ඇඩ්වාන්ස් ලෙවල්...

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ඇඩ්වාන්ස් ලෙවල්...



    හලෝ මචන්!
    හලෝ හලෝ කොහොමද දැන්?
    මොනවද දැන් උඹ කරන්නෙ?
    බයෝ මචං මං කරන්නෙ
    ඇත්තද? ආ! මම කරන්නෙ මැත්ස් මචං
    ආ! එහනං ඉංජිනියර්!?
    නැතුව නැතුව, උඹ ඩොක්ටර්!!.උඹ ඕකට ආසද බං?
    පිස්සුද බං..මං මේකට ආස නෙවේ...තාත්තලගෙ ආසාවනෙ..
    උඹටත් එහෙනම් එහෙමද..මටත් එහෙම තමයි මචං
    හෙහ් හෙහ්...
    --------
    ඒක නෙවෙයි දැං කොහොමද? අල්ලං යනවද සබ්ජෙක්ට්?
    ඔව් ඔව්.. සබ්ජෙක්ට් ටික මට සිමිපල්
    ක්ලාස් එහෙම යන්නෙ නැද්ද?
    මමද? අපෝ මොකද නැත්තේ
    ෆිසික්ස් වලට අහවල් සර්.. කෙමිස්ට්‍රිනං අහවල් මිස්
    තව දෙන්නනෙක් ළඟට යනව, ඒ දෙකටම
    මම නං තව ගියේම නෑ, බැරිද මටත් සෙටි කරන්න
    ඕන වෙලාවක වරෙන්කෝ ඉඩ තියෙනව ක්ලාස් එකේ
    ආ එහෙනං මං එන්නං, කවදද? හෙට?
    සී.යූ
    සී.යූ
    -----------
    දැන්නං මට පිස්සු මචං
    මොකද මචං අප්සෙට් එක? ක්‍රෑමට සෙට් උනේ නැද්ද?
    කළා මචං බැහැගෙන මං..
    ඒ උනාට මතක නෑනෙ මෙලෝ දෙයක්
    මට නං නෑ එය තරංම අප්සෙට් ගියෙ
    එහෙනං උඹ වාඩි වෙනව?
    ඔව් , ඇයි උඹ යන්නෙ නැද්ද?
    නෑ බං මං කරන්නෝනෙ, නැත්තං ෆුල් වලි, ගෙදරින්
    ඔව් බං ඔව් එච්චචරටම අමාරුවක් නෑනෙ ඕකෙ

    ------------------
    හලෝ මචං!
    හලො...
    කොහොමද බං උඹේ රිසාස්
    අහන්නවත් එපා මචං.. කොහොමද උඹ?
    ඇනුණා මචං හොඳ එකෙන්ම
    එහෙනං මට වගේ තමයි
    හෙහ් හෙහ්
    මොකද ඉතිං දැං කරන්නෙ?
    ආයෙත් ට්‍රයි කරනව බං
    ඔව්, බං ඔව්, මාත් ආයෙ කරන්නෝනෙ :) :) :)


    උපුටා ගත්තේ මෙතනින්.......http://expressedfree.blogspot.com/2008/03/blog-post_1218.html

    ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )