ඇඩ්සෙන්ස් පාඩම 03 - අඩුවට Domain ගන්නෙ කොහොමද?

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    ඇඩ්සෙන්ස් පාඩම 03 - අඩුවට Domain ගන්නෙ කොහොමද?

    Official Blog -
    SecDevil.com

    අඩුපාඩු තියන ඒවා කියන්න හදාගන්නම්.

    කලින් Post 3 කියෙව්වෙ නැත්තම් wall එකට ගිහින් කියවලා එන්න.

    අද අපි කතා කරන්න යන්නෙ අතේ තියන ගානට Domain 1ක් ගන්නෙ කොහොමද තියලා. වැදගත් වෙයි ගොඩක් අයට. හැබැයි මේ ගාන පළවෙනි අවුරුද්දට විතරයි. ඊට පස්සෙ සාමාන්‍ය ගානක් ගෙවන්න ඕනෙ.

    කලින් කිව්වා වගේ Comment වලින් පුරවන්න එපා. එක Comment එකක් හෝ අහන්න තියන ප්‍රශ්නයක් අහන්න.

    මොකක්ද Domain එකක් කියන්නෙ?
    Domain එකක් කියන්නෙ අපේ website එකට තියන අනන්‍යතාවයක්. අපි හිතමුකො Secdevil.com කියලා. මේ Domain එකෙන් තියෙන්නෙ එක website එකක් විතරයි. ඒ කියන්නෙ ඔයාගෙ ID number එක වගේ තමයි මේකත්.

    Domain Name හදුන්වා දෙන්නෙ IP වලින් ඇතිවන ප්‍රශ්න නිසා. මොකද අපේ හැම website එකටම අනන්‍ය උන IP address එකක් තියනවා. (උදා - 188.40.66.97, 95.217.202.206)

    ඉතිං මේවා මතක තබා ගැනීම අපහසු උන නිසා තමයි Domain Name System එකක් ඇවිල්ලා තියෙන්නෙ.

    ලෝකයේ හොදම Domain Name Providersලා කවුද?
    1. Domain.com
    2. Namecheap
    3. GoDaddy
    මේවාත් ඇතුළුව ගොඩක් website තියනවා අපිට Domain ගන්න පුළුවන්. අපි බලමු මේවගෙ price කොහොමද කියලා.
    1. Domain.com - .COM Domain එකක් $9.99 සහ .NET Domain එකක් $12.99
    2. Namecheap - .COM Domain එකක් $8.88 සහ .NET Domain එකක් $11.98
    3. GoDaddy - .COM Domain එකක් $9.99 සහ .NET Domain එකක් $15.17

    ගාන ගොඩක් වැඩියි කියලා පේනවනෙ. හරි අපි බලමු අඩුවටම Domain ගන්නෙ කොහොමද කියලා.

    මේ Site එකේ නම තමයි Porkbun (porkbun.com). මමත් දැන් මාස 2ක කාලයක ඉදන් තමයි use කරන්නෙ Uptime එක එහෙමත් හොදම විදියට තියනවා.

    හරි එහෙනම් මුලින්ම Porkbun ගිණුමක් හදලා Register වෙන්න. Email එකත් verify කරගන්න.

    දැන් යන්න Home page එකට, ඒ කියන්නෙ Porkbun.com කියන තැනට. උඩින්ම ඇති Domain එක Serach කරන්න තැනක්. එතනින් බලන්න ඔයාගෙ හිතේ තියන domain එක Search කරලා. (1 රූපය)

    දැන් ඔයාලට පෙන්වයි පහල තියන 2වන රූපය වගේ resault එකක්.

    මේකෙදි අපිට බලගන්න පුළුවන් .COM Domain එකක් $4.15 සහ .NET Domain එකක් $3.90 වගේ ගානකට ගන්න පුළුවන් 1 වන අවුරුද්ද සදහා. හැබැයි මතක තියාගන්න .COM Domain එකක් $8.56 සහ .NET Domain එකක් $10.54 වෙනවා දෙවනි අවුරුද්දේ ඉදලා.

