ඇඟ_විකුණලා හරි මං ඒ දේවල් ගෙවනවා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඇඟ_විකුණලා හරි මං ඒ දේවල් ගෙවනවා

    ඇඟ විකුණලා හරි මං ඒ දේවල් ගෙවනවා - විකාශන මධ්‍යස්ථානයට මුද්‍රා තැබීම ගැන ශාන් වික්‍රමසිංහ කියන කතාව


    ටී.එන්.එල් මාධ්‍ය ජාලයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයට මුද්‍රා තැබීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ (05) දින පියවර ගනු ලැබුවා. රටේම ආන්දොලනාත්මක කතා බහකට ලක් වුන මේ සිදුවීම පිළිබඳ රටේ විවිධ පාර්ශවයන් අදහස් දක්වා තිබුනා. ඒ පිළිබඳව ඊයේ දින පාර්ලිමේන්තුවේද කතාබහට ලක් වුන අතර . TNL පොල්ගහවෙල විකාශන කුළුන නැවත්වීම පිළිබඳව TNL මාධ්‍ය ජාලයේ හිමි කරු ශාන් වික්‍රමසිංහ මහතා ඔවුන්ට අයත් ගුවන් විදුලි නාලිකාවක අදහස් දක්වා තිබුනේ මේ විදිහටයි.

    නීතිය දන්නේ නෑ පොල්ගහවෙලා පොලිසිය, අවුරුදු 24ක් තිස්සේ මම මේ වැඩේ කරගෙන යන්නේ. මගේ විකාශණාගාර 10ක් තියෙනවා. 10ටම ලයිසන් ගෙවලා තියෙන්නේ දෙසැම්බර් 31 වෙනකම්. මෙච්චර කාලෙකට මාසයයි එක දවසයි ගෙවන්න පරප්පු වෙලා තියෙන්නේ.

    ඇඟ විකුණලා හරි මං ඒ දේවල් ගෙවනවා. මෙච්චර කල් අවුරුදු 25ක් වෙනකම් කිසිදෙයක් අහලා නෑ. මේක මේ කරලා තියෙන්නේ එදා ප්‍රසිඩන්ට් දින 100 දන්නේ නෑ කියලා ගහපු එකට. නැව් එහෙම ගේන්න එයාලාට පුලුවන්. මේවා දන්නේ නෑ, ජනාධිපති කාර්යාලේ කොච්චර හොරු ඉන්නවද ? අනවසරෙන් විකාශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා කියලලු උසාවි නියෝගයක් අරන් තියෙන්නේ. මේක ලංකාවටම පේනවා දැන් අවුරුදු 25ක ඉඳන්, එහෙම හොරවැඩ කරන්න පුලුවන්ද , ? බෑනේ. බොරු ගහනකොට හරියට ගහන්න එපැයි මහත්තයෝ. ඕවගෙන් කට වැහෙන්නේ නෑ, දිට්ට ධම්ම වේදනීය කර්ම එනවා.

    යතාකාලයේදී අපි නඩු මාර්ගයට යනවා, ඒ වගේම නීතිමය ක්‍රියාමාර්ගත් ගන්නවා, මාධ්‍යට නිදහස දෙනවා කීව මිනිස්සු තමයි මේවා කරන්නේ. විමල් වීරවංශ මහත්තයාට ස්තූතිවන්ත වෙනවා මේ දේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළාට. ඒවගේම මංගල මහත්තයාටයි හර්ෂ මහත්තයයි දෙන්නටම.




    tnl-tv-polgahawela-transmission-shan-wikaramasighe.jpg




     
    • Like
    Reactions: ArunaTelshan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ලක්ශ 62කේ මීහරක් නිවටයෙක් ජනාධිපතිකරල පොන්නයෙක් අගමැතිකරල බලාපොරොත්තු උන මාධය නිදහස....:dull::dull:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕන්න ලක්ශ 62කේ මීහරක් නිවටයෙක් ජනාධිපතිකරල පොන්නයෙක් අගමැතිකරල බලාපොරොත්තු උන මාධය නිදහස....:dull::dull:




    ඕක කාල්ටන් එකට කලානම් ඒ කාලේ මහින්දයා ඇට දෙකෙන් එල්ලයි නිලධාරීන්ව නේ. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය ඒ කාලේ තිබ්බ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe




    ඕක කාල්ටන් එකට කලානම් ඒ කාලේ මහින්දයා ඇට දෙකෙන් එල්ලයි නිලධාරීන්ව නේ. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය ඒ කාලේ තිබ්බ.

    දැන් මේ මාධ්ය ආයතන වහන එක සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදයද..එහෙනම් හා... :lol::lol: