ඇඩ්සෙන්ස් සෙන්චරියක් ගැහුවා!!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ඇඩ්සෙන්ස් සෙන්චරියක් ගැහුවා!!!!

ඇඩ්සෙන්ස් සෙන්චරියක් ගැන අහලම නැහැ නේද? එහෙම එකක් නැහැ. ඒක මම හදාගත්ත දෙයක්.ගිය මාසේ ආදායම ඩොලර් 100ක් වෙලා. අවුරුදු 3කට කලින් ඇඩ්සෙන්ස් පටන් ගන්න කොට නම් හිතුනේ මේ කෙහෙල්මලෙන් ජීවිතේටවත් ඩොලර් 100ක් හොයා ගන්න බැරි වෙයි කියලා. ඒත් සතෙන් සතේ ටිකෙන් ටික එකතු වෙවී මේ වෙනකොට ඩොලර් 800 ක් ගූගල් යාලුවා මට දීල තියෙනවා. ඉතින් මේ දේවල් දාන්නේ අමාරුවෙන් ඇඩ්සෙන්ස් කරන් යන උනන්දු කරවන්නයි.

adsense100.png


1. කොයි වෙලාවක වත් ගූගල් එපා කියන දේවල් කරන්න යන්න එපා.
2. ආසාවටවත් තමන්ගේ ඇඩ් එකක් නම් ක්ලික් කරගන්න එපා.
3. යාලුවන්ට කියල ක්ලික් කර ගන්නත් එපා.
4. තමන්ගේ සයිට් එක ගැන එහෙ මෙහේ ස්පෑම් කරන්නත් එපා.

ඩොමෙන් එකටයි හොස්ටින් වලටයි ඇරෙන්න මේ සයිට් එක වෙනුවෙන් තඹ සත පහක් වත් වියදම් කරලා නැහැ. මහ ලොකු ආර්ටිකල් තොගයක් දාලත් නැහැ විශ්වාශ කරන්නේ මේ සයිට් එකේ තියෙන්නේ පිටු හතරක් විතරයි.

හැමෝම ඇඩ්සෙන්ස් කරන්නේ කොහොමද කියලා අහලා තියෙන නිසා ඇඩ්සෙන්ස් ගැන හොදට විස්තර කරලා තියෙන PDF එකක් දෙන්නම්. මේකත් එළකිරි එකේම තිබ්බ එකක්. මුල සිට අග දක්වාම කියවලා බලන්න. Language එක නම් ඉංග්‍රීසි, නමුත් පුළුවන් විදියකට අමාරුවෙන් හරි තේරුම් ගන්න බලන්න. මොකද ඉංග්‍රීසි නැතිව ඇඩ්සෙන්ස් කරනවා කියන්නේ ගොඩ ඉදන් පීනන්න හදනවා වගේ වැඩක්.

http://www.4shared.com/office/9I9rch0c/AdSense_Arsenal.html.
 
Last edited:

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
kohomada oka karanne

මවන් කරන එක නම් ඒ තරම් දෙයක් නෙවෙයි. මුලින්ම දන්න ටොපික් එකක් ගැන ආර්ටිකල් ටිකක් ලියලා පොඩියට බ්ලොග් එකක් පටන් ගන්න. ඒකට සල්ලි වියදම් වෙන්නේ නැහැ. ලියද්දී ඇමෙරිකාවට, ඕස්ට්‍රෙලියාවට , කැනඩාවට, යූ.කේ වගේ යුරෝපියන් රටකට වැදගත් වෙන දෙයක් ලියන්න. මුලින්ම සල්ලි හොයන්න හිතන්න එපා. විසිටර්ස්ලා ටිකක් එන දෙයක් කරන්න. ඊට පස්සේ ඇඩ්සෙන්ස් එකට ඇප්ලයි කරලා බලන්න.
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් දැන් US$900 ක් විතර ඇවිත් තියනව. එත් ආපු එව ඔකොම ඉවරයි.:sorry:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔචර CTR rate එකක් ගතෙ කොහොමද? මගෙනම් 0.53% වගෙ තියෙන්නෙ.:)