Originally Posted by vpsupun
සිරාවට නම් ඇහුවේ කියන්නම්,
මේ කතාව මම කලිනුත් කිවුවා. කෙටියෙන් කියනවා නම්, ලංකාවේ පවර් ග්රිඩ් එකට 50% දායකත්වය දෙන්නේ ඉන්ධන දහනය මගින් විදුලිය නිපදවීමෙන්. මේවායේ ( ජලයෙන් නිපදවන ඒවාටත් තරමක් දුරට ) විදුලි නිපදවීම ප්රමාණාත්මක වශයෙන් පාලණය කරන්න බෑ. ඒ වගේම නවත්තන්නත් බෑ. ඒ නිසා ලංකාවේ විදුලිය නිපදවන ප්රමාණය හැමදාම, හැම වෙලේම එකම ගාන ( මෙගාවොට් වලින් කීයද කියලා මතක නැත ).
නමුත්, ලංකාවේ විදුලි ඉල්ලුම කියන එක දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා. දවල්ට යන්තම් ප්රමාණවත්, හවසට මදිත් වෙනවා, රෑට පාවිච්චි වෙන්නෙම නැති තරම්. ඉතිං, ලංකාවේ පවර් ග්රිඩ් එකේ විශාල අන්බැලන්ස් එකක් තියෙනවා.
එදා රෑ උනේ, අවම වශයෙන් පවත්වා ගතයුතු ප්රමාණයටත් ( මෙගා වොට් ගාන හරියට මතක නැත ) වඩා සෑහෙන්න විදුලි පරිභෝජනය අඩු උන එක. ප්රතිළුලය උනේ, පවර් ග්රිඩ් එක බිඳ වැටීම.