මරණ/ කන එවුන් ඉන්නවා, එහෙම තියෙද්දී අපි ඇයි ඇනකොටා ගන්න යන්නේ, ඉස්සෙල්ලා කවුරු හරි එක ජාතියක් ඉස්සරාට ඇවිත් කියපල්ලා බලන්න අපි කන්නෙත් නැහැ මරන්නෙත් නැහැ කියලා, ඊටපස්සේ අනිත් එවුන්ව බලමු .....
    ජාති කතාවක් මේකට කොහෙත්ම නැහැ...
    අවශ්‍යත් නැහැ...
    සතුන් නොමරන්නේ කව්ද ඒ කෙනා මුස්ලිම් වුනත් එකයි සිංහල වුනත් එකයි, එයා නිවැරදියි..
    සතන් මරන්නේ කව්ද, ඒ කෙනා මුස්ලිම් වුනත් එකයි සිංහල වුනත් එකයි එයා, වැරදියි...

    සිංහල කෙනෙක් පස්පව් කරනවානම් එයා බෞද්දයෙක් නෙවෙයි...
    මුස්ලිම් කෙනෙක් පන්සිල් රකිනවද, එයා, ආයේ කතා දෙකක් නෑ බෞද්දයෙක් වීමේ මුලික පියවරේ ඉන්නේ....
    අර සිංහල කෙනාට වැඩිය මේ මුස්ලිම් කෙනා හොඳයි කියල බුදුහාමුදුරුවෝ උනත් වදාරන බව ඒකාන්තයි


    please , මම ගොඩක් වැඩ තියෙන මනුස්සයෙක්,
    මං නිකමට phone එකකින් ඉන්ටෙර්නෙට් ගියපු වෙලාවක මේ thread එක දැකල, හිතට ආපු කලකිරීමටයි මේකට reply කරනන computer ඒකට අවේ.
    ඒනිසා තව දුරටත් මාව මේ thread ඒක රඳවා ගන්න උත්සහ ගන්නෙපා...
    මට කියන ඕන දේ මං කිව්වා....

    ඔබට මස් කන්න ඕනනම් සද්ද නොකර වෙනද වගේ කන්න ...
    නමුත් හිත කියනවනම් " මේක නරක දෙයක්" කියල , ඒක හිතින් යවාගන්න එක එක හේතු හොයල හිත රවට ගන්නෙපා...

    හැමදෙනාටම තෙරුවන්සරණයි.....
     
    • Like
    Reactions: JHHA

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    30u5jps.jpg




    meheme thiyeddi ay nikan api muslim ayata baninne mas kanawa kiyala.....



    lankawe muslim janagahanaya 7% withara thiyeddi lankawe okkoma mas kanne muslim aya witharada.... ape booruwo kanne nadda?



    ethakota cargills keels wage company mas wikunana eka harida???



    ethakota ape raban wala, perehara walata pawichi karana bera wala ham (leather) pawichchi karana eka harida...


    ඕකට මං දුන්න රිපලයි එකක්.
    අන්න කතාව සම හරක් ට ඕව තෙරෙන්නෙ නෑ...:yes::yes:මෙහෙ නම් මස් කඩේ ඉන්නෙම අනිත් ආගමේ කට්ටිය...;)ච්කන්.මාලු,මස් 3ම සෙනග පිරිලා...:lol::lol::lol:

    අන්න මචන් අද මුස්ලිම් මිනිසුන් විතරක් නෙමෙයි කඩවල් කරන්නෙ ලංකාවේ...මුස්ලිම් මිනිසුන් ට වඩා..අනිත් කට්ටියගෙ කඩවල් වැඩියි කුකුල් මස්,,මාලු කඩවල්..;)

    අන්න පොයින්ට් එක යමක් කමක් තේරුම් ගත්තා නම් හොදා..:Dකොහෙද ඉතින් ලේසියෙන් තෙර්න්නෙ නැති කට්ටියක් නේ අපෙ ලංකාවේ ඉන්නෙ...:lol::lol:ටික වේලාවයි මතක තියන්නෙ...:lol:ඕනම දෙයක්...:lol::lol:



    අනිත් එක.ලංකාවෙ වටේ තියන්නෙ මහා සාගරය දවසකට කියක් කියලා මාලු මරනවද.?:rolleyes:
    මාලු විතරද.?ඉතකොට අනිත් ඒවා..:rolleyes:

    අනිත් එක අද කුකුලන්,
    බිත්තර..ලංකාවෙ වැඩියෙන්ම අලෙවිවෙන්නෙ රටින් ඉදලත් ගෙන්නනවා ලංකාවට අනිත් මේ ඉදලා රටවල් වලට අපනයනය කරනවා..

    අනිත් එක එස්කිමොවරු කන්නෙම මශ් එයාලා කෑවෙ නැත්තම් එයාලයට ඒ රටේ ජීවත් වෙන්න බෑ...:yes:

    එයාලා ඕක නැවත්තුවානම් එයාලට මොකක්ද කරන්න තියන ජොබ් එක.?:rolleyes:එයාලා යෙපෙන්නේ ඒකෙන්...:yes:

    සො මේක කිසිම දවසකත් සාර්තක වෙන්න යන්නේ නෑ...මේක කාටවත් නවත්තන්නත් බෑ...:yes::D:yes:මිනිසුන්ගේ යහපත උදෙසා....මේවා තියන්නෙ..:yes::D

    අපි කාටවත් බල කරන්නේ නෑ කන්න කියලා .හෝ නොකා ඉන්න කියලා ඒක එයාලගෙ කැමැත්ත.:yes:බට් අපි කියන්නේ මේකට මුස්ලිම් වරුන් විතරක් ඇගිල්ල දික් කරන්න එපා කියලා..ඕ මේක මහා පවක් ඒ වගෙ වචන කියලා..:yes:

    බට් සතෙක්ව නිකරුනෙ මරනවනම් ඒකා මහා පවක් ප්‍ර්යොජනය සදහා ගන්නවානම් කිසි අවුලක් නෑ...:D:)ඔච්චරයි මට අන්තිමෙට කියන්න තියන්නෙ..:)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකත් නියම පැහ්දිලි කිරීමක්, ඔබටත් බොහොම ස්තුතියි.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් එතකොට ඔය ගස් කොළ වැවෙන්නති සීතල රටවල් තියෙන්නේ (Iceland, Greenland) , එතකොට ඒ මිනිස්සු කන්නේ මොනවාද?? තවත් දෙයක් තමයි දැන් ඔය සතුන් මරණ විදියට ඔකුන්ගේ බෝවීමේ අඩුවකුත් නැහැ, අද ලංකාවේ ජාති තුනේම සතුන් මරණ/ කන එවුන් ඉන්නවා, එහෙම තියෙද්දී අපි ඇයි ඇනකොටා ගන්න යන්නේ, ඉස්සෙල්ලා කවුරු හරි එක ජාතියක් ඉස්සරාට ඇවිත් කියපල්ලා බලන්න අපි කන්නෙත් නැහැ මරන්නෙත් නැහැ කියලා, ඊටපස්සේ අනිත් එවුන්ව බලමු .....


    Meka Balanna..:yes:okata reply eka meke tiyanawa ..:yes::yes:
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    If aliens with advanced capabilities from another planet takeover our planet by force and say that they have the right to destroy human beings to balance it up due to lack of space. If they say that someone up there has given them the permission to eat us and that we humans were created for these aliens to eat would you agree? Or will you say that it so unfair?

    පිට සක්වල ජීවීන් අප පෘතුවිය ආක්‍රමණය කර මිනිස්සුන්ව
    පරීක්ෂණ වලට යොදා ගැනීම හෝ වෙනත් ඕනෑම හේතුවකට අහාරයට ගැනීම
    අනුමත කරන්න පුලුවන්ද ? මොනයම් හෝ හේතුවකට තම මස් ඒ අය‍ට දෙන්න
    ඉදිරිපත් වෙන්න පුලුවන්ද? බැරිනම් තවත් මරණ බය තියෙන ආයුධ පහරට
    වේදනාව දැනෙන මොනයම් හෝ සත්වයෙක් මැරීම සාධාරණීය කරන්නේ ඇයි?
    මෙතන අගාම් බේදයක් ඇද ගැනීම අවශ්‍ය නැහැ. කවුරු කලත් සත්ව ඝාතනය
    වැරදියි. එය සාධාරණීය කිරීම හා අන් අයව එයට පෙළඹවීම ඒ හා සමාන වරදක්
    බව මට හැඟෙ. අනෙක මාංශ අනුබවයට පෙලෙබවීම වක්‍ර අයුරින් සත්ව
    ඝාතනය ට රුකුල් දීමක්. මන්ද එයින් මස් කන අය වැඩි වී සත්ව ඝාතනය
    වැඩි විය හැකි නිසා
     
    lich සහො ඔය මුල් ලිපිය හොදට රිඬ් කරාද..??
    ඔව් හොඳට read කරා....
    හොඳට කියවල තමයි reply කරේ....

    එකේ තියෙන තර්ක වලට උත්තර දෙන්න පටන් ගත්තොත් මට ඉස්සෙල්ලම ඉස්ලාම් දහමේ සමහර කරුනුත් එක්ක ගැටෙන්න වෙනවා...

    එතකොට off topic යනවා, එතකොට මෙතන රණ්ඩු තමයි....
    ඒනිසා. මන් ඒ ලිපියේ තියන තර්ක කඩන්න යන්නේ නැහැ...
    ඒනිසා, බුදුන් වහන්සේ උගන්නපු හැටියට "සත්තු මැරීම පවක්" කියල විතරක් නිකන් ඉන්නවා...
    මුස්ලිම් නෙවෙයි, ඕනෙම කෙනෙක්....
    'මුස්ලිම් අය' කියල මගේ විශේෂයක් නැහැ, සත්තු මරණ ඕනෙම කෙනෙක් වැරදියි......


    අපි කියන්නේ මේකට මුස්ලිම් වරුන් විතරක් ඇගිල්ල දික් කරන්න එපා කියලා
    ඔයා නොදන්න නිසයි මං මේ කියන්නේ,
    "බෞද්දයෝ සත්තු මාරුවට කමක් නෑ, එත් අනිත් ආගම් වල අය සත්තු මැරුවොත් වැරදියි" කියල
    අපේ බුදුහාමුරුවෝ කවදාවත් වදාරලා නෑ....
    ('වදාරලා නෑ' = 'කියල නෑ')..

    කතා 2ක් නැහැ, සත්තු මරණ ඕනෑම කෙනෙක් වැරදියි.
    මේකට මුස්ලිම් අයට විතරක් ඇඟිල්ල දික් කරන පිරිසක් ඇති..
    එත් මම,
    ඇඟිල්ල දික් කරනවා නම්, සත්තු මරණ ඕනෑම කෙනෙක්ට ඇඟිල්ල දික් කරනවා....
    සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා.....
    ඒක මගේ කලින් reply වලත් පැහැදිලිව මං කියල ඇති...
    ඒ නිසා, සත්තු මරණ එක ගැන මුස්ලිම් අයට විතරක් සිංහල අය බනින එකට දුකක් තියනවනම් , එකට නිකන් upset ගහන්න එපා....
    සිංහල අය සත්තු මරනවානම් ඒගොල්ලොත් අනිවාර්යයෙන් වැරදියි,
    බුදු දහමට අනුවත් ඒක එහෙමයි...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔව් හොඳට read කරා....
    හොඳට කියවල තමයි reply කරේ....

    එකේ තියෙන තර්ක වලට උත්තර දෙන්න පටන් ගත්තොත් මට ඉස්සෙල්ලම ඉස්ලාම් දහමේ සමහර කරුනුත් එක්ක ගැටෙන්න වෙනවා...

    එතකොට off topic යනවා, එතකොට මෙතන රණ්ඩු තමයි....
    ඒනිසා. මන් ඒ ලිපියේ තියන තර්ක කඩන්න යන්නේ නැහැ...
    ඒනිසා, බුදුන් වහන්සේ උගන්නපු හැටියට "සත්තු මැරීම පවක්" කියල විතරක් නිකන් ඉන්නවා...
    මුස්ලිම් නෙවෙයි, ඕනෙම කෙනෙක්....
    'මුස්ලිම් අය' කියල මගේ විශේෂයක් නැහැ, සත්තු මරණ ඕනෙම කෙනෙක් වැරදියි......


    ඔයා නොදන්න නිසයි මං මේ කියන්නේ,
    "බෞද්දයෝ සත්තු මාරුවට කමක් නෑ, එත් අනිත් ආගම් වල අය සත්තු මැරුවොත් වැරදියි" කියල
    අපේ බුදුහාමුරුවෝ කවදාවත් වදාරලා නෑ....
    ('වදාරලා නෑ' = 'කියල නෑ')..

    කතා 2ක් නැහැ, සත්තු මරණ ඕනෑම කෙනෙක් වැරදියි.
    මේකට මුස්ලිම් අයට විතරක් ඇඟිල්ල දික් කරන පිරිසක් ඇති..
    එත් මම,
    ඇඟිල්ල දික් කරනවා නම්, සත්තු මරණ ඕනෑම කෙනෙක්ට ඇඟිල්ල දික් කරනවා....
    සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා.....
    ඒක මගේ කලින් reply වලත් පැහැදිලිව මං කියල ඇති...
    ඒ නිසා, සත්තු මරණ එක ගැන මුස්ලිම් අයට විතරක් සිංහල අය බනින එකට දුකක් තියනවනම් , එකට නිකන් upset ගහන්න එපා....
    සිංහල අය සත්තු මරනවානම් ඒගොල්ලොත් අනිවාර්යයෙන් වැරදියි,
    බුදු දහමට අනුවත් ඒක එහෙමයි...

    සහතික ඇත්ත මචන්.
     

    robot2011

    Member
    Jun 7, 2011
    144
    7
    0
    සිංහල අය සත්තු මරනවානම් ඒගොල්ලොත් අනිවාර්යයෙන් වැරදියි,
    බුදු දහමට අනුවත් ඒක එහෙමයි...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන්ලා කරුණාකරලා දැන් ඔය මස් මැරීම්/කෑම් මාර්තුකාව නවත්වෙමු, මේක නිකම් පුෂ් ටෝක් එකක්, දැන් අපි ඔක්කොම එකතු වෙලා ඉස්සෙල්ලාම මස් කාපු/මරපු එකාව අල්ලලා ඌව මස් කරමු