හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ සුඛෝපභෝගී ජනපති මාලිගයක් කන්කසන්තුරේ ඉදිකරන බවට චෝදනා එල්ල කරන ලද ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීමට සම්පුර්ණ කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මෙම කැබිනට් පත්‍රිකාව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එය නම් කර ඇත්තේ උතුරු පළාත් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානය ලෙසයි.
පසුගියදා එම ප්‍රදේශයේ සංචාරය කල ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ අදාළ ගොඩනැගිල්ල ජනාධිපති සඳහා ඉඳිවන මාලිගයක් බවයි.
ඊට පිළිතුරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාල ගොඩනැගිල්ල ජනාධිපති මාළිගාවක් නොව විදෙස් රාජ්‍ය නායකයන් ප්‍රභූවරුන් සඳහා ඉදිකරන්නක් බවයි.