ඇඩ්වටයිසින් සහ සාසනේ

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇඩ්වටයිසින් සහ සාසනේ

    හීන... හීන ඇති කරෝපු බළාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා. මිනිස්සු වැඩ නොකරන වෙලාවට දකින හීන වලින් වැඩ කරද්දි හිතට ජවයක් ගන්නවා. හීනය විසින් ඒ වැඩේ කරන්න ආසාවක් ඇති කරවනවා. ඒ නිසා හීනයේ බලෙන් හීනයම හැබෑවක් කරනවා. ඒ කියන්නේ හීනයෙන් හීනය මරනවා. ඒ මරනවා කියන එක සමහරුන්ට ජයගන්නවා කියන්නත් පුලුවන්. මෙගේ හීන... මටත් තියෙනවා හීන. පරන හීන අලුත් හීන වලින් රිප්ලේස් වෙනවා. මගේ සැබෑ කරගත යුතු හීන බොහෝමයක් පේන්නේ දවල්ට. මට රෑට පේන හීන සැබෑ නොවෙනවා වගේම ඒවා හරි විකාරයි. දවල් දකින හීන. . . රස විඳින්න පුලුවන් නිෂ්පාදකටම විතරයි. ඒත් රෑට දකින හීන. . .
    :shocked::shocked::shocked::shocked:
    ෂුහ් මම ටයි එකක් දාගෙන හිටියේ. නවම් මාවතේ ඇවිදින ගමන්. ලැප්ටොප් එක බෑග් එකෙන් දකුණු උරිස්සේ එල්ලී එල්ලී තිබුනා. සමහරවිට මම රස්සාවකට යන්නැති. පාර අයිනේ, සාරි පොට පළල අඩුවට ඇඳපු දෙපැත්තෙන් දෙකම පැනපු අක්කලා දෙන්නෙක් හිටියා.:eek::eek: ඒගොල්ලෝ මට අතින් කතා කරා. වටපිට කැමරා එහෙමත් අටවගෙන හිටියා. එක්කෙනෙක් මගෙං නම ගම විස්තර අහනකං අනිත් කෙනා මගේ ඇස් වැහෙන්න රෙදි පටියක් බැන්දා. මම ඇයි කියලා ඇහුවත් මොකුත් කිව්වේ නෑ. එකපාරටම මාව වැව අයිනේ යකඩ කෑල්ලකට හේත්තු කරා. මං හීතන්නේ ලන්දේසි නැංගුරමකට. ඊට පස්සේ මට දැනුනේ මාර සනීපයක්. පාවෙලා යනවා වගේ. ඒ අක්කා මිනිත්තු දහයක් විතර ඒක කරලා මගේ ඇස් දෙක බැඳපු පටිය ලිහුවා. වැව අයිනේ ආරක්ෂාවට හිටපු නේවි එකෙත්, ආමි එකෙත් කට්ටියගේ මූණු ඉරිසියාවෙන් දිලිසුනා. මම ඉක්මනට සිප් එක වහගත්තා. :shocked::shocked:ඔන්න කැමරා මගේ ලඟට ලං උනා. දැන් එතන හිටපු අක්කා කට වටේ පිහිදම දම මගෙන් ප්‍රශ්න අහනවා.

    අක්කා: මල්ලි ඔයාට ඒ සනීපේ දැනුනේ මොන බිස්කට් කාපු කටකින්ද?

    ;);)
    මම හිතුවා. හිතුවා. ඒ දේ කරද්දි මට දැනිච්ච ලිස්සලා යන ගතිය වෙන බිස්කට් එහෙකට තියෙන්න විදියක් නෑ.

    මම: නියත වශයෙන්ම පොංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ ඉතින් නිකන් නෙමෙයිනේ.


    ඒ හීනං මම ඇහැරුනා. මම හීනෙන් හිතට ගත්තු එකම දේ උනේ පොංචි ක්‍රීම් ක්‍රැකර් හොඳ ඇඳ උඩදි කන්න දෙන්න විතරයි කියලා.
    :lol::lol::lol::lol::lol::lol:
    ෂහ් මම හිටියේ කැමරා ගොඩක් මැද්දේ කලු පාට සෝෆා එහෙක වාඩි වෙලා. එහා පැත්තේ සුදු පාට සෝෆා එහෙක වාඩි වෙලා හිටියේ හෙන ප්‍රසිද්ධ හාමුදුරුනමක්. ස්ක්‍රිප්ට් රයිටර් ලියපු ප්‍රශ්න වැල ප්‍රොඩියුසර් මගේ අතට ගෙනත් දුන්නා. මේ එතන ඉඳලා සංවාදේ.
    http://www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif
    මා: සුබ උදෑසනක් වේවා හාමුදුරුවනේ.:shocked::shocked:

    උන්නාංසේ: එසේම වේවා!:lol::lol::lol:

    හුටා මොනාද මේ ස්ක්‍රිප්ට් එක ලියපු එකා ලියලා තියෙන්නේ. . .:eek::eek:

    මා: මේ ලඟදි නිකුත් උනු ඔබ වහන්සේගේ ඇල්බම් එක ගැන සඳහනක් කලොත්..
    :confused::confused::confused::confused:
    උන්නාංසේ: ඔව් ඒක වෙනස්ම ආරක එකක්. ඒ වෙනස අත්විඳින්න. එය කොයිබ්‍රේෂන්ස් ආයතනයෙන් සහ හොරානා ආයතනයෙන් මිලට ගන්න පුලුවන්. ඒ වගේම සීඩී එකත් කැසට් පටයත් මිලට ගත්තොත් මාගේ වර්ණ පෝස්ටරයකුත් නොමිලේ.

    මා: එයට දායක් වූ පිරිස ගැන සඳහනක් කලොත් හාමුදුරුවනේ.

    උන්නාංසේ: ඔව් ඒකේ ෆීචර් කලා අපේ පොඩි නම සහ ලඟ පන්සලේ හාමුදුරු දෙනමක්.
    :lol::lol::lol::lol:
    මා: ඔබවහන්සේ එහි අන්තර්ගතය ගැන සඳහනක් කලොත්..

    උන්නාංසේ: ඔව් මම ඒක කරේ පොඩ්ඩක් හයි බීට් එකකට. කවි බණ වලින් එහාට ගිය දෙයක්. බයිලා ටයිප් එකට යනකොටනේ බණ උනත් මිනිස්සුන්ට වැදෙන්නේ මහත්තයෝ.

    මා: එතකොට ඔබ වහන්සේගේ ඉදිරි කටයුතු..

    උන්නාංසේ: ඔව් මගේ අලුත්ම "බුරුම වන්දනා චාරිකා" ඩොකියුමන්ට්‍රි වීඩියෝ එක මේ දවස් වල සැකසෙමින් පවතිනවා. ඒ වගේම ජාතික ලයිස්තුව පිලිබඳ සිහිනයකුත් නැතුවම නොවෙයි.

    පිලිතුරෙන් මා තිගැස්සී ඇහැරුනු අතර සිහිනෙන්වත් ඌට, උන්නාංසේ යනුවෙන් ඇමතීම ගැන දුක් විය.

    :lol::lol:
    source


    බලල හිනා වෙන්නම නෙවෙයි හොඳේ.
    මට හිතෙනවා මේකෙන් අපේ රට යන දිහාව ගැන පොඩි හරි දෙයක් කියවෙනවා කියල.
    එකයි මේක බ්ලොග් එකකින් අරන් දැම්මේ.
    මටත් සලකන්න අමතක කරන්න එපා
    ++++++++++
     
    • Like
    Reactions: helo256 and maxxaa