ඇටකාමා කාන්තාරයෙන් හමු වූ අභිරහස් ජීවියා

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43

    ඇටකාමා කාන්තාරයේ චිලී ලා නොරියා නමින් වූ අතහැරපු නගර ආසන්නේදී 2003 වර්ෂයේදී ඔස්කාර් මුනොස් නමැත්තාට විශ්මයජනක වූද පෘථිවියේ බිහි වූ සුවිශේෂී අභිරහස් මිනිස් සත්වයෙකුගේ මමිකරණය වූ සිරුරක් හමු විය.දිගින් සෙන්ටි මීටර 15 ක් පමණ වූ මේ ශරීරය මිනිස් ශරීරය මෙන් නොව අ`ගුටු මිටි මිනිසුන් විශේෂයක් වන මෙය සමස්ත විද්‍යාත්මක ප්‍රජාව මවිතයට පත් කරවන, මෙතෙක් පෘථිවියෙන් හමු නොවූ ජීවී විශේෂයක් විය.

    Atacama-Humanoid-1045x587.jpg

    මුනොස් විසින් බාර් හිමියෙකුට එය ඩොලර් 50 ක මුදලකයට අලෙවි කරන ලදී. මෙය ඉතා පැරණි බව විශ්වාසය. එසේම මේ ජීවියා වසර සියයකට පෙර කොහේ හෝ ජිවත්ව මියගිය බව පෙන්වා දී තිබේ.

    ata-examen.jpg

    මෙම ඇටකාමා සිරුරේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය නම් හිස් කබලේ ප්‍රමාණයයි. එය මානවෙකුගේ වගේ නොවේ. හරියට පිටසක්වල ජිවියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගන්නා මේ සිරුර පෘථිවි වාසියෙක්ගේ නොවන බව හඳුනා නොගත් පියාඹන වස්තුන් පර්යේෂකයන් පවසනවා.

    ata-2-chile.jpg

    විද්‍යාඥයන්ට අභිරහසක්ව පවතින මේ සිරුර පැහැදිලි කිරීමට ගත න්‍යායන් දෙකකි. මෙහි ප්‍රමාණය අනුව පළමු න්‍යාය ඉදිරිපත් කර තිබේ. එනම් මෙහි ප්‍රමාණය අනුව මෙය නොමේරු ළදරු කලලයක් බවට පළමු න්‍යාය අනුව උපකල්පනය කර තිබේ. සමහර මානව විද්‍යාඥයන් පවසන්නේ මෙය එක්තරා රෝගී තත්වයකින් පෙළුන මානවයෙක්ගේ බවයි. දෙවන න්‍යායෙන් උපකල්පනය කරන්නේ මෙය එක්තරා කුරු විශේෂයකට අයත් වූ ජිවියෙකුගේ බවයි.

    ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්යාලයේ විද්‍යාඥයන් විසින් කරන ලද පුළුල් විශ්ලේෂණයකදී මෙම ගැටළු පර්යේෂණය කරන ලදී. මේ ඇටසැකිලි නෂ්ටාවශේෂ පර්යේෂණයේදී පෙනී ගියේ මෙහි අභිරහසක් පවතින බවයි. පර්යේෂකයන් විසින් මෙම අද්භූත සත්වයා පිලිබඳ වැඩි විස්තර සෙවීමට පර්යේෂණ පුළුල් කරන්නට විය. එනම් මේ සත්වයා මානව සම්භවයකට අයත්දැයි සෙවීමට ජාන විශ්ලේෂණයක් සිදු කරන ලදී. ඉල ඇට වලින් ගත් සාම්පල පර්යේෂණයට භාජනය කල විට පෙනී ගියේ ~මානව~ විශේෂයකට සමානකම් දක්වන බවය. දකුණු ඇමෙරිකානු ජාන වලට සමාන සම්භවයක් පවතින බව හෙළි කරගන්නා ලදී. එහෙත් ජාන මගින් මේ කුරු වීම ගැන හෝ හිසේ පිහිටීම ගැන කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය. සාමාන්‍ය මිනිසෙකුගේ ඉල ඇට දොළොස් යුගලයක් පවතින අතර මෙම සිරුරේ ඇත්තේ ඉල ඇට යුගල දහයකි. මෙතෙක් කිසිම මිනිස් ඇටසකිල්ලක ඉල ඇට යුගල දහයක් නම් සොයාගෙන නැත. එසේම මේ හිස්කබලේ සුරක්ෂිත ධාරිතාවය සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල අගයක් ගන්නා බවද පර්යේෂකයන් සොයාගෙන ඇත. ඔහුගේ ඇටකටු හොඳින් සංවර්ධනව තිබු අතර පුර්ණ සංවර්ධිත දත් මෙවැනි කුඩා සිරුරක දක්නට ලැබීම විද්‍යාඥයන් මවිතයට පත්ව ඇත.

    පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂකයන් ඒකමතිකව නිගමනය කර ඇත්තේ මේ අද්භූත සත්වයා සම්බන්දව නිච්චිත පිළිතුරක් ලබා දිය නොහැකි බවයි. මෙය හමු වූ ස්ථානයේ දේශීය වැසියන් පවසා ඇත්තේ එහි අහසේ විවිධ අද්භූත එලි මතු වූ බවත් ඉන් මෙවැනි රුවක් සහිත සත්වයන් ඔහුන් දැක ඇති බවත්ය. තහවුරු නොකළ ආරංචි මාර්ග වලින් සහ හෙළිනොකළ ස්ථාන වල කල අධ්‍යනයකින් පෙනී ගොස් ඇත්තේ මෙවැනි ජීවින් දේශීය වැසියන් විසින් දැක ඇති බවත් සමහරුන් ඔහුන් සමග කතා බහ කල බවත්ය.

    සාමාන්‍ය මිනිසෙකුගෙන් ජානපර්යේශනයේදී යම් විෂමතාවයක් පවතින බවත් පවසන විද්‍යාඥයන් තවමත් විසඳාගත නොහැකි අභිරහසක් බවත් පවසති.

    අනේ මගේ සයිට් එකට ගිහින් ඒකෙ තියෙන ඇඩ් එකකුත් ක්ලික් කරලා යන්න ;)

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මෙම ඇටකාමා සිරුරේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය නම් හිස් කබලේ ප්‍රමාණයයි. එය මානවෙකුගේ වගේ නොවේ. හරියට පිටසක්වල ජිවියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගන්නා මේ සිරුර පෘථිවි වාසියෙක්ගේ නොවන බව හඳුනා නොගත් පියාඹන වස්තුන් පර්යේෂකයන් පවසනවා.

    :lol::lol:

    මානවයෙකුගේ වගේ නෙවි. ඒ උනාට මේක පිටසක්වල ජිවියෙකුගේ වගේ කියල කියන්නේ, ඊට කලින් පිටසක්වල ජිවින්ගේ යයි තහවුරු කල හිස්කබලක් හොයාගෙන තිබේද ?

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    Matath okama tamai hitune ban :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මෙම ඇටකාමා සිරුරේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය නම් හිස් කබලේ ප්‍රමාණයයි. එය මානවෙකුගේ වගේ නොවේ. හරියට පිටසක්වල ජිවියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගන්නා මේ සිරුර පෘථිවි වාසියෙක්ගේ නොවන බව හඳුනා නොගත් පියාඹන වස්තුන් පර්යේෂකයන් පවසනවා.

    :lol::lol:

    මානවයෙකුගේ වගේ නෙවි. ඒ උනාට මේක පිටසක්වල ජිවියෙකුගේ වගේ කියල කියන්නේ, ඊට කලින් පිටසක්වල ජිවින්ගේ යයි තහවුරු කල හිස්කබලක් හොයාගෙන තිබේද ?

    Comment of the day..! :lol:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මෙම ඇටකාමා සිරුරේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය නම් හිස් කබලේ ප්‍රමාණයයි. එය මානවෙකුගේ වගේ නොවේ. හරියට පිටසක්වල ජිවියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගන්නා මේ සිරුර පෘථිවි වාසියෙක්ගේ නොවන බව හඳුනා නොගත් පියාඹන වස්තුන් පර්යේෂකයන් පවසනවා.

    :lol::lol:

    මානවයෙකුගේ වගේ නෙවි. ඒ උනාට මේක පිටසක්වල ජිවියෙකුගේ වගේ කියල කියන්නේ, ඊට කලින් පිටසක්වල ජිවින්ගේ යයි තහවුරු කල හිස්කබලක් හොයාගෙන තිබේද ?

    ඇයි බං රොස්වෙල් සිද්දියේදී සොයාගත් ජීවියා :eek:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෙම ඇටකාමා සිරුරේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය නම් හිස් කබලේ ප්‍රමාණයයි. එය මානවෙකුගේ වගේ නොවේ. හරියට පිටසක්වල ජිවියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගන්නා මේ සිරුර පෘථිවි වාසියෙක්ගේ නොවන බව හඳුනා නොගත් පියාඹන වස්තුන් පර්යේෂකයන් පවසනවා.

    :lol::lol:

    මානවයෙකුගේ වගේ නෙවි. ඒ උනාට මේක පිටසක්වල ජිවියෙකුගේ වගේ කියල කියන්නේ, ඊට කලින් පිටසක්වල ජිවින්ගේ යයි තහවුරු කල හිස්කබලක් හොයාගෙන තිබේද ?

    During the DNA analysis by Nolan, the B2 haplotype group was found in the remains. Haplogroups identify human genetic populations that often are associated distinctly with particular geographic regions around the globe. Combined with the alleles found in the mitochondrial DNA contained in the remains, the findings suggested that Ata is indigenous to the western region of South America.[3] While it has been claimed that Ata is an alien by ufologists, this speculation is inconsistent with the human genetic material that is present in the remains
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෙම ඇටකාමා සිරුරේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය නම් හිස් කබලේ ප්‍රමාණයයි. එය මානවෙකුගේ වගේ නොවේ. හරියට පිටසක්වල ජිවියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගන්නා මේ සිරුර පෘථිවි වාසියෙක්ගේ නොවන බව හඳුනා නොගත් පියාඹන වස්තුන් පර්යේෂකයන් පවසනවා.

    :lol::lol:

    මානවයෙකුගේ වගේ නෙවි. ඒ උනාට මේක පිටසක්වල ජිවියෙකුගේ වගේ කියල කියන්නේ, ඊට කලින් පිටසක්වල ජිවින්ගේ යයි තහවුරු කල හිස්කබලක් හොයාගෙන තිබේද ?

    ඇයි මීට කලින් මාව දැකල නැද්ද ?
    :dull:
     
    Last edited: