ඇඟ හදා ගැනීමට ගොස් නැතිලෙඩ හදාගැනීම

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඇඟ හදා ගැනීමට ගොස් නැතිලෙඩ හදාගැනීම

    මා දන්නා හඳුනන තරුණයෙකුගේ ඇඟ හදා ගැනීමේ ව්‍යාපෘතිය අරබයා ලිවීමට සිත්විය.

    Phil-Heath-talks-steroids-bodybuilding-olympia.jpg


    ඔහු 20 හැවිරිදිය. කය වර්ධන ව්‍යායාම වල නිරත වන අයෙකි. හොඳින් වර්දනය වූ මස් පිඩු ඔහු සතුව තිබුණි. නමුත් මා හට නැවත ඔහු හමු වුයේ මස 8 කට පමණ පසුය. එවිට ම හට කැපී පෙනෙන වෙනස්කම් දෙකක් පෙනුනි.

    1. වෙනදාට වඩා කැපී පෙනෙන ලෙස ඔහුගේ මස් පිඩු වැඩි ඇත.
    2. ශරීරය පුර ඝනව රෝම වැඩි ඇත.

    වෙනස කුමක්දැයි ම අසු විට ඔහු පැවසුයේ “අය්යේ අපේ GYM එකෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. එකට නියමෙට ඇඟ හැදෙනවා” යනුවෙනි. ඔහුගේ දෙමව්පියන්ටද මේ පිලිබඳ මෙලෝ සසරක අදහසක් නැත. ඔවුන් එම GYM එක ගැන උද්දාමයට පත්වී සිටිති.

    ඇත්තෙන්ම මෙම ඇඟ හැදෙන ඉන්ජෙක්ෂන් එක කුමක්ද??? මෙය Testosteron යන නමින් හැඳින්වෙන පුරුෂ හෝමෝනය හෝ ඒ හා සමාන වෙනත් හෝමෝනයකි. එය පිටින් ගත්විට විදුවන්නේ පිරිමි ලක්ෂණ වැඩි වීමය. මෙය ප්‍රදාන වශයෙන් ශරීරයේ නිපදවෙන්නේ වෘෂණ කෝෂ වලය.

    ඉතින් හොඳයිනේ !!!!! මොකද ඕක ගැන වදවෙන්නේ ??????:baffled::baffled:

    ඕන දෙයක් ඕනවට වැඩ හොඳ නැ වගේ මෙම Anabolic Steroids ගණයට අයත් හෝමෝන ගැනීම විවිද අතුරු අබාධ ඇති කරයි. නමුත් සමහර ඒවා ඇති වන්නේ කල් ගතවය. :no::no:

    මේවා ඉන්ජෙක්ෂන්, පෙති, සමෙහි අලවන ප්ලස්ටේර් හා විවිද ජෙලි වර්ග ලෙස ඇත.

    දැන් අපි අතුරු අබාද දෙස බලමු.

    1. වෘෂණ කෝෂ කුඩා වීම. - ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය සැදෙන්නේ මෙහි බැවින් පිටින් ලබා ගත්විට ශරීරයේ නිපදවීම අදාළ වේ. එමනිසා වෘෂණ කෝෂ කුඩා වේ.
    2. වඳ භාවය
    3. අධි රුදිර පීඩනය.
    4. අධික රෝම වර්දනය.
    5. කටහඬ ගැඹුරු වීම.
    6. හර්දයාබාද
    7. මොලයේ ලේ කැටි සිර වීම.
    8. පිරිමීන්ගේ පියයුරු ලොකු වීම.
    9. අක්මාවට හානි වීම.
    10. මානසික රෝග ඇති වීම.

    xduhw5.jpg

    x6cume.jpg


    මෙය සන්ක්ෂිත සටහනක් පමණි තවත් අතුරු ආබාධ බොහෝ ඇත. හොඳින් සොයා බැලුවොත් මේවා භාවිත කල ක්‍රීඩකයන් අකල් මරණ වලට ලක්වූ බවද දන ගත හැක.

    ඔබේ කාය වර්ධන මධ්‍යස්‌ථානයෙනුත් මේවා ලබා දෙනවා නම් එයින් සිදු වන්නේ ඔබගේ අනාගතය අඳුරු වීමය. එම නිසා තීරණය ඇත්තෙත් ඔඅබ අතේය. ඔවුන්ට මේ පිලිබඳ කී විට “පිස්සුද මල්ලි අපි කොච්චර කල් ගන්නවාද":no::no: යනුවෙන් පැවසීමට ඉඩ ඇත. නමුත් මෙය මිත්‍යාවක් නොවේ ඔවුන්ට සත්‍ය අවබෝධ වන විට ඕනවට වඩා පරක්කු වී ඇත.:angry::angry:

    මෙය මහත් අරිශ්‍රමයක් දරා සිදු කල සටහනකි. ඔබගේ චෝදනා, යෝජනා, අගයකිරීම සතුටෙන් භාර ගනිමි. :rofl:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    බම්ප් මචන්....වැදගත් දෙයක්...ඕනෙම දෙයක් ඕනෑවට වැඩියෙන් ඕනෙම නෑ....
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Steroids දැන් හැම එකාම විකුණනවා . වෙන දේවල් දන්නේ නෑ .ඒවා කරන හරි සිස්ටම් එකක් තියනවා.ඒ විදිහට කලොත් අවුලක් නැත්තේ නෑ .එත් සයිඩ් ඉෆ්ක්ට් සෑහෙන්න අඩුයි .ඒවා වලින් ඇග හැදෙනවා කියලා ඒවා වලට ඇබ්බැහි වෙන්න හොද නෑ .
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    "bigger stronger faster"...... a good documentary on the subject, a must watch If you're interested in this subject matter
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    Steroids දැන් හැම එකාම විකුණනවා . වෙන දේවල් දන්නේ නෑ .ඒවා කරන හරි සිස්ටම් එකක් තියනවා.ඒ විදිහට කලොත් අවුලක් නැත්තේ නෑ .එත් සයිඩ් ඉෆ්ක්ට් සෑහෙන්න අඩුයි .ඒවා වලින් ඇග හැදෙනවා කියලා ඒවා වලට ඇබ්බැහි වෙන්න හොද නෑ .

    Is there a safe dosage for anabolic steroids?

    There is no ‘safe’ dose of an anabolic steroid. If you
    continue to use steroids, despite health warnings
    and your doctors advice, however, keep the dose to
    an absolute minimum and take breaks from using
    the steroids.

    Why can’t my doctor prescribe steroids
    for me?


    It is illegal for your doctor to prescribe anabolic
    steroids, unless they are to be used for medical reasons.

    Can I become ‘addicted’ to anabolic
    steroids?


    You may become psychologically dependent on
    anabolic steroids.
    If this happens you may crave the
    steroids and find it very difficult to stop using them,
    even though you know they are affecting your health.
    You cannot become physically ‘addicted’ to anabolic
    steroids, as you might with alcohol or heroin.
     
    Last edited: