ඇත්තටම ගෑනුන්ට ඕනි මොනවද??...

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
ඇත්තටම ගෑනුන්ට ඕනි මොනවද??...

මුලින්ම කියන්නම්.මේ මට ආව E-Mail1 ක්.සමහරවිට ඔයාල කලින් මේක දැකලත් ඇති.ඒත මේ නොදැක්ක යාලුවන්ටයි...

ඕන්න
එකමත් එක රටක රජෙක්හිටියා.එයාදවසක් අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා.ඒත් රජාගෙ තරුනකම ගැන හිතපුරටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස්කලා. හැබැයිකොන්දේසියක් පිට.
අවුරුද්දක් ඇතුලත අමාරු ප්රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාරවෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පලකලා. ඔච්චර අමාරු ප්රශ්නය මෙන්න මේකයි.
ඇත්තටම ගෑණුන්ටඕනේමොනවද ?
ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා.පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන්මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තරනම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.

අන්තිමට
හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකිමන්තරකාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජාමන්තරකාරි ලඟට යන්න කැමති උනේනැහැ.මොකද එයා උදව්වට හිලව්වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනවහරි උත්සාහකරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා,මොකද අවුරුද්දෙ කාලසීමාවත් ටිකටික ගෙවිලයන නිසා.ඉතින් වැඩිපුර කාලය කකා ඉන්නවෙලාවක් නැතිනිසා හොඳම යාලුමිත්සෙනෙවියත් එක්ක රජාගියා මන්තරකාරි හම්බවෙන්න. ගිහිල්ලා ප්රශ්නය ඇහුවා.මන්තරකාරි තමන් උත්තරය දන්න බවකිව්වා.හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැනඅහපු රජාට හීන්දාඩිය දැම්මා.මන්තරකාරිට ඕනැඋනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාදබඳින්න.ඒත් මන්තරකාරි කැතයි,කුදුයි,කටේ තියෙන්නෙ එකදතයි,හත් අවුරුද්දකින් නාලනෑ. තරමට ගඳයි.රජා තීරනයකලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා.එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.ඒත් සෙනෙවිය කැමතිඋනා මන්තරකාරිව බඳින්න.තරමට යාලුකම ලොකුඋනා.
ඊට පස්සෙ කසාදෙ කෙරුනා,මන්තරකාරි උත්තරෙත් දුන්නා.
උත්තරේ උනේ මෙන්නෙ මේ :
ඇගේ ජීවිතේඇයටමපාලනයකරනඉඩදීම .....
හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා.රජාට ජීවිතදානෙත් ලැබුන.ඊලඟට තමයි අමාරුම හරිය.රජාගෙ යාලුසෙනෙවිය මන්තරකාරිව කොහොමහරි අමාරුවෙන් බැන්ද කියමුකො.ඒත් ඉතින් මධුසමය කොහොමද ගතකරන්නෙ.
 
Last edited:

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ.එනදේකට මුහුනදෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදනකාමරයට රිංගුවා.සෙනෙවියගෙ ඇස්අදහගන්න බැරිඋනා.මෙන්න ඇඳඋඩ ඉන්නවා ලස්සනකෙල්ලක්.සෙනෙවියා මේවගේ කෙල්ලක් ජීවිතේටම දැකලනැහැ.
ඔයා කවුද ? මම කසාදබැන්ද මන්තරකාරිට මොකදඋනේ?
සෙනෙවියා ඇහුවා.
බයවෙන්න එපා. මමම තමයි. ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේ වගේ ලස්සනට ඉඳලා ඉතුරුභාගෙ මන්තරකාරියෙක් වගේ කැතටඉන්න.ඔයා කැමති කොයිවිදියටද ? දවල්ට මේවගෙ ඉන්නද නැත්නම් රෑට මේවගෙ ඉන්නද ?
(මන්තරකාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.

සෙනෙවිය ආපු වැඩේ පැත්තකදාල දහඅතේ කල්පනාකරන්න ගත්තා..දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ,හතරවටේ ඕනතරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකිඑක්ක නිදාගන්නත් එපායැ..
ඔහොම තමයි සෙනෙවිය කල්පනාකලේ ..
ටිකක් හිතල බලන්න
(ඔයා පිරිමියෙක්නම්) ඔයාගෙ උත්තරය මොකක් වෙයිද ??
(ඔයා ගෑණියෙක්නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක්වෙයිද ??

සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි.
හැබැයි ඉතුරුටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේහිතාගන්න.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය.නිසා සෙනෙවිය මන්තරකාරිට කිව්වා
ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි.
කියලා.
ඊටපස්සෙ මන්තරකාරි මෙහෙම කිව්වා.
ඔයා ඇත්තටම මට ගොඩාක් ගරුකලා. ඒ නිසා මම තීරනය කලා හැමදාම මේවිදියට ඉන්න
එදායින් පස්සෙ මන්තරකාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත්උනා.

.ලි:
මේ කතාවෙන් කාරනා 2ක් ඉස්මතුවෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැකරන විදියට ඉන්න ඉඩදුන්නෙ නැත්නම් සේරම අවුල්වෙනවා
2. කොච්චර ලස්සන උනත්,ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තරකාරියෙක් ඉන්නවා
 
  • Like
Reactions: Nu1Dnk and sudeewa

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    2. කොච්චර ලස්සන උනත්,ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තරකාරියෙක් ඉන්නවා

    :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගැහැනිය තුල මන්තරකාරියක් ඉන්න බවනම් පිලිගනිමි...