    මේ Domain වල දකුණු පැත්තෙ ඇති + ලකුණක් ඒක Click කරලා ඔයාගෙ Domain එක Add කරගන්න Cart එකට. (ඔක්කොම Domain එහෙම කරන්න යන්න එපා ඕනෙ එක විතරක් ගන්න හරිද) - (2 රූපය)

    දැන් ඔයාලට පේන්න තියෙයි (3 රූපය) Checkout කියලා button එකක්. click කරන්න ඒක.

    ඒක click කලාම ඔයාව යනවා 4 රූපයේ තියනවා වගේ පිටුවකට. මේකෙ මුලින්ම බලන්න මම 1 සහ 2 කියලා ලකුණු කරලා තියන තැන් ඒ විදියටම තියනවද කියලා! ඒ දෙක හරි නම් Continue to Billing කියන 3 වන තැන Click කරන්න.

    දැන් popup box එකක් එයි 5 රූපයේ සදහන් විදියට. ඒකට ඔයා මේකට ගෙවන්න කැමති විදිය තෝරන්න. මම 1,2,3,4 කියලා සදහන් තැන් වලින් ඒක තෝරන්න පුළුවන්.
    1. Card Payment - Visa, American Express වැනි Cardපත් use කරන අයට.
    2. Account Balance - කලින් සල්ලි දාලා ඉතිරි වෙලා තියනවා නම් ඒවා use කරන්න.
    3. Paypal - paypal account එකක් මගින් මුදල් ගෙවීම.
    4. Cryptocurrency - Bitcoin, Bitcoin Cash, Ethereum, Litecoin, USD Coin වලින් ගෙවීම සදහා.

    හරි ගොඩක් අය Card Payment සිදුකරන නිසා මම ඒ ක්‍රමයට යන්නම්. 4 රූපයේ පෙන්වන විදියට Continue with card කියන එක click කරන්න.

    හරි දැන් අපිට තියෙන්නෙ Card එකෙන් pay කරන එක. (රූපය 6)
    1 කියන තැනට card එකේ අංකය දාන්න.
    2 කියන එකට card එකේ තියන date එක ඇතුලත් කරන්න.
    3 ට card එකේ අනිත් පැත්තේ තියන ඉලක්කම් 3ක අංකය දාන්න.
    4 සදහන් තැනට card එකේ නම.
    5 කියන තැනින් ඔයාගෙ රට තෝරන්න.

    ඒ ඔක්කොම හරිද කියලා check කරලා බලලා 6 කියන තැනින් pay කරන්න.

    දැන් මම හිතනවා හැමදේම පැහැදිලි ඇති ඔයාලට. ප්‍රශ්න තියනවා නම් අහන්න. ($3.90 = 722.93LKR වගේ වෙනවා)

    දැන් අපි බලමු අපිට වියදම් උන සම්පූර්ණ මුදල කීයද කියලා.
    Hosting එකට රුපියල් 900යි, Domain එකට රුපියල් 730යි කියලා ගමු.

    900 + 730 = 1630LKR.

    ඔන්න වියදම් උන සම්පූර්ණ ගාන. දාන් තේරුනානෙ රුපියල් 2000ක්වත් වියදම් නොකර කොහොමද Website එකකට Hosting, Domain ගන්නෙ කියලා.

    හෙට අපි කතා කරමු කොහොමද Shen අයියගෙ Hosting එකකට Domain එක Add කරගන්නෙ කියලා. ඊට ප්සසේ නම් Video Tutorials ටිකක් එහෙම දාන්න වෙනවා Site එක Customize කරගන්න එක නම්. ඒ ගැන ප්‍රශ්නයක් තියනවා නම් කියන්න.

    ගිහිල්ලා එන්නම් අදට. හෙට හම්බ වෙමු. පුළුවන් නම් තව කෙනෙකුට බලන්න Post එක Share කරගෙන යන්න.

    Check here to other post -
    https://facebook.com/thiwanga.sandaruwan
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    එල එල, මමනම් ගත්තෙ .ONLINE domain එකක් NameCheap එකෙන් ඩොලර් සත 99කට.. ඒක අවුල් වගේද??
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    2nd year 1ගාන පොඩ්ඩක් බලන්න (renew)

    34.88$ ඒ ගාන හොයගන්න බැරිවෙයිද Adsense වලින්වත්? අවුරුද්දක් ඇතුලත? මට වෙන වියදම් යන්නෑ, ආතල් එකට ඕක ලියන්නෙ..